Translate

Friday, March 27, 2015

2013 August 21 - රටට වසදී අපිට හෙට හදමු!




අද Daily mirror online news paper එකේ තවත් දරුණු පුවතක්.ලංකාවේ ඌව පළාතේ විතරක් 3000 වකුගඩුරෝගීන් හම්බවෙලාලු. මේ තුන්දාහ තව මාස 6 ක් 10 ක් අතර කාලසීමාව ඇතුලත අපෙන් සමුගන්න නියමිතයිලු. ඉතිං රතුපස්වල ගැටලුව, Fontera කිරිපිටි උහතෝකෝටිකය, වගේම වකුගඩු කතන්දරෙත් කියන්නේ එකම දෙයක්. ඒ තමයි අපේ ස්වභාවික පරිසරය ලාංකික අපිට, නැත්නම් අපේ තන්හා බරිත ස්වාභාවිකත්වය ඉක්මවා යන්න උත්සාහකරන ජීවන රටාවට විරුද්ධව දරුණු යුද්ධයක් ප්‍රකාශ කරල කියන එක. මේ ප්‍රහාර කොච්චර දරුණුද කියන එක ගැන තවමත් අපේ ගොඩක් දෙනෙක්ට නිසි වැටහීමක් නැහැ. නැත්නම් අපි ඒ ගැන තැකීමක් නැහැ ආත්මාර්ථය තකාම.
කොහොම හරි දැනට අවුරුදු 30 40 කට විතර කලින් mass scale එකේ වෙලඳ ප්‍රචාරක උපායන්වලින් මිනිස්සු අතර ජනප්‍රිය කරපු පිටි කිරි බීම අද අපිට ඉක්මනට මරණයේ දොරටු කිට්ටු කරන්න පටන් අරන්ලු. අපේ ගෙවල්වල ග්‍රාමීයව ජීවත්වන හැට පැනපු උදවියටත් උදේට පිටි කිරි වීදුරුවක් නැතුව නැගිට්න්න බැහැ කියන තත්වයට අපේ ඔලු කුරුවල් වෙලා. ඇත්තටම මෙහෙම කියන අපේ අම්මලා ඕන තරම් මම අපේ ගෙවල් අවටත්, මිතුරන්ගේ ගෙවල් වලත්, රට පුරාම දැකලා තියෙනවා. හැබැයි තාත්තලනම් එච්චර පිටි කිරි පස්සේ එළවන ගතිය අඩුයි කියලයි දැනුනේ. ඉතිං අපි ගොඩ දෙනෙක් නොදන්නවා වුනාට ලංකාව කියන්නේ නවසීලන්තයෙන් පිටි කිරි වැඩිපුරම ආනයනය කරන රටක්. අපි නවසීලන්තෙන් සල්ලිදීලා පිටි බොනවා කියන්නෙත් ආඩම්බරයක් සමහරුන්ට. නවසීලන්ත පිටි කිරි විකුණන එක නැවතුන ගමන්, පස්ස ගිනි ගත්ත ඒ රටේ විදේශ ඇමතිතුමා පඩුරු පාක්කුඩම් බැඳගෙන ලංකාවට තකහනියක් දුවන් ආවේ අපිට තියෙන ආදරේ නිසාමයි. සාරවත් තනනිල් අතරේ සීතලට සරු තණ කමින් නිදැල්ලේ වැඩෙන හරක්ගේ කිරි කියලා තමයි ලස්සන රෝසපාට මන්ත්‍රී නැන්දත් කිව්වේ. පෙන්නුවෙනම් හෝමෝන ගහලා කෘතිම තණකොල කවලා තන බුරුල්ලට මැෂින් ගහලා - හැරෙන්න පෙරළෙන්න බැරුව එක තැන ගාල් කරපු අසරණ හරක්. හැබැයි මේ නලඟන පාර්ලිමේන්තුවෙත් කන්නේ පැණිකොමඩුයි මී පැණියි. එතුමිය පාර්ලිමේන්තු උදේ කෑම මේසයට මී පැණි නැහැ කියලා ලොකු විප්පලයක් කරලා මී පැණිත් උදේ කෑම වේලට එක්කර ගත්තා කියලා පත්තර වල තිබ්බේ වැඩි ඈතක නෙමෙයි. එව්වා මොනවා වුනත් අපේ අම්මලානම් තාම හොයන්නේ රෝසි ඇන්ටි බොන ඇන්කර් කිරි.
මේ වගේ නැගල යන ආයේ නැතිව යන, එහෙම ගිහින් අයෙත් උඩ එන කතන්දරේ තමා ආසනික්. ඌවේ දැනටමත් මරණාසන්න වකුගඩු ලෙඩ්ඩු තුන්දාහට ආසනික් නැත්තනම් විනාශකාරී කෘෂි රසායනික වල සම්භන්දයක් නැතැයි කියලා මොලේ ඇති කිසිවෙක්ටනම් දැන් කියන්න බැහැ. හැබැයි තුන්දාහක් මලත්, ආසනික් ගැන කතාවත් නිතරම යටයන දෙයක්. අපේ බත්වල දැනටමත් ආසනික් ඇති. ඇමරිකාවේ MSN නිව්ස් වල කියනවා කෑම වේලෙන් පුලුවන් තරම් බත් අඩු කරගන්නලු ආසනික් තියෙන නිසා. ආසනික් නිසාම තමයි වකුගඩු ලෙඩ එන්නේ කියලා ගොඩක් කාලෙකට කලින් ලංකාවේ විද්වත්තු කිව්වත් ඇහුවේ නැහැ - නමුත් අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානේ හම සුදු මහත්තුරු කිව්ව නිසා - ටිකක් පිළිගත්තා. ඇත්තටම ගොඩක් අය සුද්දෝ ලඟින් ආශ්‍රය නොකරන නිසාත් උන්ගේ හමසුදු නිසාත් විලාසිතා බර ජීවන රටාව නිසාත් හිතනවා, සුද්දෙක් කිව්වොත් - ඌ විතරයි දෙයක් හරියට දන්නව ඇත්තේ කියලා. මොකා කොහොම කිව්වත් මේ විස මූලද්‍රව්‍ය වල හානිය වැඩි පුරම භාර දෙන්නේ නූපන් කුසතුල සිටින දරුවන්ටයි ඒ වගේම අලුත උපන් ළදරුවන්ටයි. මොකද මේ අයගේ සිඟිති සංවේදී අවයව වලට, ලපටි සම්වලට මේ ජලයට මිශ්‍ර වී හෝ ආහාර දාමතුලින් ඇතුල් වන මේ විස ඔරොත්තු දෙන්නේ නැහැ.
ප්‍රාදේශීය වශයෙන් ගත්තොත් බස්නාහිර පළාතයි උඩරට කඳුකරයයි තමයි මීට අවුරුදු 50 කට විතර කලින් පිරිසිදු බීමට සුදුස් වතුර නිදැල්ලේ නොමිලේ තිබ්බ ප්‍රදේශ වුනේ ලංකාවේ. මොහොතකට සීත කදුකරේට යන්න දුර නිසා වැලිවේරිය බැලුම්මහර ඇලට වෙලා තියෙන දේ හිතලා බලන්නකෝ. මේ ඇල මම කුඩා කාලෙත් කලාතුරකින් තමයි වතුර අඩුවෙන්නේ. අද එක පෑවිල්ලටත් ඇල ගොඩ වෙනවා. ඉතිං අපේ සංවර්ධනය කියන්නේ - වැස්සක් වැස්සොත් පොළවට වතුර උරන්න තැනක් නැහැ, rain water harvesting ක්‍රමයක් නැහැ - එක්කෝ කාපට් පාරවල් උඩට නැත්නම් වහල උඩට වැටෙන ජලය පිම්මේ මුහුදට ගලලා යනවා. රැඳෙන්න ඉඩ නැතුව. ඉතිං භූ ගත ජල මට්ටම ඉහල යන්නේ නැහැ - නැත්නම් ප්‍රශස්ථ මට්ටමේ රදන්නේ නැහැ - ඇයි ?වැසි ජලය රඳවා නොගන්න අතර නිමක් නැතිව අපි ළිං වලින් භූගත ජලය එලියට ඇදල අරගන්නවා. මීට අතරම රතුපස්වල වගේ රට පුරා තැන තැන තියෙන කර්මාන්තශාලා භූ ගත ජලයටත් ඒ වගේම අවට ජල මූලාශ්‍ර වලටත් acid දාලා වතුර ඇඹුල් කරල දෙනවා, ඩයි දාලා වතුර පාට කරලා දෙනවා - රසදිය දාලා වතුර රස කරලා දෙනවා. තාම අපි දන්නේ නෑ නේ ලංකාවේ industrial කුනු කඳු තියෙනවා කියලා. මට්ටක්කුලිය වගේ විශාල කුණු කදු හදලා අපි වගුරු බිම් ටික ගොඩ කරලා නවීන නිවහන් හදන්න හිතනවා. ඒ අතර ගොඩ කරන්න ගත්තු කුණු වල තිබ්බ රසායන ද්‍රව්‍ය, විශේෂයෙන්ම බැර ලෝහ, බැට්රි ඇසිඩ් හා නොයෙක් රසායන ද්‍රව්‍ය ටික ටික භූගත ජලයටත් අවට ජල මූලාශ්‍රවලටත් ආදරයෙන් ව්‍යාප්ත කරනවා. උඩරට සුන්දර කඳුකරය තවත් සුන්දර කරන්න - කැලෑ ටික කපලා අල හිටවනවා. සරු අස්වැන්න ගන්නත් එපායැ. අල බරට වඩා වැඩි පුර පෝර තෙල් ගහනවා. ඉතිං මේ තෙල් වල තියෙන්නේ විස මිසක් අපිට ආදරේට හදපු ආසනික් නෙමෙයි. මේක කියවපු කෙනෙක්ට නිකමට හිතෙනවා ඇති දැන් - අපි මේ විස ඔක්කොම අරන් තියෙන්නෙත් පිට රටවලට සල්ලි දීලා කියලා.
ඉතිං මේ විදියට අපේ පරිසරය විනාශකරනකොට රූපවාහිනියෙන් විවිධ ප්‍රචාරණ පුවරු ආදියෙන් අපේ ආකල්ප විනාශ කරනවා. ලස්සන ගෙදර බේක් ලයිට් වලින් හදපු ලස්සන සෝපා එකේ බාගෙට හෙලුවැලි කලිසම ඇදපු Sexy අම්මා හෝමොන ගහපු චිකන් සුප් එක හදනකොට බොඩි පිට් ගහපු - ගල් ශෝට ගහපු තාත්ති කොහෙද මන්දා බැංකුවක පව්ලටම ඉන්ෂුවරන්ස් එකක් දාලා. ඉතිං පවුලට ආදරේ තාත්ති අම්මිව Multinational Mall එකේ ශොපින් එක්කන් ගිහින් සල්ලි දීලා ක්ෂණික ආහාර පැකැටුයි, fast foods, සීනි දාපු බීම, හෝමෝන ගහල හදපු හැම් බේකන් චිකන් පුකන් අරන් එන්නේ, ගමේ සිල්ලර කඩේ නැත්නම් ඉරිදා පොලේ තියෙන කවුපි මුන්ඇට කඩල මංඥොක්කා බතල කොහිල වලට හිනහත් වෙන ගමන්. සිංහල ගොටු කොළ තිබ්බත් ගන්නේ නැහැ. කවුරුහරි පොශ් බේබි කෙනෙක් දැක්කොත් ලැජ්ජයි කියලා සැලඩ් කොල ඉල්ලන තරුණ නොනල දැන් ඕන තරම්.
මේ අතර සමහර දොස්තර මහත්තේලා හරහම කූට වෙළඳ සමාගම් සමාජයට බොරු කියවනවා. දැන් අලුත්ම කතාව තමයි - අවුරුද්දකට වඩා දරුවන්ට මව් කිරි දෙන්න ඕනේ නැහැලු. අවුරුද්දෙන් පස්සේ දෙන කිරි වල වැඩක් නැහැලු. දරුවගේ ඇඟට ඒවා උරන්නේ නැහැලු. අවුරුද්දෙන් මව් කිරි දෙන එක අඩු කරලා ළදරු පිටි සමඟ අතිරේක ආහාර දරුවට දෙන්නලු - සිරිලැක් නෙස්ටම් සීරියල් වගේ පිට රටින් ගෙනාපුවා. මේවා කියන සුද්දෝ අපේ පරිසරයේ ජීවත්වෙලා නැහැ. උන් දන්නේ නැහැ අපේ ආහාර වට්ටෝරු ගැන. ඉතිං ඉන්ටනෙට් එකෙන් සුද්දාගේ පොතෙන් ඉගෙන ගන්න අපේ දොස්තර මහත්තුරු සුද්දගේ පොතේ තිබ්බ දේ ගැන බොරු ලංකාවේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ඔලු වලට දාලා විකෘත්ති කරනවා. අද විශම වෙළඳ දැන්වීම් තුලින් දරුවෙක් හා පවුලක් කියන්නේ ජීවන රටාවකට වඩා විලාසිතාවක් කරලා. ඇත්තටම මේක කරලා තියෙන්නේ, හිතා මතාම කාන්තාව හා ඇගේ ස්ත්‍රී මානසිකත්වය මැනවින් අධ්‍යනය කරලා, ඇයව Impress කරවන්න හදපු විකාර විකෘත්ති වෙලඳ දැන්වීම් වලින්. කූට වෙළඳ දැන්වීම් වල නිතරම ඉලක්කය වෙන්නේ අපේ ලාංකික පවුලේ මුදුන් මුල වෙන කාන්තාව. ඒ වගේම ලංගිකත්වය තුලින් පිරිමි ආකල්ප වලට පිරිමින්ටත් හොරෙන් දැල දානව. මේවට දැනටමත් ගොදුරවුන ගොඩක් නූතන අම්මලාගේ ක්‍රමය වෙලා තියෙන්නේ මේ විකෘත්ති නිවැරදි නොවූ වෙළඳ දැන්වීම් තමන්ගේ ජීවන දැක්ම කරගන්න එක. ඉතින් සීසර් එකෙන් නවලෝක හොස්පිටල් එකේ දරුදුක නැතුව බේබි හදන අම්මලා බලන් ඉන්නේ කොයි දවසෙද කිරි දෙන එක නවත්තන්නේ කියලා. මොකද Saloon එකේ, කොන්ඩකුරිංඥා ගහපු, අමුතු පාටට කොණ්ඩේ පාට කරපු, කසාද කඩා ගත්තු රූපලාවන්‍ය අක්කා කියනවා කිරි දෙන්න ගියොත් දිගටම - අම්මිගේ sexy ගතිය යනවා කියලා.
ළඟදි මගේ හොදම මිතුරෙක්ගේ පුතාගේ පළවෙනි උපන්දින සාදයට ගියා. අපි අත්තටම මිතුරන්ට වඩා සහොදරයෝ කිව්වොත් තමා නිවැරදි. මෙන්න බොලේ මේ අහිංසක කිරි සප්පයට අවුරුදු එක වෙද්දි බර ගාණක් දීලා හොදටම ඩයි දාලා හදෝපු කොච්චියක් හරි නැවක් හරි වගේ විච්චූර්ණ වෛවර්ණ කේක් ගෙඩිය - කපලා පොඩි එකාට ඩයි කවන්න ලෑස්තිය අප්පුඩි ගහලා. මටත් පුදුම ආවේගයක් ආවේ මගේ උගත් ඉංජිනේරු සහෝදරයා කරන්න යන ගොන් වැඩේට - හොදටම ඩයි දාලා අසිසින් කරපු දර්ශනීය විස ටික පොඩි එකාගේ කටට ලංකරනකොට මම ටිකක් Rude වුනා. මම මැද්දට පැනලා ඒකේ අයිසින් අරන් මගේ ශර්ට් එකේ ගාලා පෙන්නුවා - තෝ බලපිය අහිංසක පොඩි එකාට කවන්න හදන වස මොනවද කියලා. මේ අයිසින් පාට ශර්ට් එක හේදුවත් යන්නේ නැහැ. මගේ යාලුවට පිරිස ඉදිරියේ ටිකක් ලැජ්ජා හිතුනත් ඔහුට ඒ දේ අවබෝධ කරගන්න තරම් බුද්ධිය තිබ්බ නිසා ආයේ මම ඉන්නකම් පොඩි එකාට කේක් කවන්න ගියේ නැහැ ලුමිනස් පාට අයිසින් එක්ක. මේ ලස්සන සුරතල් අහිංසක දරුවා උපදිද්දිත් විශෙෂ වෛද්‍ය උපදෙස් දීලා තිබ්බේ - විශේෂ පරිස්සමින් තියාගන්න. තාත්ත අම්මා නොදැන වෙළඳ දැන්වීම් අනුකරණය කරන්න කරපු උත්සවයක් විදියට තමයි මට ඇත්තටම ඒ උත්සවය පෙනුනේ. මම හිතන්නේ අපි හැමෝම මේ වගේ සාද ගොඩක් දැකලා තියෙනවා, සහබාගී වෙලා තියෙනවා - හැබැයි මට මගේ එකෙක්ට වගේ විරුද්ධ වෙන්න පුලුවන් වුනේ මෙතැන විතරයි.
ගොවිතැන් ගැන ප්‍රචාරණයත් මීට දෙවෙනි නැහැ. මීට පරම්පරා කීපයකට කලින් මිනිස්සු තෙල් ගැහුවද ? බත් හැදුනේ නැද්ද? ඇත්තටම මේ තෙල් පෝර ගැහිල්ලෙන් ගොවියෝ ලබපු long term benefits මොනවද කියලා දැන්වත් හොයලා බලන්න ඕනේ. මුතුන් මිත්තන්ගේ කාලේ ඉදන් සරු කුඹුරු - දැන් නිසරු මුඩු බිම් බවට පත්වෙලා පහුගිය අවුරුදු 30 40 ඇතුලත. ඉතිං මේ පාරම්පරික කුඹුරු කොච්චර නිසරු වෙලාද කියනවනම් - පෝර නොදා, තෙල් නොගහ - ගොඩගන්න බැරි තරමට මේවා ජරා ජීර්ණ වෙලා. වතුර තවදුරටත් කුඹුරුවල රදන්නේ නැහැ. වල් වැවෙනවා. ඉතිං හොදම උදාහරණ ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු යායවල්. මේවා එකක් වත් වැඩත් නැහැ. පෝර ගැහුවත් ඉස්සර විතර අස්වනු නැහැලු. මෑතක් වෙනකම්ම මේ කුඹුරු වැහි වතුරෙන් වැඩ කලේ. අද වැස්සොත් කුඹුරු ගලලා යට වෙනවා, පෑව්වොත් ගොවිතැන් ඉඩෝරෙට පාලු වෙනවා.
ඉතිං මේ වගේ උදාහරණ හේතු කාරණ අපිට පොත් පිරෙන්න ලියන්න පුලුවන්. නමුත් ඒ මොනවා වුනත් අපි අපේ දරුවන්ට ජීවත් වෙන්න ඉතිරි කරන්න හදන රට මොකක්ද කියලා හිතනකොට අපි සතු වගකීමෙන් අපිට කාටවත් වචනයක් වතරක් කියලා ගැලවෙන්න බැහැ කියලා හිතෙනවා. අපිට ඇත්තටම කරන්න දෙයක් නැතුවට වඩා අපි කරන්න දෙයක් හිතන්නේ නැති කම තමයි තියෙන්නේ කියලා මට හිතෙන්නේ. අපිට ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් මොනවද ? ඇත්ත - ආපහු රට අනිත් පැත්ත හරවන්න බැහැ, ආපහු තිරික්කලේ යන කාලයකට යන්න ලේසියෙන් බැහැ, ආපහු අපි හම්බකරපු දේවල් අත අරින්න බැහැ. රටේ සමහර ආයතන වලා නිලතල හොබවන ශේෂ්ඨයෝ වගේ ගැටලුව ගැනම විතරක් කියලා ගැටලුව උලුප්පලා මිනිස්සු කුලප්පු කරලා අතරමං කරනවාට වඩා - මේ අභියෝග ඉදිරියේ අපිටත් කරන්න තියෙන දේවල් ටිකකුත් කියලා නැවැත්තුවොත් හොදයි කියලා හිතුවේ ඒකයි.
මට හිතෙන්නේ පළවෙනි දේ තමයි - වෙන්න යන දේ ගැන AWARENESS එක. මේක ගැන අවබෝධයෙන් හා විපරමින් සිටියොත් විතරයි දෙමව්පියන්ට තමුන්ගේ දරුවවත් මේ ව්‍යසනයෙන් ගලවාගන්න පුලුවන් වෙන්නේ. ඉතින් මේකේ වගකීම පිරිමියාට වඩා ස්ත්‍රීය සතු වුනොත්, ඇයට ඇගේ පවුලම මේ ව්‍යාජ වානිජකරණයේ මායාවෙන් ගලවගන්න පුලුවන්. මොකද ලංකාවේ දේශපාලන ක්‍රමය හා ව්‍යාපාරික බලය හමුවේ අපිට ප්‍රායෝගිකව හිතන්න බැහැ - ඔවුන් සතු උපායන්, ධනය හා බලය ඉදිරියේ සාමූහිකව මෙව්වට විරුද්ධව එකාවන්ව නැගී සිටින්න පුලුවන් වෙයි කියලා.
අනික් දේ තමයි රටේ නායක කාරක උදවිය මේවා ගැන සංවේදීව බලලා නෛතික රමුව තුල මෙවන් වැරදි ප්‍රචරණයන්, වැරදි රසායනයන්, වැරදි තාක්ෂණයන් භාවිතයෙන් තුරන් කරන්න කටයුතු කරන එක. ඒක ඉතිං අපි හැමෝම ගොඩක් කල් ඉදන් බලන් ඉන්න දෙයක් වුනත් - ක්‍රියත්මක වෙන්නේ හෙමින් කියන එක තමයි පේන්න තියෙන්නේ.
තුන්වන කාරණය තමා SEGMENTATION - නැත්නම් - Separation of Concerns. කොහොමද සෙග්මන්ට් කරන්නේ. අපිට උදාහරණයක් විදියට ජනාකීර්ණ මහා මාර්ග හා නගර වෙනම කෘතිම කලාපයන් ලෙස නම් කර ඒවාට අදාල Best Practices සහ Ground rules ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්න පුලුවන්. ග්‍රාමීය ප්‍රදේශ හරිත කලාපයන් ලෙස නම් කර - මෙම කලාපයන් තුල රසායන ද්‍රව්‍ය භාවිතය හා අහිතකර කාර්මික කෘෂිකාර්මික කර්මාන්තයන් කිරීම නීතියෙන් අධෛරමත් කරන්න පුලුවන්. Industrial Zones ස්වභාවික පානීය ජල මූලාශ්‍ර හා ජනාවාසවලින් දුරස් කර - කර්කෂ නිසරු හම්බන්තොට, මන්නාරම, පුල්මුඩේ වගේ ජනශූන්‍ය පැති වලට ගෙන යන්න පුලුවන්.
මට හිතෙන විදියට තවත් අපි පරක්කු නැහැ. හැබැයි අපිට වැඩිය කල් නම් නැහැ කියන එක අමතක කරන්න එපා !!!

No comments: