Translate

Saturday, March 28, 2015

2014 May 27 - මාමාගේ ආදර කතාව

අද ටිකක් කලින්. වෙලාව රෑ නවයහමාරයි. පහුගිය දවස්ටිකේම වැඩ ඉවරවෙනකොට රෑ එකොලහමාර පහු වෙලා නවාතැනට එන්නේ යක්කු ගස් නගින වෙලාවට. කාලෙකින් මුකුත් ලියන්නත් බැරි වෙච්ච නිසා පහුගිය දවසක වෙච්ච සංවාදයක් ගැන සටහනක් තැබුවොත් කාන්සිය මකාගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.
ඉතිං මේ ලගදි තිබිච්ච මඟුල් සාජ්ජයකදි අහම්බෙන් වගේ කාලෙකට අපි නොදකින ඥාති මාමා කෙනෙක් සෙට්වුනේ අලුත බැදපු කපල් එකක් ගල්කිස්සේ මහ හෝටලයට බාර දෙන්න යන ගමන් තමා. කොහොමහරි අපි ලගින් ඥාතීන් වුනත් මේ මාමාවනම් මීට කලින් මගේ ජීවිතේ කිහිප වතාවකට වඩා මුන ගැහිලා නැහැ. මුන ගැහුණත් එක්කො මල ගෙදරක නැත්නම් මගුල් ගෙදරක විතරයි. ඒත් කතා බහකට අවස්ථාවක් එදා වෙනකන් ආවේ නැහැ. මාමා ජීවත් වෙන්නේ බටහිර රටක. බැදලා ඉන්නේ බටහිර සුදු ජාතික නැන්දා කෙනෙක්. ඉතිං මේ ගමන යන අතරතුර අපි ටිකින් ටික සංවාදයට සෙට් වුනා. කතාව හරිම රසවත්. පස්සේ මට හිතුනා හරිම ආදර්ෂවත් කියලා. ඉතිං මේ මාමා මුලින්ම මගෙන් ඇහුවා ප්‍රශ්නයක්- එයාට පිට රටක ඉන්දැද්දී මිතුරෙක් කිව්වලු දකුණු ආසියාවේ වැඩිම දික්කසාද රේට් එක තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කියලා. මාමා අහනවා - එයාටත් ඒක ඇත්ත වගේ හිතෙනවලු - දැන් ඔයගොල්ලන්ගේ generation එකේ දික් කසාද වැඩියි නේද කියලා. මාමා අහනවා ඇයි - බුද්ධාගම මෙච්චර දියුණු, මේ වගේ හොද සංස්කෘතියක් තිබ්බ රටකට - එහෙම වෙන්නේ කියලා. ලංකාවටත් තායිලන්තෙට ගිය කල යයිද දන්නේ නැහැ කියලා මාමා කියනවා.
මේ මාමා පහුගිය අවුරුදු 35 ම ගත කරල තියෙන්නේ බටහිර රටවල. දැක්කත් සුද්දෙක් වගේ. ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා පාසැල් ගියාට - ලංකාවේ ලොකු කාලයක් රස්සාවක් කරලත් නැහැ. බැදලත් තියෙන්නේ සුද්දියක්. දික් කසාද හරි අරුම පුදුම දෙයක් වගේ මාමාටත් හිතිලා. මට ඉතිං දැනගන්න ප්‍රශ්න කෝටියයි - මාමාගේ ජීවිත කතාව ගැන. මම මාමගෙන් ඇහුවා - මම ඒකට උත්තරයක් දෙන්න කලින්, මාමගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්නද? මාමා ඇයි රට ගියේ. මාමා කොහොමද එහේ settle වුනේ. මාමා ඇයි සුද්දියක් කසාද බැන්දේ? මාමා මාමගේ ජීවිතේ ගැන ඇත්තටම තෘප්තිමත්ද? මාමා දැන් මොකද කරන රස්සාව - මාමා මොකක්ද කරපු රස්සාව. මට මාමාගේ කතාව ගැන දැනගන්නකන් කුතුහලය ඉවසිල්ලක් නැහැ. ඒවගේම මාමාගේ සාර්ථකත්වය ගැන හාරල අවුස්සලා දැනගන්නකන් නවතින්න බැහැ.
මේ මාමා රට ගිහින් තියෙන්නේ නවසිය බර ගනන්වල. තරුණ කාලේ යුරෝපය බලන්න ආසා හිතුනලු. ඒත් එක්ක එහේ මොකක් හරි රස්සාවකුත් හොයා ගන්නවා කියලා හිතුවලු. ඒ කාලේ ජර්මනියට අහරේ මෙහේ යුරෝපීය රට වලට යන්න වීසා ඕනේ නැහැලු. ටිකට් එකක් ගත්තාම ඇතිලු. ඉතිං ගිය ගමන් ඔය රටක එම්බසියක ඩයිවර් රස්සාවක් හම්බ වුනාලු. කිසිම දෙයක් හිතලා සැලසුම් කරල ගියේ නැහැලු. ජීවිතේ ඔහේ ගහගෙන ගියාලු. සැහැල්ලුවෙන් විනෝදයෙන් මාමා මේ රස්සාව කරන නිසා රටේ තැන තැන ඇවිදින්නත් නිතරම අවස්තා ලැබුනලු. ඔය කාලේ ලස්සන සුදු කෙල්ලෙක් හිටියලු මාමා වැඩ කරන එම්බසියේ තානාපතිතුමා නිතරම යන්න එන්න කියන කන්තෝරුවක. ඔය කන්තොරුවේ පිළිගැනීමේ නිළධාරිණිය වෙලා හිටියේ ඒ ගෑනු ළමයාලු. ලස්සනයිලු. හිනවුනාලු. කතා කලලු. යාලුවෝ වුනාලු. ඊට පස්සේ ඒ ගෑනු ළමයා එයාගේ ගෙදරත් මෙයාව එක්කන් ගියාලු. බැන්දලු. ළමයි දෙන්නෙක් හැදුවලු. දෙන්නට උගන්නන් එංගලන්තෙට ගියාලු. උන් දෙන්නත් උපාධි කලාලු. දැන් උන්දෙන්නා සතුටින් හොදින් ජීවත් වෙනවලු. මම දැන් ඒ රටට ආවට පස්සේ තවත් එම්බසියක රස්සාව හම්බ වුනාලු. එතැන හොදට රස්සාව කරගෙන සතුටින් ඉන්නවලු. ඒ රටේ මිනිස්සු මගේ රස්සාව අහන්නේ නැහැලු. ඒ රටේ මිනිස්සු මගේ වාහනේ බලන්නේ නැහැලු. ඒ රටේ එවුන් හැප්පුනත් - දුකක් වුනත්, කරදරයක් වුනත් ඇහැක් ඇරලා බලන්නේ නැහැලු. මට ඩ්‍රයිවර් කෙනෙක් කියන්න ඒ රටේදී කිසිම ලැජ්ජාවක් නැහැ. ඒකට මෙහේ. මෙහේ අපි ආපුවාම ගොඩක් අය සලකන්නේ අපි බටහිර රටක ඉදන් එන නිසා සල්ලිකාරයෝ කියලා හිතලා. ඒ රටේ එවුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන් අනික් එවුන්ගේ දේවල් හොයන්නේ නැහැ. උන් කවදාවත් සන්සන්දනය කර කර බලන්නේ නැහැ. මම කවාදාවත් මගේ ජීවිතේ ලොකු දේවල් බලාපොරොතු වුනේ නැහැ. මම සරල ජීවිතයක් බලාපොරොත්තු වුනේ. මට ඕනේ හැම දේම ඉබේම ලැබුනා. මම මගේ විවාහ ජීවතය ගැන සියයට දෙසීයක් තෘප්තිමත්. මම හිතන්නේ මගේ බිරිඳ පෙර ආත්මෙත් ඉදන් එන්න ඇති. නැත්නම් කොහොමද මම නොදන්න රටක මම නොදන්න බාසාවක් කතාකරන නොදන්න වටපිටාවක වැඩ කරන තුන්වෙනි පන්තියේ දුප්පත් රටක ඩයිවර් කෙනෙක්ට එක පාරටම තරුණියක් කැමති වෙන්නේ.
මගේ විවාහ ජීවිතේ කවදාවත් අපි රණ්ඩු වෙලා නැහැ. කවදාවත් අපි හිත් තැවුලෙන් ඉදලා නැහැ. මට මගේ ජීවිතේ මීට වැඩිය බලාපොරොත්තු වෙන්න පුලුවන් මොනවද. මම උපදින හැම ආත්මෙම ගැහැණියක් පතනවා ඒ තමයි නැන්දා - එහෙම කියලා මාමා ලැජ්ජාවෙනුත් ආඩම්බරෙනුත් කතාව නතර කලා.
අද මම ප්‍රායෝගිකව දකින ලොකයත් එක්ක මේ කතාව හරි වෙනස්. මම දන්නේ නැහැ විවාහයෙන් අවුරුදු හතලිකට පනහකට පස්සේ තමන්ගේම බිරිය තමන්ගේ සැමියා නැවතත් හදවතින්ම පතන බහුතරයක් ඉන්නවද කියලා. විවාහ වෙලා අවුරුදු කීපයකින් මගේ පරම්පරාවේ බැදපු අය දුරස් වෙලා. එකට හිටියත් හදවතින් දුරස් වෙන ගතියක් තිබ්බේ. අපි සරසවියෙදී, අපි පාසැලේදී දැකපු ලස්සනම ලස්සන කපල් අතරින් බොහොම අල්පයක් තමයි තමුන්ගේ සම්බන්ධකම් විවාහයකින් ඉවරකරගත්තේ. ඒ අතර අපි දැකපු හැම සරසවියකම කලින් යාලු වෙලා හිටපු පෙම්වතා නව පෙම්වතා සමග ගැටෙන එක විශේෂ දෙයක් නෙමෙයි. හැම අධ්‍යාපන ආයතන තුලත් - හැම පාසැලකමත් මෙහෙම ගැටුම් සුලභයි. මේ සුලභත්ව එදා මෙදා තුර විරල නැතුවත් ඇති. සමහරවිට තාරුණ්‍ය කියන්නේ හෝමෝනතුල අසරණවීම වුනා වෙන්නත් වෙන්න ඇති. සතුටින් සිටින යුවතිපතින් දැක්කත් - ඕපාදූප වශයෙන් ප්‍රසිද්ධියේ කිව්වත් නොකිව්වත් තමුන්ගේ බිරියට හොරා - නැත්නම් තමුන්ගේ සැමියාට හොරා පරසතුමල් සුවය විදින පිරිසත් අපේ සමාජයේ සාමාන්‍ය දෙයක්. මේවට විවිධ හේතු ඇති. ඇත්තටම හේතු සාදාරණත් ඇති. නමුත් දික්කසාදය කියන එක අද සමාජයේ එක පිරිසකට ආඩම්බරයකට කාරණයක්. අනාචාරය කියන එක sense of achievement එකක්. Night club - Spa, ගොන් පොට්, තායිලන්තය සිංගප්පූරුව වගේ රටවලට කරන ලිංගික චාරිකා අනන් මනන් විකෘත්ති entertainment - තරුණයන්ට prestigious. පොතක් පතක් නවකතාවක් චිත්‍රපටියක් නාට්‍යක් සංගීතයක් බලන්නේ නැතුව සිකුරාදට night club යන මිතුරන් බහුතරයක්. එදා සාම්ප්‍රදායක රාම සීතා, රාධ ක්‍රිෂ්ණා, නල දමයන්ති, සාලිය අසෝකමාලා වගේ රාගය ඉක්මවූ ප්‍රේමය ආදරය හා එහි සදාකාලිකත්වය පිළිබද අදහස් ආකල්ප විශ්වාස කරනවුන් අද තරුණයන්ට තරුණියන්ට විහිලුවක්. හෑල්ලුවට ලක්වීමක්. අනාචාරයට - අනංගත්වය ගරු කරන අගය කරන සමාජයක් බවට අද මගේ සමාජය පත් වෙලා.
මම මගේ මිතුරෙකුගේ දවසක් කරට අත දාගෙන ගියා දිගු කලකින් හම්බ වෙච්ච හින්දා.කොළඹ නගරයෙදි අහම්බෙන් මුණ ගැහුන එකම පුදුම සතුටක් ගෙනආවා. එක පාරටම පෞද්ගලික උපාධි ටියුෂන් ආයතනයක් අභියසදි මගේ මිතුරා අකාරුණික ලෙස මගේ අත කරින් හෙමින් සීරුවේ අරන් බිමින් තිබ්බා. මට හිත රිදුන නිසාම මම ඇහුවා, ඇයි උඹ මගේ අත ගත්තේ කියලා. යකෝ තොට පිස්සුද - මෙහෙම කරේ අත දාගෙන යනකොට මෙහේ ඉන්න එවුන් හිතයි අපි “ගේස්ලා” කියලා... ඉතිං අපේ බාල පරම්පරාවේ සිතුවිලි අපිටත් වඩා කිලිටි වෙලා. මේ දහසක් සිතුවිලි අතරේ - මම මාමගෙන් ඇහුවා, මාමා මට දැන් ඇත්ත කියන්න. මාමා මාමගේ ජීවිතේ කවදාවකවත් බිරිදට cheat කරලා නැද්ද? ඇත්තම කියන්න - කවදාවත් බටහිර රටවල ඔච්චර සංචාරය කරලත් ඔයා බිරිදට චපල වෙලා නැද්ද ? පුතා - මම කලානම් මම ඒකත් කියනවා. නමුත් මම මගේ අම්මා පා කවදාවත් මගේ ගෑණිට චපල වෙලා නැහැ. චිහ් !!! - එහෙම කළොත් මම කොහොමද ගෑණිගේ මූණ බලන්නේ. මම කොහොමද මටම මූන දෙන්නේ. ඒවගේ ගෑනියක් හම්බ වෙන්නේ පෙර පිනකට කියලයි මම හිතන්නේ. මට වෙන දේවල් ජීවිතේ ලඟා කරගන්න නැහැ. අවුරුදු 65 වෙද්දී පැන්ෂන් යන්න වෙනවා. එදාට අපි ලංකාවට එනවා. සිංහරාජේ පැත්තේ භාවනා මධ්‍යස්ථානයකුත් තියෙනවා - අපි එහෙත් එක්කත් දිගටම සම්බන්ධකම් තියාගෙන තියෙන්නේ. එහේ පැන්ෂන් එක මට ඇති මෙහේ ජීවත් වෙන්න.
මම මාමාට කිව්වා - මාමේ එහෙනම් දැන් මම කියන්නම් ලංකාවේ ඇයි ඩිවෝස් රේට් එක වැඩි. පළවෙනි කාරණය තමයි සමාජය දැන් වෙනස් වෙලා ගැහැණු පිරිමි දෙගොල්ලන්ට නිදහස හම්බ වෙලා - ඒ අතරේ වැරදි දේට තියෙන temptation එක අම්බානට වැඩි වෙලා. අද තාරුණ්‍ය අනාතයි - inspirations නැතුව. ඉන්ටනෙට් එකට ගියත් ඉරිදා සෙනසුරාදා පත්තර බැලුවත්, TV එක බැලුවත්, රේඩියෝ එක බැලුවත්, office ගියත් ඉස්කෝලේ ගියත් බලන්න තියෙන්නේ තුන් කොන් හතර කොන් අසම්මත ආදර කතා. උදේ ඉදන් රෑ වෙනකන් TV එකේ ළමයි දකින්නේ විවාහ විනාශ කරගත් සමාජය කෙරෙහි සම්මතය කෙරෙහි යටිහිතෙන් වෛරයෙන් හා ඉරිසියාවෙන් පසුවෙන විවිධ ලාභ නලු නිලියන්. මේ ගොල්ලො ජීවිතවල තියෙන අධ්‍යාත්මිකත්වය බව මෙන්ම හරවත් බවත් විනාස කරගෙන තියෙන නිසා විවිධ මාධ්‍ය ඔස්සේ තාරණ්‍යෙය් ඉස්ගෙඩි වලට පහසුවෙන් ආකර්ෂණීය විදියට රිංගලා මේ තරුණ පරපුරේ වටිනා ජීවිත අරුත්සුන් පුහු මිනිසුන් බවට පත් කරල දානවා. ඒ බලය අද මාධ්‍යයට ඇවිත්.
මාමාගේ නැන්දගේ වගේ ශුංගාරයෙන් තොර ඇත්ත ආදර කතා වලට අද වෙළද වටිනාකමක් නැහැ. ඒවා සගවලා. මේ රටේ සැබෑවටම ආදර්ශමත් චරිත, සැබෑ දක්ෂයින්, ක්‍රීඩකයන්, සැබෑ වෘත්තීය නිපුනයන්, සැබෑ විරුවන් මාධ්‍ය ජනතාවගෙන් තාරුණ්‍යෙයන් සඟවන ගමන් ලාභ සල්ලාල පුහු හරසුන් නමුත් ඇසට පමණක් ප්‍රිය මායාකාරී පුද්ගලයන් සහ චරිත තාරුණ්‍යයට පණ පොවන Role Models ලා වෙලා. ඉතිං මට දැනෙන විදියට මේ සමාජ ව්‍යසනයට ප්‍රදාන හේතුවක් තමයි - වත්මන් තාරුණ්‍යයට සමාජය තුලින් හෝ පවුලතුලින් නැත්නම් මාධ්‍ය තුලින් නිවැරදි Inspiration එකක් ලැබෙන්නේ නැහැ. නිවැරදි ජීවන ක්‍රමයක් තුලින් හා නිවැරදි දැක්මක් තුලින් සැබැ ආදරයෙන් සැබෑ සත්‍යෙයන් ජීවිතය ජයගන්න පුලුවන් කියන විශ්වාසය තාරුණයයට දනවන්න පුලුවන් තරම් ශක්තිමත් ආදර්ශ අද සමාජයෙන් අපිට දකින්න අහන්න ලැබෙනවා අඩුයි. ඉතිං අන්තිමට මම මාමාට කිව්වා - මාමේ !!! මාමාගේ ජීවිත කතාව මම face book එකේ ලියන්නම්. ඒක හරිම රසවත්.
මාමා කියනවා - කමක් නැහැ. අපි නම් ඔය face book ගැන දන්නේ නැහැ. පාවිච්චියකුත් නැහැ. මට ඉතිං sms මොබයිල් ෆෝන් අනන් මනන් හුරු නැහැ. කෝල් එකක් ගන්න තමයි ඉදල හිටලා පාවිච්චි වෙන්නේ. ඒවා එහෙත් කොල්ලො කෙල්ලෝ වයසක වයසට නොගිය හැමෝම අතර වසංගතයක් වගේ වෙලා කියලා කවුරුත් කියනවා ...
යාන්තම් වැඩ ඇරිල ගෙට උනා. අද ටිකක් කලින්. වෙලාව රෑ නවයහමාරයි. පහුගිය දවස්ටිකේම වැඩ ඉවරවෙනකොට රෑ එකොලහමාර පහු වෙලා නවාතැනට එන්නේ යක්කු ගස් නගින වෙලාවට. කාලෙකින් මුකුත් ලියන්නත් බැරි වෙච්ච නිසා පහුගිය දවසක වෙච්ච සංවාදයක් ගැන සටහනක් තැබුවොත් කාන්සිය මකාගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.

No comments: