කැලණි ගඟ හරහා තවත් පාලමක් දාන්න තමයි කල්පනාව. වියදම රුපියල් කෝටි 4450 ක්ලු. මන්තීරු 6ක්. කෝටි 4550, මීටර් 415 ක් කියන්නේ මීටරයට කෝටි 11ක් පමණ වෙනවා. හැබැයි වියදම් කරන්න කලින් මේකෙනුත් ට්‍රැෆික් ඇත්තටම අඩුවෙයිද කියලා හිතලා බලලා වැඩ කලයුතුයි. නැත්නම් මේ පාලමත් මහවැලි ව්‍යාපාරයෙන් හදපු ඉස්කෝල වගේ හරි, හම්බන්තොට හදන වරායවල් ගුවන්තොටුපලවල් වගේ හරි, නොරොච්චොලේ බලාගාරේ වගේ හරි, දඹුල්ලේ ක්‍රිකට් පිට්ටනිය වගේ හරි වෙන්න බැරි නැහැ. හොදට හිතල බැලුවොත් මේ අලුත් පාලම සම්බන්ධ කරන්න තවත් Infrastructure ගොඩනගන්න අවශ්‍යයි. හැබැයි දැනටමත් කැළණි ගඟ හරහා කොළඹ නගර සීමාව තුල පමණක් බැලූ බැල්මට පාලම් හතරක් තියෙනවා. විශාල පාලම් දෙකක් පවතින අතර මධ්‍ය ප්‍රමාණයේ පාලම් දෙකකුත් තියෙනවා. මෙයින් පාලම් දෙකක් කැළණි ගඟ හරහා ප්‍රධාන මර්ග වලට කෙලින්ම සම්බන්ධ වෙනවා. කඩුවෙලිනුත් කැළණි ගඟ හරහාත් පාලමක් තියෙනවා. කැළණිය පන්සල ලඟින් විශාල මන් තීරු තුනක පාලමක් තිබ්බත් මාර්ග තදබදය දුරු කරන්න ඒක ප්‍රමාණවත් නොවෙන්නේ - මන්තීරු තුනේ මාර්ගය - තනි මන්තීරු මාර්ගයකින් Bottle neck එකක් එක්කම ඔරුගොඩත්ත කඩුවෙල මාර්ගයට සම්භන්ද වෙන නිසායි. මට්ටක්කුලිය පාලම තිබ්බත් මට්ටක්කුලිය පාලම හරහා කොළඹ වරායේ සිට එන බහාලුම් ගොඩබිමට මාරු වෙන ගතිය පේන්න අඩුයි. ඉතින් මට ඇගට තේරන මූලධර්ම අනූවනම් දැනටමත් පාලන් යෙදිලා තියෙන ස්ථාන නිවැරදියි - ඒවගේ දිග පළල හා ඊට සම්බන්ධ මාර්ග පද්ධතීන් වල විශාල අඩුපාඩු තිබුනත්.
පිරිසක් තර්ක කරනව උතුරු Higway එකෙන් එන වාහන නිසා කොළඹට එන වාහන ගාන වැඩිවෙන්න පුලුවන්ලු. මේවා නූගත් මිනිස්සුන්ගේ තර්ක. මේගොල්ලො ආසා දේශපාලනයට හෝ බලයට මිසක්, යථාර්තවාදීව හොද නරක ඇත්ත නැත්ත විමසන්න තරම් නුවණ මුහුකුරා ගිහින් මදි. අදත් කොළඹට වාහන උතුරින් නැගෙන හිරින් එනවා. Highway එකක් වැටුනා කියලා උතුරින් කොළඹට එන වාහන ප්‍රමාණය වැඩිවෙන්න හේතුවක් නැහැ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ඒ හා අනුගාමීව වැඩිවෙලා පවුලේ සමාජිකයෝ පාවිච්චි කරන වාහන ගණන වැඩි වුනොත් ඇර. වාර්ෂිකව ලංකාවට අලුතෙන් එකතු වන නව වාහන ප්‍රමාණය බලල තමයි මේ වගේ වැඩ වලට තක්සේරු කරන්න පුලුවන් සාදාරණම ක්‍රමය. ඉතිං වාහන හැමෝටම තිබ්බත් තවදුරටත් ලංකාව වගේ කුඩා රටක - බහුතර මහාමාර්ග මන්තීරු 6 කටත් වඩා විශාල කරන්න ඕනේ වගේ විකල්ප අදහසක් තමයි වාද කරන බහුතර විද්වතුන් අතර තිබ්බේ. මේ වගේ අය එක්ක වාද කරන්නත් කරුණු පැහැදිළි කරන්නත් යන එක අණුවන කමක්.
මෙච්ර නව මහා මාර්ග හදමින් පවතින විටත් කොළඹ මාර්ග තදබදය තවමත් දුරුවෙලා නැත්තේ මාර්ග වල ඌර්ණ පූර්ණයන්ට වඩා නගර සංවර්ධනයේ (Town and country planning වලත්) හා Traffic Admin and Management වල පවිතින අකාර්‍යක්ෂමතා සහ සැලසුම් සහගත බවින් තොරවීම නිසා කියලයි මට නම් පේන්නේ. ඒ අතර හැම හන්දියකම හරස් මාර්ගයකම වගේ රථවාහන හැසිරවීමේදී නිවැරදි තාක්ෂනික තීන්දු තීරණ ගැනීමට මේ තාක් කල් අසමත් වීම විශාල නොහැකියාවක් ලෙස බුද්ධිමත් විෂ්ලේශකයෙකුට හිතෙන්න පුලුවන්. හැම හන්දියක් හන්දියක් ගානේ පවතින ත්‍රීරෝදරථ ගාල් වගේම විවිධ ප්‍රමාණයේ වාහන නැවතුම් හා නොයේක් කඩ මණ්ඩි මේ මාර්ග තදබදයට උදක්ම දායක වෙනවා. ඇත්තටම ලෝකේ පවතින අනෙකුත් වානිජ නගර හා සන්සන්දනයේදී parking ගැන නොසිතා ගොඩනගන්න උත්සාහ කරන තවත් එක නූතන නගරයක් තමයි කොළඹ. කොළඹ නගරය තුල පාසැල් රෝහල් රාජ්‍ය ආයතන හෝටල් ක්‍රීඩාංගන ගොඩක් තිබුනත් සාමන්‍ය මට්ටමේ මිනිස්සුන්ට ඇතුල්වෙන්න පුලුවන් තැනක Parking නම් දකින්න නැහැ. තවමත් කොළඹ නඟරය තුල ඉදිවන නව ගොඩනැගිලි සැලසුම් වලට වාහන පර්‍යන්තයක් හෝ රථ ගාලක් ඇතුලත් කිරීම අත්‍යාවශ්‍ය නීතියක් කරලා නැහැ මගේ හිතේ. පාර පුරා දුවන විවිධ මාදිලියේ ත්‍රීරෝදරථ බක්කි කරත්ත අත්කරත්ත පුට්සයිකල් හා ගමන්මලු උස්සන් ගෙදර දුවන පාරිබෝගිකයන් - හැම ප්‍රධාන පාරක්ම අවහිර කරන්. ඇත්තටම මිනිස්සුන්ට මේ ත්‍රීරොද රථ අවශ්‍ය වෙන්න විදියක් නැහැ අනෙක් දියුණු රට වල වගේ කාර්‍යක්ෂම මගී ප්‍රවාහන සේවයක් තියෙනවනම්. කෝච්චි දුවනවනම් තියෙන රේල් පාරවල් ටිකත් හොදටම ඇති කොළඹ වගේ කුඩා නගරයකට.
ආසියාවේ ආශ්චර්ය වෙන කොළඹට තවමත් හරි හමන් වෙලාවට දුවන දෛනික Metropolitan බස් රථ සේවයක් ලබා දෙන්න අපි අසමත් වෙලා. කොළඹ නාගරික සීමාව තුල කෝච්චි පාරවල් දිහා බැලුවොත් - මේ පාරවල් occupy වෙන්නේ දවසේ මුලු කාලයෙන් ඉතාමත් සීමිත වේලාවක්. අනික් හැම වෙලාවෙම කෝච්චි පාර හිස්. ලොකේ වැඩිම වෙලාවක් දුම්රිය ගමනාගමනය හිස්ව පවතින, රටක ප්‍රදාන නගරයක පිහිටි, එකම දුම්රිය මාර්ගය සමහර විට දෙමටගොඩ මොරටුව Rail Line එක වෙන්න පුළුවන්. එහෙව් එකේ තව දුරටත් රථවාහන තදබදයට මූලික හේතුව නව විකල්ප පාරවල් මදිකමම කියලා ඒකට විසදුම් සොයන එක කොහොමටවත් ප්‍රමාණවත් නැහැ. පාරවල් ප්‍රමාණවත් මදි කියන්නෙයි පාරවල් සංවර්ධනය වෙලා මදියි කියන්නෙයි කාරණා දෙකක්.
අද රටේ ගොඩක් තීන්දු තීරණ ගන්න අයට මොකක් හරි ගැටලුවක් ආවම මතක් වෙන්නේ ඉතාම වියදම් සහගත Multinational Construction Project එකක්. පවතින ව්‍යුහය තුල මේක ඔලුවේ තියන් වැඩ කරන රාජ්‍ය නිළධාරීන් ගොඩක් වෙලාවට නිවැරදි අඩු වියදම් බහුතර ජනසහබාගීත්වය ලැබිය හැකි සාදාරණ තීරණයක් සදහා අරගල කරන්න පෙළෙඹෙන ගතිය අඩුයි. ඉතිං කළමණාකරණයේ අකාර්‍යක්ෂමතාව හා ආයතන තුල පවතින ගතානුගතික පුහු මතවාද වෙනස්කර ක්‍රමවත් ස්ථිරසාර රථවාහන හැසිරවීමේ වැඩපිළිවලක් මේ විෂය ගැන සැබෑ විද්වතුන්ගේ සහය අරන් සැලසුම් සහගතව කිරීමෙන් පමණක් විසදගන්න පුළුවන් ගැටලුවක් විදියට තමයි මේක පේන්නේ. උදාහරණයක් විදියට කොළඹ එන හැමෝම කොළඹ නගරය මධ්‍යයට යන අරමුණින් එන අය නෙමෙයි. ගාලු පාර නුවර පාර මීගමු පාර හයිලෙවල් පාර වගේ පාරවල් ඉදන් එන දුර බැහැර මඟීන් නගරයට පිවීසීමට මත්තෙන්ම තමුන්ගේ ගමනාන්ත දිසාවලට යොමු කළ ඇකියි. මේකට අවශ්‍ය කාර්‍යක්ෂම නාගරික බස් සේවාවක් පමණයි. නමුත් අද දුර බැහර ඉදන් එන මගීන්ට අමතරව තිරික්කල් පාපැදි මොටර් සයිකල් කාර් වෑන් ලොරි කන්ටේනර් මස් මාලු හැම දේමත් එක්ක කොස් පොළොස් කජු පුවක් කෙහෙල්කැන් බුලත් අනන් මනන් උස්සන් තමුන්ගේ දිශාව ගන්න එන්නේ කොළඹ නගරය හරි මැද වෙච්ච කොටුවට. ඉතිං පාරවල් කොච්චර One Way කලත් මාර්ග තදබදය එදා වගේමයි.
අකාර්‍යක්ෂම රථවාහන කළමණාකරනයට තවත් හොදම උදාහරණයක් තමයි පෑලියගොඩ නුවරපාර කැළණිපාලම හන්දිය. මේ හන්දියට තමයි කෙලින්ම හයිවේ එක සෙට් වෙන්නේ. එතන කොට්ටන් ගහ යට තමයි ත්‍රීරෝධ සංගමය. අඹ ගහ යට බස් හෝල්ට් එක. බුදු පිළිමේ ගාව කන්ටේනර් හරවන තැන. පල්ලෙහා පිට්ටනියේ තමයි Traffic පොලිසියේ මහත්තේලා මොටර් සයිකල් පදින්න පුරුදු වෙන්නේ. ඉතින් මෙතන කිරිබත්ගොඩ අඟුලාන බස් එකක් හරි මහියන්ගනනෙන් එන දුර ගමන් බස් එකක් හරි නවත්තලා සෙනග බස්සගන්න හදපුවාම - ඒක අයින් වෙනකන් මුලු නුවර පාරම බ්ලොක්. රථවාහන නිළදාරින් දුසිමක් විතර තියලත් මාර්ග තදබදය පාලනය කරගන්න බැහැ.
මට තේරෙන විදියට තවත් පාලමක් අවශ්‍යනම් අවශ්‍ය වෙන්නේ මට්ටකුලිය ප්‍රදේශයෙන් කැළණි ගඟ හරහායි. මොකද දැනට පවතින පාලම පටුයි. ඒ වගේම සැබෑ භාවිතයෙන් අඩුයි. ඇත්තටම පුලුල් කරන ලද එවැනි පාලමක් පහසුවෙන් express way එකට සම්බන්ද කල හැකි අරම ඉතා අඩුවියදමින් පවතින මාර්ගයම මට්ටකුලි පිටකොටු මාර්ගයම දියුණු කර - සංචාරකයන් රාජ තාන්ත්‍රිතකයන් හා කොළඹ නගර මද්‍යයට කෙලින්ම ලගාවීමට බලාපොරොත්ත් වෙන්නන් ඉක්මනින්ම නගර මධ්‍ය කරා ලඟා කරවිය හැකියි. සැලසුම් සහගත නාගරීකරණයේදී ප්‍රධාන වරායන් හැකිතාක් දුරට පොදු ගමනාගමනයෙන් මඟ හැරවිය යුතු වුවත් කොළඹ එහෙම වෙන ගතියක් තාමත් පේන්න නැහැ. කොළඹ වරායේ ඉදන් එන container වරායේ සිට කෙලින්ම රට තුල පවතින පොදු ගමනා ගමන බාධා වලින් තොර ගුදම් සදහා යොමු කළ හැකියි. මෙහිදි පේන්න තියෙන හාස්‍යජනකම කාරණය තමයි පුද්ගලික හා මූලික වරාය ගුදම් මාර්ග තව අදටත් ලංකාවේ ප්‍රදානම මහාමාර්ග කීපයක් හරස් කරමින් දෙමටගොඩ ඔරුගොඩවත්ත පෑලියගොඩ වගේ ප්‍රදේශවල පිහිටලා තියෙන එක. අනිත් අතට මට්ටක්කුලිය පාලමත් ඒ හා සම්බන්ධවුනු විකල්ප පාරවලුත් තවමත් කන්ටේනර් රථ කාර්යක්ෂම ධාවනටය තරම් පුලුල් වෙලා හෝ සංවර්ධනය වෙලා මදි. මේ කාරණය නිසාම වරාය කරා හෝ වරායේ සිට ප්‍රවාහනය වෙන නොයෙක් ආම්පන්න - අන්තිමට කොළඹ මාර්ග තදබදයට ලොකුවටම දායක වෙනවා. ඉතිං මේ ගුදම් එකම ප්‍රදේශයක පෙල ගැස්වීමෙන් ජනතාවට ට්‍රැෆික් ශාන්තිය බුක්ති විදින්න වරන් ලැබෙන අතරම logistic cycle time එක අඩුවෙන නිසා වරායේ කාර්‍යක්ෂමතාව වැඩිවී වැඩි බහාලුම් ප්‍රමාණයක් ඒකක කාලයක් තුල හැසිරීමෙන් වැඩි ආදායමක් ලබන්න පුළුවන්. පරිසර සාධකද සැලකිල්ලට ගනිමින් මිනිස්සුන්ගේ ගෙවල් අඩුවෙන් කඩලා මුතුරාජවෙල මුඩු බිම් වගේ මේ සදහා කාර්යක්ෂමව යොදාගන්නත් පුලුවන් බහාලුම් අංගන ලෙස ඉඩ ප්‍රශ්ණය විසඳගන්න ගමන්ම.
ඊට පස්සේ ගාලු පාරේ ට්‍රැෆික් වලට මොකද කරන්නේ? . අලුත් රටාවේ හැටියට ඇත්තටම රුහුණේ හා දකුණේ ට්‍රැෆික් කොළඹට වැඩිපුර එන්න ඕනේ කොට්ටාව හරහා හරිය. කවුරුත් පටලගන්න එපා - දකුණ කියන්නේ අපි රුහුණට නෙමෙයි - හරිය. කොට්ටාව හංදිය නගරයේ තවත් එක් ප්‍රවිෂ්ඨ දොරටුවක් කිරීමෙන් කොළඹ නගරය තුලට ඇත්තටම ඇතුල්වීමට අවශ්‍ය වාහන නිසි දිසාවන් වලට යොමු කල හැකි අතර කාර්‍යක්ෂම Metropolitan බස් සේවාවකින් මගීන් සඳහා කඩිනම් සේවාවක් සැපයිය හැකියි. කොහොමවුනත් පරණ ගාලු පාර සම්භන්ධයෙන් එකඟ විය නොහැකි කාරණයකුත් තියෙනවා. හොදට හිතලා බැලුවොත් ඔබට පෙනෙයි ඩුප්ලිකේෂන් පාරයි සැවෝයි සිනමා ශාලාවයි හමුවෙන තැන ඉදන් ගල්කිස්ස රත්මලාන එයාර් පෝට් හන්දිය දක්වා කොටස අලුතින් ඉදිවුනු කොල්ලුපිටිය මාර්ගය වඩා බෙහෙවින් පටුයි. මේ පටුබව දෙහිවල ගල්කිස්ස ඒ වගේම ඒ අසබඩ මාර්ග වලටත් තදබදය එක් කරන සාධකයක්. නමුත් එයාර් පොට් එකෙන් පස්සේ මොරටුව දිහාට එනකන් පාර තැන තැන මහතයි. ඇත්තම ගාලු පාර කියන්නේ - තව අවුරුදු 10කින් නිව්යෝර්ක නගරයේ Wall Street එක වගේ කරන්න පුලුවන් පාරක්. ඒක ගැන සැක නොකර ඒ හරියට තව ටිකක් පාර ඉඩ දීලා මෝඩ පැලැස්තර නොදා නගර අලංකරණ කටයුතුත් මාර්ග සංවර්ධන කටයුතුත් සැලසුම් සහගතව කලයුතියි කියලයි හිතෙන්නේ. ඔහෙලා ඇහැකි විදියට අලුතින් ගොඩනගපු අලුත් පැති වලට සාපේක්ෂව ගාලු පාරේ වැල්ල වත්තේ ඉදන් මොරටුවට යනකන් බොරුවක් යනවා කියලා තමයි බැලූ බැල්මට හිතුනේ - හොදෙයි!!!.
No comments:
Post a Comment