පහුගිය අවුරුදු කීපයතුල අපි යම් වෙනසක් කරන්න හිතුවා. කතාකලා. ඉතිං දැනටමත් අපි බලාපොරොත්තු වෙච්ච වෙනස කරලා ඉවරයි. හැබැයි කොටසයි. මේ වෙනස හරියටම කොරගන්නේ කොහොමද? මේ වෙනස sustainable යථාර්ථයක් කරගන්න බැරි ඇයි. ඇත්තටම මොකක්ද හරියටම මේ හැමෝම හොයන වෙනස - යහ පාලනය කියන එක විතරද? ඒක ගොඩනගන්නේ කොහොමද? ඒක පවත්ගන්නේ කොහොමද? - අපි මොකක්ද ඇත්තටම කොරන්න ඕනේ. රට රැකගන්න ජාතිය බේරගන්න අපේ වර්ගයාට යහපත් සාමකාමී සතුටුදායක රටක් හදන්න කියලා හැම වර්ගයාම හොද අරමුණකින් කටයුතු කරන කාලයක්. හැමෝගෙම අවසාන අරමුණ හොදයි. හැබැයි වර්ග ගොඩයි. සිතුවිලි ගොඩයි. මේ මූලික අරමුණේ සමානකම අමතක කරලා පුද්ගලික අදහස් විදියට දකින දේවල් එකිනෙකා අතරින් සංසන්දනය කරන්න - දිග පලල වැඩි එක මනින්න පටන් ගත්තු වෙලේ ඉඳන් හොද අරමුණ කුරුවල් වෙන තැනට තමයි වැඩ සෙට් වෙන්නේ.
ඉතිං කතාවේ topic එක ඒක නෙමෙයිනේ. ගොඩක් අය හැමදාම වගේ මේ පාරත් කිව්වා කවදාවක්වත් මේවා වෙනස් කරන්න වෙන්නේ නැහැ කියලා. කවදාවත් මේ වෙනසට මිනිස්සු එකතු වෙන්නේ නැහැ කියලා. මොකක්ද මේ හැමදාම මිනිස්සු පාලකයන්ගෙන් බලාපොරොත්තුවෙන වෙනස. ඉතිං එදා යුද්දේ දිනන්න පුලුවන් කියද්දිත් බොහොම සුලු දෙනයි විශ්වාස කළේ. ඒ සුලු පිරිසගේ විශ්වාසය යුද්ධයක් දිනවන්නේ කොහොමද?. මෙදා මේ ක්‍රමය :
1) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පරදවා පවුලක් කේන්ද්‍රීයව රාජ්‍ය බලය සාන්ද්‍රණය වීම,
2) නීතියේ ආදිපත්‍ය කඩවැටීම
3) ඉතා පහත් ලෙස වැරදි ආකල්ප හා ආදර්ශයන් සාරධර්ම ලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ මාධ්‍ය ඔස්සේ සමාජ ගතකිරීම,
4) රටේ දෙවන පෙල නායකත්වය එහෙන් පිටින්ම වලළා දැමීම හා
5) වර්ගවාදය කූඨ දේශපාලන ආයුධයක් ලෙස යොදාගැනීම
කියන පස් වැදැරූම් කරුණු මූලික කරන් සමාජය කබලෙන් ලිපට ඇද දමමින් තිබුණු යන්ත්‍රය වෙනස් කරන්න පුලුවන් කියලා කියද්දිත් බොහොම සුලු දෙනයි මුලින් විශ්වාසයෙන් ඉදිරිපත්වුනේ. නමුත් මේ වෙනකොට ඒ මතය වටා විශාල බලවේගයක් ගොඩ නැගිලා කියන එක යථාර්ථයක්. දැනටමත් ශක්තිමත් බල කණු කීතු කීතු විසිරිලා නිසා - තුනෙන් දෙක ඉහිරිලා. වෙන කවර මැතිවරණයකටත් වඩා - ඉතාම නොසැලකිලිමත් ලෙස රාජ්‍ය මාධ්‍ය හා රාජ්ය බලය පාවිච්චි කරමින් ගෙනගිය ජුගුස්සාජනකම මැතිවරණ ප්‍රචාරණයක්. ගහපු ගහපු මඩ, පත්තුකරපු රතිඥ අතේ පත්තු වෙන්න අරගන්න එකම ජයග්‍රහණයක්. කොච්චර මාධ්‍ය වාරණ දැම්මත්, කොච්චර පත්තර හැංගුවත් බහුතරයක් මිනිස්සු වැරදි වැඩ ජිල්මාට් බොරුවලට විරුද්ධව, හෙලා දකින්න සාමකාමීව පෙළ ගැහෙන්න අරන්. පාඨලී මහත්තයත් සමාව අරන් මහත්මා ගති ආදර්ශයෙන් පෙන්නන්න පටන් අරන්. මර්වින් නිහඩව සාමකාමීව විපක්ෂයේ ඉදගන්න හිතලා. ඒ කියන්නේ මීට කලින් නොහිතපු කල් තියා බලාපොරත්තු නොවුනු විදියට රටතුල නොහිතූ විරූ වෙනසක් වෙන්න පටන් අරන්. කවුරු දිනනවද - කවුරු පරදිනවද කියන එක මේ කතන්දරයට වැදගත් වෙන්නේ අඩුවෙන්.
අපි අමතක කරන්න හොද නැහැ මේ face book එකේ ලියන ඒවා - කැන්ටිමේ කථාකරන ඒවා, වාද විවාද - සංවාද විසංවාද අන්තිමට යථාර්ථයක් වෙනවා. ඒ සිහින එලිපිට දැකිය හැකි යථාර්ථ බවට පත්වෙනවා. තර්ක විතර්ක වාද විසංවාද කරන සියයට අනූවකට වඩා පිරිසට තියන අව්‍යාජ යටි අරමුණ තමයි කොහොමද හැමෝටම හොද - හැමෝටම එකඟවිය හැකි සාමකාමී නිදහස් සෞභාග්‍යමත් දුක් කරදර අඩු රටක් හදන්නේ කියන එක. නායකත්වයක පෞරෂය ගොඩ නැගෙන්න ඕනේ හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ මිනිස්සුන්ගේ කිලිටි සිතුවිලි අයින් කරලා පිරිසිදු පොදු අරමුණු ඉස්සරහට හරන් යපත් පැවැත්ම කෙරෙහි සමාජය නැඹුරු කරවන්න අවශ්‍ය Motivation එක දෙන එක. අපිට කිසිම විටක හිතන්න බැහැ මේ බලවේගය රාජපක්ෂ මහත්තයට විරුද්ධව පුද්ගලිකව ගොඩනැගුන දෙයක් කියලා. මේ බලවේග - යහපත් රටක් කියන ප්‍රාර්ථනාව පෙරදැරිකරගෙන ආපු එන සහ සදාකාලික පවතින බලවේග වල උච්ඡ වෙච්ච එක් අවස්ථාවක්. නමුත් මේ බලවේගයට ඇත්තටම හොයන වෙනස පවත්වන්නත් ඒක හෙට නොවේ අද කරන්නත් පවතින බාධක මොනවද - නැත්නම් කරන්න බැරි ඇයි? - සමහර විට ගොඩ දෙනෙක් ඒ ගැන හිතුවද නැත්නම් එහෙම හිතලා වැඩ කරනවද කියලා හිතන්නත් බැරි නැහැ. මේ ආපු රැල්ල ආකල්ප පරිවර්ථන යථාර්ථයක් සමගින් මේ වේගයෙන්ම රට වල කටින් ගොඩට ඇදලා ගන්න සමත් බලවත් එන්ජිමක් කරන්න බැරි ඇයි කියලා මටත් හිතෙන්න අරන්. ඉතිහාසය බැලුවොත් - ලංකාවේ ආපු හැම රැල්ලක්ම ටික දුරක් ගහල මග නවතිනවා. කොහොමහරි මේ පාර ආපු රැල්ලවත් තිබ්බ පරණකුණු හෝදන් අලුත් සමාජ පරිවතර්තනයක මූලාරම්භයක් කරවගන්න මෙහෙයුවොත් ඒකත් කරන්න බැරි වෙන එකක් නැහැ කියලා හිතලා තමයි මේක ලියන්න හිතුනේ. මේ ලියන දේවල් කතා කරන දේවල් කුඩා හෝ යහපත් වෙනසකට හේතුවෙනවා කියන දේ අපි ඔක්කොම අත් දැකලා ඉවරයි.

මේ මොනදේ කරන්නත් කලින් පොඩ්ඩක් රැලිවල ඉතිහාසය දිහා හැරිලා බලන්නත් වටිනවා. මේ හා සමානම නමුත් මෙච්චර ක්ෂණික නොවූ බලවේගයක් මුලින්ම මතක ඇති කාලේ ගොඩනැන්නේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය වටේ. ඉතිං අපිට හොයලා බලන්න වටිනවා - ඇයි එදා ගොඩනැගුණ බලවේග සමාජ පරිවර්ථනයක් කරා රට දක්කන් යන්න කලින් අතර මඟ නැවතුනේ කියලා. මේ රැලිවල විශේෂත්වය තමා මොකක්දෝ විෂබීජයක් ශරීරගත වෙලා මේ බලවේග හැමදාම ඉහිරෙනවා. ආයේ ජනාධිපතිවරණයක් කිට්ටුවෙනකොට ගොඩනැගෙනවා. ඉතිං චන්ද්‍රිකාට නැත්නම් ඊටත් කලින් මේ බලවේග තියෙන්න ඇති. ඒ දවස්වල අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ බලවේගය දක්කන්නත් ඇති. පොඩ්ඩක් මේ ගැන මතක් කොරනකොට මතකයට එනවා ප්‍රේමදාස පාලනයෙන් පීඩිත ජනතාව එතුමාගේ මරණින් පස්සේ රතිඥා ගැහනවා - කරිබත් කෑනවා.කිරිබත් කන එක අපේ සංස්කෘතියනේ. මැච් එකක් දින්නත් රතිංඥා ගහනවා - කිරිබත් කනවා. අලුත් අවුරුද්දටත් එහෙමයි. රතිංඥා ගැහුවා, කිරිබත් කෑවා. ඉතිං ඊට පස්සේ චන්ද්‍රිකාව වීරවරියක් ලෙස හදුන්වා දෙමින් මේ බලවේගය දක්කන් ගියා යහපත් රටක් හදන්න. ඇත්තටම ඇය රටේ භීෂණය නැති කලා. රෑ මොටර්සයිකලේක අනුරාධපුරේ ඉදන් මාතරට යන්න පුලුවන් තැනට ඇයවත් අරන් මේ බලවේගය ගියා. අනුරාධපුරෙන් උඩට ආවරණය කරගත්තු මිලිටරි ලොරියක ආරක්ෂිතව වව්නියාවට යන්නත් පුලුවන්. එතනිනුතත් එහාටනම් කේස්. චන්ද්‍රිකා ඉස්සරහින් තියන් ඉහත බලවේගයම යාපනයත් ඇල්ලගන්න තැනට රට ගේනවා. එදත් රතිඥා ගැහුවා - කිරිබත් කෑවා.
මේ අතර තාවකාලික යුද ජයග්‍රහනයෙන් ඔද වැඩෙන චන්ද්‍රිකා මෙහෙයවන බලවේගය ජය සිකුරු ගමනට හෙමින් යන්න කියලා පොඩි පොඩි සොමි ගන්න හිතනවා. ඒ අතර ක්‍රමිකව අල්ලස දූෂණ අකාරයක්ෂකම කියන භීෂණය ඇයට නොදැනුවත්වම ඇය ගිලගන්නවා. මුලින් හිටි බලවේග වලට තවදුරටත් ඇය සමග රදන්න බැහැ. යා දෙක නොරත රත - සමග පෑස්සිමන් නැත - අලගියවන්න මුකවෙටිතුමා කිව්වා වගේ තවදුරටත් පෑහෙන්නේ නැහැ. මේ බලවේගය ඇය කෙරෙන් දුරස් වෙන්න ගන්නවා. හැබැයි එතනදි ඇයට බෝම්බය වදිනවා - කදුලු බලවේගය නැවතත් ඇය සෑහෙන තරමින් නැවත ජයග්‍රහණය කරවන්න ඉදිරියට එනවා. එතැනදිවත් නිවැරදි වෙන්න දැනුවත් වෙන්න - ඇය වටා ඉතිරිවෙන බලවේගය ඇයව සංවේදී කරවන්නේ නැහැ. ඇයවටා සිටි පිරිස යාන වාහන මාලිඟා මින්මැදුරු විනෝද ක්‍රීඩා වගේ දේවල් ගැන හිතන්න ගන්නවා - මාන්කුලම් වලට ආපු සේනාව වවුනියාවට හැරෙනවා, කිලිනොච්චි හිටපු සේනාව උපක්‍රමිකව මරුසවිල් වලට පහුබහිනවා, මුලතිව් කඳවුර නත්තල් පාටියක් හින්දා උපායශීලීව අමතක කරන්න වෙනවා. නැවතත් නැවත නැවතත් ඇයව ගොඩනගපු බලවේගයට ඇයවත් ඇය මතින් ගෙන ආ අභිලාෂයනුත් රැක ගන්න බැරිවෙනවා - නැත්නම් ඇය රැකගන්න කියලා මේ බලවේගය ඉදිරියේ ඉදිරිපත් වෙච්චවුන් තුන් ඉදුරන් මැනවින් පිනවන්න ගන්නවා.
ඇය පිටුපස බලවේගය දුර්වල වෙනකොට තවදුරටත් ඇය Change එකක් කරන්න සමත් නායිකාවක් නෙමෙයි. බලය රැකගැනීමේ අරගලයක යෙදෙන අසරණියක්. සමහරු යුද්ධ කළත් ගොඩ, සාම කතා කලත් ගොඩ - මොන දේ වුනත් අපි ගොඩ යමු කියන ආකල්ප මතවාදය යටිහිතින් දරන්නන්. ඒ අතර වේදිකාවේ මොකක් හරි බිල්ලෙකුත් ගොඩනගලා රට්ටු බය ගන්නන්න. මේ වගේ වෙලාවලට නායකත්වයටත් වටේ පින්තූරය හරිම අපැහැදිලියි. මොකක්ද නිවැරදි පිළිතුර? - මොකක්ද නිවැරදි පිළිවෙත?. කවුද නිවැරදි කණ්ඩායම?. විවිධ මති මතාන්තර වාද විවාද කණ්ඩායම් කල්ලි ඉදිරියේ නිසි බලවේගයෙන් නිවැරදිව නොමෙහෙයවන නායකත්වය කරන්නේ තමුන්ට වඩාම විශ්වාසදායී කාණ්ඩයේ - නැත්නම් තමුන් සමඟ නිතරම සිටින පිරිසේ මතය ගැනීම.
නමුත් මේ බලවේගවලත් විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි එවා එකතැනකින් එක පුද්ගලයෙකුට පක්ෂව නවතින්නෙත් නැහැ. ඇත්තටම මේ බලවේග කවදාවත් නවතින්නේ නැහැ. ඒවා නැවතත් නැවත නැවතත් සංවිධානය වෙවී වැරදි නිවැරදි කරමින් ඉදිරියට යන්න හිතනවා. මේ අතර ධූර කාලය සාර්ථකව හෝ අසාර්ථකව අවසන් කරන චන්ද්‍රිකා වෙනුවට ඊ ළඟට නායකත්වය කියන චරිතය රඟපාන්න නලුවෙක් හොයනවා. මේ පාර නලුවා වුනේ මහින්ද රාජපක්ෂ. මේ වෙනකොට පොදු සතුරා ඉස්සරට වඩා දාස් ගුණයක් ප්‍රභලයි. ගුවන්යානා - 152 කාල තුවක්කු, T-50 ටැංකි, අධිබල මුහුදු යාත්‍රා සමගින් ඔද වැඩුනු සතුරා යුද්ධය ගැන ලොකු තක්සේරුවකින්. සාම කතා පඩේකට ගනන් ගන්නේ නැහැ - ඌ ඕනැ විදියට තමුන්ගේ බලය වර්ධනය කලා. අපි බලන් ඉන්නකොට 152 කාලතුවක්කු මහපාරේ නැගෙනහිරට ගෙනිච්චා.
සතුරා වර්ධනය වෙනකොට නැවතත් බලවේගයේ අරගලය පොදු සතුරා වට කරන්. මේ අරගලය තුලත් තුන් ඉදුරන් සංවේදී පිරිස ඕනතරම්. අවසන් මොහොතේ මතුවෙනකන් මුන්ට ලෙඩේ තියෙනවා කියලා පේන්නේ නැහැ. ලෙඩේ තිබ්බ එවුනුත් ආපසු ඇවිත් ලෙඩේ නැතිවුන් වගේ හැක හිතන්න බැරි තරමට ක්‍රියා කලාපය. අන්තිම මොහොත වෙනකං රෝග ලක්ෂණ පෙන්නන්නේ නැහැ. ඉතිං අපි උන්ට බලය දෙනවා. එතනිනුත් මේ බලවේගය අධිෂ්ඨානශීලීව රට ඉදරියට දක්වනවා. හැබැයි එකක් තියෙනවා - බලවේගය ඇතුලදි මේ බහුතර පුද්ගලයන්ගේ අරමුණක් වෙන්නේ යහපත් රටක් හදන එක. ඒක එක අරමුණක් විතරයි. ඊට යටින් තව අරමුණු හැමෝටම තියෙනවා. කොහොම හරි යුද්ධය කියන රාමුවට ආපුවම ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතිවාදය කියන මෙවලමත් අරන් තමයි හැමෝටම ප්‍රා යෝගිකව ඒ වැඩේ කරගන්න වෙන්නේ. මේ අතර විවිධ හේතු අසීමිත කැපකිරීම් හා විවිධ දක්ෂතා සියල්ල කැටිවෙලා යුද්ධය කියන මාර්තුකාව නැවතිල්ලකට යනවා.
යුද්ධය දිනුවත් බලය තියාගන්නත් එපායැ. කවුද යුද්ධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරු? දැන් මේ බලවේගයට අලුත් අභියෝගයක්. ගැටලුවක් ඉවරවෙනකොට සමාජයට ගැටලුවක් අවශ්‍යයි සංවිධානය වෙන්න. Motivate වෙන්න. මෙතනදියි නිවැරදි දැක්මක් තියෙන පරිණත බුද්ධිමත් නායකයෝ රටකට අවශ්‍ය. දැං සමාජය යුද්ධයෙන් රිදුනු හිත් සනසන එක නවත්තලා කවුද යුද විරුවා කියන ගැටලුව විසඳන්න පටන් අරන්. මේ වෙනකොටත් එහෙන් මෙහෙන් රට යන අතරේ කුට්ටි බාගන්න පිරිසකගේ මඩි තරවෙලා. මුන් යුද්දේ පෙන්න පෙන්න තමුන්ගේ තුන් ඉදුරන් පිනවීම මූලිකත්වය කරගත්තු වෙනම ව්‍යාපාරයක්. රාජපක්ෂ ජනාධිපතිතුමාටත් - බලය රකින්න, උදව් කරන්න කියලා මේ බලවේගය අස්සේ ඉදරිපත් වෙලා තියෙන මේ දුස්සීල දුෂ්චරිතවත් විනයක් සංවිදියාවක් නැති නොහික්මුනු හයිනා හිවලුන්.
ඒ පාර අර බලවේගයට අලුත් අභියෝගයක් ඇවිත්. අලුත් ටොපික් එකක්. අලුත් Moral එකක්. දූෂිත පාලනයක්. ඊට විරුද්ධව හමුදා පෞරෂයක්. රටේ වාසනාවකට එතුමාත් සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදීයෙක්. එහෙම නෙවුනනම් මෙලහකටත් රට හමුදා කුමන්ත්රුණයක් තුල. ප්‍රජාතාන්ත්‍රවාදී නායකයෙකුට අවශ්‍ය වාග් සංවරය එතුමා තුලින් ගිලිහෙනකොට බලවේගයත් අතරමැද නවතිනවා. නැවත වරක් හමුදාපතිතුමා හිරේ විලංගුවේ ගිහින් විවේකව ඉදලා - ටිකක් හිතල බලලා හැදිලා එනකොට ජනාධිපති සමාව ජනාධිපතිවරයා විසින් ලැජ්ජානැතුව නොදී බැරි තැනට මේ බලවේගය විසින් පරිසරය හදලා ඉවරයි. ඒ කියන්නේ හමුදාපති තුමා හිරේ හිටියා කියලා බලවේගය නැවතින්නේ නැහැ. නමුත් ජෙනරාල්ට තවදුරටත් ප්‍රජා අයිතියත් නැහැ. දැන් ජෙනරාල්ව නායකත්වයට ගොඩනගපු බලවේගයටම නැවතත් අලුත් නලුවෙක් අවශ්‍යයි.
මේ අතර ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිනිය අහුවෙච්ච රෝගයේ වෛරස් හොදටම ශරීරගත කරන්. ඔහුගේ රෝගය හොදකරන්න බැහැ කියලා විශේෂඥ වෛද්‍යවරු තීරණය කරලා අවසන්. මේ අතර ඉහත කියපු තුන් දොර විශේෂයෙන් සංවේදී කරපු පිරිස ඔහුට තවත් සමීපවෙන්න අවස්ථාවක් හදන්. නායකයා නැවත දුවන්නේ බලය රැකගන්න. ආපු අරමුණ පැත්තක. ඉතිං බලවේගයයි නලුවයි කියන දෙක එකට ඉන්නකම් තමා හැම දෙයක්ම හරියට වෙන්නේ. මොකක්දෝ කරුමයකට ටික දවසක් යනකොට බලවේගය එක පැත්තක යනවා - නලුවා වෙන පැත්තක යනවා. මේවා මෙහෙම වෙන්නේ ඇයි. ඉහත බලවේගයටම නැවතත් අභියෝගයක්!!! ඉතිං මේපාර බලවේගය තීරණය කරලා ආයෙත් ඩයිවර් මාරු කරලා බස් එක හරි පාරේ ගෙනියන්න.
මට තේරෙන විදියට අදින් පස්සේ ඩයිවර් මාරුවෙනවා. කලින් ඩයිවර් බැරිවෙලා හරි ඉතිරිවුනත් බස් එක එළවන්න බැරි තරමට හොදටම හෙම්බත් වෙලා. ඩයිවර් මාරු කරගෙන බස් එක හරි පාරට දාගත්තු පලියටම බස් එක හරි තැනට යන්නේ නැහැ කියලා ඉතිහාසය ඔප්පු කරලා ඉවරයි. ඉතිං කවුරුත් හිතනවනං හිතුවනං දැං ඔක්කොම හරි කියලා - උනුත් නොදැනුවත්ව වැටෙන්නේ කොහෙටද මන්දා. මේ ගොඩනැගෙන මෛත්‍රී පාලනය ටිකක් කල් හරි පවත්වගන්න ඕනේ නම් මුලින්ම නවත්තන්න දේවල් ටිකක් තියෙනවා.
ප්‍රජාතාන්ත්‍රවාදය අගයකරන අභිමානවත් පෞඩ ජාතියක් විදියට මුලින්ම නවත්වන්න ඕනේ තමුන්ගේ ප්‍රතිවාදියාගේ බිඳවැටීම හමුවේ කිරිබත් කනවා කියන සිතුවිල්ල හා කැත පුරුද්ද. ප්‍රභාකරන් මලා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. ජෙනරාල් පැරදුනා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. චන්ද්‍රිකා මාරුවුනා - රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. ප්‍රේමදාස මලා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. දැකපු ඉතිහාසය එච්චරයි. මේ වගේ අපි විසින්ම ගොඩනගන - අපේ යැයි කියාලා වරක රැව් පිළිරැව් දෙමින් ප්‍රතිරාව නංවා, එම මිනිස්සුන්ගේ කඩාවැටීම - හේතුවක් කරන් කිරිබත් කන ම්ලේචඡ ජාතියක් බවට අපේ රට පත් කරගන්න හොද නැහැ. ඇත්තටම අපේ මිනිස්සු කිරිබත් කන සිතුවිල්ල හිතුවොත් - ගැඹුරින් හිතුවොත් කවදාවත් මේ මිනිස්සු කිරිබත් කෑවේ නැහැ - මෛත්‍රී සිතකින් රට ඉදිරියට හදන ක්‍රමවේදය මොකක්ද, ඉදිරියට යන මාවත මොකක්ද, ඒ සඳහා ඇති ප්‍රතිපත්තිය මොකක්ද, ඒකට දායක වෙන සිතුවිල්ල මොකක්ද කියන එක සිහි කරන්. අපි ජාතියක් විදියට කිරිබත් කෑවේ - අන්න අරූට කෙළවුනා, ඕකා කොහොමද ඒ කාලේ හිටියේ - දැන් අපි උට ඇරියා නේද කියන සිතුවිල්ලේ ඉදන්.
භාවිතේ පහසුවට මෙච්චර වෙලා විග්‍රහ කරපු මේ බලවේගයට නමක් දෙන්නම් ජාතික බලවේගය කියලා. ඉතිං මට හිතෙන විදියට මෙච්චර කල් සුපිරියි කියලා නායකයෝ හදපු මේ බලවේගයටත් හැමදාම වරදින්නේ ඔතන. ඒ කියන්න ඒ බලවේගයට හැමදාම බැරිවුනා අනිකාටත් ගරු කරන, අනිකා ගැනත් දශමයක් හෝ හිතිය හැකි, විරුද්ධ මත මෛත්‍රියෙන් දරන්න පුලුවන් මේ එදිනනෙදා අත්විදින ම්ලේච්ඡ ආත්මාර්ථකාමීත්වය ඉක්මවන නිවැරදි ආකල්ප සමාජය තුල පිහිටුවන්න. හැමදාම මේ බලවේගය හරි අරමුණේ සිටියට මෙහෙයවන්නේ වැරදි සිතුවිලි. උන්මන්තක ජාතිකවාදය - උන්මන්තක ආගම්වාදය, උන්මන්තක පක්ෂග්‍රාහීත්වය කියන තුන් වැදෑරුම් කරුණු කාරණා මේ බලවේගයට තාමත් අතුගාලා දාන්න බැරි වෙලා. මේකට හේතුව තමයි ජාතිය - ආගම හෝ පක්ෂය කියන ගැට්ට නැතුව - සැමට එකසේ සුරක්ෂිත සමාජයක් හදන්න අසමත් වීම හා එසේ සෑදිය හැකිය කියන විශ්වාසය, ඉහත බලවේගය තුල දැක්මක් ලෙස ස්ථාවරව නොතිබීම.
මේ රතිඥා ගැහිල්ලයි කරිබත් කෑමෙයි යෙදෙන ජාතික බලවේගයට හැමදාම එක හැතැප්ම කණුවක් පහුවෙන කොට මූලික ඉලක්කය - නැත්නම් ගමනාන්තය අමතක වෙනවා. ඒ කණුව ලඟ ඉදන් පොඩි ජොලියක් දාලා සොමියක් ගන්නකොට කට්ටිය බෙදෙනවා. ඇයි මේ බෙදිල්ල එන්නේ. පෘතක්ජන සමාජය විසින්ම ජයග්‍රහණයැයි සලකන අවස්ථාවල ඒ - පිරිස අතර ඉන්නවා කට බඩ ලිංගය කියන ඉංද්‍රිය තුනට මොලය වැඩිපුර සංවේදී උදවිය. මොවුන්ගේ ජෛව විද්‍යාත්මක මොළයේ සෛල මේ අංශ තුන සම්භන්ධයෙන් හරිම සූක්ෂම ක්‍රියාත්මක වෙනවා. ඔබ මම අපි හැමෝම විවිධ ඉන්ද්‍රිය පිනවීමෙන් ජීවන අරගලය ගෙනයන සත්ව කොට්ඨාසයක්ලුනේ. නමුත් මිනිසුන් විදියට ආකල්ප වැදගත් වෙන්නේ මෙතනදි. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියට දකින්න බුද්ධියත් - වැරදි දෙයට වැරදියි කියන්න තරම් අව්යාිජ අන්ධ නොවුන පෞරෂයත්, වැරැද්ද පෙන්වාදුන් පසු ස්වයං විවේචනයකින් ඒ දේ නිවැරදි කරගන්න තරම් අවශ්‍ය නිහතමානීකමත් කුඩාකල සිටන් ඉහත බලවේගය හදන පිරිස ප්‍රගුණ කරලා නැහැ. ඒ හා සම්භන්ධ දැනුම ආකල්ප - පොත පත සාහිත්‍යයට විනෝද කවි, කතා, නාට්‍ය, චිත්‍රපටි විසින් සමාජයට ගෙනත් දීලත් නැහැ. එහෙම හැසිරෙන පෞරෂ ආදර්ෂයෙන් දකින්නත් නැහැ. ඉතිං විනයකින් තොරව හැදෙන සමාජයක බලවේගත් විනයකින් තොරයි කියන යථාර්ථයනම් මේ බලවේගය දැන්වත් අදුනගත යුතුයි.
අවංකව හිතුවොත් ගොඩක් වැරදි ආකල්ප පරම්පරාවන් අපි හැමෝම සතුව තියෙනවා. ඒක පරම්පරාවෙන් ඇවිත් තියෙනවා. නැත්නම් ආදර්ශයන්ගෙන් අපි උකහාගෙන. ඒ සමාජ ජාන අපි වෙනස් කරන්න වැඩ සටහනක් පටන්ගත්තේ නැත්නම් - මේ බලවේගයට හැමදාම වෙන්නේ යහපත් හෙටක් ගැන හිතන්න විතරයි. යහපත් අදක ජීවත් වෙන්නනම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතිං 9 වෙනිදා උදාවෙන මෛත්‍රී යුගයේ අපි හිතන්න ඕනේ මුලින් කිරිබත් කන්නයි රතිඥා දාන්නයි - බොරුවට සුභ පතන්නයි නම් නෙමෙයි. අපිට සුභ වෙන්න රටට සුභ වෙන්න - හැමොටම සුභ වෙන්න හිතන්න පුලුවන් අනාගත පරම්පරාවක් හදාගන්නේ කොහොමද කියන එක. අපි කොච්චර කිව්වත් අපිවත් - අපිට පෙර පරම්පරාත් වෙනස් කරන්න අමාරුයි. නමුත් නූපන් පරපුරත් බාල පරපුරත් වෙනස් කරන්න පුලුවන්. මුලින්ම අපි බලමු පුලුවන් තරමටවත් උන්ට ආදර්ශයක් දෙන්න. අනිවාර්යෙන්ම නිවැරදි ආකල්පයන් පුහුණු කරවන, නිවැරදි හැසිරීම් පහුණු කරවන, විනයගරුක චරිතවත් මිනිසුන් හදන ගමින් ගමට දොරින් දොරට අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි මූලිකව හදාගන්න ඕනේ.
කරුණු කාරණා අනුව බැලුවම ගොඩක් අය නොදකින නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි පවතින බලු යථාර්ථයට ගැරහීම හෝ විවේචනයෙන් නැවතීමට වඩා ඇතිකල හැකි සාමකාමී සතුට දායක සුභ සිහිනය ප්‍රතිඵල දායක බව.
No comments:
Post a Comment