චන්දේ ලඟයි. ජනාධිපතිතුමා තුන්වෙනි පාරත් චන්දේ ඉල්ලනවා. ජනධිපතිතුමා දෙවෙනි පාර ඉල්ලද්දිනම් කිව්වා චන්දේ දෙන්න විදියක් නැහැ - නමුත් ඔබතුමා දිනුවට අපේ අසතුටක් නැහැ කියලා. එහෙම කියලා ජෙනරාල්තුමාට චන්දේ දුන්නා. නමුත් මේ පාරනම් කියන්නේ කොහොමටවත් ඔබ තුමා දිනනවට කැමති නැහැ කියලා තමා. එදා යුද්ධය ඉවර කරපු ගමන් අපි ඔබතුමාගේ මීට කලින් නොදැකපු පුදුමාකාර කෑදරකමක් දැක්කා. ඒ කෑදර කම අපිට පෙන්නුවේ ඔබතුමාගේ සහ පවුලේ පුද්ගලික පාරාදීසයක් වෙච්ච, නමුත් අපේ බදු වලින් දුවන රාජ්‍ය මාධ්‍ය තමයි. ඇත්ත - මීට පෙරත් හැම නායකයෙක්ම රජ්‍ය සම්පත් තම පක්ෂය දිනවන්න කෑදර විදියට පාවිච්චි කරා. නමුත් ඒක ඊලඟ පාරවත් වෙනස් වෙයි කියලා හිතලා අපි හැමදාම චන්දේ දෙනවා. ඊලග එකාත් කලේ නැත්නම් ඊට පස්සේ එකෙක් හරි. මේ ලෝකේ ම්ලේච්ඡ දඩයම් යුගයෙන් වැඩසම් ප්‍රවේනිදාස ක්‍රමයෙන් ගැලවිලා ප්‍රජාතන්ත්‍රවාදයට නැත්නම් අද තියෙන තැනට ගෙනාවේ මම උක්ත කියපු විදියට හිතපු සිතුවිලි මිසක් කවදාවක් කිසිදෙයක් කරන්න බෑ කියලා කියපු කුසීත මිනිස්සු නෙමෙයි. සුභදායී වෙනස්වීම් යථාර්ථයක්. ඒ දේ කරන්න පුලුවන් කියල හිතන මිනිස්සු තමයි ලෝකේ යහපත් කරන්නේ. යුද්දේ දිනල ඉවර කරන්න පුලවන් කියලා එදා පටන් ගන්නකොට ඇත්තටම ඒ මතය විශ්වාස කරල හිටියේ අතලොස්සයි. ඒ පිරිස ඒ අරමුණින් දශක ගනනාවක් කටයුතු කරලා - ක්‍රමිකව යුද්ධය දිනන්න පුලුවන් බලවේගයක් සිතුවිලි පරිසරය තුලින් හැදුවා. එහෙමයි ඔබතුමා ආඩම්බර වන ඔබතුමාගේ අවස්ථාවාදී හිතවතුන් විකුණන් කන යුද්දය ඇත්තටම ජයග්‍රහනය කරා දක්කගෙන ගියේ.
ඉතිං අද, එදා ඒ බලවේගය විශ්වාසක කරන පිරිසට අලුත් සටනක නියත වෙන්න වෙලා. වංචාව දුෂණය අනීතිය අවනීතිය පවුල් පාලනය තනිමතය හා පරිපාලන වියුහයේ පවතින අඥාදායකත්වය, අශිලාචාර දේශපාලන සංවාද, වනචර පුහු කතා හා විහුලු ජනමාධ්‍ය සාකච්ඡා, ජනතාව බල්ලට දාල තමුන්ගේ හදවතට ව්‍යාජව කතාකරන තක්කඩි දේශපාලකයන් පරදවන්න අද අවශ්‍යතාවයක් ඇවිත්. ඒ අවශ්‍යතාවය එදා යුද්දෙන් මිදෙන්න තිබ්බ අවශ්‍යතාවය තරම්ම නැත්නම් ඊටත් වඩා බලවත් වෙයි වැඩි කල් යන්න කලින්. ඒක එහෙම වෙන දවසට සමාජය තව පියවරක් සාදනීය විදියට ඉදිරියට යයි. තවමත් ඔබතුමා රටට හිටපු සහ හිටින දක්ෂ පලපුරුදු වටින අත්දැකීම් බහුල නායකයෙක්. ඒ ගැන කවුරුවක්වත් තර්ක කරන්නේ නැහැ. අපිට මතකයි යුද්ධය තව හමුදාපති කෙනෙක්ට දෙන්නේ නැහැ කියලා කෙලින්ම කිව්වේ ජෙනරාල්තුමා. ඒ අතර අපි දන්නවා යුද්ධය ගැන ඔබතුමා සුවිශේෂ දායකත්වයක් දෙනකොට සංග්‍රාමිකත්වයෙන් ජෙනරාල්තුමා නායකත්වය දෙමින් හමුදාමය ජග්‍රහනක් කරා රට එක්කන් ගියා කියලා. හැබැයි ඔබතුමා සටනින් පස්සේ හැමතැනම සේනාධිනායක කියලා පොස්ටර් ගැහුවට - රණකාමී හමුදාවක් මෙහෙයවීමේ ගෞරවයෙන් ජෙනරාල් ඉවත් කරන්න බැහැ. මට මතකයි යුද්දේ ඉවර වෙලා මාස තුනකින් කිලිනොච්චි යනකොට ජෙනරාල්ගේ නම සමරු පලක වලින් අයින් කරන්න හදන හැටි ඇත්තටම දැක්කා. ඒ වෙලාවේ ආපු පිලිකුල එතන හිටපු මහත්තුරුන්ට කියනකන් සැනසීමක් තිබ්බේ නැහැ. ඒ වෙලාවෙම දැනගත්තා ඒ ගොල්ලෝ ඒ දේ කරන්නේ ස්ව කැමැත්තෙන්නම් නෙමෙයි කියලා. නමුත් දැන් යුද්දේ නැහැ.
යුද්දේ ඉවරවුන අවුරුද්දට පස්සේ අවුරුද්දේම, රණවිරු පදක්කම ඔබතුමාගේ් පුතාට දීලා අවුරුදු ගනනාවක් ඇත්තට යුද වැදුනු සෙබලු පස්සට දාල, අපේ ගම්වල කොල්ලොන්ගේ වෙරවීරිය හංගලා දේශපාලඥයා නිර්ලජ්ජිතව ඒකට අයිතිය දානකොට - අපිට තේරුණා ගොනා හැරෙන්නේ කොහෙටද කියලා. එදා දියත විදානයට (voyage devision) හිමි ජනාධිපති වර්ණ ගත්තේ ඔබතුමාගේ පුතා ඔබේ අතින්මයි. 2010 නිදහස් දවසේ අපි කදුලු පුරෝගෙන බලං හිටියා මේ රටේ සුදුස්සට සුදුසු තැන නුසුදුස්සට දෙන්න තරම් ඔබට දුබල මිනිසෙක් වෙන්න ඔබතුමාටත් ඔන තරම් ධෛරයක් කොහෙන්දෝ උනන බව. මේ රටේම හමුදාවේ දරුවෝ පියෙක්ට වගේ ඔබතුමාට සලකන කාලෙක සැබෑ කුරිරි යුද්ධයෙන් සඟවා තබාගත් තමුන්ගේ දරුවාට විශේෂයක් කරන්න තරම් උතුම් දරුසෙනහසක් තියෙන එක පියෙක්ට අරුමයක් නොවුනත් - හමුදාමය ජයග්‍රහනයක අයිතියකට උත්සාහකරන පාලකයෙක් විදියට පුතාටත් ජයග්‍රහනයේ උපහාරයෙන් කොටසක් දෙන්න ගත්ත උත්සාහය චපල කමක් කියලයි අපි එදා දැක්කේ. මට මතකයි 2010 අවුරුද්දේ, ජෙනරාල්තුමා හිර කරලා යුද සැමරුම සමරන්න හදපු හදපු හැමදාම වැස්සෙන් උත්සවය හොදන් ගියා. අවසානේ උත්සවේ මාස ගණනක් කල් ගියා. අන්තිමට පැරඩ් එකේ ගිය සෙබලුන්ට ගාලු මුවදුර උත්සව පෙර පුහුණු වලදි අකුණුත් වැදුනා. එදා ඔබතුමාට හිතන්න තිබ්බා මොනව උනත් ජෙනරාල්තුමා හිරගෙයි ලග්ගන්න නොතිබ්බා කියලා.
තව වැඩිකාලයක් ගිියේ නැහැ - රණවිරුවෝ ලව්වා වැලිකොට්ට බැදල දෙසම්බර් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ පීඩනය අමතක කරලා කොළඹ ට්‍රැෆික් අමතක කරන්, ප්‍රදාන පාරවල් වහන් බේබිලා කාර් රේස් පදින්න ගත්තා. අපේ දලදා මාලිඟාව ඉස්සරහින් රේස්කාර් පැදලා - ජංගි ඇදගත්තු උමතු රුසියානු නලගනන් රේස් පිටියට ගෙන්නලා උතුම් නගරය විකාර කාම රූපවලින් විකෘත්ති කරනවන්න ගත්තා. මහා නායක හාමුදුරුවෝ එපා කිව්වා. අපි වගේ පොඩි මිනිස්සු එපා කිව්වා. ඔබතුමාට ඒ උත්සව ඉවර වෙනකන්ම ඒවා ඇහුනේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බැරුව ගියා. ඇත්තටම ජනාධිපති තුමනි අපි අත්දැකල තියන විදියට අපි උගත් සාත්තර ඇත්තනම්, ඒවා අනෙක් රටවලට වැඩ කලා නම් ආර්ථිකය දියුණු කරන්න කාමය වැලඳගන්න අවශ්‍යම නැහැ.
ඒ අතර ඔබතුමාගේ දරුවන්ගේ රගපෑම් බොරු දස්කම් වලින් රූපවාහිනිය පිරවෙන්න ගත්තා. රගර් පිට්ටනිය පුරාවට ඔබතුමාගේ තරුණ දරුවන් පමණට වඩා උලුප්පු දැන්වීම්. කල්යල් නොබලා හරි වැරදි නොබලා ලාබ පාඩු හරි හැටි ගනන් නොබලා හින්දි නලු නිලියෝ ගෙනත් IFaa උත්සව. හිතලා බලන්න මේවාට කරපු වියදම් අපිට මොනවද ගෙනාවේ කියලා. ඒවාගෙන් ඇත්තටම වැඩක් වුනාද කියලා. බලාපොරොත්තු අරමුණු ඇත්තටම ඉටුවුනාද කියලා. හිතල බලන්න හම්බන්තොටට Common wealth 2018 games ගන්න කරපු වියදන්. ඒවාගේ අරමුණු සපුරගන්න බැරි වුනේ ඇයි - ඒවාගේ වෙච්ච අඩුපාඩු නිවැරදි කරගන්න ගනිපු ක්‍රියා මාර්ග මොනවද කියලා. ජනාධිපතිතුමනි මේ කාබාසිනියා වෙන්නේ අපේ රටේ දුප්පත් ළමයට ඉස්කෝලේ යන්න කෑම වේල ගන්න තියෙන සල්ලි. ඉස්පිරිතාලෙට ඇදක් ගන්න කක්කුස්සියක් හදන්න තියෙන සල්ලි. මගේ තාත්තා heart attack හැදිලා රෑ එළිවෙනකන් මාහරගම රෝහලේ ඇද තව ලෙඩෙක් එක්ක බෙදා ගත්තේ කරන්න දෙයක් නැතිකමට. මගේ බාප්පත් අසාද්‍ය වෙලා ඒ රෝහලේත් කුරුණෑගල මහ රෝහලෙත් ඇද දෙකට බෙදාගෙන තමයි බේත් කෑවේ. ඉස්පිරිතාලවලට දැන් ගියත් ඇදන් යටත් මිිනිස්සු. ඒ මේ සංවර්ධිත රටේ 2013 අවුරුද්දේ. අපි හොදටම දන්නවා සංවර්ධනය සංවර්ධනය කිව්වාට ලංකාවේ කිසිම ඉස්පිරිතාලෙක ඇති වෙන්න ඇදන්වත් නැහැ කියලා.කවුරු කොහොම කිව්වත් මොන කෙරුමත් ලංකාවේ අන්තිමටම යන්නේ රජයේ රෝහලට. මේ ජෝගිදාපූ සල්ලි වලින් ඔය තරුණ ළමයින්ට ඉස්පිරිතාල වලට ඇදන් ටිකක් අරන් දෙන්න තිබුනා ලංකාවටම ඇති වෙන්න. ඉතිං හිතන්න - හැමතැනම පුලුවන් එකාට තමයි වැඩි අවස්ථාව. ඒක යථාර්ථයක්. නමුත් මිනිස්සු විදියට අපිට මේ රටේ ජීවත්වෙන වාසනාවන්ත නොවිච්ච මිනිස්සුන්ට මූලික අවශ්‍යතාටික සකස් කරලා දෙන්න බැරිවෙන්න කිසිම හේතුවක් දැන්නම් පේන්න නැහැ.
තාරණ්‍යයට උත්සව එපා කියලා අපි කියන්නේ නැහැ. තරුණ ළමයින්ට විතරක් මේවාට ජෝගි දානව කියල දොස් කියන්න බැහැ. මහවුන් වගකියන්නත් ඕනේ වෙන නාස්ති වලට. මේ උත්සව වලට සංගීත කණ්ඩායම් වලට තෝරාගත් තරුණ පිරිසකගේ තුරුණ මන දොල පිනවන්න ගොඩක් දේවල් අපතේ ගියා. අපි ක්‍රීඩාවට විරුද්ධ නැහැ. නමුත් කෙරෙන ක්‍රමයට එකඟ වෙන්න බැහැ. ඔබතුමා නොදන්නවා වුනාට Australia රජය මේවගේ විකාර නොකර මුදල් නාස්ති නොකර ඉතාම සංවිධානාත්මකව ලක්ෂගානක් තමුන්ගේ රටේ තරුණ තරුණයන් ඇත්තටම සහබාගී කරගනිමින් කරපු Gold Coast මෙහෙයුම අපේ රටේ වරප්‍රසාද ලත් ධනවත් දරුවෝ 100 විතර ගුවන් යානා පිරිවරන් කරපු සෙල්ලමට වඩා ඉහලින්ම අගය වෙන්නේ බටහිර කුමන්ත්‍රණ විතරක් හින්දනම් නෙමෙයි.
මේ අතරම රාජ්‍ය මාධ්‍ය ටිකෙන් ටික දිනෙන් දින පවුලේ මාධ්‍ය වුනේ ඔබතුමාටත් නොදැනුවත්ව. මේවා මුලින් මුලින් කලේ අවස්ථාවාදී බඩගෝස්තරවාදී වන්දි බට්ටයෝ වෙන්න ඇති. හැබැයි අන්තිමට බැර වෙන්නේ ඔබතුමාගේ ගිණුමේ නමට. ඉතිං රූපවාහිනියේ බේබිගේ රගර් මැච් එක බලලා එළියට එන කොට ITN එකේ තව බේබි කෙනෙක් හදට යනවා.එදා යවනවා කියපු චන්ද්‍රිකාව, හදනවා කියපු අභ්‍යවකාශ මධ්යේස්ථාන, ඒ හා සම්බන්ධ ආයෝජන, ගනුදෙනු වලට මොනව වුනාද - ඒ මුදල් වලට දරණ වගකීම මොකක්ද කියල අපි දන්නේ නැහැ. අපි ලංකාවේ නම ගහපු සුදු රොකට්ටුවක් පත්තර වල දැක්කට ඒක අහසට නගිනකන් හූල්ල හූල්ල බලන් හිටියට, මේ රොකට්ටුව නගින රොකට්ටුවක්නම් නෙමෙයි කියලා තේරුම් ගන්නකොට අපිටම හොදටම ලැජ්ජා හිතිලා. ඉතිං අපි හර්ද සාක්ෂිය හංගන් නිහඩව ඉන්නවා ලෝක ලැජ්ජාවට. එයාර් ලංකා, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ගැන අපි මොහොතකට අමතක කරමු. නමුත් පක්ෂ විපක්ෂ හැමෝම එකඟ වෙන, අපිට කාලෙක හිටපු හොදම විදුලි බල ඇමති අයින් කරන්න තරනුත්, ඉන්පසු ශිල්පය ගැන කිසිදු දැනුමක් නැති චරිතයක් ඒ වෙනුවට දාන්න තරමටම ඔබතුමාගේ තීන්දු තීරණ දුර්වල වෙන්නේ ඇයි කියලා මටනම් තවම හිතාගන්න බැහැ.
හැබැයි සුදු ඉරක් කැපුනත් අපෙන් දඩය කෙස්ගහට ගහන්න නීතිය රකින ආයතන හදාගන්න අපේ රටට පුලුවන් වෙලා. මම දැකලා තියෙනවා අැමති පුතාලා, මැති ඇමතිය නීතිය පහු කරලා පෝස් කාර් වල ඉරි කපන් යනවා - නීතිය අහක බලන් ඉන්නවා. ඒවට අමතරව ඔබතුමාගේ දරුවට හොදම දේ ලාබෙට දෙන රාජ්‍ය විභග ෙදපාර්තුෙම්න්තුවත් නීති විද්‍යාලයත් අලුත් ක්‍රම හොයාගන්නවා. ඒ දරුවෝ අනික් තරුණ සමවයසේ දරුවොන් හා සමානව සිතන්න ඔබතුමාට ටිකකට අමතක වෙනවා. පත්තර කෑ ගහනකොට, වෙබ් අඩවි කෑ ගහනකොට අපිට හිතුනේ මේ දරුවා අායාසයකින් තොරව නීති විබහග නිකක් කජු වගේ ගොඩදාලා කියලා. මේවා වෙන විදිය බලනකොට අපිට තේරුනා තාරුණ්‍යට හෙට අපිට හදනවා කියලා තේරුමක් බේරුමක් නැති බුද්ධිය මුහුකුරා නොගිය මේ නූගත් කිරිකජු කොල්ලෝ රටේ බලයටයි සැප සම්පත් වලටයි කෑදර විදියට ඇහැ ගහගෙන කියලා. එංගලන්තේ ප්ලේන් එකේ එක බේබි කෙනෙක් පෙම්වතියත් එක්ක ඔලිම්පික් බලලා ඇවිත් කියලා වෙබ් අඩවි කියනකොට රාජ්‍ය මාධ්‍ය කියවනවා අජටාකාශගාමිය වෙන්න ඉන්න සුදුසුම උගත්ම දක්ෂයා එයා කියලා. හමුදාවේ වසරේ දක්සතම ක්‍රීඩකයට හිමි වර්ණත් එක පුතෙක්ට දෙනකොට ඒ පුතාම ලංකාවේ රගර් කණ්ඩායමේ නායකයා වෙනවා කියලා මාධ්‍ය වාර්ථා කරනවා. ඇත්ත - ඒ දරුවට සංවිධාන ශක්තියත්, සම්පතුත්, රාජ්ය අනුග්‍රහය තිබුනා තමයි. යම් මට්ටමකට ක්‍රීඩා කිරීමේ සමත්කමකුත් තිබ්බා තමයි. පළාත් ක්‍රීඩකයෙක් ජාතික මට්ටමට එන්න පහු කරන්න ඕන කඩයින් තියෙනවා. පාසැල් ක්‍රීඩකයින් පළාත් ක්‍රීඩකයින් වෙන්න කඩයින් තියෙනවා. නමුත් මේ කඩයිම් ඔක්කොටම පිටින් පුත්තු තුන්දෙනාම ජාතික සංචිතයට එනකොට නූගත් මිනිහටත් සැක හිතෙනවා. ජාතික සංචිතයටත් නායකත්වයත් තමුන්ගේ දරුවාට earn කරගන්න දෙන්න තිබුනා මහන්සියෙන්. එහෙම තමයි ශේෂ්ඨ පියෙක් වෙන්න තිබුනේ කියලයි අපිට ඒ වෙලාවල හිතුනේ. කොහොම හරි මේවටත් අමතරව කතරගම දේවාල පනත ආදියත් වෙනස් වෙනකොට, එක දරුවෙක් ටික කාලයක් යනකොට ක්‍රීඩා නාලිකාවක් හිමි ව්යවවසායකයෙක් බවට පත්වෙන්නේ හරිම ඉක්මනින්. නෑදෑ දරුවෝ ගමට නගරයට විතරක් නෙමෙයි පළාතටම බඩු මල්ලක් බෙදන්න පුලුවන් තරම් ධනවතුන් වෙන්න ගතවෙලා තියෙන්නේ වසර කීපයක් විතරයි. මේවා මාධ්‍ය මගින් වෙබ් අඩවි වලින් මුලින් මුලින් කියවනකොට අපිට හිතුනා පුම්බපු මඩ වෙන්නත් ඇති කියලා. දැන්නම් එහෙම හිතෙන්නේ නැහැ.
මේ ඉරිසියාවට ලියනවා නෙමෙයි. මේ රට අපෙත් රට. අපිත් වැඩ කරන්නේ රටට. රජවරු නොවුනත් අපේ හිතවතුනුත් දන්නාදුනන ඥාතින් දිවිදීපු රට. ඉතිං රට මෙහෙම යනකොට විබහග වලට මොකද වෙන්නේ. හැමදාම උසස් පෙල සාමාන්ය පෙල ප්‍රශ්ණ පත්තර පිට වෙලා. හැමදාම කැම්පස් කොල්ලොන්ට ගුටි. විශ්ව විද්‍යාල ආචාර මණ්ඩල වලට පඩි ඉල්ලලා පාරට බහින්න වෙලා. ඒ මදිවට පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතියකින් තොරව හදලා - ඒවාට දක්ෂ ගුරුවරු මුදලට දම්මලා, ජාතික විශ්වවිද්යාල බල්ලට දාලා. අද බොරුවට කැම්පස් එකේ හොස්ටල් හදනවා කියලා චන්දේ ලං වෙලා TV පුරා ඇඩ් දානවා. මේ පාර ශිෂ්‍යත්වයට මගෙත් ගොලයෙක් හිටියා. පොඩි එකීට ලකුණු 157. ශිස්‍යත්වය අසමත්. පාස් ලකුණු 162 යි. හරිම දුකයි. දවස පුරාම අඩනවා. ඉතිං මම සැනසුවා - අඩන්න එපා චූටි දුවේ, ජය පැරදුම අපි ඉගෙන ගමු. ලකුණු පහ අපිට දවසක ගන්න පුලුවන්. පාස් වෙච්ච අයට සුභ පතන්න. ඔයාට තව කල් තියෙනවා. ඉස්සරහට එන විබහග හරියට කරමු කියලා. මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශ කරනවා. පහුවදාම ශිෂ්‍යරත්ව ලකුණු පහලට දානවා. කඩයිම් ලකුණු 157යි. පොඩි කෙල්ලට හරි සතුටුයි. එකී මට කොල් කරනවා - මම ශිෂයත්වය පාස් කියලා. දෙමව්පියන්ටත් සතුටුයි. නමුත් පාසැලකට යන්න පරිසාදන ලකුණු ප්‍රමාණවත් නැහැ. පහවසර ශිෂ්‍යත්ව දරුවත් කුඩා වයසෙම දරුණු මුලාවකට ලංකරලා අභියෝග කෙටි ක්‍රමවලින් දිනන්න පුලුවන් කියලා.
ඉතිං ප්‍රතිපත්තියකින් තොරව, දිගු කාලින දැක්මකින් තොරව තමුන්ගේ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වෙනුවෙන් මුලු රටකම අනාගතය බාල පරම්පරාව හිරිකිතක් නැතුව පාවල දෙන්න තරම් ඔබතුමාට ධෛරයක් අැතිකරවලා කියලා මට හිතෙන්න ගත්තා.
ජනාධිපති තුමා දන්නේ නැහැ. අපි කැම්පස් වල හිටියේ එතකොට. ඔබතුමා යුද්දය දිනවන්නත්, රට එදා තිබුණ තැනින් ගොඩගන්නත් හිටපු හොදම නායකයා කියලා අපි හිතුවේ 2005 2006 අවුරුදු වල. බොහොම අමාරුවෙන් දගලලා දගලලා තමයි ඔබතුමාට චන්දේ ගොඩදාල දුන්නේ. මතක අති අපි නූලෙන් තමයි එදා චන්දේ දිනාගත්තේ. ඊට පස්සේ ඔබතුමා එතන නැවතුනේ නැහැ. කලින් තිබුණු වැරදි නිවැරදි කරන් ඒ අභියෝගකාරී අවස්ථාවට මූණ දෙන්න කටයුතු කලා. ඔබතුමා දන්නවා, අර ඉස්සෙල්ලා කියපු බලවේගය ඒක වටා පිරිස ආකර්ෂණය කරගන්න වුනා - අපි දන්න සමහර ආචාර්යවරු, සමහරු කියන ජාතික බලවේගය - සෝබිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ, පාටලී මහත්තයා, පංචායුද මහත්තයා, ජනතා විමුක්ති පෙරමුණ, යූඇන්පියෙන් ඇවිත් සහය දීපූ උදවිය, එකි මෙකී නොකී බොහෝ දෙනා යුද්ධය දිනන්න - රටට සැමට සාමය ගේන්න ගොඩක් දේවල් කලා ඒ දවස්වල. ඔබතුමාටත් ඒ බලවේගය විසින්ම දේශපාලන නායකත්වය කියන තැන නිර්මාණය කරලා දුන්නා. ඒවගේ ප්‍රතිපල තමයි අවසන් ජයග්‍රහනය. කොහොමහරි අද වෙනකොට අපි දන්න ඒ සමහර නම් අප්‍රසිද්ද ඇදුරො රටේ නැහැ. බය ගන්නලා පන්නලා. නොනිස් මහත්තේලා වගේ දක්ෂ වැදගත් මිනිස්සුන්ට බයියො ලව්වා තඩි බාවනවා. එදා මාදුරුවාවේ හාමුදුරුවෝ මීට අවුරුදු කීපයකට කලින් ගෙදරට වැඩම කරලා - ඔබතුමාට ධර්ම දේශනාවක් කලා කොසොල් රජ්ජුරුවන්ගේ හීන ගැන. රාජ්‍ය පාලකයෙක් ලෙස ලංකරගත යුතු කල්යාණ මිත්‍රොයෝ ගැන. සිල්වතුන් ගුණවතුන් දක්ෂයන්ට තැන දීම ගැන. නමුත් අද ඒ අවවාද ඔබතුමාට ලංකරගන්න බැරි තරමට ඔබ තුමා වටේ සිටින ලාභයට කෑදර අවස්ථාවාදීන් පිරිස බාධාවක් වෙලා.
අද මේ රටේ පාරවල් ගැන මිනිස්සු ලොකුවට පුදුම වෙලා. ලංකාවේ මගේ අම්මා තාත්තා ඇතුලු බහුතරයක් මේ කොදෙව්වෙන් පිට දැකලා නැහැ. අපේ අල්ලපු රටවල් මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, වගේ ලෝකෙත් එක්ක සම්බන්ධ ගොඩක් රටවල් වල අලුත් ධනපති පංතියක් හැදිලා - හයිවේ කීපයක් හැදිලා.ලෝක ආර්ථික වර්ධනයත් එක්ක මේක මහා අරුමයක් නෙමෙයි. කෑගහන්න දෙයක් නැහැ - නොදියුණු අප්‍රිකාවෙත් ගොඩක් රටවල හයිවේ තියෙනවා. මේවා චීන්නු හදලා දෙන්නෙ ඒ රටවල සම්පත් තමුන්ගේ ආර්ථික වර්ධනයට යොදාගන්න අරමුණින්. තමුන්ගේ රට දියුණු කරගන්නනවට චීනට බනින එක ඉරිසියාකාරයෝ කරන කාලකන්ණි වැඩක්. අපි එහෙම කරන්නේ නැහැ. ඉතිං නේපාලේ බූටානේ වගේ රටවල හයිවේ හදන්න බැහැ. හයිවේ කිලෝමීටර් 250 300 ක් හැදුවට ඇත්තටම රට සංවර්ධනය වෙලා නැහැ. ඉස්සර ගෙදර ඉදන් බස් එකේ කොළඹ එන්න පැය තුනක් විතර යනවා. දැන් කාර් එකේ ගියත් ඒ වෙලාව යනවා. ඒ ගිහිං ගෙදර එන්නෙත් ඉන්ෂුවරන්ස් ක්ලේම් එකක් අරන්. මොකද්ද මිනිස්සුන්ට දෙන සහනය. අක්‍රමවත් ලෙස කරන මාර්ග ගොඩනැගීම කවදාව හරි සැනසීමක් ඊලඟ පරම්පාරවටවත් එයි කියලා නූගත් මිනිහා බාර අරන් නිහඩව ඉන්නවා. මේ ගොඩක් සංවර්ධන වැඩ මීට වඩා අඩු වියදමටත්, ක්‍රමවත්වත්, කාර්යක්ෂමවත්, දූෂනයෙන් තොරවත්, හරවත්ව කරන්න තිබුණා උගතුන් ක්ෂේත්‍ර යේ දක්ෂයින් ලංකරගත්තා නම්. සුදුස්සට සුදුසු තැන දුන්නනම්. අපේ රටට අවශ්‍ය තරම් දැනුම තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් උන්ගෙන් වැඩක් ගන්න ඔබතුමාත් පාලකයොත් අසමත් වෙලා. ඒකට හේතුව තමයි නූගත් පුහු දුශ්චරිතවත් මිනිස්සුන්ට දේශපාලනය බලය හිමිවීම. මේක ඔබතුමාගේ වරදක් විතරක් නෙමෙයි. මේ අපේ සමාජ සංස්ථාවේ බහුතරයක ආත්මාර්ථකාමී අවස්ථාවාදී මානසිකත්වය නිසා අපි හිමි කරගත්තු දෙයක්. අද ඔබතුමාට දේශපාලනය කරන්න වෙලා තියෙන්නේ හරසුන් පුහු තුච්ච දුශ්චරිතවත් වල් මිනිස්සු එක්ක. උන් එක්ක වැඩ කරද්දි ඔබතුමාගේ ක්‍රමය තමයි වැඩ කරන්න වෙන ක්‍රමය වෙන්නේ.
කවුරුහරි මේවා ලංකාවේ කරන්න බැහැ කියනවනම්, උනුත් අර යුද්දෙට කරන්න බැහැ කියපු බහුතරයේ ගොඩට දාලා නොසලකා හරින එක තමයි යහපත් රටක් ප්‍රාර්ථනා කරන මිනිස්සු කරන්නේ. මේ වගේ දරුණු යුද්දයක් ඉවරකරගත්තු ජාතියකට මේවා මහ ලොකු වැඩ වෙන්න බැහැ.
ලංකාවේ නීතියට ඔබතුමා අතින් වෙච්ච දේවල් අපි ලියන්න ඕනේ නැහැ. ඒක හැමෝම දන්නවා. අද රටේ නීතියක් රාමුවක් ක්‍රියා පිලිවෙලක් නැහැ. ඔබතුමා හරි හිතවතෙක් හරි හිතන එක එක තමයි ඒ වෙලාවට නීතිය වෙන්නෙ. එහෙම වුනාම රටක් අරාජික වෙනවා. ලංකාවේ ස්ත්‍රී දූෂකයෝ මිනී මරුවෝ ගොඩක් ඔබතුමාගේ ඔඩොක්කුවේ - නැත්නම් ඔබතුමාගේ පාක්ෂිකයෝ, එක්කො ප්‍රාන්ත නැත්නම් ප්‍රාදේශීය පාලකයෝ. හොරකම් ගැන අපි අහන්නේ පත්තර වලින්. ආයතන වල පාඩුව කොච්චරද කියන්න බැහැ. අපිට දන්නේ ලෝකේ බොරතෙල් අඩුවුනා කියලා ලංකාවේ එහෙම නැහැ කියලා විතරයි. ඇත්තටම කිව්වොත් ලෝකේ සංවර්ධිත රටවලට සාපේක්ෂව ලංකාවේ 90% කට කෑම වේලවත් හරියට නැහැ. අපි මේ අරගලෙන් මිදෙන්න ඕනේ. සංවර්ධනය කියන එක මනින්න ඕනේ මිනිස්සුන්ට තියෙන සතුට පෝෂණය නිදහස විවේකය නිරෝගී බව මානසික සැහැල්ලුව වගේ සාධකත් එක්ක. එහෙම දෙයක් අහලකටවත් ලංකාව ඇවිල්ලා නැහැ ජනාධිපති තුමනි. ඒ පැත්තට යන ගතියක්වත් නැහැ දැන් කාලෙක ඉදන්.
පාලකයෙක් වුවත් - මිනිහෙක්නේ. ඔබතුමාටත් දැන් මහන්සි ඇති. ටිකක් විවේක ගන්න. කල දේ හොද නරක ගැන දැනෙන්න මේ පරිසරයෙන් ටික කලකට ඈත් වෙලා ඉන්න. මහන්සි නිවුනාම - විවේක ගත්තාම, ඔබතුමාටම තේරෙයි මොකක්ද කෙරෙන්න ඕනේ මොකක්ද වෙන්නේ, මොනවද මග ඇරුනේ කියලා. ඒක ජීවිතේ හැමෝටම පොදු ස්වභාවයක්. එකම අරමුණක දැඩිව එල්බගෙන හිටපුවාම ඉබේ ගොඩක් දේවල් නොපෙනී යනවා. ඔබතුමා මොන දේ කලත් ගැරහීමට ලක්විය යුතු නායකයෙක් කියලා අපි කවුරුවක්වත් අඩුම ගානේ ඔබතුමාගේ ප්‍රතිවාදියෙක්වත් හදවතින් හිතන්නේ නැහැ. හැබැයි ඔබතුමාට දැන් හොදටම විඩාවයි. තවදුරටත් බුද්ධිමත් තීරණ ගන්න තරම් බැරි තරමට විඩාවයි. ඒක හින්දා ටික කාලයක් කරලියෙන් ඈත් වෙලා ඉන්න. අවශ්‍ය වෙලාවට නැවත අවතීර්ණ වෙන්න. කවුරු කලත් කාට නමගියත් අපේ රටටයි අපේ මෝඩ හැති කරේටයි තමයි තව පරම්පරාවක්වත් යන්න කලින් සැනසීමක් අරන් දෙන්න ඕනේ. ඔබත් මමත් රණ්ඩු කරන කෑ ගහන බහුතරයකගෙත් දැනුවත් හෝ නොදැනුවත් අරමුණ තමයි ඒක. ඒකම තමයි යුග ගනනක් පහු කරලා, මිනිස්සු දාස් ගානක් මැරිලා දිවි දීලා අමාරුවෙන් අපි ගත්තු ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමා වැරදි මග යනවනනම්, ඒ ගමන ගැන ඔබතුමා නොදැනුවත් කියලා අනික් අය හිතනවනම් - අනික් අයට කරන්න තියෙන්නේ විරුද්ධ වෙන එක. මේ විරෝධතාව හරවත්වත් ධනවත්වත් දරාගන්න තරම් ශක්තිය ධෛරය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
අපිට කවදාවත් චන්දය දෙන්න සියයට සීයක් හරියන නායකයෝ පහල වෙන්නේ නැහැ. අපිට පුලුවන් ඉස්සෙල්ලම ඉන්න එකා අයින් කරන්න. ඊට පස්සේ අපිට ප්‍රාර්ථනාවක් විතරයි කරන්න පුලුවන් - ගන්න එකා හරියට කරන්න කියලා. එහෙම හිතලා තමයි ඔබතුමාටත් අපි චන්දේ දුන්නේ අවුරුදු 8 කට කලින්.
ඔබට - තෙරුවන් සරණයි.
ඉතිං මිත්‍රවරුනි, ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂට නම් මගෙන් ඡන්දේ ඉල්ලන්න එපා - දෙන්න විදියක්නම් ඇත්තේම නැහැ. මේක දේශපාලන ලිපියක් තමයි - අකමැති වුනත් අපේ යුතුකම face book එකට හරි ලියන එක කියලා තමයි o/l වලට වඩා ඉහල විබාගයක් සමත් වෙච්ච මිනිහෙක් විදියට හිතුවේ. රටට කියලා අපේ මට්ටමට කරන්න පුලුවන් එච්චරයි - නමුත් ඊට වඩාත් දෙයක් අපි විසින් කල යුතු බව ඇත්තයි. එහෙම මෙහෙම කොහොම හිතුවත් මට හිතෙන්නේ අපේ වගකීම ජනාධිපතිතුමාට නැවත හිතන්න තරම් කෙටි විවේකයක් දිය යුතුයි කියලයි. ඒක තමයි එතුමාටත් රටටත් කරන්න තියෙන ලොකුම හිතවත්කම.ටිකක් හිතල විවේක අරන් ආයෙත් ඔබතුමා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කරලියේ ඉන්න. ලංකාවට ඔබතුමා අවශ්‍යයයි. නමුත් ඔබතුමාට විවේකය අවශ්‍යයි.
කොහොමවුනත් එක්කෙනෙක්ට අවස්ථා දෙකකට වඩා රට කරන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයටත්, රටේ ඒ සදහා සුදුසු අනික් අයටත් කරන අසාදාරණයක්. රටට අවශ්‍ය නායකයා කියන පෞරෂ කාලිනව හැදිය යුත්තක්. සමාජයක් ශිෂ්ඨාචාරයක් තමන්ට අවශ්‍ය නායකත්වය ගොඩනැගීම තමයි ප්‍රජාත්‍රාන්ත වාදයේ තියෙන වැදගත්ම දේ. අපි නිතරම අපේ නායකත්වය ගොඩනගන්නත් - next level leadership පූල් එක හදන්නත් ඒ හැමෝම ආරක්ෂා කරන්නත් දැනුමින් කුසලතාවයෙන් ඔවුන් සන්නද්ධව තබා ගැනීමත් රටක් විදියටත් සමාජයක් විදියටත් කල යුතු දෙයක්. එහෙම නැතුව තනි පුද්ගලයෙක් හෝ පවුලක් දිගටම පාලකයා ලෙස දැකීම ගොත්‍රික යුගයේ වෙච්ච දෙයක්. ඒ යුගවල තිබ්බේ කැලෑ නීතිය. ඒ කියන්නේ ගොත්‍රයේ ශක්තිමත් එකා වැඩිපුර මස් කෑල්ල ගැනීමත්, අනික් වුන් බාහු බලයෙන් මෙල්ල කිරීමත්, ගොත්‍රය සතු ස්ත්‍රී ජීවින් සමග ප්‍රජනන කටයුත්තට මුලිකයා වී ශක්තිමතා වර්ගයා බෝකිරීමත් තමයි නායකත්වයේ වගකීම වුනේ. මනුෂ්‍යා අතර මේ ක්‍රමය ක්‍රමයෙන් විකසනය වෙලා පවුලක් වටේ බලය රදවාගැනීම - නැත්නම් රජ පරම්පරා පවත්වාගැනීම ඊලඟ ක්‍රමය වුනා. එතනදි මුල් වුනෙත් අර කියපු නායකයගේ පැවැත්ම හා වයසට යනකොට බලය රදවාගැනීම කියන ආත්මාර්ථකාමී පදනමම තමයි.අද මිනිසා මේ මානව ශිෂ්ට සම්පන් බවේ ඉහත අවස්ථා පහු කරලා ඊටත් වඩා පුලුල් නිදහසකටත් සාමයකටත් අධ්‍යාත්මයකටත් හිමිකම් කියනවා. ඒ වැරැද්ද නිවැරදි කරගන්නත් මේ චන්දය අවස්ථාවක් වෙනවනම් ඒකේ ගෞරවයත් අපි ජනාධිපතිතුමාට දෙන්න කුහක වෙන්න හොද නැහැ.