වෙනසක් කරන්න ඕනේ නම් අපි අනිවාර්යේයන් කැපකිරීම් කරන්න ඕනේ. ඒ කැප කිරීම් තියෙන්නේ සමහර වෙලාවට අපේ comfort zones වල. තරබාරු මිනිහා බඩ අඩුකරන්න ව්‍යායාම කරනවනම් දනිස් ගෙවෙනවා, අතපය ගෙවෙනවා විවිද ආබාධ මතු වෙනවා. ඒක උපතින්ම කඩවසම් සිරුරක් තිබ්බ කෙනෙක්ට වගේ පහසු නැහැ. තුවාල පෑරීම් අතපසුවීම් failures නැතුව කවදාකවත් යහපත් දෙයක් කරන්න බැහැ.පාර්ලිමේන්තුවේ ඉන්නේ බහුතරයක් හොරු වෙනවා කියන්නේ බලය තියෙන්නේ හොරු අතේ. හරිම ආසයි face book සංවාද වලට. මේ යන විදිය හොදයි. මිනිස්සුන්ට දැන්වත් තේරෙන්න ඕනේ හොරු තේරුවේ අපි කියලා. උන් නැතුව අපිට ජීවත් වෙන්න බැරි තරමට අපි උන් මත රැදිලා. එහෙම නැතුව හැගීම්බරව පාට පක්ෂ බල බල අරූ හොදයි මුට වඩා මූ හොදය උට වඩා කියලා හිතුවොත් අපි හැම දාම අපි විසින් රැලි හද හද ඒ පැත්තට මේ පැත්තට අපි විසින්ම දෝලනය කරවන රැළි මත පාවෙන ඔරුවක හබල ගිලිහිනු අසරණ තොටියෝ වෙනවා. මේ හැම විරෝධතාවයක්ම මුලින්ම කුණු වෙරළට දාවි කියලා හිතනවා මේ පාර ඡන්දෙදිවත්.
වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු වුන ඒ වෙනස මහින්දගෙන් හෝ මෛත්රීිගෙන් කරගන්න හිතපු කාටවත් කැළඹෙන්න දෙයක් නැහැ. වාද කරන්නේ යහපත් රටක් හදන්නයි - යහපත් නායකයෙක් මතු කරගන්නයි. මහින්ද මහත්තයටත් වැරදි හදාගන්න කාලය ඕනේ. එයා අතින් නොදැන පිරිමැහිය නොහැකි වැරදි වුනා. නමුත් අපි අලුත් නායකයෝ හදන්න ඕනේ. ක්‍රිකට් ටීම් එක වගේ කට්ටිය රිටයර් වෙලා හොම්බෙන් යනකොට සමු අරන් මේ රට එක පුද්ගලයෙකුට හෝ පක්ෂයකට දෙන්න හොද නැහැ. අලුත් නායකයෝ අලුත් ක්‍රීඩකයෝ දක්ෂයින් හදන්න ඕනේ. නායකයොත් Replace කරන්න පුලුවන් වෙන්න ඕනේ. එතකොටයි මැච් දිනන්න පුලුවන්.
අපි මේ හදන්න හිතන්නේ කල්පවතින ශිෂ්ඨාචාරයක්. ඒක එක පරම්පරාවකින් ඉවර වෙන රටක් නෙමෙයි. එහෙම කල් පවතින ශිෂ්ඨාචාරයක් හදන්න පුලුවන් පුද්ගලයෙක්ගෙන් නෙමෙයි. Process එකකින්. මේ ක්‍රමවේදය හදන උපක්‍රමය, නැත්නම් මේ Strategy එක සංස්කෘතිය - නැත්නම් Culture එක මගින් කල්පවත්වන්නයි සුරකින්නයි ඕනේ. එතනදියි පුද්ගල අවබෝධය පුද්ගල ආකල්ප හා පුද්ගල අධ්‍යාපනය වැදගත් වෙන්නේ. කිසිම පාලකයෙක් කොච්චර හොද වුනත් එක දිගට ඉන්න ඕනේ නැහැ. එවිට ඔහු අන්තනෝමතික ආඥාදායකයෙක් වෙන එක නවත්වන්න බැහැ. පුද්ගලයා මත depend වන ශිෂ්ඨාචාර ඒ පුද්ගලායෙගෙන් පස්සේ විනාස වෙනවා. අනුරාධපුර යුගයෙන් පස්සේ අපිට කල් පැවතුනු සුරක්ෂිත ශිෂ්ඨාචාරයක් නැහැ. කලින් කලට නායකයෝ මතු වෙනවා - නායකයා ගිහාම වැඩේ කෙලවෙනවා. පහුගිය පරම්පරා නායකයෝ replacements හදන්නේ නැහැ. මහින්ද යනකොට next level නායකත්වය හැදුවේ නැහැ. Next level leadership එකක් රටක තියෙන්න ඕනේ. මෙච්චර කල් තාත්තගෙන් පුතාට නායකකම බූදල් කරනවා. හොරාගෙන් හොරාට නායක කම බූදල් කරනවා. තක්කඩියගෙන් තක්කඩියට. හැබැයි හොද මිනිහගෙන් හොද මිනිහට නායකකම කුහක කමින් දුරස් කරනවා.
වල් ඌරෝ කැකුණ තලපුවාහ හබන් කුකුළන්ට ගජ මගුල් කියනවානේ. කල දුටු කල ජේවීපී එක දැන්වත් වල ඉහගනියි කියලා හිතනවා. ඒක හොදයි. ජෙප්පෝ ටිකක් ඉන්නම ඕනේ ඇතුලේ. ශ්‍රී ලංකා කාරයද යූ ඇන්පී කාරයද කියන එකේ Fundamental Characteristic වෙනසක් නැහැ. ලුණු නැති කිරි බතුයි ලුණු නැති බෙරි බතුයි වගේ. කිරිබත් ලුණුමිරිස් එක්ක කාපූ එකා බෙරි බත් සම්බෝල එක්ක කණවා. ඒ කියන්නේ උයන්නේ අරගන්නේ හැමදාම පොලුයි හාලුයි මිරිසුයි ලුණුයි විතරයි. යහපාලනය හොදට විවේචනය වෙන්න ඕන. මිනිස්සු අවධානයෙන් ඉන්න තරමට නායකයින්ට තක්කඩිකම් කරලා පැවැත්මක් නෑ. ජෙප්පොන්ට තාමත් රටක් කරන්න තරම් පෞරෂය මෝරලා නෑ - නමුත් ඔවුන් මෝරාවී කියලයි හැමදාම හිතන්නේ. විවේචනය කරනවා වගේ නෑ වැඩක් කරන්න ගියාම. තාම ලංකාවේ මිනිස්සු බහුතරයක් ඔට්ටු වෙන්නේ - හා ඔය අරන් කලේ කියලා අනිකාට හිනාවෙන මානසිකත්වයෙන්. ඒක අපේ තාත්තලාගේ ක්‍රමය. අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඒකෙන් වෙනස් වෙලා - මම කලොත් මේ ගැටලුව කොහොමද කරන්නේ කියන තැන ඉදන් හිතලා ප්‍රායෝගිකව හිතන වාද කරන පිරිසක් මුහුණු පොත තුලින් මතු වෙනවා. මේ පිරිස අලුත් ශිෂ්ඨාචාරයට බීජ වපුරයි.
කරන හැම සංවාදයක්ම විසංවාදයක්ම තුලින් වඩාත් නිවැරදි පිළීතුර මතු කරගනීවි. දැං ඔය කලේ - අපි කලින් කිව්වා නේද, ඕකනේ අපි කිව්වේ බෑ කියලා - වගේ ආකල්ප ඇති මිනිස්සු කවාදාවක්වත් ශිෂ්ඨාචාරයක් හෝ සමාජයක් සාරවත් කරන්න දායක වෙලා නෑ. ඵලදායී වාද විවාද - නැත්නම් වෙනස් වෙනස් විකල්ප මත වාද හා විසදුම් ඇති පුද්ගලයෝ තමයි මේක වෙනස් කරන්නේ. අත අරින්න එපා. අපි පටන් ගත්තා විතරයි
No comments:
Post a Comment