අස්සයෝ තප්පුලද්දි එළදෙන්නු බලං ඉන්නවා - බටහිර රටකදි ඇත්තටම දැකපු දෙයක් තමයි පිංතූරෙ තියෙන්නේ.
ඉතිං ජාතිය පාවලදීලා පිට රටක වැඩට ගියා කියමුකෝ. මව්බිමට ආදරය කරන අපේ නායකයින්ට මේ බිම තරම් ද්‍රෝහී බිමක් මේ ලෝකයේ කොහෙවත් නැහැ. බටහිරකරණයේ මහ ගෙදර කියලා දේශප්‍රේමීන් හදුන්වන මේ කුමන්ත්‍රණ කාරීන්ගේ තඩි විශාල දේශයට ලාංකික විරුවන් තමුන්ගේ නූගත් දුසිල්වත් දුවා දරුවන් බහුතරයක් යවන්න හදන්නේ උන්ගේ නරක ජීවන රටාවට දඩුවමක් දෙන්න - නැත්තනම් මග්ගොන දක්කනවා වගේ වැඩක් තමයි වෙන්නේ කියලා ඒ කාලේ අපි හිතුවේ. කෝකටත් මේ විරුවෝ රෑට රෑට ඒජන්සි කාරයෝ තානාපති කාර්‍යාල වටේ කැරකෙනකොට අපි හිතුවේ උන් එහෙම කරන්නේ විදේශවලින් එන විෂබිජ එන්න කලින් උපන්ගෙයිම මරලා දාන්න වෙන්න ඇති කියලා.
මව්බිම දැන් අමතක කරලා දාන්න කාලේ හරිනේ! ඉතිං ඒ අතර දැං ඉන්න රටේ දිනපතා පත්තර කාරියත් විපරම් කරලා බැලුවා. එක පැත්තකට එක පත්තරයක්. තවත් පැත්තකට තවත් පත්තරයක්. මුලින්ම හිතුවේ ලංකාදීප දිවයින වගේ පත්තර එකම පත්තරේ රට පුරාම ජනප්‍රිය ඇති කියලා. හපොයි දෙයියනේ - එක එක ජාතීන්ට එක එක බාසාවෙන් පත්තර. අනිවාර්‍යෙයන්ම මුන්ගේ බාසාවට ජාතියටනම් තර්ජන නම් ඇති. මේ ද්‍රෝහී කුමන්ත්‍රණකාරී දරුණු අපරාධකාරයින් ගහන සුවිසාල රටේ අපි ඉන්න පැත්ත පළාතේ තාම පොඩි ස්ත්‍රී දූෂණයක් ළමා අතවරයක් ගැන ආරංචියක්වත් නැති එක ගැන පුදුම වෙවී හිටියේ. නිකමට හිතෙන්න ගත්තා මෙහේ ඉන්න නායකයන්ගේ කිසි පෞරෂයක් නෑනේ කියලා. පොඩි එකෙක්ට උම්මා එකක්වත් දෙන්නේ නෑ - කැකුලක්වත් තලා ගන්න තරං පණ නැති උන්ද කොහෙද? ඊටත් වඩා ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරුවෝ අගලින් අගලට ඉන්නවායැයි ලාංකික දේශප්‍රේමීන් කියන රටක, ඒ රටේ ඉන්න හොදට නීරෝගීව ලස්සනට උසට මහතට ක්‍රියාශීලීව නිතරම මදහසින් ගතින් සිතින් ක්‍රියාවෙන් පිරිසිදුව පාංශුදේහදාරීව වැඩුන පන හීනවුන් ලංකාව මොකක්දැයි කියාවත් නොදන්නවා දැකල මුල්ම කාලේ වික්ෂිප්තයටත් භීතියටත් මහත් ලැජ්ජාවටත් පත් වෙන්න වුනා.
නිකමට වගේ මටත් ද්‍රේහී සිතුවිලි එන්න අරන්. නිතරම හිතෙන්න ගත්තා ලංකාවේ අපේ තිබ්බ වැදගත් දේ අපෙන් උදුරගන්නේ රට බේරගත්තු දේශප්‍රේමියෝ නේද කියලා.
දහම් පාසැල් යන කාලේ අපි කවි ඉගෙන ගත්තා. හැබැයි ඒ කවි ලියලා තිබුනේ කවුරු ගැනද? ඒවා ලිව්වේ කාටද? ඒවා පාවිච්චි කලේ කව්ද කියන එක සමාජයතුලින් හොයාගන්න බැරි වුනා. ඒ කවි ඒ මොහෙතෙම වැඩක් නැති පල් හෑලි විදියට නැත්නම් සමාජයට නොගැලපෙන ප්‍රායෝගික බාවිතයට නුසුදුසු පුහු අදහස් කියලා හිතුනේ අපේ සමාජය අපේ ඇහින් දකිනකොටනේ!. අද නායකත්වය කියලා අපේ මව්බිමේ දරුපැටව් දකින්නේ TV එකේ යටි ගිරියෙන් කෑ ගහන එක, අනිත් එකාට හොදටම අල්ලන් තඩිබාන එක, තියෙන හැම තරඟයකදීම අනිත් එවුන් පරදවා ජය ගන්න එක, නැත්නම් හැම මොහොතෙම ප්‍රතිවිරුද්ධ එකෙක් හදාගෙන උට ඇර ඇර ජයග්‍රහණය ගැන උදම් අනමින් පොර වෙන එක.
ලංකාවේ සිංහල Leardership එක ඉස්සර Model කරපු වැදගත්ම කවි දෙකක් තමයි පල්ලෙහා සිංහලෙන් ලිව්වේ සුද්දොන්ට බලන්න කියලා - මොකද හැමෝම සිංහල කමයි මොනරවිල කැප්පෙටිපොළයි පොලේ දාලා තෙලේ බැදලා හැම හන්දියක් හන්දියක් ගානෙම ප්ලේන් එකට නගින තැනට යනකන් විකුණනනවා. Leadership ගැන බටහිර ක්‍රමයට උගන්නකොට Great Man, Contingency, Behavioral, Situational, Participative, Management අනං මනං කියලා - අනික් මිනිහාව emotionally රවටා තමන්ගේ වැඩය හා මතය ඉටු කරගැනීමේ ක්‍රමයක් උගන්නනවා. සිංහල Leadership qualities හරියට ප්‍රැක්ටිස් කරපු මෑත කාලින චරිතයක්නම් හොයාගන්න අමාරුයි. අර්ජුනයි සංගක්කාරයි දෙන්නා තමයි මට දැනිච්ච විදියට පල්ලෙහා සුභාෂිතය Model එකට මෑතකාලීනව ගොඩක් Fit වෙන්නේ Leaders ලා විදියට. Mr Crab කඩේ නොකලනම් 100% කියලා හිතුනා.
අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතල සුවඳැති සොද සදුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතල සුවඳැති සොද සදුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
ගජකුම් බිදින එකසර කෙසරිඳු බලැති
කෙතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිගුම් ගුණෙන් යුතු උතුමෝ අබිමනැතී
................................................
(මතක නෑ)
කෙතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිගුම් ගුණෙන් යුතු උතුමෝ අබිමනැතී
................................................
(මතක නෑ)
දිවිහිම් කොටත් නොතරම්කම් නොම කරති කියලා දසයා මතක් කරලා දුන්නා
No comments:
Post a Comment