හත වසර සහ අට වසර - මම හිතන්නේ මේ දවස් තමා මගේ ජීවිතේ බලුම කාලේ. මේ දවස්වල මගේ ලොවේ වීරයෝ රගර් ප්‍රැක්ටිස් කරන අයියලයි - අපේ පන්තියේ රගර් ප්‍රැක්ටිස් යන සෙට් එකයි. පන්තියේ අන්තිමයෝ දෙන්නාම හිටියේ මගේ ලඟ. මාත් නොම්බරේ 20 – 30 අතර. ඉතින් අපේ කටේ ඒ දවස්වල තිබ්බේ කුණුහරුප. මමයි වන්නියි ලියනගේයි - එක ලඟ එක ඩෙස්ක් තුනේ අන්තිම පේලියේ. ලියනගේ තමයි ඉස්කෝලේ හිටපු ඒ වයසේ ශරීරයෙන් ලොකුම ළමයා. ඊ ළඟට වගේ ලොකුම එකා වන්නි. මේ දෙන්නම රගර් ප්‍රැක්ටිස් යනවා. මම නොගියත් මට පුදුම ආසාවක් තිබුනේ මුන් එක්ක හවසට ප්‍රැක්ටිස් යන්න. මට යන්න බැරි වුනේ අපේ ගෙදර ඉස්කෝලෙන් ගොඩක් දුර නිසාත්, බස් එකේ හවස් වෙලා ගෙදර එන්න බැරි නිසාත්, අතේ සතේ නැතුව ගෙදර මැෂිම යන්තමින් දුවපු නිසාත්.
ඉතිං අපේ පන්ති වල කොල්ලෝ විතරයිනේ. මේ දවස් වෙනකොට සමහර කොල්ලොන්ගේ උගුරු ගැටේ පෑදිලා කට හඩ වෙනස් වෙලා අහවල් ශාරීරික විපර්‍යසය වෙන්න පටන් අරන්. ඉතිං මගේ යාලුවොන්ගෙත් එහෙමයි. කකුල් වල මයිල් එනවා - කටහඩ වෙනස් වෙනවා, උරපතු ලොකු වෙනවා, බොඩි බිල්ඩින් ගැන කතා වෙනවා, ගෑනු ළමයි ගැන කියවනවා - හරි සෙල්ලන්. මේ කාලේ අපි තුන්දෙනාගේ විනෝදාන්සය වුනේ පුලුවන් තරම් කුණු හරප කියන එක. ඉතිං ඉස්කෝලේ කුණුහරප කියලා කියලා ගෙදර ගියත් මගදිත් වැරදිලාමයි කුණුහරප කියවෙන්නේ. අත ගත්තොත් ඉස්සුනොත් කුණුහරප සංඥාම විතරයි කියවෙන්නේ. අපේ ගෙදෙට්ට යන එන අක්කා කෙනෙක් එක්ක රණ්ඩු වෙලා මොනවට හරි එයා මට මොකක්ද කිව්වා. ඇහුනෙත් නැහැ. මට මලපැන්නා - එයා අම්මටත් කිනනව කියලා මට දාගෙන බනිනවා. මම දෙපාරක් හිතුවේ නැහැ. අත් දෙක එකට කරලා එකක් අනික් පැත්තට හරොලා ගහලා කිව්වා - අම්මට කියපන්, මම බය වෙයි කියලා. මම මේකේ තේරුම ඇත්තටම ඒ කාලේ දන්නේ නැහැ. අක්කා ගිහින් අඬ අඬ අම්මට කේලම කියලා. අම්මගේ දෙලොව රත් වෙලා. මේක දැන්නම් ගන්න දෙයක් නැහැලු. මග්ගොන දක්කන්න වෙයිලු. හොදටම පොරියල් දීලා දවසක් රෑ එළියට දාලා වහලා - පහුවදා ඉස්කෝලේ ගියෙත් නැහැ.
මගේ යාලුවොත් එහෙමයි. මුන් සයිස් එකෙන් ලොකු නිසා මිස්ලත් ටිකක් බයයි ඇත්තටම ලංවෙන්න. අන්තිම පේලියට සෙට්වුන නිසා - ලියනගේද කොහෙද හිතුවා අනිත්වුන් ඩෙස් මාරු කලාට අපි ඩෙස් මාරු කරන්න ඕනේ නෑ කියලා. හොද අදහස. පට්ප fun එකේ ඉන්න පුලුවන්නේ - අපිත් එකඟවුනා. එදා ඉදන් අනිත්වුන් මාරු වුනාට අපි මාරු වෙන්න ගියේ නැහැ. මුලින්ම පැමිණිලි ගියා. පස්සේ වැඩේ සෙට්ල් වුනා. අපිට අවශ්‍ය වුනේ මෙතන අපේ හැටියට සෙල්ලම් පිටියක් දාගන්න. පෑන් ගැහිල්ල, කාසි වලින් කැරම් ගැහිල්ල තමයි මුලින්ම අපේ සූදු පොලේ ගියේ. පස්සේ අපි සියඹලා වලට බල්ලෝ මාරු කරන්න, මාලුන්ට කවකටු, කොණමාන - මුද්දර මාරු කරගන්න, මට්ටමට ව්‍යාපාර දියුණු කරගත්තා මේ පිටිපස්සේ පේළියේ ඉදන්. අපිට හිතුනා මේ පරණ සෙල්ලම් හරියන්නේ නැහැ කියලා. මායි ලියනගේයි එකතු වෙලා ඩෙස් එක කවකට්ටෙන් හාරන්න ගත්තේ අපිට කියලා ගුවන් යානයක පාලන මැදිරියක් හදාගන්න. අන්තිමට කොහොම හරි ඩෙස් එක මැද්දේ හිලක් විදලා පැලැටිග්නම් කූරක් මැද්දට දාගෙන අපි - Cock Pit එකක් හදා ගත්තා. නෙස්ටමෝල්ට් ඇඩ් එකේ වගේ ලියනගේ තමයි - පාලක නියමුවා, මම සහය නියමුවා. මේක තමා පන්තියේ හිටපු පැය 5 ම අපි කරපු සෙල්ලම. මම පාසැලේ දෙන සටහන් ලියනඑක නැවැත්තුවා ඒ අවුරුද්දේ. මිස්ලා උගන්නන කිසිම විශයක සටහන් ලිව්වේ නැහැ. කම්මැලියි. කවුරු හරි සර් කෙනෙක් ඇවිත් බලෙන් බලන ඒවා විතරක් උදේට ඇවිත් කාගෙන් හරි ඉල්ලන් කොපි කැට් ගහනවා. ඒ වගේම තමයි මගේ - යාලුවෝ. මේ යාලුවන්ට අපිට ඉංග්‍රීසි උගන්නන්න සෞඛ්‍ය උගන්නන්න එන ලස්සන ටීචර්ලට වයස වෙනස් වීමත් එක්ක දැන් දැන් ආදරේ හිතෙන්න පටන් අරන්. ටිචර්ට අපි ආදරේට කිව්වේ MTV කියලා. මගෙ තව යාලුවෙක්ටනම් ටීචර්ව ටොයිලට් එකට ගියත් තනි කරන්න ලෝභයි. සමහරු කවිත් ලියනවා. මුන් කවි ලියන්නෙත් ඉංර්‍ගසියෙන් - හැබැයි මුන්ට ඉංග්‍රීසියෙන් නම ලියන්න බැහැ ඒ වෙනකොට. මේ කාලෙද කොහෙද තමයි අපි අර තට්ටුව යට තියෙන පත්තරත් බලන්න කුතුහලයෙන් හිටියේ. ඒවා ගත්තු හැටියි - ගන්න ගිහින් වෙච්ච දේවලුයි පස්සේ ලියන්නම්කො. කොල්ලෝ මේ පත්තර බලන්නේ ලොකු ඉංග්‍රීසි පොත ඇතුලේ දාන්. පත්තරයක් ආපු ගමන් උණු කැවුන් වගේ - පිටු ටිකට පන්තියේ ඇතුලේ වෙන දෙයක් නැහැ. තප්පරේට පත්තරේ බෙදෙන්නේ හිතාගන්න බැරි වේගෙන්. ටීචර්ල නැතත් එදාට පන්තිය නිහඩයි. පිටිපස්සේ පොලිමම ඉංග්‍රීසි පොත පාඩම් කරනවා. ඉංග්‍රීසි ටීචර්ටත් හරිම සන්තෝසයි. මේ කාලෙම තමයි - ඔය මදන මොදක (කාමේෂ්වරී රසායන) - අහරෙ මෙහෙත් පන්තියේ මාරි බිස්කට් එක්ක කැරකුනේ. මේවා දන්න කීප දෙනයි පන්තියේ ඒ කාලේ හිටියේ. මුන් බොරුවටත් එක්ක හිනා වෙනවා - කවුරුත් දන්නේ නැහැ - ඇත්තටම මොනවද වෙන්නේ කියලා. එකෙක් වමනෙත් දැම්මද මන්දා ...

ඉතිං ඉස්කෝලේ ඇරුනට පස්සේ අපි දඩයමේ යනවා. ඇත්තටම මම යන්නේ school van එකේ සෙට් එකත් එක්ක කඩවලට. අපිත් එක්ක රගර් ගහන අයියා කෙනෙක් හිටියා - එයා තමා මේ කණ්ඩායමේ නායකයා. එයා කියන්නේ අපිට නැත්නම් අපි හොරකම් කරගන්න ඕනේ. ඒකේ වැරැද්දක් නැහැ කියලා. ඉතිං මුලින්ම යන්නේ co-op එකේ කඩේට. මේ කඩේ අංකල් කොණ්ඩෙ වවලා - කුරුල්ලෙක් වගේ. හරිම හිතවත්. මට මුකුත් හොරකන් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හින්දා මම කවර් එක දෙනවා විතරයි. කොල්ලො පොර කකා බඩු වල ගනන් අහනකොට අපේ අනික් සෙට් එක කඩේට සුද්දේ දෙනවා. ෆැන්ටා කොකා කෝලා වගේ බීම බෝතල් - චොකලට්, චීස්, ටොපි, බිස්කට් තමයි අපේ ටාර්ගට්. හැබැයි මට මේවා වැඩක් නැහැ - මම ආස විසිතුරු මාලුන්ට. මම හැමදාම මේ වැඩේට කවර් එකෙන් සපොට් දෙනවා විතරයි. අනික් එක මට හරි බයයි කඩවලට මාට්ටු වෙලා තාත්තා නිව්ස් එක යයි කියලා. අපේ හිටියා කොල්ලෝ - ලගින් ගියොත් ඇහැක් නැහැ. ඩුස් ගානකොට උස්සලා - අපිවත් දන්නේ නෑ සමහර වෙලාවට. කුරුණෑගල ඉස්කොලේ ඉස්සරහ Co-OP City එකෙන් සුලුවට පටන් ගත්තු මේ වැඩේ අපි ටවුමේ ගොඩක් ප්‍රසිද්ධ කඩවලට ව්‍යාපත්ත කලා මාස දෙක තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත. ඒ වගේම හොරකන් කරන ඒවා වෑන් එකේ ඉද හිට හැමෝටම බෙදුවත් මම කන්න යන්නේ නැහැ - භය නිසා. කොහොම හරි මේ දවස්වල මට ඕනේ වුනේ මාලු කූරි දෙන්නෙක් - gold fish වර්ගෙන් හොරකම් කරගෙන ගෙදර ගිහින් හදාගන්න. ඉතින් අපි මේකට ක්‍රමයක් කල්පනා කලා. මට මාලු ගන්න සල්ලි නැහැ.
සල්ලි තියෙන කොල්ලෙක් මාලු ගන්න දවසක් බලලා සෙට් කරගෙන හිටියේ. ඊට කලින් අපි ට්‍රේනින් හොරකන් ටිකක් කලා. ඒ තමා මාලු ටැංකියකින් අලංකාර විසිතුරු ජලජ ගස් කොහොමද හොරකන් කරන්නේ කියලා. සෙට් එකම යනවා. කට්ටිය පොරකකා මාලු ඇන්ටිව වටකරන් මාලුන්ගේ ගනන් අහනවා. කොල්ලෝ හතක් අටක් නිසා එයාට කිසිම දෙයක් පේන්නේ නැහැ - ළමයි රැස් කකා එක පොදියට මාලු බලනකොට. එකෙක් විතරක් ඇත්තටම මාලුත් ගන්නවා. ඒ ඇසිල්ලේ කඩේ ඇන්ටිගේ අවදානය ගිලිහෙනකොට පිටිපස්සේ ඉන්න කොල්ලෝ කඩේ බඩු වලට සුද්දේ දෙනවා. මේක තමයි අපේ game Strategy එක. මමත් පිටිපස්සේ තිබ්බ මාලුටැංකියක තිබ්බ පාසි pot එකක් හොරකන් කරගෙන පිටිපස්සේ ගහගත්තා - මේකෙන් වතුර බේරෙනවා. වතුර පෙරෙනවා දැක්කොත් බඩු මාට්ටු. අහවල් අයියා ඇවිත් ටක් ගාලා එයාගේ ලේන්සුව ඇල්ලුවා. එයා මේ සබ්ජෙට් එකේ එක්ස්පර්ට්. වතුර බේරෙන එක නැවතුනා. වැඩේ ගොඩ. පාසි ගස් හොරකන් කරන් යනකොට මෙන්න බොලේ මගේ පන්තියේ යාලුවෙක් එනවා ඒ ගෙදෙට්ට. හිතට අප්සෙට්. යකෝ මුන්ගේ ගෙදරින් හොරකන් කරන්න බෑනේ. බලමු ටවුම මැද්දෙ හොද මින් මැදුරක්. Girls එක ඉස්සරහා තිබ්බා Siko Inn කියලා සාප්පු සංකීර්ණයක්. මේකේ තමා ඒ දවස්වල සාර්ථකම මින් මැදුර. පාට පාට විසිතුරු මාලු පිරිලා. ලයිට් දාලා. ටැංකි ඇතුලේ එක එක වතුර filter – oxygen අයිටම්ස් - ගිහාම එන්න හිතෙන්නේ නැහැ. අපේ ඉස්කෝලේ ඉදන් එතෙන්ට 2 km තියෙනවා. ඉස්කෝලේ තාප්පේ බූ ඇලෙන් බැන්නෝත 1 km නැහැ. කොල්ලෝ සෙට් එක දවස් දෙක තුනක් මෙතන රෙකේ දැම්මා. මෙන්න final දවස. එකෙක් රු 40 ක විතර මාලු ගත්තා. මම ටැංකියට අත දාලා චූටි මදටිය ඇට විතර ගොල්ඩ් fish මාලු තුනක් විතර සාක්කුවට දාගත්තා. ටක් ගාලා ලේන්සුව අරන් වතුර පිහ ගත්තා. අවුලක් නැහැ. තවත් එකෙක් ගන්න පුලුවන්. දෙවෙනි පාර අත දාන්න හැදුවා විතරයි - මල්ලි කෑ ගහනවා එපා එපා කියලා. මල්ලිට වැඩේ අප්සර්ට්. මගේ Mind set එක හදාගෙන ඉවරයි හොරකම සාදාරණී කරනය කරන්න. ඉතිං මුගේ පණ්ඩිත කමට මට මල පැන්නා - ඇයි මූව මේ වැඩේට සෙට් කරගත්තේ කියලා. මේක එතන හිටපු පොඩි එකෙක් දැක්කා. නමුත් ඒකා කතා කරන්න තරම් වයස නැහැ - අවුරුදු 3 ක් විතර. අයිති කාරයගේ කුඩා දරුවා. ඒකාට හිතාගන්න බැහැ මම මොකද කරන්න යන්නේ කියලා. ඉතිං ලොකු ඇස් කරකෝ කරකෝ මම දිහා බලනවා. මම පොඩි එකාට හිනා වුනා. අවුලක් නැහැ වගේ. ඒකත් හිකි හිකි ගාලා හිනාවෙනව මාලු පෙන්න පෙන්න. දැන් විනාඩිය දෙක යනවා. විනාඩි 5 කට වඩා මාලුවා සාක්කුවේ හිටියොත් මූ මැරෙනවා. මාලුවා මැරුණොත් - මට ජීවත්වෙලත් වැඩක් නැහැ. මම එච්චරට මාලුන්ට ආදරෙයි. මේ මාලු ගැන කිව්වොත් - අපේ ගෙදර වත්ත මැද්දේ ඇලක් යනවා. ඉතිං අපි අම්මලා කොහේ හරි ගිය ගමන් කරන්නේ - ගමේ ගෙවල් ලඟ කොල්ලොත් සෙට් කරගෙන ඇලේ කූඩ ගහන එක. මෙතනින් මාලු අල්ලලා ටැංකියට ගිහින් දාගන්නවා. ටැංකියේ වතුරට වැඩිය මාලු. අම්මලා එනකොට නොදන්න ගානට ඉන්නේ. මාලු මැරිලා සමහර එවුන් බිමට පැනල - ගද ගහනකොට තමයි වැඩේ මාට්ටු වෙන්නේ. අපි ඒ කාලේ හිතුවේ මේ මාලු මැරෙන්නේ ටැංකිවලට හුරු නැති නිසා කියලා. නැතුව මාලු වැඩි කමටයි - ඔක්සිජන් නැති එකටයි කියලා හිතුවේ නැහැ. ඉතිං මේකට එකම විසඳුම gold Fish ජොඩුවක් ගෙනත් දාගන්න එක. කොහෙන්ද ඉතිං රට මාලු ගන්න සල්ලි.
කොහොමහරි ඉතිං මමත් මාලුවා මැරෙන්න නොදී ඉක්මනටම යාලුවො සෙට් එකත් එක්ක කඩි මුඩියේ කඩෙන් එළියට දුවගෙන ඇවිත්, වැඩි දුරක් යන්න බැරි නිසා මාලු මිලට ගත්තු යාලුවාගේ මාලු හිටපු පොලිතින් පැකැට් එක ඇරලා - මගේ සාක්කුවේ හිටපු මාලු තුන්දෙනා වතුරට දාගත්තා. මේක අයිතිකාරයා එළියේ ඉදන් බලාගෙන. මිනිහා දූවගෙන ඇවිත් මාව ඇල්ලුවා. නරකම වෙලාව - විලි ලැජ්ජාවේ බෑ. මේකා school van එකටත් ගිහින් කියලා - ඉස්කෝලේ principal ටත් ගිහින් කියලා - ඉස්කෝලේන් අස්කරපන් කියල පොරේ. දැන් මොකද කරන්නේ. ඉස්කෝලේ හිටපු පල් හොරු සෙට් එකකින් එකෙක් මාට්ටු වෙලා. කොච්චර ඇහුවත් මාත් එක්ක කවුද ආවේ කියලා - අද වෙනකන්වත් මගේ යාලුවන්ගේ නම් කිව්වේ නැහැ. මම දඩුවම් වින්දා. ගෙදෙට්ට කියයි කියලා බයටම ඒ දවස්වල උණ. පන්නලින් බේත් ගත්තා - අඩු නැහැ. ගිරිඋල්ලෙනුත් ගත්තා. කාටවත් කියන්න බැහැ මට තියෙන පීඩනය. මට උපදෙස් දෙන අයියලා කියනවා - මල්ලි කරන වැඩක් හරියට කරන්න ඉගෙනගනින්. දැන් කරන්න දෙයක් නැහැ - අපේ නම් එහෙම කියන්න එපා කියලා. අඬලා අඬලා කිව්වා මයිකල් සර්ට ගෙදරට කියන්න එපා කියලා. ගෙදරින් කිව්වනම් තාත්තා දෙන පෝරියල් හොදටම දන්නවා. තාත්තා දෙන පොරියල් ගැන මගේ ප්‍රාථමික අංශයේ සමහර ටීචර්ලා සමහර වෙලාවට පොඩි කාලේ දන්නේ - මගේ ඇගේ තියෙන වැවිලි හිටින පාරවලුයි, නළල ගෙඩි ගැහිලා අරෙහෙ මෙහෙ තියෙන case පන්තියෙදි නෝට් කරලා. ඉතිං කනිෂ්ඨ අංශභාර මයිකල් සර්, ඉස්කෝලේ ඒ වෙනකන් මගේ හිටපු හැම පන්තිභාර ගුරුතුමියක්ම නඩු විභාගයට ගෙනත් ඇහුවා මම ළමයිගේ දේවල් හොරකන් කරලා කලින් මාට්ටු වෙලා තියෙනවද කියලා. ගුරුතූමීලා හැමෝටම පුදුමයි. හැමෝම කියනවා මම කවදාවත් පන්තියේ ළමයින්ගේ දේවල් හොරකල් කරන්නේ නැහැ කියලා. අනික වෙනස් ජාතියේ හොරකමක්නේ. මෙන්න මේ විදියට තමයි මගේ හොරකම් ජීවිතේ අවසානවුනේ.
මේක ගෙදෙට්ට ආරංචි වුනේ සිද්ධියෙන් මාස හය හතකට පස්සේ අපේ අම්මට වෑන් එකේ ඩ්‍රයිවර් අංකල් කියලා හෙමිහිට. අම්මා එදා එක යුද්ධයයි. ගෙදරිනුත් එළෙව්වා. හැබැයි තාත්තට කිව්වේ නැහැ. අපේ තාත්තගේ තිබුනා හරිම ආවේගශීලී දරුණු ඉතාම කුරීරු පහර දෙන ගතියක්. තාත්ත මට සාමාන්‍යෙයන් ගහන්නේ යකඩ ඉනි, උදලු, පිඟන්, පොලු, පොල් පිති, පිහි - අහු වෙන හැම දෙයින්ම. ඉතිං අම්මත් එහෙමයි. අම්මා - කොසු ඉදල්, පොලු, අහුවුන දෙයින් ගහනවා. අම්මාගේ දඩුවම් සමහර වෙලාවට කොච්චර ආවේගශීලිද කියනවනම් - මම දවස් දෙකක් ගෙදර නාන ළිදටත් වැටුනා - නොමැරී බේරුනා, අම්මා ලිං පඩියට දාලා තිබුණ පොල් කොටේ උඩදි ගහලා. හෙලුබැල්ලෙන්ම මම ළිඳ ඇතුලට ලෙස්සලා වැටිනා. තාත්තට පොල්ලක් කැඩෙන්න මට ගැහුවොත් තමයි හිතට හරි. මේ ගෝත්‍රික ගති තාත්තට ආවේ එයා ඉපදුන ගමෙන් හා පරිසරයෙන්. අපේ අල්ලපු ගෙදර ගෑණු ළමයා අතින් ගෙදරට ගෙනාපු බිත්තරයක් බිදුනට ඒ ළමයාට ඒ ළමයාගේ තාත්තා - අත්දෙකෙන් වහලේ එල්ලලා පොලු වලින් ගැහුවා. බොරු කිව්වා කියලා කට පිච්චුවත් එක්ක. අපේ තාත්තගේ ගමේ වයසක සුගතසාර නායක ලොකු හාමුදුරුවොත් එහෙමයි. ඒ ගොල්ලොන්ගේ බාසාවෙන් කියනවනම් - කොල්ලොන්ට හුජ්ජ යන්න ගහන්නේ. ඉතිං අම්මම මම එදා ළිඳට වැටුන වෙලේ යන්තං තුන්වෙනි පාර උඩ එනකොට අල්ලගත්තා. මම හොදටම බය වෙලා වතුර පෙවිලා, භයටම උණ - මේ මම මරණය ලං වෙච්ච අවස්ථා කීපයෙන් එකක්. එදා අම්මට කකුල අහුවුනේ නැත්නම් අද චරාට මේවා ලියන්න වෙන්නේ නැහැ. එතකොට මම එක වසරේ පන්තියේ. අම්මා ගැහුවේ - Yellow කියන වචනයට ඉංග්‍රීසි අකුරු වැරැද්දුවා කියලා. අනික් පාර ළිඳට වැටුනෙත් අම්මා පිටට ගහලා - මම ළිදේ ඉන්න මාලු බල බල හිටියා - මොකකට හරි යන්න පරක්කුවෙන සිද්ධියක් නිසා, අම්මට කේන්ති ගිහින් - මම දත් මදින්නේ නෑ කියලද කොහෙද. මට මතක නැහැ එදා ගොඩ ගත්තේ කොහොමද කියලා. අන්තිමට Teen Age එකට එද්දි, මේ ගොල්ලන්ගේ නැත්නම් මගේ ආවේගශීලී තරුණ දෙමව්පියන්ගේ මේ ආවේගශීලීත්වයත් මට පාලනය කරගන්න වුනේ - ඒ ගොල්ලන්ට තේරෙන බාසාවෙන්මයි. හැමදාම මම පන්තියේ පහලට වැටනකොට අම්ම හනසු අරන් පොලු අරන් වත්ත වටේ එලෝ එලෝ ගහනවා. මේක මට හරි කරදරයක්. දවසක් මම අට වසරේ. අම්මා කොස්සෙන් ගහනවා පාඩම් කරන්නේ නෑ වෙන පොත් කියවනව කියල. කරන්න දෙයක් නැහැ - ගහනකොට අහුවුන කොස්ස අල්ලගෙන හිටියා. අම්මා කොස්ස වෙරදාල ඇද්දා. වැටියන් කියලම මම කොස්ස අත ඇරියා. අම්මා ගෙම්බා පොලේ ගැහුවා වගේ කොස්සත් අල්ලන් වැටිලා - මල්ලිට කෑ ගහනවා, මෙන්න ලොකු කොල්ලා මට ගහනවෝ කියලා. සද්දෙට අම්මම්මත් දුවගෙන ආව. අම්මා වැටුන ඇසිල්ලට මම - ගැලවිලා දිව්වා. දුවලා හූවකුත් කිව්වද කොහෙද. එතනින් පස්සේ අම්මාගේ Martial Art නැවතුනා.
දැන් තාත්තා - 10, 11 වසර වෙනකන්ම හැම මනුස්සයා ඉස්සරහම මාව පහත් කරලා කතා කරනවා, බනිනවා - ගහනවා. දවසක් වත්තේ හරකෙක් වැටිලා වලකට. ගමේ මිනිස්සු ඔක්කොම ඇවිත් - තාත්තා යකා වගේ පැනපු ගමන් ගැහුවා මගේ කනට - බැනලා බැනලා, මම හරකා ගැන බැලුවේ නැහැ කියලා. මම මොනවා කරන්නද?. හිතලා හරකව වලට තල්ලු කලායැ. ඉස්කෝලේ පන්ති ඇරිලත් ආව විතරයි. වෙලාව ගොම්මන් හතට විතර ඇති. දැන් පොඩි එකෙක් නොවෙන නිසයි - ගුටි කාපු එකේ වේදනාවයි, සෙනග නිසා ලැජ්ජාවයි හොදටම වැඩියි. මේ මම ගෙදර එපා වෙලා ගිය එක දවසක් විතරයි. ඒ දවස්වල සතියකට දවසක් අඩුම ගානේ මම ගෙදරින් තරහා වෙලා යනවා - පාර පුරා අඩ අඩ යනවා, පීඩනය දරාගන්න බැරි එකට. යන්න තැනැක් නැති නිසා - මමම ආපහු හැරිලා රූ 12 - එක වෙනකොට හොරෙන් ඇවිත් ගෙයි එළියේ පිළිකන්නක බුදියගන්නවා. ඒ දවස්වල දෙයියෝ බලලමයි - සරපයෙක්වත් නොකෑවේ. එච්චරට කැලේ දුවලා ඇති, එච්චරට කැලේ හැංගීලා ඇති - මේ තාත්තාගේ දඩුවම් වලට බයේ. කඩේට ගිහින් බඩු මල්ල ගේනකොට - ණය බරටම තාත්තා වියරු වැටිලා. මම දැක්කද, වැඩිමලානේ - එයාගේ පීඩනය මට දෙනවා. මොකක් හරි බොරු වැරැද්දක් හොයලා බැනලා පැනලා පැනලා ගහනවා. මට තාත්තාගෙන් ගුටි කාලත් ඇති වෙලා තිබ්බේ. වැඩිමලා නිසා මල්ලි කරන වැරැද්දටත් මට ගහන්නේ - මොකද එයා කොහෙද පොතක කියවලා - වැඩිමලාට දඩුවම් දෙනකොට බාලයෝ හැදෙනවා කියලා. මම මේ වෙනකොට මක්සිම් ගොර්කිගේ මගේ අම්මා, මගේ සරසවි - වගේ පොත් තුන් හතර පාරක් කියවලා. මම බල බල හිටියේ මේ ගුටි වලින් බේරෙන්න ක්‍රමයක්. යන්න තැනකුත් නැහැනේ. අපිට පරම්පරාවේ direct මාමලා, නැන්දලා, බාප්පලා, පුංචිලා නෑදෑයෝ කවුරුත් නැහැ ඒ වෙනකොට - ඉතිං මක්සිම් ගෝර්කිගේ “අම්මා“ පොතේ තියෙනවා - පාවෙල් කොහොමද, එයාගේ ගෙදර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මූණ දුන්නේ - ඒකෙන් අන්තිමට ගැලවුනේ කොහොමද කියලා. මේ බරපතල විප්ලවීය පොත් ගේන්නෙත් අපේ තාත්තා. මම එයාගේ පුස්ථකාලේ හැම පොතක්ම පොඩි කාලේ ඉදන් කියවනවා. පාවෙල් දවසක් අවුරුදු 16 දි - තාත්තා යකඩඉන්නෙන් ගහනකොට පාර වලකලා තාත්තට ගහනව - බීලා වදදෙන නිසාද කොහෙද. අපේ තාත්තා බොන්නේ නැහැනේ. කොහොමටත් තාත්තට ගහන්න හිතන්නවත් මට හිත දෙන්නේම නැහැ. මගෙත් වයස අවුරුදු 16ක්. වැද්දෙක්ගේ වගේ රුවුල් කෑල්ලකුත් වැවෙනවා. මොකක් හරි එකකට තාත්තා එනවා උදැල්ල අරන් - මම දන්නවා, මට දැන් මග අරින්න බැහැ. අනිත් පැත්ත බලන නිමේශයෙන් තාත්තා ගහනවා කියලා. මගේ අතේ යකඩ ඉන්න තිබ්බේ. වෙනදනම් දුවනවා. තාත්තා හිතුවේ අදත් දුවයි කියලා. මම තීරණයක් ගත්තා. දැන් දුවන්නේ නැහැ. මමත් වත්තේ වලක් හාරන ගමන් - මමත් යකඩ ඉන්න හොදට හයියෙන් අල්ලගෙන කිව්වා, තාත්තේ මට ගහන්න එපා - මම වැරදි වැඩ කරලා නැහැ. මගේ අතේ තියෙන්නේ යකඩ ඉන්න කියලා. තාත්තගේ පරුෂ වචනටිකයි ආවේගයයි - එක පාරට නැවතිලා, උගුරත් හිර වෙලා කටේ තිබ්බ කුණුහරප වචනත් පැටලිලා උදැල්ලත් එක්කම එහෙමම නැවතුනා. එදායින් පස්සේ තාත්තා ප්‍රසිද්ධියේ නෙමෙයි - ශාරිරීක දඩුවම් වලින් වැලකිලා කලකිරීමෙන් හිත හදාගත්තා.
පස්සේ තාත්තා ඉගෙන ගෙන ආවේගශීලි නොහික්මුණු මේ ශාරීරික දඩුවම් දරුවෙක් හදන්න එච්චරම යෝග්‍ය ක්‍රම නෙමෙයි කියලා. මොකද දඩුවම දිය යුත්තේ වැරදි ක්‍රියාවට මිසක් - දරුවට නෙමෙයි කියන පණිවිඩයත් දඩුවම අතරම දරුවගේ මනසේ රැදවිය යුතුයි. ආවේගශීලි ක්ෂණික ප්‍රෙකා්පකාරී දඩුවම් වලින් දරුවා දකින්නේ මේක Personality Conflict එකක් මිසක් - වරදට දඬුවමක් විදියට නෙමෙයි... එයින් වෙන්නේ දරුවාත් ප්‍රෙකා්පකාරීව කරපු වැරැද්ද නැවත වරක් කරන්න රහස්‍ය SMART ක්‍රමයක් හොයාගන්න එක.

මේක බලන කවුරුහරි හිතන්න පුලුවන් මගේ දෙමව්පියෝ කුඩා කාලේ ආදරයක් තෙතමනයක් තිබ්බේ නැහැ කියලා. ඇත්තම කතාව ඒක නෙමෙයි. අපේ දෙමව්පියෝ එච්චර බුද්ධිමත් නැහැ දරවෙක්ගේ සුන්දර Teen Age එක ගැන. ඒ වගේම සමාජයෙන් නෑදැයන්ගෙන් ගමෙන් නගරෙන් ඒ ගොල්ලෝ ආශ්‍රය කරන මිතුරන්ගෙන් දැනුමක් ආවේත් නැහැ, කොහොමද තමුන්ගේ EGO issues handle කරගන්නේ කියලා - දරුවෝ ලොකු වෙනකොට, ඒ වගේම පවුල ලොකු වෙනකොට. මේ ගොල්ලෝ දරුවට තියෙන ආදරේ කියලා දකින්නේ ඒ ගොල්ලන්ගේ අහිමි වුනු බලාපොරොත්තු දරුවන් විසින් ලඟා කරගන්න එක. අම්මා හරිම ස්ව අවතක්සේරුවකින් ජීවත්වුනේ එයාට ඉංග්‍රීසි ඉගෙනගන්න බැරිවුනා - වැදගත් රැකියාවක් කරන්න බැරි වුනා කියලා. තාත්තා දුකෙන් හිටියේ එයාට ප්‍රෙමා්ෂන් නැත්තේ - හොද ආර්ථිකයක් හදන්න දරණ ප්‍රයත්න දිනාගන්න බැරිවුනේ කැම්පස් යන්න බැරිවුන නිසා කියලා. අද මම උපාධි තුනක් හතරක් කරලත්, ඉංග්‍රීසිත් සම්මතයේ උපරිමේට ඉගෙනගෙන - මටත් බැහැ එකපාරටම සුරංගනා ආර්ථිකයක් හදාගන්න. මේවා මුකුත් නැතුව හොද ආර්ථික හදපු වුන් ඕන තරම්. එහෙම හදපු එවුන් ගඩොල ගඩොල හිමි හිට තිය තිය මහන්සියෙන් තමයි ගොඩදාගෙන තියෙන්නේ කාලයත් එක්ක ඉවසීමෙන්. ඉතිං මේ දෙන්නම මායාකාරී වෙලඳපොල ආර්තිකයන් හා සමාජරටා බලමින් නානාවිධ temptations ඇතිකරගෙන අසම්පුර්ණ ලෙස ලබා දීපු ප්‍රායෝගික නොවූ නිදහස් අධ්‍යාපනයයි අරවයි මේවයි ඔක්කොම පටලගෙන - තමුන්ගේ අභිලාෂයන් හැදෙන්නේ කොහොමද? ඇත්තම හරිවැරැද්ද මොකක්ද? තමුන් ස්වාදීනව පවුලක් නඟාසිටුවගන්නේ කොහොමද ? - කියන උහතෝකෝටික ඉදිරියේ නිවැරදිම මඟ මොකක්ද කියලා තෝරාගන්න අසමත්ව අතරමං වෙච්ච අහිංසක තවත් එක් ගොදුරු යුවලක් 1990 දශකයේ. තමුන්ට ලඟාකරගන්න බැරිවුන පැතුම් දරුවා කරා කොහොම හරි ලබාගන්න එක තමයි මගේ අහිංසක අම්මගෙයි තාත්තගෙයි එකම අභිප්‍රාය වුනේ. ඉතිං තාත්තට දරුවෙක් සතුටුවෙන දෙයක් ගැන කිසිම හැඟීමක් නැහැ - විශේෂයෙන්ම teen age එකේ. එයාට ඒ ගැන දැනගන්න නෑදෑයෝ මිත්‍රයෝ අාශ්‍රය කරන්නෙත් නැහැ ඒ කාලේ - හීනමානයයි පොරසිටි එකයි නිසා. ඉතිං තාත්තා දරුවෝ ගැන, නැත්නම් Teenagers ගැන මොකක් හරි දෙයක් යන්තම් හරි දැනගත්තනම් වැඩිමල් දරුවගෙන්ම තමයි.
Teen age එකේ මේ සමනල ගති වලට, ඇදුම් පැළදුම් අදින්න, ක්‍රිකට් ගහන්න යන්න - සෙල්ලම් කරන්න යන්න, යාලුවෝ හදාගන්න, චිත්‍ර අදින්න තිබුණ ආසාවන් අම්මා තාත්තා දැක්කේ ළමයින්ගේ විනාසයට හේතු විදියට. මට මතකයි මම cricket බැට් එකක් නැතුව - ඒකකට කොච්චර ආසාවෙන්ද හිටියේ කියලා. තාත්තා මට බැට් එකක් ගෙනත් නොදුන්නේ - ගන්න මුදල් නැති කම නිසා විතරක්ම නෙමෙයි. ඔය කාලේ ඉස්කෝලේ ගියත් ඉතිං මට කොල්ලෙක්ගෙන්වත් බැට් එකක් ඉල්ලන් ට්‍රයි කරන්න ලැජ්ජයි. බැට් බෝල් ගේන එකාට හරි හොදට පුලුවන් එකාට හරිනේ තැන එන්නේ පන්තියේ. මට මතකයි මම කොස්ලී බාල්කයක් කපලා - පිහියෙන් සුද්ධ කරලා, යත්තක් හොයාගෙන ගාලා චාලිං ආත්තත් එක්ක එකතු වෙලා බැට් එකක් හදාගෙන මල්ලි එක්ක විතරක් ක්‍රිකට් ගැහුවේ. ඌ බෝල් කරනවා. Keeper ලා නැහැ. Batman ගිහින් බෝලේ අහුලන් එනවා. මේ බැට් එක සාමාන්‍ය බැට් තුතක් විතර බර - ගමේ හැමෝම එක්ක තාත්තා ඒ කාලේ තරහයි. ඒ කාලේ අපේ වත්තට නිතරම පොල් කඩන්න හාවෝ මරන්න, පුවක් කජු ගොවිතැන් හොරකන් කරගන්න, වැට ඉන්න - කෙහෙල්කැන කපාගන්න ඇහැ ගහගෙන හිටපු ගමේ සමහර මිනිස්සු පාලනය කරගන්නත් තාත්තාට අමරුයි. මොකද දන්න එකම ක්‍රමය - Head to Head – Strategy තමයි. ඉතිං හැමදාම වලි. ඒක නිසා - ගමේ ළමයි ආශ්‍රය කරන්නත් යන්න දෙන්නේ නැහැ. තව අද ඇහුවත් ඒ ගොල්ලෝ කියන්නේ - මේවා කරපු නිසා තමයි උඹලා ඉගෙන ගත්තේ කියලා. මොකද මේ පොරත්වය නැත්නම් Ego ඇගට කාවැදුනාම - තමුන් කරන දේ හරිම කියලා තමයි හිතන්නේ. මොකද ඒවගේ ආදීනව හරි වැරදි කතා කරන පුරුද්දක් හෝ අහලා දැන ගැනීමේ - නිවැරදි කරගැනීමේ ක්‍රමයක් ඒ ගොල්ලෝ දන්න සංකෘතිය ඇතුලේ නැහැ. ආවේගය - ඒ ගමන්ම පිට කරලා දානවා. මම තමා හරි. ලෝකේම වැරදියි. ඉහ තිබ්බ තැනට කර ආවට මුන් මොනවද දන්නේ !!! හැම ආවේගයම ඇගෙන් තමයි පාලනය කරන්නේ.
Emotional Intelligence, කියලා එකක් නැහැ. දුටු තැන - දුබලයාට පහර දෙනවා. Outcome එක ගැන post mortem එකක්, නැත්නම් assessment එකකුත් නැහැ. ඒක නිසාම ඒ ගොල්ලන්ට දෙයක් තේරෙන්නේ ඒගොල්ලෝ දන්න බාසාවෙන් කිව්වොත් විතරයි සමහර වෙලාවට. තමුන් අතින් වෙච්ච වැරැද්දක් නිවැරදි කරගන්න එක ලොකුම ලැජ්ජාවක්. ඒක නිසා ඒකට ලොකු දෛරයක් අවශ්‍යයයි. ඒක ඒ ගොල්ලො ලඟ නැහැ. ඒ නිසාම ඒගොල්ලන්ගේ Learning Curve එක හරිම flat. හැබැයි ඇහුවොත් කියන්නේ ඒ ගොල්ලන්ට විතර අත්දැකීම් කාටවත් නැහැ. ඒක ඇත්ත. හැබැයි මේ ගොල්ලෝ ඒ වටිනා අත්දැකීම් වලින් දෙයක් ඉගෙනගෙන නැහැ. ඒක ඒගොල්ලන්ගේ ජීවිත වලට ලොකු පාඩුවක්. මොකද ඉගෙන ගන්නේ නැති නිසා - වෙනස් වෙන්නේ හෙමින්. නම්‍යශීලි බව නැතිව අනික් අතට අපි සියලු දේ වයස නිසාම දන්නවා කියලා හිතං හිටියොත් - අපේ ජීවිතේ නියම ප්‍රීතිය, සැනසිලිදායක බව සහ සතුට අපි කෙරෙන් සමහර විට ඈත් වෙනවා සියලු භෞතික සැප සම්පත් ළඟා කරගත්තත්. මේක අපේ සංස්කෘතිය තුල තියෙන පිලලයක්. දියුණු ජාතීන්ට සාපේක්ෂව අපි අපේ වැරදි දෙස බලනවා අඩුයි. නමුත් අනිකාට චොදරනා කරනවා. කට්ටක් ඇනගත්තොත් කියන්නේ - කට්ට ඇණුනා කියලා. එතකොට වැරද්ද බිම තිබ්බ කට්ටේ. තමුන්ගේ අපරික්ෂාකාරී බවේ නෙවෙයිනේ !!!. පර සුද්දෙක් මේක කියන්නේ - I ran over thorn කියලා. ඌ වැරැද්ද තමුන්ම බාර අරගෙන ඊ ලඟ පාර නිවැරදි වෙනවා. ඉතිං අපේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති බැලුවත් - සැනසිල්ලේ සතුටින් ඉන්න ජාතියක් හදන්න, සාමය පුද්ගලයාතුලට කාවද්දන්න අවශ්‍ය ආකල්පමය හා සංස්කෘතික වෙනස්කම් ගැන අපි අපේ අධ්‍යාපන ක්‍රමයන්නම් කවදාවක්වත් හදාගන්න එකක් නැහැ. අද තියන සංස්කෘතිය ඇතුලේ - අපි නොදැනුවත්ව ඉගෙන ගෙන තියෙන්නේ එකිනෙකා සන්සන්දනය කරමින් නොලද දේ ලංනොවුන දේ ගැන හූල්ල හූල්ල - ලද එවුන් ගැන ඉරිසියා කර කර උන්ට පද පද හද දුකෙන් ඉන්න ක්‍රමයක්. කොළඹ AC කාර්යාල වලට ගියත් - ගමට ගියත් ඒක තමා ලංකාවේ ක්‍රමය. තමුන්ගේ මහන්සියෙන් ස්වසක්තියෙන් පුලුවන් තරමට පුලුවන් උපරිමය කරලා ගන්න දෙයින් උපරිම සතුටු වෙන ක්‍රමයක් - Celebrate කරන ක්‍රමයක් අපි හිතන්නේ නුසුදුසුයි - උද්දච්චයි, සෝබනයි කියලා.
කතාව ඒක නෙමෙයිනේ. මම මාලුන්ට හරිම ආසයි. දැනුත් ගෙදර ටැංකියක් තියෙනවා. ඒ වගේම ලොකු පොකුණක් තියෙනවා - මගේ දෑතින් අවුරුදු 7 ක් පුරාවට විතර කපපු. ඒකේ මම ඇති කරන්නේ ලංකාවේ indigenous මාලු. ගොඩක් අය අපේ ගෙදර ආපුවම ඔය පොකුණ ලඟ තමයි සෙට් වෙන්නේ. දැන් හරිම ලස්සනයි මෙතන. කුඹුක් ගස් - පුවක් ගස්, නා ගස්, ලස්සන බට පදුරු - මල් පදුරු මේක වටේට. කවුරැත් විශ්වාස කරන්නෙත් නැහැ - ඒක මම උදැල්ලෙන්ම විතරක් කපලා, ඒ හැම ලොකු ගහක්ම මම අවුරුදු 15 කට විතර කලින් හිටොපු පැල කියලා. ඉතිං මට කුඩා කාලේ මාලු ජොඩුවක් ගන්න සල්ලි නැහැ. අම්මගෙන් ඉල්ලන්නත් බැහැ. නංගි ඉපදුනා විතරයි. ගෙදර ආර්ථික මැෂිම කර කර ගගා දිව්වේ. හැමදාම කචල්. කොහොම හරි එදා හිටපු ප/භා/ගු ගුරුතුමීගේ හොද කියන්නේ - ඒ ගුරුතුමිය මම පාසැලෙන් පිට වෙනකම්ම මේක රහසක් විදියට රැක්කා. හැබැයි කාටත් නොතේරෙන්න උගන්නන ගමන් නොන්ඩිත් කලා. කිසිම ළමයෙක්ට නොකියපු නිසා මම පාසැලේ Bulley වුනේ නැහැ - අනික් ළමයින්ගෙන්.

එදායින් පස්සේ මගේ වංචා මම සීමා කරා බස් එකේ ටිකට් ගැන ඇහුවේ නැත්නම් සද්දනැතුව යන පුරුද්දට විතරක්. ඒකත් රස්සාවට ගියාට පස්සේ මතක් කරලම සල්ලි දීලා යන්න ඉගෙනගත්තා - මොකද රුපියලක් හම්බ කරන්නත් තියෙන අපහසුව අත්දැකපු නිසාම. හැබැයි A/L වලදිනම් මුල අවුරුද්ද දෙක Hall Class ටියුෂන් වලට කාඩ් නැතිව ගියා. ඔක්කොම යන්නේ එකම කාඩ් එකෙන්.. ඒකටත් බැටේ හම්බවුනා ඒ පාර A/L කෙලවිලා. ඊලඟ අවුරුද්දෙනම් අමාරුවෙන් හරියට සල්ලි ගෙවලා ටියුෂන් ගියා.
ඉතිං කොහොමහරි - ලෝකේ දියුණු රටවල පුද්ගල ආරක්ෂණ විදිවිධාන හා ක්‍රම තියෙනවා පුද්ගලයන්ගේ දුෂ්කර කාල වලදි අත හිත දෙන්න. ලංකාව එහෙම දෙයක් ගැන හිතලවත් නැහැ. රස්සාවක් නැති වුනොත් මිනිහෙක්ට රස්සාවක් හොයාගන්නකන් ජීවත් වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම තරමක් ණය අහරෙ මෙහෙත් තියෙනවනම්. අපි කවදා හෝ රටක් ගෙනියන්න ඕනේ එතෙන්ට. අනික තමයි - ඔය Teen age එක කියන්නේ හරිම දරුණු ජවය පිරුනු සුන්දර වයසක්. Risk ගන්න කිසි බයක් නැහැ. මේ වයසේ ළමයි ශාරිරික වගේම මානසික විපර්‍යාස වලට සීග්‍රයෙන් ලක්වෙන කාලය. අනික් එක මේ කාලේ තමයි එක එක වීරයෝ අපි හදාගන්නේ. අපේ පෞරෂය Bench Mark කරගන්න ගන්නේ. ඒ වගේම තමයි මේ කාලේ තමයි එක එක විකාර විරූපී දෙවල් ළමයින්ගේ හිතට ලංකරන්න පුලුවන්. Lady Gaga, Britney Spears, AQA, Rehana වගේ අසාමාන්‍ය පෞරෂයන් පොරවල් කරන්නෙත් මේ Teens ලා. Sanath Jayasooriya, Koli කුට්ටු, Tendulcar, Usain Bolt, Nonu, Carter, Maccow වගේ නියම වැඩකාරයෝ - දක්ෂ ක්‍රීඩකයෝ, චරිත ජාති ආගම් පාට බේධයකින් තොරව පොරවල් වෙන්නෙත් මේ ගොල්ලො අතරමයි. මේ කාලේ ළමයින්ගේ හැසීරීම් රටාවල වෙනස්වීම, ආවේගකාරී බව හා ආක්‍රමණික බව අවබෝධකරගන්න මෙච්චර නිදහස් අද්‍යාපනය තියෙන රටේ ගුරුවරු හා දෙමව්පියෝ දැනුවත් නැහැ. අපේ ගෙවල් ලඟ ඉන්න සමහර අම්මලා තාත්තලා මට කතා කරනවා එයාගේ දුව පුතා - කියනදේ අහන්නේ නැහැ, fashion කරනවා, skype කරනවා, face book කරනවා, UTube කරනවා, ඉන්ටනෙට් කරනවා, රස්තියාදු වෙනවා, කොණ්ඩ කපනවා, සැලූන් යනවා - පාඩම් කරන්නේ නැහැ, යාලුවෝ එක්ක පිස්සු කෙලිනවා කියලා. ඇත්තටම දෙමව්පියෝ මේ වයසෙදි ළමයින්ව අවතක්සේරු කරනවා. ඒ ගොල්ලෝ හිතනවා - teenagers ලට ජීවිතේ ගැන කිසිම අත්දැකීමක් නැහැ - අවබෝධයක් නැහැ වගකීමක් නැහැ කියලා. ඒ ගොල්ලෝ දන්නේ නැහැ - දැන් මේ teens ලා උත්සාහ කරන්නේ තමන්ගේ කියල - තමුන්ට අනන්‍ය පෞරෂයක් ගොඩනගාගන්න කියලා. දෙමව්පියෝ මේ ගැටලුව දිහා මේ කෝනෙන් බලලා ආවේගශීලි නොවී අවබෝධයෙන් පරිස්සමින් විපරමින් විමසිලිභාවයෙන් කටයුතු කලොත් Teenage එක තමයි දරුවෙක්ට කිසිදාක නොවැටෙන්න අත්දැකීම්, ආත්ම ශක්තිය, පෞරෂය දෙන්න පුලුවන් හොදම සතුටු දායක සහ පලදායීම වයස. මේ අත්දැකීම් ජීවිතේ ඇතිතේකට දෙමව් පියන්ට දරුවන්ට ගුරුවරුන්ට හිතමිතුරන්ට අමතක කරන්න බැරි තරම් වටින අත්දැකීම් බවට පත් වෙන්නේ - දෙමව්පියෝ දරුවෝ ගුරුවරු අතර තුන් කොන් සටන win win වෙනකොට විතරයි.
No comments:
Post a Comment