කාලෙකට කලින් අපි හිතුවේ රනිල් කිසිම දැනුමක් නැති මහා මෝඩයෙක් පරිණත බවක් නැති මිනිහෙක් කියලා. ඒ තත්වයට මඩ ගහලා මිනිස්සු ඒ මනුස්සයා පත්කලා නැත්නම් නරක කාලය විසින් ඔහුගේ නොදැනුවත් පැත්ත දැනුවත් පැත්තට වඩා එළියට විවර කලා. අපිට තියෙන ආවේගශීලීත්වයට ප්‍රචණ්ඩත්වයට හුරු චරිත නායකයෝ කියලා හිතන මානසිකත්වය නිසා මේ මනුස්සයාට කාලයක් පුදුුම අප්‍රසන්නත්වයක් තිබ්බා - මොකද ගැම්මක් එන්න ටොක් එකක් දීගන්න බෑ නේ. ඒ කාලේ ඒත් එක්කම මිනිස්සු, මාධ්‍ය නිග්‍රහ කලා කටහඩ, හැසිරීම, දරුඵල නැති බව වගේ මාතෘකාවට සබ්බන්ධ අසම්බන්ධ හැම දේවල් අල්ලලා. අද අගමැතිතුමා විදියට පාර්ලිමේන්තුවේ කතාකරන දේවල් දැක්කාම හිතෙනවා මේ මනුස්සයා විතරයි නේද මේ පාර්ලිමේන්තුවේ පොතක් පතක් අමතර දෙයක් හොයපු කියවපු මනුස්සයෙක්ට ඉන්නේ කියලා. ඉස්සර නොදැකපු මෝරපු හා තැන්පත් ගතියක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙත් පේනවා. දැන් දැන් හිටපු ජනාධිපතිතුමාගෙත් තැන්පත් කමක් පේනවා. අපි අපිට ගරහන එක නවත්තගත්තොත් හොදයි කියලා හිතනවා දේශපාලන මතවාද මොනවා වුනත්.
ලාභ පොලිටික්ස් ගේන විමල් වීරවංස,ඇස් බී දිසානායක, මර්වින් සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, රාජිත සේනාරත්න, වැනි චරිත - දේශපාලන ප්‍රතිපත්ති සංවාදයට විවේචනයට ලක්කිරීම ඉක්මවා, පුද්ගලයාට මඩ ගසා ප්‍රතිවාදියා මායාකාරීව බොරුවෙන් හෝ ඇත්තෙන් අවඥාවට අවමානයට ගැරහීමට ලක්කර මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගත් චරිත විදියටයි න්‍යායානූකූලව වර්ගකරන්න වෙන්නේ. ඒ වගේ මිනිස්සුන්ට ඡන්දය දෙන්නත්, ඔවුන් නායකයෝ විදියට තොරන්නත් කොටසක් ලංකාවේ ඉන්නවා.
ලංකාවේ දේශපාලනයත් ඉන්දියාවේ ක්‍රිකට් වගේ. ගොඩක් අය ඒක ගැන කථාකරද්දිත් හරිම හැගීම් බරයි. ආවේගශීලියි. ආවේගශීලි හැගීම්බර තැන කොහොමද බුද්ධිය රදන්නේ ? එතන කොහොමද නිවැරදි තීරණ එන්නේ. ඒක හින්දාම අපේ වගේ රටවල් තාමත් ගැහි ගැහි සැනසීමක් හොයනවා.
No comments:
Post a Comment