මේ හරක් තියාගන්නත් බැයිනම් මරන්නෙත් නැත්නම් ඇත්තටම මොකද කරන්නේ... මට හරිම ප්‍රශ්ණයක්.
අපේ හාමුදුරුවන්ගේ ජීවිත පරිත්‍යාගයේ කම්පන්නයත් එතනින් හරක්ගැන ඇතිවෙච්ච කතිකාවතත් තාම අඩු වෙලා නැහැ. කිරි ගන්න මිනිහා එළදෙන හදල කිරි ගත්තට පස්සේ මොකද කරන්නේ? ඇත්තටම මේක ගැටලුවක් වුනේ කිරි නිශ්පාදනය කරන එක වානිජකරණය වුනාට පස්සෙනේ. නමුත් මීට අවුරුදු 40 කට - 50 කට කලින් කිරි ටික තමුන්ට පවුලට හදාගෙන ලද දෙයින් සැනසිලා නීරෝගීව සතුටින් හිටිය කාලෙදි අපිට කිරි ගවයයි, කිරි ගවයට පට්ටි දාපු ගොං හරකයි - මරං කන්න වුනේ නැහැ. අද සමාජ ක්‍රමය මීට අවුරුදු 20 කට 30 කට නෙමෙයි මානව සංහතියේම කවදාවත් පැවතුණාට වඩා Artificial නේ. ඉතිං කිරි නිශ්පාදනය ගවයෝ විතරක් නෙමෙයි අපිත් සත්වයෝ කොටසක් විදියට පරිණාමනයේ විශේෂම අවස්ථාවකට ඇවිත්. ඒ තමයි සිංහලෙන් කිව්වොත් Process Orient වෙලා Institutionalization වීම. ඉස්සර සමාජයෙත් පොඩි Process Orient ගතියක් තිබ්බා. හැබැයි එදා සිට අද වෙනකම්ම මූලික process එක තාම සමාජය තුල දුවනවා - මම හිතන්නේ නැහැ මිනිස්සු සදාකාලික වෙනකම්ම මේක වෙනස් වෙයි කියලා. මොකක්ද මේ Process වල ගම්‍ය අරමුණ? අද process ඔක්කොගෙම වචනයෙන් නොපවසන නමුත් සංෂිප්ත එකම අරමුණ තමා පුලුවන් තරම් හම්බකරගන්නම එක සහ එකිනෙකා සන්සන්දනය කරමින් දුක්වෙන එක.
කොහොම හරි ගවයෝ ගැන හිතන්න කලින් එදා අපේ කියල ජීවිතයට දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි පිලිපැද්ද ක්‍රමය මොකක්ද කියල නිකන් හිතෙන්න ගත්තා. බෞද්ධයෝ කියන අපේ පරම අභලාෂය නිවන. හැබැයි නිවන් බලාගෙන වැඩකරපු බෞද්ධ කොල්ලො කෙල්ලෝ මාමල නැන්දල නංගිල මල්ලිලා අපේ ගමේනම් හිටියේ නැහැ. හැබැයි නිවන් බලාගෙන වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම මහණදම් පුරපු සංඝයා වහන්සේලයි, නිවන් බලාගෙන වැඩකරපු ආච්චිලා සීයලා නම් දැක්කා. කිව්වට තරහ වෙයිද දන්නෙත් නැහැ - ඇත්තටම ගොඩක් වයසක ගොඩක් අයට පන්සල මතක් වෙන්න ගන්නේ මරණය ලංවෙනකොට ඇතිවෙන භය දැනෙනොකටයි කියන එක තමයි ඇත්ත. හැබැයි එහෙම නැති අය නොහිටිනවා නම් නොවෙයි. කොහොමහරි එදා අපේ ජීවිත ක්‍රමයේ අරමුණු දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙරුනේ නම් ගොඩක් වෙලාවට හින්දු ආගමේ ආශ්‍රම ක්‍රමයේ කියලා තියෙන විදියට කියල මට දැන් හිතෙනවා. මටනං මේ හින්දු ආගමේ ආශ්‍රම ක්‍රමය ගැන කියල දුන්නේ අපේ සුගතෝරස දහම් පාසැලෙන් තමයි. දැන් බබාලට දහම්පාසැල් යන්නත් වෙලා නෑනේ - මේ අධ්‍යාපන තරගේ නිසා. නමුත් දහම් පාසැල් ගියොත් බණ පොතක් පතකුත් ඉදල හිටල බැලුවොත් අපි මේ process orient ගවයින්ට වඩා ටිකක් ඉදිරියට එනවා.
ආශ්‍රම ක්‍රමය යටතේ, මිනිසෙකුගේ මධ්‍යන ජීවන කාල අවුරැදු 100 යි. මේක අවුරැදු 25 කින් යුත් කාල පරිච්ඡේද 4 කට බෙදලලු තිබ්බේ. ඉතින් එක් එක් පරිච්ඡේදයේ අරමුණ තමයි අනුගාමී ජීවන අවධි 4 ක් සම්පුර්ණ කිරීම. අවධි 4 ට අරමුණු හතරයි. හින්දු ආගමේ මේ අරමුණු හතරට කියන්නේ ධර්ම, අර්ථ, කාම, මොක්ෂ කියන එක. අපේ අත්තම්මලා නැත්නම් ඊටත් එපිට පරම්පරාවට මේක හරියටම තිබ්බා කියලා මම යන්තම් දැක්කා. ඒ අතර අද මට නිකන් හිතෙන්න ගත්තා මේ process එකට මොකද වුනේ කියලත්. මුලින්ම මට පේන විදියටනම් පසුගිය පරම්පරා දෙක තුනට වඩා අපේ ආයුෂ අඩු වේගන යන ගතියක් තමයි තියෙන්නේ. අපේ චාලිං අත්තා 91 - චාලිං අත්තගේ අයියා 105, චාලිං අත්තාගේ අක්කා 95, අපේ සීයා තාත්ත 81, අපේ මම්මා 72, චාලිං අත්තගේ පුතා 60 යි, - මේ මම Teen age එකේ දැකපු මරණ ටික. දැන් චාලිං අත්තගේ මුණුපරා ජීවත්වෙනවා. ඉතිං උදාහරණයකින්ම කියන්න හැදුවේ පහුගිය සිය වස තුල පමණක් පරම්පරා දෙකක් අතර මිනිස් ආයූෂ අඩු වෙච්ච හැටි ගැන විතරයි. හැබැයි - ආයුෂ අපේ 60 වුනාට අපි ධර්ම අවධිය ඉවරකරන්නේ ගොඩක් වෙලාවට 30 පැනලා. පොතේ තිබ්බේ - අවුරුදු 100 ක් ජීවත්වෙන කෙනෙක් ධර්ම අවිධිය - ඒ කියන්නේ ශිල්ප සාස්ත්‍ර හොද නරක ධර්ම හදාරල පරතෙරටම ආවත් එයාගේ වයස අවුරුදු 25යි කියලයි. අදනං ඉතින් කලාතුරකින් තමයි විශේෂ දක්ෂතා තියෙන බේබිලා වගේ අය ඇර හොර විශ්වවිද්යාල වලට කාරිය ගිහින් 22 වෙද්දි ධර්ම අවධිය ශිල්ප ශාස්ත්‍ර කෙල පැමිණිලා ගඟනගාමියො වෙන්නේ. හැබැයි ඇත්තටම අල්ලපු දුප්පත් රට ඉන්දියාවේ ඉපදිලා ඉගෙනගෙන මාස්ටර්ස් කරල කොල්ලෙක් එලියට එනකොට ඌටනම් 22යි. නිකං කියවල බලන්න මන් මෝහන් සිං / අබ්දූල් කලාම් / නාරයන් මූර්ති වගේ දක්ෂ ඉන්දියානු පුරවැසි කොල්ලෝ හැදුනේ කොහොමද කියලා, උපාධිය ඉවර කරද්දි 20 යි, ප්‍රශ්චාත් උපාධිය ඉවරකරද්දි 22. කතන්දරේ මෙතනින් ඉවර වෙන්නේ නෑනේ, ලංකාවේ ඉපදෙන එකෙක්ට (කාම අවධිය) 50 -74 පටන් ගන්න කොටම බඩු පැකැට් වෙනවා. වරද්දවලා තේරුම් ගන්න එපා. මේ කාම අවධිය කියන්නේ අහවල් වැඩේ නැති වෙන්න කොරන වයස කියලා. ඒ වැඩේ කරන වයසට කියන්නේ අර්ථ අවධිය කියලා. එහෙම කියන්නේ නිකන් නෙමෙයි - අර්ථ අවධියෙදි පිරිමියෙක් ජීවත්විය යුත්තේ අන් අය වෙනුවෙන් කියන අරමුණ පෙරදැරි කරගෙන නිසා. මේ අන් අය කියන්නේ තමුන් විසින් ඇති කරගන්න පවුල වගේම සෙසු සමාජය කියන එකත් මට අපේ පන්සලේ හාමුදුරුවෝ කිව්වා මතකයි. ඉතිං කිය කිය හිටියේ කාම අවධිය ගැනනේ. (50-75 age එක ) ජීවිතයේ මේ අවධිය හරිම වැදගත්. නිරෝගීව සිටින මෙවැනි අත්දැකීම් බහුල පුරවැසියන් සමාජයට - සාමයට ගෙදරට ව්‍යාපාරයට සම්පත්. ඔවුන්ගේ දැනුම අත්දැකීම් බාල පරම්පරාව පොෂණය කරනවා වගේම Immediate පරම්පරාවට සාර්ථකත්වයට යන්න සහයක් වෙනවා. නමුත් අද මේ වයසට එන කොට ගොඩක් ලාංකිකයෝ ශාරීරිකව දුර්වලයි, රෝගීයි - කිසිම දෙයක් තනියම කරගන්න බැහැ, ඔවුන්ම සතුටු නැහැ ඔවුන්ගේ ජීවිතය ගැන. එදා මේ වයසෙදි තමයි ගෘහස්ථ රාජකාරින් අවසන් කිරීමෙන් අනතරැව තමන්ගේ දැනුම බෙදා හැර, හිමිකම් අත්හැරිලා ජීවිතේ අවසාන අවධියට සුදානම් වෙන්නේ. මෝක්ෂ අවධිය ගැන ලියල වැඩක් නැහැනේ - ඒ අවධියට යන්න අපේ පරම්පරාවේ අම්මලා තාත්තලා කීප දෙනෙක් විතරයි වෙන්නැති වාසනාවන්ත වෙන්න වෙනවා ඇත්තේ. 75 -100 මේ අවධියේදී තමයි තමන් උපයාගත්තු දෙයින් අධ්‍යාත්මික කටයුතු වලට ප්‍රසන්න සිතින් සැනසීමෙන් කාලය කැප කරන අතර භාවනා අනන් මනන් කරලා Finish එක හරියට කරකරගන්නේ. හැබැයි මේ අවධිය අපේ ආදරණීය අම්මලා තාත්තලා ගොඩකට අද අහිමියි කිව්වොත් බොරුවක් නෙමෙයි.
මීට අවුරුදු 50 කට පෙර ඔය කීයන සැනසිලි දායක ජීවිතයත්, වාසනාවන්ත මරණයත්, හිමිවෙන්නත් - ඒ පරම්පරාවෙම බාල පරපුරට මේ වගේ නොසතුටු සැනසිලිදායක නොවූ සංකීර්ණ අවසානයක් හිමිවෙන්නත් හේතුව මොකක්ද කියල අපිම මොහොතක් හිතල බැලිය යුතුයි. ඉතිං ඒත් එක්කම අනිත් අතින් අපි නිකමටවත් හිතිය යුතුයි කවුද ඇත්තටම අද හරක් වෙලා තියෙන්නේ කියලත් ...
No comments:
Post a Comment