මම මේ පොස්ට් එක ලියන්නේ මගේ හිතමිතුරු කිසි කෙනෙක් ගැන අහිතකින් නම් නෙමෙයි. වැඩිහිටියන් ලෙසත් රටේ වගකිවයුතු පිරිසක් ලෙසත් හැගීම්බර වීමට වඩා අපි සැවොම එළඹෙන අනතුරු ගැන අවධියෙන් හරවත් සංවාදයක යෙදීම වැදගත් කොට සලකමි. සිංහල මුස්ලිම් කෝලහලයක් මා අසා දැන ඇති අතරමට මුලින්ම ලංකාවේ ඇතිවෙන්නේ සුද්දාගේ පාලනය හේතුවෙන්. එකට දන්න හේතුව වන්නේ - එකල රජ කල, සිංහල රජදරුවන් විසින් ඇති කිරීමට අවසර දුන් පල්ලියක් ඉදිරියෙන් දළදා පෙරහැර ගමන් කරන විට එතුවක් කල් සිංහලයා විසින් චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ශබ්ද පූජා නවත්වන ලෙසට නඩු තීන්දුවක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මුස්ලිම් පිරිසක් ලබාගැනීමයි. මේ ගැටුම ඉන් නොනැවතී දුර දිග ගොස් ඉතා දරුණු කේදවාචකයක් බවට පත්වුනා කියලයි ඉතිහාසය කියන්නේ.
මෑතකදී බොදු බල සේනාවේ ඇතැම් වැරදි අන්තනෝමතික තැන්වලදී අපි විරුද්ධ වීමු. ඔවුන්ගේ අන්තවාදී ජාතිවාදී අදහස් වලට විරුද්ධව බොහෝ මැදිහත් සිංහල පිරිස විරුද්ධත්වය නගන ලදී. මුස්ලිම් වරුන් සතු කඩ වලට ගල් ගැසීම ඔවුන්ගේ දේපල හානිකිරීම අඩුම තරමින් face book එකේ අන්‍යජාතිකයිනට වචනයෙන් ආක්‍රෝෂ පරිභව කරන උදවියටද විරුද්ධ වීමු. එදා ඒ වෙලේ විරුද්ධවූයේ යම් සේද එසේම අසාත් සාලී, හකීම් වැනි වුන් වචනත්, උච්චාරණයත් සංවර කර ගතයුතු යැයි සිතමු. කෙතරම් අභ්‍යන්තර මත ගැටුම් පැවතියද සිංහලයාට හෝ බුද්ධාගමට ගැරහීම තව කිසිම සිංහලයෙකු කිසි සේත්ම අනුමත නොකරයි. ප්‍රභාකරන් හිතුවානම් සිංහලයාට හැම දෙයම සති දෙකකින් මතක නැති වන බව - එය ඔහු විසින් කරුණු හරි හැට නොදැන කරන ලද ප්‍රකාශයක් පමණක් වන බව බොහෝ සිංහලයෝද නොදනිති. අද ප්‍රභාකරන් මියගොස් අවුරුදු ගණනක් ගතවන තැනත් බහුතරයක් සිංහලයෝ ඔහු විසින් එසේ කී බව තවමත් කෘතඥපූර්වකව මතක් කරති. ඈත අතීතයේ සිටම අරාබි ජාතිකයන් - මුස්ලිම් වෙළද ව්‍යාපාරිකයන් ඇත් දළ රත්තරන් කුලු බඩු වෙළඳාමට මෙහි පැමිණියෝය. කුරුස යුද්ධය පැවති අවධියක වුවද ඔවුහු මේ රටේ මූලික සංස්කෘතිය වෙනස් කිරීමට නොතැනුවෝය. මේ අන්තවාදී ජාතිවාදය අප විසින් තුරන් කල යුතු යුගයයි. ජාතිවාදය තුරන් කිරීම යනු සිංහලයා හෝ බොදු සිරිත් විරිත් ඇවතුම් පැවතුම් බොදු උරුමයන් තුරන් කිරීම නොවන බව ඔවුන්ද වටහා ගත යුතුය.
සත්‍යය පවසන්නේ නම් අපේ ගම් පියස අවටද බොහෝ මුස්ලිම් දේවස්ථාන ඉදි වෙයි. නිවෙස් 7 කට එක් දේවස්ථානය බැගින් ඉදි කරමින් ඔවුහු පල්ලියේ සිට හත් වරු වන්දනාවේ යෙදෙයි. ගම පුරා දවසට කිහිප වරක් ඇසෙන මේ නාදය සිංහලයා කුපිත කරවයි. මා කිසිසේත් අන්තනෝමතිකයෙක් නොවෙමි. නමුත් මෙසේ ගම වට කරන් මෑත අවුරුදු කිහිපයක සිට ඇසෙන මේ තීවුර යාතිකාව මට අනතුරු සංඥාවකි. කිසිවෙකු කිසිවෙකු විසින් හිංසාවට මෙන්ම තර්ජනයට ලක්වීමට සූදානම් නැත. ලංකාවේ නීතිය මේ වැනි තැන් අල්ලා සාදාරණ ලෙස මේ ගැටුම් අවම කිරීමට ක්‍රමවේද සැකසිය යුතුය. ආගම ඇදහීම අයිතියක් වෙන්නේ යම් සේද ඒ ඇදහීම් සීමාව ඉක්මවා ගොස් ස්වදේශික මුල් පදිංචි කරුවන්ගේ සංස්කෘතියට තර්ජනයක් වන තරමට නොයා යුතුය. එසේ වන තැන ගැටුම් ඇතිිවීම සිදුවෙයි. බොහෝ මුස්ලිම් රටවල විශේෂයෙන්ම බෞද්ධාගම අැදහීම තහනම්ය. ඒ එසේ වෙන කල ලංකාවේ සහෝදර ජනයා මුස්ලිම් ආගම ඇදහීම නතර කලයුතුය යන්න අපි කෙසේත් අනුමත නොකරමු. නමුත් ඔවුන් මෙහි මුල් සංකෘතියට මුල් තැන දීමත් ගරු කිරීමත් එහි පැවැත්මට තර්ජනය නොකිරීමටත් නිහතමානී විය යුතිය.
අපේ ගම් පියස අපේ සීයාගේ මුත්තලාගේ දැනට ඉතිරිව ඇති අම්බලම් පන්සල් අනූව වළගම්බා රජය සමයත් ඉක්මවා කල සිට පැවතිමුත් අපේ සීයාගේ පරපුර වනතුරු කිසිදු මුස්ලිම් පැවැත්මක් ගමතුල නොවීය. සීයලා තරුණ කල ගමට පැමිණි මුස්ලිම් සංක්‍රමණික වෙළදුන් වෙලදාම උදේසාම ගම අවට ලැගුම් ගත්හ. බෙහෙත් හේත් වී හාල් පොල් කෑම ආදියද ගම් වැසියන්ගෙන් ගත් ඔවුහු, කරවල, රෙදි පෙළදි, මනි බඩු ආදිය ගම් වැසියන්ට වෙලදාම් කළහ. බොහෝ මුස්ලිම් වෙළදුන් පන්සල සමග කිට්ටු සබදතාවයක් පවත්වාගත්හ. මෑතක් වනතුරුත් මේ කිසිවෙක් කිසිවිටකත් සිංහලයා හා ගැටුමට, පන්සල හා ගැටුමට නොපැණියහ. කජු පුවක් රබර් බොතල් යකඩබඩු යනාදී නොයෙක් වෙළදාම් ඔවුහු සිංහලයා සමග සහයෝගයෙන් කරගෙන ගියෝය. නමුත් දැන් තත්වය වෙනස් බව මා විසින් දැක ඇති දෙයකි. තරුණ මුස්ලිම් පිරිස සිංහලයන් වෙත, විශේෂයෙන්ම බෞද්ධ සිද්ධස්ථාන ඇදහීම් දෙස වැඩියෙන් ආක්‍රමණශීලී බවක් දක්වයි. ෛඑතිහාසික සිද්ධස්ථාන වෙත ආක්‍රමණශීලි ලෙස අයිතිය කියාපායි. මෙය මෑත කාලීන පල්ලිවලින් කුලප්ලු කරන ලද්දක් බව අපිට දැනගැනීමට ලැබුණි. මේකට හේතුවක් වෙයි. බොහෝ මුස්ලිම් දරුවන් අතර මග අධ්‍යාපනය අත් හැර දමයි. නමුත් ඔවුහු පල්ලියට සමීපව කටයුතු කරයි. විවිධ හේතු නිසා ඔවුහු බොහෝ විට සාමාන්‍ය පෙළටත් පෙර ව්‍යාපාර කටයුතු වල යෙදෙයි. බොහෝ ගෙවල ගෘහස්ථ හිංසනය වෙයි. ළමයි කුඩා කල සිට සත්ව ඝාතනයේ යෙදෙනවා අසන්නට දකින්නට ලැබෙයි. බොහෝ පවුල් කුඩා ඉඩක් තුල දරුවන් බොහෝ දෙනෙක් ඇතිව - දුගී හෝ පීඩාවෙන් ජීවත් වෙති. බොහෝ දෙනා පල්ලිය විසින් කියාදෙන දේ නිවැරදි දේ් ලෙස දකියි, මෙහිදී පන්සල මෙන්ම පල්ලිය සතුවිය යුතු වගකීම් රැසක් වෙයි. එනම් ඔවුන් නිවැරදි දේ පමණක් තම අනුගාමිකයන් වෙත දේශනා කළ යුතුය යන්නයි.
මේ දේ මේ ලෙස සිදුවන්නට දී රජයක් බලා සිටිය යුතු නැත. මේ තත්වය හැදෙන ළමයා තුලින් වෙනස් කල යුතුය යන්න මගේ අදහසයි. මොන දේ කලත් මෝරපු වැඩිහිටියන් තුල පවතින විෂ ආකල්පයන් පිරිසිදු කිරීම පහසු නොවේය යන්න අත්දැකීමයි. ලංකාවේ සියලු පාසැල් වල අධ්‍යාපන ක්‍රමය තුලින්ම පංචශීල ප්‍රතිපාදාව ජාති ආගම් බේදයකින් තොරව ස්ථාපිත කල යුතුයි. පංචශීලය යනු කාටවත් එකඟ නොවිය හැකි දෙයක් නොවේ. එය අනික් අතට නීතිය යහපාලනයට ගරුකිරීම සදහා අනාගත දරුවා හැඩගැස්වීම හා පෙළඹවීමයි. එමගින් හැදෙන ළමයා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමය ඉහවහා කටයුතු කිරීම, බොරු කීම හා මත් පැන් පානය වැරදි දේ ලෙසත්, සමාජය තුලදි පිළිකුලටත් ලැජ්ජාවටත් සතුටක් නැතිවීමටත් හේතුවන බව උගනිති. මේ පංචශීලය බුදුන් විසින් දෙසන ලද්දක් නොව හින්දු ආගමික ඉගැන්වීම් තුලින් බුදු දහමින්ද අනුමත කළ දෙයක් බැවින් ජාතීවාදයෙන් ආගම් වාදයෙන් තොර යහපත් රටක් ගැන හිතන උදවිය මීට ජාතී ආගම් බේද අභිබවා එකඟ වනු ඇත.
ලංකාව අවිහිංසාව කරුණාව මෛත්‍රිය යන බෞද්ධ මූලධර්ම අනූව සැමට සම තැනදී බුද්ධාගමට මුල්තැනදී පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතීම විනා - ඒ රට අබෞද්ධ රටක් හෝ මුස්ලිම් ආගමානුකූල පාලනයක් ඇති රටක් බවට පරිවර්ථනය කිරීමට සිහින දැකීම ද්‍රෝහීකමක් ලෙස මම විශ්වාස කරමි.
No comments:
Post a Comment