Translate

Saturday, March 28, 2015

2014 February 16 - මටත් තියෙන්නේ පුදුම ප්‍රශ්ණ



දුක : විසි එක් වන සියවසයේ ලෝකවැසියන්ට හිමි ගමනාගමනයේ ආශ්වාදය දිනෙන් දින ලක් වැසියා කෙරෙන් තුරන්වීම, බීමට පිරිසිදු පානීය ජලය නැතිවීම, කෑමට විස නොයෙදූ ආහාර නැතිවීම, හයිවේ හැදුවත් මාර්ගතදබදය දුරු නොවීම, වසංගත රෝග නැතත් වකුගඩු රෝග ව්‍යාප්තිය හා ආයුෂ කෙටිවීම, පොලිසි ඇතත් නීතිය නැතිවීම, වනසතුන් රූපවලින් පමණක් දැකීමට සිදුවීම, වත්ත මැද ඇලේ තවදුරටත් මාලු දකින්න නැතිවීම, ගෙදර කුඹුක් ගහ ලඟ නාන ලිඳ යලි ක්‍රියාත්මක කල නොහැකි ලෙස අක්‍රියවී යාම, උරුමයෙන් ලද පං වල, කොහිල වල, ගල්ලැහැ වල යන වලවල් තවදුරටත් පවත්වාගෙන යාම සදහා ජලය නැතිවීම, වැසි ජලයෙන් වැඩ කල කුඹුරු ඉඩන් සදහා නිසි කල වැසි ප්‍රමාණවත්ව නොලැබීම, එළකිරි පානයට නැතිවීම, රෑ කෑම කඩවල සිංහල බත් වෑංජන ශූන්‍ය වීම, සුදනන්ට මෙන්ම දුදනන්ටද එක සේ හරියාම, සිල්වතුන්ට වඩා දුසිල්වතුන්ට දේශපාලන බලය හිමි වීම, හිතේ සතුට යනු අනෙකාට පෙන්නීමෙන් පමණක් ලැබෙන දෙයක් යන වැරදි ආකල්පය සිසුන් හා වැඩිහිටියන් යන දෙපිරිසිම තුල තහවුරු වීම ...
දුකට හේතුව : සමාජය පෙර නොවූ විරූ ලෙස එකිනෙකා සන්සන්දනය කරමින් බොරු පොස්වීමට යාම නිසා පෙර නුදුටු දේ පසුවිපරමකින් තොරව අනුවණ කමින් වැලද ගැනීම, නොහොත් ඒක පුද්ගල සාර්ථක සන්සන්දනය පිළිගත් සම්මත මිනුම් දණ්ඩක් ලෙස පවුල තුලත් රැකියා කරන ආයතන තුලත්, මිතුරන් අතරත් නෑදැයින් අතරත් - පෙම්වතුන් අතරත්, විවාහකයන් අතරත් අවිවාහකයන් අතරත්, සහෝදර සහොදරියන් අතරත් ගුරුවරු අතරත් වැඩිහිටියන් අතරත් පූජකයන් උගතුන් සිල්වතුන් ගුණවතුන් සඝ වෙද ගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගහන් මූලික සෑම සියලු දෙනා අතරත් එකසේ සමාජගතවීම නිසා ලස්සන පොස් එහෙත් අරුත්සුන් පුහු වචන තුල කොටස් වෙලද පොල මූල්‍ය අගයන් මිලංකා මිල දර්ශනයේ උච්ඡාවචනයන්ට ලක්වීම ...
දුක නැති කිරීමේ මාර්ගය : මෙවැනි මල සමයං ගැන නොසිතා ස්වකීය ජීවන අරමුණු හා හිතේ සතුට ගැන පමණක් සිතා විවේචනයෙන් හා පුද්ගල දෝෂාරෝපනයෙන් තොරව සම්මත උෂ්ණත්ව පීඩන තත්ව යටතේ (සඋපිදි) සෑම මොහොතක සිත සතුටින් හා සාමයෙන් තබාගැනීම

No comments: