Translate

Friday, March 27, 2015

2013 November 9 - විහාගේ අපේ අබාගේ




ඊයේ මම අපේ හිතවත් ගෙදරකට ගියා. මේ ගෙදර ඉන්නවා ලස්සන දක්ෂ ළමයි දෙන්නෙක්. මේ ගෙදර අයට මම ගැලවුම් කාරයෙක්. මොකද ඒ දෙමව්පියන්ටත් ඕනේ තමුන්ගේ දරුවන්ව ඉංජිනේරුවරු කරන්න. ඇත්තටම ඒ දරුවන්ට ඒ හැකියාව තියෙනවා කියලා මම දන්නේ - පොඩි වුන් පැටියා කාලේ ඉදන් අපේ උකුලේ හැදුන නිසා. ඉතිං මේ ළමයට මොහොතකටවත් කාමරෙන් එළියට එන්න අම්මා ඉඩ දෙන්නේ නැහැ. පොඩි එකී එයාගේ අදුරු කාමරෙන් එලියට එන්නේ - ඉදල හිටල හරි හිතවත් කවුරු හරි ආපු වෙලාවට. ආපු වෙලේ ඉදන් අම්මගේ දුක් අදෝනාව. පුතේ - මේ කෙල්ල පාඩම් කරන්නේ නැහැ, පුතේ මේ කෙල්ල කිසි වැඩක් කරන්නේ නැහැ - විබහගයට මාස දෙකයි. මේ අම්මට පිස්සු. මේ පිස්සුව අපේ අම්මටත් තිබ්බා. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා ගැන දුකත් හිතෙනවා. මේ ගොල්ලෝ කවදාවත් දරුවා කැමති දේකට ඉඩ දෙන්නේ නැහැ. දරුවට ස්වාධීනව දරුවගේ වැඩේ කරගන්න දෙන්නෙත් නැහැ. ඒ ගොල්ලො සෙනෙහස කියලා හිතන්නේ - තමුන්ගේ පුද්ගලික හීනයක් දරුවෝ ලගා කරගන්නව කියන තනි පාපකාරී ආත්මාර්තකාමී හැගීමකට විතරයි. එතනින් එහාට දරුවා විසින් දරුවාගේම වූ සිහින කරා ලඟාවීමට උත්සාහ දැරීම ඔවුන් දකින්නේ පාපයක් විදියට. මට මතකයි - අපේ අම්මා ඒ වගේම තාත්තා - එක කාලයක කවමදාවත් විෂය බාහිර කටයුත්තකට යන්න දුන්නේ නැහැ. එහෙම යනවට කැමති නැහැ. ට්‍රිප් එකක් යන්න දුන්නේ නැහැ. පාසැලේ ක්‍රීඩාවකට සහබාගී වෙන්න දෙන්නේ නැහැ. මිතුරන් ආශ්‍රයට ඉඩ දුන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඒවා දැක්කේ ලමාවිය - යොවුන් විය විනාශ කරන දේවල් විදියට. මේ අසුභවාදී ආකල්ප වල ජීවත් වෙන්නම වැඩිවියට යනකොට ගොඩක් අය පුරුදු වෙනවා. ඉතිං ලංකාවේ බහුතරයක් ග්‍රාමීය මධ්‍යම පාන්තික දෙමව්පියෝ හිතන්නේ මේ විදයට තමා.
දරුවෙකුගේ පෞරෂ වර්ධනයට සමාජ සම්භන්දතා, කණ්ඩයම් ක්‍රියාකාරකම්, ක්‍රීඩා, විෂය බාහිර කටයුතු එකම විදියට වටිනවා. මේ දේ අවබෝධ කරගන්න බැරුව මේ දෙමව්පියෝ පුදුම උහතෝකෝටිකයක ජීවත් වෙන්නේ. පුදුම බාධක. ඉතිං දරුවට මේ බාධක මැඩගෙන තමුන්ගේ ලෝකය හොයාගෙන යන්න ටිකක් ආක්‍රමණශීලි වෙන්න සිද්ධ වෙනවා. එතනදි දෙමව්පියන්ගේ දරුවන්ගේ හිත් වගේම ඔවුන් අතර තිබෙන සබදතාවත් තාවකාලිකව පලුදු වෙනවා. නමුත් මම දැකල තියන විදියට ගොඩක් ඉන්නේ එහෙම ආක්‍රමණශීලිව තමුන්ගේ අරමුණ කරා යන්න බිය දක්වන දරුවන්.
අද ගොඩක් දෙමව්පියෝ තමුන්ගේ අරමුණු හා දරුවා යා යුතු මඟ ඒ වගේම ඊට සැපයියි යුතු දායකත්වය මොකක්ද කියල නොදැන අඥාදායකයෝ වෙන්න හදනවා. එහෙම කරපුවාම වෙන්නේ දරුවාගේ නිසඟ දක්ෂතා ඔහුගේ නිර්මාණශීලිත්වය ආත්ම අභිමානය වගේම ආත්ම විශ්වාසය ඉරිතලන එක. ඉතිං රටක් හදන්නනම් මේ වැඩිහිටි පරම්පරාවේ ආකල්පත් ටිකක් නම්‍යශීලි කරන්න වෙනවා. සාදනීය නොවන ප්‍රතිරෝධයන් හා පාලනයන් තුලින් බිහි වෙන්නේ එහෙයියෙක් මිසක් - තමුන් විසින් සිතා මතා නිවැරදි දෙයක් කීරීමට ස්වාධිනව නැගී සිටීමට දරණ පෞරෂයන් නෙමෙයි.ඒ වගේම ඔවුන් සමාජය කෙරෙහි අසුභවාදීම ආකල්ප වල එල්ලී සුභවාදී ආකල්ප සිහින දැකීමට මැලි පිරිසක් බවට පත් වෙනවා.
ඇත්තටම මෙහෙම වෙලා තියෙන්න හේතුව තමයි දෙමව්පියන්ගේ පරාදීන මානසිකත්වය. ඔවුන් හිතනවා - ඔවුන්ට බැරි වුනේ A/L බැරි වුන නිසා කියලා. ඔවුන් හිතනවා ඔවුන්ගේ ආර්ථික සිහින බොද වුනේ පාසැලෙන් විශ්ව විද්්‍යාලයට යන්න බැරි වුන නිසා කියලා. නමුත් අද සාර්ථක තෘප්තිමත් මිනිස්සු ගොඩ දෙනෙක් විශ්ව විද්ය්‍යාල අධ්‍යාපනය ලබපු අය නෙමෙයි. ඒක නිසා ඒක නෙමෙයි ඇත්ත. මේ දෙමව්පියොත් තමුන්ගේ comfort zones වලින් ඉදිරියට ගිහින් ජීවිතය ජයගන්න උත්සාහ කරන්න බය වුනා. ඒක නිසා තමුන් ලද දෙයින් සෑහිමට පත් වෙලා - නොලද දේ ලබාගන්න දරුවා විශාල පීඩනයකට ලක්කරනවා. ඇත්තටම මේ විබහග මූලික බේදීම, කුල බේදය, ජාති බේදය වගේම සමාජයෙන් තුරන් කල යුතු පිලලයක්. ඒකට මේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන ආයතන සවිංඥානික විය යුතුයි. මේ වගේ බෙදීම් වලට වඩා Live for accomplishments not for complements කියන ක්‍රමයකට ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප රටාව වෙනස් කල යුතුයි. ඒ දේ කරන්න පුලුවන් පාසැලෙන් විතරයි. හැබැයි පාසැලට නිවැරදි ආකල්පමය දැක්මක් දර්ෂනයක් දිය යුතුයි. ඒ දැක්ම කවදා අපේ රටට හම්බ වෙයිද කියලනම් අපිට කියන්න බැරි - අපි අපි විසින්ම අපි ගැන වගකීමක් නොගන්න නිසා කියලයි මට හිතුනේ.
මම ඉතින් මේ අම්මගේ හිතත් හදලා, විබාගෙට හොද ප්‍රතිඵල ගන්න පාඩම් කරන්න ඕනේ විදියත් කියල දීලා - ඕනැවට වඩා කරදර කරන්න එපා කියලා කියලා ආවත් ඒ අම්මට පැය භාගයකින් ඒක අමතක වෙලා කියලා දන්නේ ආයේ මේ ඇන්ටි කෝල් කරලා කියනවා - අනේ පුතේ මේ කෙල්ල පාඩම් කරන්නේ නැහැ. ඔයා ටිකක් කියන්න. ඔයාල කියන දේ අහනවා ... “ කියලා කියන නිසාම තමයි. මම ඇත්තටම දන්නවා - ගොඩක් Teenagers ඉන්න ලංකාවේ ගෙවල්වල තත්වය මීට වෙනස් නැහැ කියලා. ඉතිං මේ දෙමව්පියෝ මේ දරුවන්ගේ සුන්දරම වයස අනවශ්‍ය විදියට අමිහිරි කරනවා විහහග නිසා.
ඒ අතර කොණ්ඩේ පිළිවෙලක් නැතුව ප්‍රබෝධයක් නැතුව වගක් නැතුව ටියුෂන් ගිහින් එන නංගි දැක්කාම මට තරහත් ආවා. මගේ නංගිට අවුරුදු 22. මේ ලස්සන ගෑණු ළමයා - කවදාවත් ගෑණු ළමයෙක්ගේ සුන්දර ජීවිතයක් ගැන හිතන්නේ නැහැ. ගෙදර අනික් අය වගේම මමත් පුලුවන් විදියට එයාට කන කර ලස්සන ඇදුම් පැළදුම් ගෙනල්ල දුන්නත් ඒවගෙන් සතුටු වෙන්නත් - ඒ දේවල් අගය කරන්නත් එයා දන්නේ නැහැ. විලාසිතාවට අදින පළදින රිද්මයකට ජීවත් වෙන එක පිළියෙවෙලට ජීවත් වෙන එක ආත්ම විශ්වාසය සමහර වෙලාවට එයා දකින්නේ පවක් විදියට. එයාගේ ලෝකේ වෙලා තියෙන්නේ එයා අසමත් වෙච්ච එයාට ලඟා කරගන්න බැරි වෙච්ච විබාහගය. එතනින් එහාට ගිය සුන්දර ලෝකයක් ගැන එයාට දැනුමක් දැක්මක් හා අත්දැකීමක් නැහැ. ඉතිං මටත් - නංගිගේ හිත වෙනස් කරන්න තරම් Strong වෙනසක් දැනෙන්න දෙන්න තරම් ආර්ථික හයියක් වගේම ඊට ගැලපෙන පසුබිමක් artificially නිර්මාණය කරන්න තවත් ටික කාලයක් යයි. ඒකට මේ ළමයව මේ රටෙන් නැත්නම් - එයා ජීවත් වෙන පරිසරයෙන් මදකට ඉවත් කර - වෙනස් ලෝකයක් දැකීමට සැලස්විය යුතු වුනත් - මට ඒකට අවශ්‍ය ශක්තිය සම්පත් හා වටපිටාව පිළියෙල කරගන්න අසමත් වෙච්ච එක ගැන මම ගැනම තියෙන්නේ තරහක්.
අද මධ්‍යම පන්තියේ වේවා දුප්පත් පෝසත් වේවා හැම දෙනාගෙම ලොකුම අභිලාෂය තමයි A/L කියන්නේ. ඉතාම පොහොසත් උගත් දැනුවත් සීමිත පංතියක් තමයි මේ තරඟකාරී අවාසනාවන්ත විභාග රටාවෙන් මිදිලා තමුන්ගේ දරුවන්ට සැනසිලි දායක අනාගතයක් හා සැනසිලි දායක වර්තමානයක්, ළමා කාලයක් හිමි කරලා දෙන්නේ. ශිෂ්‍යත්වෙන් පටන් ගන්න මේ අවසනාවන්ත තරඟකාරිත්වය අවසන් වෙන්නේ ආත්ම අභිමානය වැඩුනු - විශ්වාසනීයත්වය දලු දාපු 0.05% ක පිරිසකුත් ආත්ම විශ්වාසය පිරිහුණු තමුන්ට දෙයක් තනියම කරගන්න පුලුවන් කියන විශ්වාසය පිරිහුණු තමුන්ටත් සාර්තක ජීවිතයක් හිමියි කියන විශ්වාසය ගිලිහුනු 90% වඩා පිරිසකගේ අනාගතය පිළිබද සුන්දර සිහින මදකට හරි බිදදමමින්. විබහග අවශ්‍යයයි. තරඟකාරීත්වය අවශ්‍යයයි. දක්ෂයන් දිරිගැන්වීම ඉතාම අවශ්‍යයයි. නමුත් මේ අවශ්‍යතාවන් ඉටුකරගන්න වත්මන් කාලකණ්නි අධ්‍යාපන රටාව සමත්දැයි කියන එක හිතන්න හොදම කාලේ දැන් ඇවිත්. මේක ගැන කියන්න 1000 කට වඩා උදාහරණ මට මගේ වට පිටාවෙන් ගන්න පුලුවන් වුනත් - මගේ නංගි ගැන අව්‍යාජව ලියන්න හිතුවේ මේ විභාග අද්‍යාපන ක්‍රමයෙන් යොවුන් ජීවිතේ සතුට නැතිකරගත්තු - ආත්ම විශ්වාසය පිරිහුණු, තමුන්ට දෙයක් අහිමියැයි හිතන මට්ටමට මගේ නංගිත් මගේ මිතුරන් රැසකුත් ඇදල දැම්මේ - මේ කාලකණ්නි අධ්‍යාපන ක්‍රමය හා මගේ ගම නගරය රට පාසැල ගෙදර අවට වටපිටාව කියන කාරණය කියල මට දැන් නිකමට වගේ හිතෙන්න පටන් අරන් නිසා.
මම පුලුවන් හැම වෙලාවෙම - නංගිට උපදෙස් දුන්නත්, මම ඉංජිනේරුවකු වුන පලියටවත්, මගේ සහෝදරයා වෛද්‍යවරයෙකු වුන පලියටවත් - ජීවිතයට සතුට ලංනොවන බව, ඒ වගේම සතුට සැනසීම අනිත් එවුන්ගේ වචන වලින් නෙමෙයි තමුන්ගේ සිතින් තමුන් කරා ඉවසීමෙන් ලඟාකරගතයුතු දෙයක් බව - එයා හිතන්නේ මම මේවා තරහට කියනවා කියලා. මම මොනවා කිව්වත් එයාගේ තනි හිත මෙලෙක් කරගන්න පුලුවන් වුනේ නම් නැහැ. මම නංගිට නිතරම කියනව - තමුසේ ඇත්තටම කැමති දේ කරනව, තමුන්ගේ හිත කියන දේ කරන්න කියලා - නමුත් නංගිගේ හිත කියන්නේ මේ මෝඩ සමාජෙන් උසස්යැයි සලකන A/L විබාගය නැවත කිරීම. ඉතිං අවුරුදු හතලිහ වෙලා - ඉංජිනේරු විබාගය සමත් වෙත්තු මිනිස්සුත් ඉන්නකොට - ඇයි නංගි A/L කරපුවාම වෙන්නේ කියලා කවුරුහරි කියයි. ඇත්තටම ඒකේ ගැටලුවක් නැහැ. ලැජ්ජා වෙන්න කාරණයකුත් නැහැ. කොහොම හරි නංගිට නැවතත් A/L අවශ්‍යයි කියන නිසා මම ඒ ගැන තර්ක නොකර ඇයට උදව් වෙන්න පමණක් හිතාගත්තා.
මමනම් ඇත්තටම කැමති නංගි හොද මිනිහෙක් එක්ක විවාහ වෙලා - සතුටින් ඉන්නවනම්. මේ මොන විබාග පාස් කලත්, විශේෂයෙන්ම ගැහුණු ළමයෙකුට සැබෑ සතුටක් තියෙන්න විදියක් නැහැ තමුන්ට තමුන්ගේ කියලා ආදරය කරන්න පුලුවන් ජීවිතයක් නැතුවාම. ඇයට තමුන්ගේ ලෝකය තමුන් ආදරය කරන ආදරණීය පුද්ගලයන් මත ගොඩනැගුවොත් - තමුන් දකින්න ආදරය කරන වෘත්තීන් මත ගොඩනගන ජීවිතයකට වඩා ඒ ජීවිතේ සැනසිලි දායක මෙන්න අරුත්සම්පන්න වෙයි කියන එක තමා මගේ අත්දැකීම. අද කාලේ ජීවත් වෙන්න සමහරවිට ගෑණු ළමයෙකුටත් රස්සාවක් අවශ්‍යයි. නමුත් විබාග සමත් වීමෙන් අනුන් යටතේ ලබන රැකියාවකට වඩා තමුන්ගේ දහිරය අදිශ්ඨානය මත ගොඩනගන ජීවිතය සමහරවිට අරුත් බරයි.හැබැයි ඉතිං මොන දේ කරන්නත් තමුන් පළමුව තමුන් විශ්වාස කල යුතුයි. අද මගෙත් එක්ක කාර්‍යයාලයේ වැඩ කරන මිතුරු මිතුරියන් සමහරක් Career එක පසු පස තමුන්ගේ ජීවිතේ සමහර දේවල් අමතක කරගෙන දුවනවා විනා - තමුන්ගේ රිද්මය - passion එක පසු පස දුවන උදවිය නෙමෙයි. ඒ අය ගොඩ දෙනෙක් වැඩ කරන්නේ අනිකා අභිබවීමට මිසක් තමුන්ගේ Intrinsic Happiness එකට inner peace එකට නෙමෙයි. තමුන් කරන දේට ඇත්තටම දිගටම ජීවිත කාලය පුරාවට ආදරය කරනවනම් විතරයි ඒ දෙයින් ජයග්‍රහනයක් - ලෝ සුපතල කීර්තියක් අත් කරගන්න පුලුවන්. එහෙම නැතුව අනිත් එවුන් කරන්නන් වාලේ කලොත් සැබෑ සතුටක් ලබන්න අනිකා අභිබවා යා යුතුයි. එතකොට අපේ අරමුණු කිලිටි වෙලා ජීවිතේ සතුට අඩාල වෙනවා කියලයි මට හිතෙන්නේ.
මේ දේ වෙන්න එක ප්‍රදාන හේතුවක් තමයි අපේ නොහොබිනා අධ්‍යාපන ක්‍රමය. ආර්ට් කැමති එකා ගෙදරින් කෑ ගස්සලා ඉංජිනියරින් එවනවා. Maths කැමති එකා Medicine කරනවනවා. Civil කැමති එකා - කොම්පුයිටර් කරනවා. බිස්නස් පුලුවන් එකාව - නවත්තලා, technical course වලට යවනවා. ගෙවල් වලට මේ ආකල්ප නැත්නම් - සමාජයෙන් ඒ ආකල්ප ඇති කරවනවා. මේ විගඩම් ඔක්කොම තියෙන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ විතරයි. අපේ රටේ එකෙක්ට කැමති දේ ඉගෙනගන්න - කැමති දේ කරන්න, තමුන්ගේ ආත්ම අභිමානය ආත්ම විශ්වාසය රැකගෙන කරන්න ඉඩ දෙන රාජ්‍ය ආයතන ආකල්ප හා සංස්කෘතියක් නැහැ. හැම තැනම කැපිලි. විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල ගැටි, course Course ගැටි, එක එක ගැටි විනා - දක්ෂයන්ට, passion එකට රිද්මයට ඉඩ දෙන ආකල්ප ක්‍රමයක් අපේ සමාජය තුල ස්තාපිත වෙලා නැහැ. එකිනෙකාට ගරු කරන ක්‍රමයක් නැහැ. එහෙම ක්‍රමයක් ස්තාපිත වෙන්න වැඩිහිටි පරම්පරාව ඉඩ දෙන්නෙත් නැහැ.
ඉතිං හැමදාම කියනවා වගේ වසර 50 කට වඩා දිගු ඉතිහාසයක් ඇති විබහග මූලික ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච උගතුන් - ජාත්‍යන්තර මට්ටමට ගිය Theory කීයක් හොයාගෙන තියෙනවද? ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ සාහිත්‍ය ප්‍රබන්ධ කෘති පරීක්ෂණ ආදිය කොච්චර කරල තියනවද කියන එක අපි නිකමට හිතල බලන්න වටිනවා. අපි බොහෝ දෙනෙක් ඉගෙන ගන්න පොළබවන්නේ - අධ්‍යාපනය නිසා ලබන සහතික මත ලබන ආර්තිකය යසස මුදල් කීර්තිය recognition ගැන හිතලා මිසක් - ඉන් ලැබිය හැකි intrinsic happiness එක Self awareness එක, Passion එක තුලින් එළබෙන නිර්මාණශීලිත්වය ගැන හිතලා නෙමෙයි. පසුගිය කාලය තුල අපිට යම් තරමකට ලංකාවේ විශ්ව විද්‍යාල උගතුන් ඇසුරු කිරීටත් - ඔවුන්ගේ ජීවන චර්‍යාව අධයනය කිරිමටත් අවස්ථාවක් උදාවුනා. රාජ්‍ය විශ්ව විද්්‍යාල වල ගොඩක් උගතුන් ආචාර්‍ය වරුන් අයිස් ගහන්න බලන් තමයි තමුන්ගේ කාර්‍යාලයට එන්නේ. උදේ 10 ට 10.30 සරසවියට ප්‍රවිශ්ට වෙන ආචාර්ය වරයා - මුලින් කරන්නේ තේ එකක් ගෙන්නන් බොන එක. ලැප්ටොප් එක ඇරන් බලලා පැය කාලක් විතර බොරුවක් කරලා, ඉන්ටනෙට් එකෙන් බාලා හදපු ස්ලයිඩ් ටික අවුරුදු 10ක් විතර පුරාවට එක දිගට කියවන සරසවි ඇදුරන් සාමාන්‍යෙයන් තුනහමාරෙන් පස්සේ සරසවියේ රැදෙන්නේ කලාතුරකින්. හැබැයි මේ ආචාර්‍යවරු consult කරන්න යන්නේ බොහොම ආසාවෙන් හා උජාරුවෙන්. ඇයි මේ ගුරුවරුන්ට සරසවි තුල කාලයක් යනකොට වැඩ කරන්න motivation එක අඩු වෙන්නනේ - ඇයි තමුන් කරන දෙයට අකමැති, ඇයි තමුන් කරන දෙයින් ප්‍ර බොධයක් ලබන්න බැරි - සමහරවිට තමුන් කැමතිම දේ සරසවිය තුල නොකරන නිසා වෙන්න පුලුවන්.
ඉතිං අපි හැමදාම දකිනවා, පොලිසියට ගියාම පොලිසියේ රාලහිමලත්, රෝහලකට ගියාම රෝහලේ නිල මඩුල්ලත්, ආයතනයට ගියාම ආයතනයේ හැමොමත් - කොච්චර බේද තිබ්බත්, එක දෙයක් ගැන උනන්දුයි. ඒ තමයි ලමයගේ A/L විබාගේ. හැබැයි මේ විපරම යහපත් පරාමාර්ථයෙන්නම් නෙමෙයි. තමාගේ දරුවා අනිකාගේ දරුවා අභබවා ගිහින්ද කියන කුහක හිතුවිල්ල යට තියන් තමයි මේ විපරම ගොඩක් දෙනෙක් කරන්නේ. සමහරු දරුවාගේ දක්ෂතා ගැන පම්පොරිය - මේ ගතිනම් මට හිතෙන්නේ ලෝකේ කොහෙත් එකයි. හැබැයි A/L බැයිනම් ජීවිතේ සාර්තක වෙන්න බැයිද ? ලංකාවේ සාර්තක වෙලා සතුටින් ඉන්නේ A/L පාස් වෙච්ච අය විතරද - නැත්නම් මේ විභාග මූලික බෙදීම, වර්ගීකරණය හා discrimination එක රටේ සංවර්ධනයටත් පුද්ගල පෞරෂ සංවර්ධනයටත් ඒක පුද්ගල සතුට හා ඒක පුද්ගල අන්යෝන්‍ය ගරුත්වය ගැන මොන වගේ දායකත්වයක් දුන්නනද කියල හිතන්න කාලේ ඇවිත්. උදේ ඉදන් රූ වෙනකන් පිරිත් දාපු අපේ රටේ අපි එකිනෙකා ගැන දරණ ගරුත්වය - respect එක අනික් දියුණු රටවලට සාපේක්ෂව හරිම අඩුයි. අනිකා අවතක්සේරු කරන්න - අනිකා පාගන්න, අනිකාට Respect නොකරන්න උගන්නවන ආදර්ෂයන් හා ආකල්පයන් දැනටමත් මුලු සමාජයම පිලිකාවක් වගේ වෙලාගෙන අවසන්. ඉතිං මේ වැරදි ආකල්පයන් දුරු කරලා නිවැරදි ආකල්පයන් දියුණු කරලා නොතිබුනු හොද ආකල්ප වගා කරන් මේ රට තවත් යහපත් කරන්න පුලුවන් මේ වත්මන් පරපුරටම හා වත්මන් අධ්‍යාපන රටාවටම මිසක් වෙන දේකටනම් නෙමෙයි.

No comments: