ගොඩක් අය දන්නේ නැහැ ඖෂධ පනතක වැදගත්කම. මේ වගේ පනතක් නොතිබ්බොත් ලෝකේ වැඩිම මාර්ජින් එකක් සහිත වඩාම ලාභදායී ව්‍යාපාරය කියලා විරුදාවලිය ලද Pharmaceutical වෙළදාම ලංකාවේ පාරිබෝගික ජනතාව උපරිම විදියට හූරාගෙන කනවා. සේනක බිබිලේ මහත්තයාගේ වගේ අය ලෝක ප්‍රසිද්ධවුනේ ඇලපති වෛද්‍ය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගී ඇති මේ වෙළද ජාලයට මනුස්සකම කියන දේ සාන්ද්‍රණය කරන්න ගිහින්. ඒ සටන නිසා එතුමාගේ ජීවිතයත් මේ වෙලදුන් විසින් උදුරගත්තයි කියලයි තවමත් ගොඩක් දෙනා කියන්නේ.
ගොඩක් බෙහෙත්වල තියෙන දුලබ බවත්, ඒ පිළිපද තාක්ෂණයේ රහසිගතබාවය හා විශේෂයෙන්ම බෙහෙත්වල ඇති කුණුහරුප සහගත හිතාමතාම පැටලිලි කරන ලද වෙළද නාමකරණය නිසාත් - බෙහෙත් වෙලෙන්දන්ට නැත්නම් ඖෂධ සමාගම් වලට හිතුමතේ මිලක් නියම කරන්නත් මිනිසුන් වෛද්‍යවරුන් නොමග යවන්නත් හැකියාව තියෙනවා. වෙන වචන වලින් කිව්වොත් එකම බෙහෙත විවිධ වෙළද නාම වලින් වෙනස් වෙනස් රසායනික සාන්ද්‍රණයන්ගෙන් Brand කරලා - මේ Brand name එකත් - මූලික ඖෂධ රසායනික නාමයත් අතර බෙහෙත නියම වෛද්‍යවරයාත් නොමග යවමින් - පාරිබෝගිකයාගේ සාක්කුවට රිදෙන්න දෙන්න ගොඩක් ඖෂධ සමාගම් දන්නවා. ලෝකේ පුරා බැලුවොත් එකම බෙහෙත විවිධ රසායනික නම් වලිනුත් වෙළද නම් වලිනුත් විවිධ මිල ගණන් යටතේ විකිණෙනවා. ඒ වගේම එක ලෙඩක සහනයට පාවිච්චි කරන්න පුලුවන් විවිධ බෙහෙත්වර්ග තියෙනවා. එකම බෙහෙත ලෙඩ කීපයකට සහනය දෙන අවස්ථාත් තියනවා. සහනය කියන්නේ එකක්. සුවය කියන්නේ තව එකක්. ගොඩක් බෙහෙත් කරන්නේ ශරීරයෙන්ම රෝගය සුවකරගන්න - ඒ සුව වීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න ශරීරය තුල අවශ්‍ය පරිසරය හදල දෙන එක.
හැමෝටම තේරෙන සරලම උදාහරණයක් තමයි - පැනඩෝල්. මේක පැරසිටමෝල් කියන generic නමින් හදුන්වන රසායනිකය - නැත්නම් N-acetyl-p-aminophenol කියන විද්‍යාත්මක නමින් හදුන්වන රසායනික සංයෝගය මනුෂ්‍යට දරන්න පුලුවන් මාත්‍රාවට හදපු බෙහෙතට ලංකාව එංගලන්තය ඕස්තේලියාව වගේ රටවල ප්‍රචලිත කරපු වෙළද නාමය. පැනඩෝල් වලට අමතරව ලොව පුරා Branded නම් 100 කට වැඩිය ඇති මේ එකම පැරසිටමෝල් කියන රසායනය විකුණන්න. මේ Paracetamol - මිනිස්සුන්ට සහනය දුන්නට බළලුන්ට, සරපයින්ට මාරාන්තිකයි. ඒ කියන්නේ බෙහෙතක තියන ගුණය හා හැකියාව සත්වයා, පුද්ගලයා මත වෙනස් වෙනවා.
ලංකාවේ හැමෝම සුද්දගේ GlaxoSmithKline පැනඩෝල් වැඩිමිලක් දීලා ආසාවෙන් බිව්වට රජයෙන් හදන SPC පැරසිටමෝල් බෝන්නේ නැහැ. ඇයි - බ්‍රෑන්ඩ් නෑනේ.එතනම පේනවා මේ සමාගම් මේ පෙති වල නිශ්පාදන පිරිවැයට වඩා ඉතාම වැඩි ලාභ ප්‍රතිශතයක් පෙත්තකින් අයකලත් කරුණු නොදත් පාරිබෝකියා ඒ සඳහා කැමැත්තෙන් පෙළඹෙන බව. මේ බේතටම අැමෙරිකාව, කැනඩාව වගේ රටවල ඇසිටෝමිනෝපින් acetaminophen කියලා කියනවා. ජොන්සන් හා ජොන්සන් කියන සමාගම මේ බේතම N-ace(tyl)-p-aminophe(nol) - ඒ රසායනයම සුලුවට වෙනස් මාත්‍රාවකින් Tylnol කියලා විකුණනවා. අනික් අතට හිසරදයට වේදනානාශක ලෙස Tylnol, Ibuprofen, Asprin යන තුනම ගන්න පුලුවන්. මේ තුන සමහර වෙලාවට එක එක රෝගියාට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියට. ලංකාවේ Paracetamol (Tylnol) බාවිතය වැඩියි - සමහර රටවල Ibuprofen, භාවිතය වැඩියි, සමහරු Asprin වලට කැමතියි. කොයි බේතත් ඔලුවේ කැක්කුම අමතක කරනවා. එක සමාගමක් ඇස්ප්‍රින් නරකයි කියනකොට අනික paracetamol නරකයි කියනවා. මේ දෙකට අලුත් තාලේ විකල්පයක් කියලා Ibuprofen දෙනවා. වෛද්‍යවරු බෙහෙත් නියම කරන්නේ සම්මත - වෙලද වාර්ථා කියවලා මිසක්, ඒ ගොල්ලෝ මේවා කොහොම හදනවද කියන එක ඇත්තටම දන්නේ නැහැ. මේවා එක එක විදියට ජනතාවට මේ රටවලත් ප්‍රචාරය කරනවා - තමුන්ට හිතු මතේ මිල ගණන් දානවා. මොකද බහුතර දේශපාලකයන්ට පොදු ජනතාවට මේ ගැන හැගීමක් දැනීමක් නැහැ. ඔවුන් විද්‍යාඥයෝ නොවෙයි. සාමාන්‍යෙයෙන් බොහෝ රටවල නීතිය තමයි generic නමින් වෛද්‍ය වරයා විසින් ඖෂධ නියම කිරීම. Generic නමින් ලියපු මේ තුණ්ඩුව අරන් Pharmacy එකට ගියාම ගන්න බේත් ඕනෙ තරම්. Pharmacy වෙළෙන්දා තමුන්ට වැඩි ලාභ දෙන එක වැඩිපුර විකුණනවා.
වෛද්‍යවරු හම්බ වෙන්න ගොඩක් Medical Rep ලා එනවා. ඒගොල්ලෝ වෛද්‍යවරුන්ට හිතන්න බැරි තරම් වටිනා තෑගිත් දීලා බලාපොරොත්තු වෙනවා ඒ ගොල්ලන්ගේ වෙළද නාමය ලෙඩාගේ බේත් සීට්ටුවේ ලියවා ගන්න. මම දන්නේ නැහැ ලංකාවේ කලින් නීතියක් තිබ්බද කියලා ඖෂධවල Generic නම විතරක් prescribe කල යුතුයි කියලා. මම දැකලා තියෙනවා බේත් සීට්ටු වල Band Names ලියලා දෙනවා Pharmacy එකෙන් ගන්න කියලා. සමහර ලාභ අඩු බෙහෙත් විකුණලා පොඩි Pharmacy කාරයන්ට වැඩකුත් නැහැ. ඉතිං දොස්තර මහත්තුරුන්ට තියෙන එක ඇරෙන්න වෙන ලියන්න එකකුත් නැහැ. එංගලන්තේ නීතිය නම් Brand හෝ වේවා Generic හෝ වේවා සමාන Quality එකින් ඖෂධ තිබිය යුතු බව. ඇමෙරිකාවේ generic නමක් නැතිනම් පමණක් Brand නම ලිවීම ක්‍රමයයි.
කෙසේ නමුත් මේ Pharmacy මාෆියාවෙන් නොදැනුවත් අසරණ ඔබ අප වැනි රෝගින් බේරගන්න සේනක බිබිලේ මහාචාර්‍යතුමා හදුන්වලා දුන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නැමැති ක්‍රමවේදය මුලු ලෝකයක් ආකර්ශනය කරගත්තා. එතුමාගේ මූලෝපායික උපක්‍රමයන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකයේ දියුණු නොදියුණු රටවලුත් ප්‍රායෝගික භාවිතයට යෙදෙව්වා කියලයි කියන්නේ. කෙසේ වුනත් අහල තියෙන විදියට 1960 ගණන්වල ඉදන් මහාචාර්‍ය බිබිලේ මහත්තයාගේ සිහිනයක් වෙච්ච මේ ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියට අදාල සංකල්ප 1971 බිබිලේ වික්‍රමසිංහ වාර්ථාවෙනුත් 1980 COSMETICS, DEVICES AND DRUGS act එක, 1984 අන්තරායාකාර ඖෂධ පනත වගේ පනත් වලිනුත් හරියට සම්පූර්ණ කරගන්න බැරිවුනා. හැම රජයකින්ම කැබිනට් එක තුලදි මේ යෝජනා අදුෂ්‍යමාන බලවේග ඇවිත් හංගලා ගියාලු. අන්තිමට අද මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා. පල්ලෙහා Link එකේ අමුණලා තියෙන්නේ 2006 ජූලි 27 වෙනිදා කියන දවසක කැබිනට්ටුව හමුවට ආවයි කියන වාර්ථාව. අද 2015 පෙබරවාරි 6 වෙනිදා. ජාතිය වෙනුවෙන් කියලා අපි හදපු නායකයෝ - 1977 බිබිලේ මහත්මයා නැති වෙච්ච දවසේ ඉදන් අවුරුදු 38 ක් අරන් ඔහු එදා යහපත් යැයි කියපු යෝජනා ලංකාවේ පාර්ලිමෙන්තුවේ සම්මත කරන්න. ඉතිං සොභිත හාමුදුරුවෝ ප්‍රමුඛ සිරිසේන මහත්තයටත් යහපාලනයත් ඇතුලු පිරිසට මේ සම්බන්ධයෙන් අගය කිරීම් හිමිවන අතර අපිට හිතන්නත් යමක් තියෙනවා. ඒ තමයි පහුගිය කාලේ පුරාවට අපි වෙනුවෙන් අපි කියලා දාගන්න ගොඩක් නායකයෝ කරන්නේ මොකක්ද කියන එක.
ජාතියක් විදයට දක්ෂයෝ - උදා : කුමාර සංගක්කාර වගේ අය පාර්ලිමෙන්තු එනවා කිව්වාත් අපි කියනවා අපෝ් දේශපාලනයට නම් එන්න එපයි කියලා. මොකද අපි බයයි අපි ආදරය කරන අපිට වඩා දක්ෂ සමත්කම් ඇති කෙනෙක් අපිට වෙනස් මතයක් දරලා අපිට යහපත් රටක් හදනවට. ඉතිං අපි කැමති හොරු තක්කඩි ගොං ටෝක් කාරයෝ කුඩු කාරයෝ අපේ නායකයෝ කරන් අපි කැමති දේ කරනවට. අලුත් පාර්ලිමේන්තුවක් හදන දවසට හෙලුවෙන් කාමයෙන් නටන නලු නිලුයෝ කුඩු කාරයෝ ගංජාකාරයෝ රත්තරන් කඩන්නෝ අරක්කු පෙරන්නෝ විබහග අසමතුන් විවිධ වංචාකාර අසමතුන්ට බලය නොදෙන එක බුද්ධිමත් ඡන්දදායකයාගේ වගකීමක්.