Translate

Friday, March 27, 2015

2013 June 22 - පොසොන් පෝය


අද පොසොන් පෝය දවස. අම්මා උදේම නැගිටගෙන මටත් ඇහැරවනවා - පන්සලට හීල් දානේ ගෙනියන්න. වැස්ස. පාරත් කැඩිලා. ත්‍රීවීල් අයියට කෝල් එකක් දීලා ගෙන්නගෙන මම ආයෙත් ටිකක් අනික් පැත්තට හැරිලා නිදාගත්තා. 9 වෙනකොට අම්මා ආපහු ඇවිත් - අදවත් බණ ටිකක් අහන්න ඕනෙලු. ඉතිං TV එක දැම්මා. මෙන්න බොලේ කවුදෝ මන්දා හාමුදුරු කෙනෙක් කරුණාව මෛත්‍රිය බුදු බණ පැත්තක තියලා ආවේගශීලීව යටි ගිරියෙන් කෑ ගහනවා - මුන්දෑ හැමෝටම බණින ගමන් ජනාපතිතුමා ලද යුධ ජයග්‍රහණය - ඉන් අපිට යාපනේට යන්න පාර හැදුන හැටි ගැන මතක් කරනවා. කාතාව හරියට තල් අත්තට බොරලු ගහනවා වගේ. හිට්ලර්ගේ වගේ ආඥාදායක වාග් විලාශය. කාරුණික බවක්, තැන්පත් බවක්, වගකීම් සහිත මුහුකුරා ගිය පරිණත වියත් බවක් - කිසිම වචනයක නැහැ. මට මතක් වුනේ දම්ම පදයේ - මනසාචේ පදුට්ඨෙන, බාසතිවා කරොතිවා කියන පාලි පාඨය (ක්‍රෝධය පිරි මනසකින් කතා කරයි නම්, ක්‍රියාකරයි නම්). 

මේ බණින් කැලඹූණු මනසකට නැත්නම්, සෝ තැවුල් පිරුණ ලෞකික ජීවිතයට යම් හෝ සැනසිලිදායක බුද්ධිමත් මගක් හෙලි කරලා දෙනවට වඩා - රසවත් හරසුන් ඕපාදූප කතාවක් නිසා,TV එක පැත්තක තියලා රේඩියෝ එක දැම්මා. මෙන්න ඒකේ තවත් කතන්දරයක්. මේකා බොරු ගොත ගොතා කියනවා. සුමණ සාමනේර අශෝක රජතුමාගේ පෙර ආත්මේ තාත්තා කෙනෙක් වෙන්න ඇතිලු. කාලිංග යුද්ධෙ කියන එක මුට මතක නැහැ. මූ කියනවා යුද්ධෙන් පස්සේ මුලු ඉන්දියාවෙ ඉතිරිවුනේ ගස් ගල් විතරයිලු - සිතුල්පව්ව අවට කැලේ වගේ. ඉතිං අශොක රජ්ජුරුවෝකොහෙද යනකොට සුමණ සාමනේර හම්බ වෙලා - ගෙදෙට්ට එන්න කිව්වාලූ වේදිසා බිසවත් ඉන්න. මුට අශෝක රජ්ජුරුවන්ගේ ගෑනිගේ නම මතකයි - මමත් මුන්දැගෙන් තමා ඒක මතක් කරගත්තේ. මුන්දැ කොයි වෙලාවකවත් කතාව පුරාවටම අශෝක රජ්ජුරුවො වේදිසා බිසවගෙන් මොහොතකටවත් වෙන්කරන්නනේ නැහැ. ඉතිං බුද්ධිමත් ස්‍රාවකයෙක්ට තේරෙනවා මුන්දැගේ තියන මානසික ආතතිය හා මනස නිතරම හිරවෙලා තියෙන තැන. අද ශාසනේට ළමයි දෙන්නේ නෑලු - හැම අම්මම තමන්ගේ ළමයා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න හිතන නිසා. මේකට නීගෝධ පොඩි හාමුදුරුවො කියන එකට මිහිදු මහරහතන් වහන්සේ එක්ක මිහින්තලේට වැඩපු ඉත්තිය උත්තිය සම්බල බද්ධ සාල පණ්ඩුල උපාසක හා සුමණ සාමනේර කියන හත් දෙනාගේ සුමණ සාමනේරට පටලල ජාතික නාලිකාවක කිසිම වගකීමකින් තොරව යටිගිරියෙන් පුප්පනවා. ඉතිං හිතන්නකෝ මේ වගේ බොරු ගලප ගලප කියන අණුවන හිස් මිනිස්සු විශ්වාස කරල මොන දෙමව්පියොද තමුන්ගේ දරුවා ශාසනයට භාර දෙන්නේ. උගත් බුද්ධිමත් නීරෝගී දරුවෙකුට සාශනගත වෙන්න ආසාවක් ඇති වෙන්නනම් ඉදුරන් සන්සිදවපු, ප්‍රිය වචන කතාකරන, සැබෑවටම ජීවිතේ බාහිරට දැකිය හැකි ප්‍ර බොධමත් මනසින් හා රූපයෙන් යුතු, සුලු දෙයින් නොකැළඹෙන Ajhan Cha, Ajhan Brakmawanso, බලංගොඩ ආනන්ද මෛත්‍රිය, වගේ ඕනතරම් සැබෑ සිල්වත් ස්වාමින් වහන්සේලාගේ දැකීම ඇසුර හා පැහැදීම අවශ්‍යයයි.
අද උගත්තු වියත්තු සිල්වත් කියල බොහෝ වෙලාවට රාජ්‍ය නාලිකා වලින් උලුප්පන්නේ හොරු තක්කඩි නැත්නම් දුසිල්වතුන් - දේශපාලන අතවැසියන්. මුන්ගේ අමණ බොරු කථා අහලා ජාතියකට ආගමකට වෙන තරම් හානියක් කිසිම අනෙක් ආගමකින් සිද්ධ වෙන්නේ නැහැ. අපේ ගේ ගාව ගල්වලේ ගල් කඩන කලු ගල් වෙලෙන්දා - මාලිඟා කන්ද කියන වලගම්බා රජ දවසේ ඉදන් පැවතගෙන එන පෞරාණික සිද්ධස්ථානය බෞද්ධයෝ විතරක් ඉන්න ප්‍රාදේශිය සභාවත් එක්ක එකතු වෙලා හිතන්න බැරි තරම් වේගෙන් කඩාගෙන කනවා. මේ ගල් කඩන්නත් ප්‍රසිද්ධ බෞද්ධයෙක්. මීටර් 150 – 100 ක් විතර උස කන්දේ ලොකු ගල් වලක් තරමටම දැනටත් විශාල කොටසක් හිතාගන්න බැරිතරම් කඩල ඉවරයි. මේ ආරණ්‍යයට දැන් ලිදේ වතුරත් නැහැ. ගල කඩපු නිසා. ඉන්න ස්වාමින් වහන්සේලා - මස් මාංශයෙන් වැලකිලා, භාවනායෝගීව - TV වල්පල් පත්තර නැතුව නිහඩව භාවනා කටයුතු කරන් ඉන්නේ. හාමුදුරුවෝ කන්දේ ඉන්න එක - ගලේ ඉතිරි ටික කඩාගන්න එවුන්ට ලොකු ගැටලුවක්. ඉතිං අපේ ගෙදර ඇවිත් කියනවා - පාංශුකූලෙකට එන්න බැරි ආරණ්‍ය හාමුදුරුවරු මොකටදලු ? මුන්ට තේරෙන්නේ නැහැ - බුද්ධාගමේ පරම අභිලාශය වෙන නිවන කියන එකට යන්තම්වත් ලංවෙන්න පුලුවන් තමන් තනියම මහන්සිවීමෙන් පමණයි කියන එකවත්. කොහොම හරි මම රේඩියෝ එක off කරලා දාලා - අම්මට ඉංග්‍රීසි බණක් දාලා දුන්නා ඇමරිකාවෙන් හදපු. මේක කියන්නේ සුද්දියක්. හැබැයි සුද්දි ඇත්ත බුදු බණ විකුර්ති නොකර - බුදුන් දෙසපු අර්ථයෙන්ම දෙසනවා. අහලා බලන්නකෝ. ඇත්තටම කිව්වොත් ලෝකේ බොහෝ දියුණුරටවල බහුතරයක් මිනිස්සු - ලංකාවේ බහුතරයකට වඩා සත්‍යවාදීයි, අව්‍යාජයි, කාරුණිකයි - නිවැරදි දේට ගරුකරන ගතියෙන් යුක්තයි. ඉතිං බොරු බණ දාලා - පොසොන් පෝය දවසෙවත් මිනිස්සු මොහෙනුයි මිත්‍යාෙවනුයි අන්ධ කරන්න එපා කියන ප්‍රාර්ථනය තමයි අද අපිට වගකිය යුතු මාධ්‍ය ආයතන වලින් ආයාචනය කරන්න වෙන්නේ.

මේ වීඩියෝව විනාඩි 8 යි. හරිම සරලයි. බලන්න සුද්දෝ බුද්ධාගමේ මූලිකම ප්‍රායෝගික ඉගැන්වීම් එක්තැන් කරල මේ දේශනය හදලා තියෙන අපූරුව. අපිට මේ ටික ඇති හොදටම ජීවිතේ එදිනෙදා අභියෝග වලට ප්‍රායෝගිකවත් උද්යෝගිමත්වත් ප්‍රබෝධමත්ව මුහුණ දෙන්නත් - පසුතැවිලි වලින් තොරව නිවැරදිව ජීවත් වෙන්න ඉගෙන ගන්නත්.
කවුරු හරි වචන ගලපගන්න අපහසු කෙනෙක්ට පහසු වෙන්න කියලා මම මේක face book ලේඛන ගත කලා පල්ලෙහායින්. වැරදි තැනුත් ඇති. ගනන් ගන්න එපා.

There’s a Buddhist Story. One of Buddhist students approached him and asked, are you the Messiah? No – He replied. Well, are you a healer? No – He replied again. Well are you a teacher - No. Then the desperate student ask – Well, then what are you? Buddha replied – I am awake.
“Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense. First - rely on the teaching and the meaning of the teachings. Not on the words. Second – rely on the teaching. Not on the personality of the teacher. Third – Rely on the real wisdom, not superficial interpretation; And - fourth, Rely on the essence of your pure Wisdom Mind, not on judgmental perceptions.”
“If you knew what I know about the power of giving, you would not let a single meal pass without sharing it in some way.”
“Thousands of candles can be lighted from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases by being shared."
"Neither fire nor wind, neither birth nor can death erase our good deeds. You, yourself, as much as anybody in the entire universe, deserve your love and affection. “
“There is no fire like greed, No crime like hatred, No sorrow like separation, No sickness like hunger of heart, And no joy like the joy of freedom. Health, contentment are your greatest possessions, and freedom your greatest joy. Look within. Be still. Free from fear and attachment, know the sweet joy of living in the way.”
“The thought manifests as the word; the word manifests as the deed; the deed develops into habit; and habit hardens into character. So watch the thoughts and its ways with care and let it spring from love born out of concern for all beings.”
“There is nothing more dreadful than the habit of doubt. Doubt separates people. It is a poison that disintegrates friendships and breaks up pleasant relations. It is a thorn that irritates and hurts; it is a sword that kills.”
“The tongue like a sharp knife... Kills without drawing blood. Word has the power to destroy and heal. If your word is true and kind, they can change our world. Anger will never disappear so long as thoughts of resentment are cherished in the mind. Anger will disappear just as soon as thoughts of resentments are forgotten. “
“Everything is based on mind, is led by mind, is fashioned by mind. If you speak and act with a polluted mind, suffering will follow you, as the wheels of the oxcart follow the footsteps of the ox. Everything is based on mind, is led by mind, is fashioned by mind. If you speak and act with a pure mind, happiness will follow you, as a shadow clings to a form.”
“Better than a thousand hollow words Is one word that brings peace. Hatred is not seized through hatred at any time. Hatred seized to love. This is the eternal rule. Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned. What we think, we become. Fill your mind with compassion. “
“Pay no attention to the faults of others, things done or left undone by others. Consider only what by oneself is done or left undone.”
“An insincere and evil friend is more to be feared than a wild beast; a wild beast may wound your body, but an evil friend will wound your mind !!!. “
“Avoid all haughty, conceited, proud, and arrogant minds, and remain peaceful and subdued. Generate compassion for all living beings and specially avoid despising and humiliating them. Do not be jealous of others good qualities. But Out of admiration adopt them to yourself. Do not look for the faults of others. But look for the faults of yours and purge them like bad blood. Since you cannot tame the mind of others until you have tamed your own, begin by taming your own mind.”
“No one save us but ourselves. No one can and No one may. We our self must walk the path. Abandon wrong doing. It can be done. If there are no likelihood I would not ask you to do it. But since is it possible, since it bring blessing and happiness, I do ask of you – abandon Wrong doing. Cultivate doing good. It can be done. If that bring deprivation and sorrow, I would not ask you to do it”
“We are what we think. All that we are arises with our thoughts. With our thoughts, we make the world. “
The last words of Buddha…
“All conditions in the world are changeable. They are not lasting. Try to accomplish your own salvation with diligence. Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
Just tried to Translate the voice in to words.It was an amazing learning.
https://www.youtube.com/watch?v=cI6VQSJ3BYU

No comments: