Translate

Thursday, March 26, 2015

2013 April 02 - බෝඩිමේ ඉන්නකොට ගෙදර මතක් වුනා !

මීට අවුරුදු 18 කට 19කට කලින් අප්‍රියෙල් මාසේ මතක් වුනා. ඒ දවස්වල උදේ වෙනකන් ඉවසන්න බැහැ. මාර්තු මාසේ අග වෙනකොට වත්ත පුරා කජු මල් පිපිලා. උදේට වවුල් හප තිප්පොලවල් වල. කජුගෙඩි 100 ක් එකතු කලොත් රැ 10. රැපියල් 10 ට භූමිතෙල් ලීටරයයි. භුමිතෙල් ගෙනල්ලා තියාගෙන ගමේ කොල්ලො ටික බලාගෙන ඉන්නේ තරගෙට උණ වෙඩි ගහන්න. වත්තේ තිබුණ උණ ගස් කපලා, යකඩ ඉන්නෙන් ඇනල පුරැක් හිල් කරල, පිටිපස්සේ මැටි ගහල, කට වටේට ලණු බැදල හවසට පැය බාගයක් විතර උණ බම්බුව හුලු අත්තකින් තවල තමයි වැඩේට සෙට් වෙන්නේ. අඹ ගස් වල අඹ මල් පිපිලා, ගස්වල ගහල අඹ පලලා, කොට්ටන් ගස්වලත් කොට්ටම්බ තලලා, කජු හොරෙන් පුච්චන් කාලා, දොඹ ගෙඩි වලින් ජිල් ගහපු ආටිගල වත්ත, තැලැම්මහර, පන්නල අන්තිම පරම්පරාව අපි වෙයි කියලා එදා හිතුවේ නැහැ. ගමේ අයියලා වෙලෙ එල්ලෙ ගහන හැටි ආසාවෙන් බලා ඉන්නවා, පොඩි හින්ද කවුරුවත් අපිව ගන්නෙත් නැහැ. සීයගෙ බයිසිකලේ පදින්නෙත් පොල්ල යටින්. පොල්ල යටින් පදින්නත් රේස් තියනවා. ලොකු කොල්ලො රේසිං ප්‍රැක්ටිස්. හම්බර් රැලේ බයිසිකල් පුල් රොක් කරල. අද අපේ ගමේ පොඩි වුන්ට අවුරුදු මාසේ කියල වෙනසක් නැහැ. ගොඩක් ගෙවල් වලට සර්ල එනවා ටියුෂන් දෙන්න. එදා අපිට O/L වෙනකන් ගමේ ගුරුවරු ගොඩ දෙනෙක් ඉගැන්නුවෙ නිකන්. සත පහක් අරගෙන නෙමෙයි. අද ළමයි එක්කහු වෙන්නෙත් නැහැ. ඒකට පොෂ් අම්මලා කැමතිත් නැහැ. ආවත් ෆේස් බුක් එකේ නැත්නම් රිගින් ටෝන්ස් වල වැඩ. දූවිලි පොඩ්ඩක් ගෑ වුනත් අම්මි කෑ ගහනවා. ගිය මාසේ නිවාසාන්තර ක්‍රීඩා වලට දුවලා ළමයි 3න් දෙනෙක් මැරිලා වැටිලා තිබුනා. සමහර විට අලුත් රටාව එච්චර හොද නැතිව ඇති. අද අම්මිලා ගොඩක් දෙනෙක් අමතක කරපු දෙයක් තියෙනවා. ඒ තමයි දරුවෙකුට සාත්‍ර වගේම සිල්පත් ඉගෙනගන්න අවස්තාව ලැබෙන්න ඕනේ කියලා. අපේ අම්මටත් ඉස්සර මගේ සිල්පේ අගුණයි. සාත්තරේට තමයි එයත් එදා මුල් තැන දුන්නේ. මොකද ගොඩක් අය හිතන්නේ ඒක තිබුනොත් අනික්වා හරි කියලනේ.

No comments: