Translate

Friday, March 27, 2015

2013 August 17 - Face Book එක වහපන්ලු !



අපේ අම්මා උදේ පාන්දරම කෝල් කෙරුවා. මගේ Face book account එක වහන්නලු. හොදටම කලකිරිලා. නැන්දත් කෝල් කොරනවා. මාමත් කෝල් කරලා. මම බැලුවා මොකක්ද මේ ගිනිවිජ්ජුම්බරේ කියලා. Face book එකේ විකාර ලියන්න එපාලු. මොඩ පණ්ඩිත කතා හෑලි ලියන්න එපාලු. හැමදේම ඇත්ත ඕනැවට වඩා දකින්න යන්න එපාලු. ලියන එකක් පොතක ලියපංලු. උඹ සමහර වෙලාවට දේශපාලනය කතාකරලලු. සමහර වෙලාවට ලංකාවට බැනනලු. දෙයියනේ !!! මේ පොස්ට් වල කාටවත් බැනලනම් නැහැ - නමුත් අපේ ආකල්ප මීට වඩා වෙනස් වුනොත් තවත් ලංකාව යහපත් වෙයි කියන තැන ඉදන් තමයි මේවා ලියලා තියන්නේ. ඉන්ටනෙට් එකේ ලියන්න එපාලු. ඕවා ලෝකේ පුරා යනවලු. ඉතිං එක මාමා කෙනෙක් කිව්වලු බොරු උගත් පඩියෙක් වෙන්න යනවා කියලා. තවත් එක්කෙනෙක් කිව්වලු මේකා මැරුම් කයි කියලා. මේකා මහ අමුතු මිනිහෙක්ලු. අසාමාන්‍ය දේවල් ලියලලු. මම බොරු - නැත්නම් ගොතපු කතා නොලියපු නිසා දන්නවා, මේ ලියලා තියෙන්නේ මම එදිනෙදා ජීවිතේ ජීවත් වෙද්දි සැබැවින්ම අත්දැකපු සාමාන්‍ය ලෝකය ගැන කියලා. ඉතිං මම මේ ලියන්නේ - ලියන එකෙන් ජීවත්වෙන්න නෙමෙයිනේ. ඇත්තටම ලියලා ලියලා රසිකයෝ පිරියක් ආයාසෙන් හදාගන්න කියල හිතුවෙත් නැහැ. ලියලා ලියලා තරහා කාරයෝ ගොඩක් එකතුකරගන්න හිතුවෙත් නැහැ. වෙහෙසකර දවසක පාලුව කාන්සිය මැකිලා යන්න කියලා - වැඩිම වුනොත් පැයක් තමයි මේ වැඩේට මිඩංගු කලේ. නමුත් Like dislike දකිනකොට, ගොඩක් අය තව ලියපන් කියලා දිරිමත් කරනකොට, තවත් අය අදහස් යෝජනා චෝදනා දෙනකොට - මටත් ආසා හිතෙනවා ලියන්න.

 ඉතිං මේ දවස්වල මේ සටහන් වලට මිශු අමිශ්‍ර යහපත් අයහපත් සුභවාදී අසුබවාදී අදහස් උදහස් ලැබෙනවා. සමහර අය කිපිලා දොසුත් කියනවා. සමහර අය අගය කරනවා. අර අපේ හාමුදුරුවන්ගේ තියෙන මහ රහතුන් වැඩි මඟ ඔස්සේ කියනවා වගේ දෙයක් අගය වෙනකොට ඒ දේ පහත හෙලන්නත් ඒ හේතුවම මූලික වෙනවා. ඒකතමා මගේ හිතේ සනාතන ධර්මය. මුගලන් හාමුදුරුවෝ ධර්ම කතිකත්වයෙන් - හා ප්‍රාතිහාර්යන් වලින් ගොඩ දෙනෙක් ආලෝකමත් කරන කොට ලබන ප්‍රසිද්ධියම - ඒ හාමුදුරුවන් තීර්තකයන්ගේ ද්වේශයට ලංකරන්නත්, තීර්තකයන් අතින් කෘර වධ බන්ධනයට ලක් වෙන්නත්, අවසානයේ කටුක මරණයක් ලබන්නත් හේතුවෙනවා. ඒ අතරේ කර්මයත් ගොඩක් දේවල් ගානට තැනට සෙට් කරනවා. මම මේවා නොලිව්වත් - මටත් ඒ ධර්මය එලෙසින්මයි.අම්මටත් එහෙමයි. ආදරණීය නෑදෑ පිරිවරටත් එහෙමමයි. මිතුරන්ටත් එහෙමයි. හතුරොනම් දැනුවත්ව නැහැ. ඒවගේම මේ ලෝකේ සෑම සියලු සත්වයන්ටත් ඒ දේ එහෙමයි. වරදවා හිතන්න එපා - මේක බණක් හරි, ධර්ම දේශනයක් හරි කියලා.

අර කාශ්‍යප මාතාවට එක පාරටම දරුවා සසුන්ගත වෙච්චර දුක දරාගන්න බැරි වුනා වගේ - ලෝක සම්මතෙන් අපි ඇලිලා හිටියා කියලා - ලෝක සම්මතයට අදාලව අපේ ජීවිත වෙනස් කරගන්න රඟපාන්න යන එක අණුවන කමක් කියන එක. මගේ වගේම මාව ලියන්න නිතරම දිරිමත් කරන මිතුරන්ටත්, ඒ වගේම විවේචනය කරන මිතුරන්ටත් තියෙන්නේ පොදු අරමුණක්. ඒ තමා අදට වඩා ලස්සන සාමකාමී සැනසිලිදායක සුන්දර යථාර්ථවාදී ජීවිත දර්ශනයක් සහ ජීවනයක් අපේ රටේ අනාගත පරපුරට - නැත්නම් මනුෂ්‍ය සංහතියට දායක කරන එක.ඉතිං මේ ලෝකේ මෙතෙන්ට - අද තියෙන් තැනට ගෙනාවේත් ලෝකය සුභවාදීව වෙනස්කරන්නෙත් මම වගේ යමින් එමින් ගමන් face book එකේ ලියපුඑවුන් නෙමෙයි. අනිත් මිනිස්සුන්ගේ යහපත් සුභසිද්ධිය - ලොකයේ යහජීවනය ගැන පරාර්ථකාමීත්වයෙන් දිවි පරිත්‍යාෙගන් වැඩ කරපු ත්‍යගශීලි අධිශ්ඨානශීලි මිනිස්කම ඉක්මවායාමට උත්සාහ කරපු එවුන්. ලංකාවේ බහුතරය දෙමව්පියෝ කැමති තමන්ගේ දරුවා තවත් හොදින් උපයන, සුන්දර යුරෝපීය රටක ප්‍රසිද්ධ කොම්පැනියක නැත්නම් විශ්වවිද්‍යාලයක ලස්සන කාර් එකක යන, ලස්සන නෝනා කෙනෙක් ඉන්න, නැපියේ චූ කරන්නේ නැති cute බබෙක් එක්ක - අහවල් ‘X’ මාමා - අහවල් ‘Y’ අයියා වගේ කරන්න. ඉතිං හැමෝටම ඒ වගේ වෙන්න බැහැ සමහර වෙලාවට කොච්චර ආසා වුනත්. මිනිස් ජීවිත හරිම අසම්පූර්ණයි. ඒ වගේම unpredictable. මගේ යාලුවෙක් පාසැලේදී නිතරම කියනවා වගේ - මොනව කලත් සර් පඩේ ගඳයිනේ. ඉතිං වෙනස් පෞරෂයන් හා විවිධත්වය තුලින්ම තමයි ඔය අපි ලෝකය කියලා දකින සුන්දරත්වය එන්නේ.
“Be who you are and say what you feel because those who mind don't matter and those who matter don't mind.”
දොස්තර Seuss

No comments: