ඉතිං පොඩි කාලේ වැලි පොල්කට්ටෙන් සෙල්ලම් කරලා - ලොකු වෙනකොට ඉඩකඩම් ගේ දොර වතු පිටි ව්‍යාපාර වලට රණ්ඩු වෙලා පවුල් වෙනකොට එකිනෙකා සන්සන්දනය කරමින් එකිනෙකා අබිබවා යන්න වෙරදරමින් එකිනෙකා කෙරෙහි අමනාපෙන් හිටපු ලොකු අම්මලා ලොකු අප්පච්චිලා දැන් නාකිවෙලා. ලොකු අප්පච්චිගේ මරණයට යන්න අවුරුදු පනහකට පස්සේ පාර අහන ලොකු අම්මා දන්නේ නැහැ මේ ගෙවල් දෙක අතර දුර කිලෝමීටර් කිහිපයක් විතරක් බව. “
සදාකාලික දේ ගැන සිහින දැකීම වරදක් නොවුනත් කිසිම දෙයක් සදාකාලික නැහැ. උපන් දරුවෙක් හැම දාම වැලි පොල්කට්ටෙ සෙල්ලම් කරන්නේ නැහැ. වයසත් සමග අවශ්‍යතා වෙනස් වෙනවා. බලාපොරොත්තු වෙනස් වෙනවා. ඉතිං අනික් හැම දේම වගේ මිනිස්සු අතර තියෙන සම්බන්දකමුත් තාවකාලිකයි. කාලයකදි පවතිනවා - කාලයකදි දුරස් වෙනවා. යථාර්ථවාදීව බැලුවොත් පැවැත්මට තියෙන අරගලයේදී අපි හැමෝම අසරණයි. එකමුතුකම සමාදනය සදාකාලික වෙන්නේ නැත්තේ ජීවිතේ කාලනුරූපව සිදුවෙන වෙනස්වීම් හා අභියෝග නිසා වෙන්න ඇති. බුද්ධිමත්වීමතුල මේ දේවල් මීට වඩා වෙනස් ක්‍රමයකටත් යහපත්වත් පවත්වගන්න පුලුවන් ඇති. හැබැයි හැමදාම හැම මොහොතකම එකට ඉන්නත් බැහැනේ. ඉතිං මේ දේවල් වලට චෝදනා කරන්නත් මැසිවිලි කියන්නත් හොදයි කියන්නත් නරකයි කියන්නත් බැහැ. සහෝදරකම් එකමුතුකම් සාරධර්ම පැවැත්වීම වගේම එකිනෙකා හෝ එකිනෙක සිදුවීම් කෙරෙහි චෝදනා කිරීමෙන් වැලකීමත් එක වගේම උතුම් ගුණාංගයක් කියලා හිතෙන්න පටන්න අරන් ...
No comments:
Post a Comment