Translate

Friday, March 27, 2015

2013 July 16 - කියෙව්වාට අපි උගත්තාද ? 



මට නිතරම හිතෙන දෙයක් තමයි - අපි අපිට ලබාදීපු, අපි විසින් ලබාගත් දැනුම ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව යොදන්න තැත් කරන ගතියේ අඩුව. අපි හැමෝම ගොඩක් අකමැතියි - වෙනස් වෙන්න. වෙනස් වෙන එකට තියෙන නොදැනුවත් අවස්ථිතියත් හරිම වැඩියි. ඉතිං පුංචිකාලේ අපි කියවපු මායා බෝංචි වැල, ඇලඩින්ගේ පුදුම පහන වගේ සුරංගනා කතා ටිකත් ඇති කියලා හිතෙනවා - අපි ඒ පොඩි කතාවලින් දෙන පණිවිඩය හරියට අහුලගත්තනන්. වැඩේ කියන්නේ - අපිට මේවගේ දෙන පණිවිඩය මොකක්ද, මේ වගේ වැදගත්කම මොකක්ද කියනවට වඩා, මේ රසවත් කතාන්දර කියපු උදවිය උලුප්පලා පෙන්න්නේ රෑ වෙන්න කලින් ගිහින් කතාන්දරයක් අහලා නැත්නම් කියවලා ඒකේ හිටපු කුමාරියගෙයි කුමාරයගෙයි ජීවිත ගැන හිතල උන්ට ආවඩන්න මිසක්, ඒ කතන්දර වලින් අපිට ගන්න දෙයක් තියෙනව කියලා අපිට නිකමටවත් හිතුනේ නැහැ. මම පහුගිය දවස්වල ළමයින්ට ඉගැන්නුවා. බඩ අඩුකොරගන්නේ කොහොමද කියලයි - computer ජිල්මාට් විෂයනුයි. කොච්චර කියලා දුන්නත් මේ සමහර ළමයි අනිත් අයගේ අත්දැකීම් විශ්වාස කරන්න කැමතිම නැහැ.

උදාහරණයක් විදියට කිව්වොත්, මම දවසාගානේ Thread Mill එකේ විනාඩි 30 ක් දුවලා කරගන්න බැරි දේ දවසට නිතිපතා විනාඩි 5 ක් - තමුන්ගේ කාමරේට වෙලා කරන්න දුන්න ව්‍යායාම වල ප්‍රතිපල රූපත් එක්ක පෙන්නුවත්, සතියකින් විතර අමතක වෙලා - මුන් ආපහු ඇවිත් ත්‍රෙඩ් මිල් එකේම දුවනවා. මුලින්ම තමුන්ගේ මනසේ පැලපදියම් වුන වැරදි චිත්‍රයක් මකන්නට එකපාර අමාරුයි. ඒකට ආයාසහක්, මෙනෙහි කිරීමක් මෙන්ම Awareness එකකුත් අවශ්‍යයි. ඒවගේම තමයි ගොඩක් දෙනෙක්ට එක අරමුණකින් එක දෙයක් දිගු කාලයක් කරන්න බැහැ. ජිම් එකට ආවොත් සතියයි දෙකයි වැඩිම. ටියුෂන් එක මසයයි. ව්‍යායාම ගැන හරිම උනන්දුවෙන් කථා කරන්නේ. ඉස්සරනම් මාර Fintness ලු, පුදුම Speed ලු, පට්ට stretching ලු, පුදුම විදියට code කලාලු - දැන් බැහැලු. දැන් බැහැලලු. අරක්කු බොන්න ගියත් එහෙමලු. ඉස්සර අම්බානට බීවලු. දැන් නවත්තලලු. දැන් ඒ වගේ බොන්න බැයිලු. අනික් වැඩත් එහෙමලු. ඉස්සර පුලුවන්ලු - දැන් බැහැලලු. ලංකාවේ එවුන්ගේ විතර අතීතය ගැන අභිමානයක් මම කවදාවත් වෙන කොහෙවත් දැකලා නැහැ. හැබැයි ගොඩක් ටොක්ස් දෙන අය වර්ථමානය ගැන සන්සන්දනය කර කර දුක් වෙනවා. ඇත්තටම වෙන්න ඕනේ තමුන්ගේ හැකියාවෙන් තමුන්ගේ උපරිමයට මහන්සිවෙලා සන්සන්දනයෙන් තොරව - තමුන් ලබන ප්‍රතිඵල ගැන සතුටු වෙන එක කියලා තමයි මට නම් හිතෙන්නේ.

මේ අතරෙම අපි නිතරම කියවන දේවල් වල ඇත්ත තේරුම මොකක්ද කියලා මට බලන්න හිතුනා. කරණීය මෙත්ත සූත්‍රය - නොදන්න අත්තම්ම කෙනෙක් සීයා කෙනෙක් ලංකාවේ නැහැ. ඒකේ තේරුම මොකක්ද - එදිනෙදා ජීවිතයේ සතුටින් අධිෂ්ධානශීලිව අභයෝගවලට මූණ දෙන්න, ඒකෙන් දෙයක් ගන්න බැයිද - බොරුවට කට දෙපැත්තේ කුණු කෙල ප්‍රේරණය වෙනකන් නාකි වෙලා මෙව්වා කියවනවට වැඩිය.
නිකන් බැලුවා ගාථා කීපයක තේරුම. පිස්සු හැදෙනවා ...
1.කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
තේරුම
ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.
2.සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො
තේරුම
සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.
3.නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
තේරුම
යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.
බලාපල්ලාකෝ මේකෙ තේරුම. මේක මතක් කරගෙන office එකට ගියාම එන අභියෝග සතුටින් ජය අරගෙන සැනසීමෙන් ජිම් එකටත් ගිහින් - නිදහසේ ඇවිත් බුදියගන්න පුලුවන්. මම ගියා ...

No comments: