Translate

Saturday, March 28, 2015

2014 March 26 - හපොයි !



මේ රට වෙනුවෙන් වැඩ කරපු වැඩ නොකරපු පරිත්‍යාග කරපු නොකරපු උගත් නූගත් බුද්ධිමත් මෝඩ ජයේෂ්ඨ කනිෂ්ඨ ශේෂ්ඨ දුෂ්ඨ මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි මෙතුවක්කල් බහුතරයක් ජන නායකයෝ මිනිස්සු පීඩාවට පත්කලත් ප්‍රසිද්ධියේ හෝ බොරුවට හෝ තමුන්ගේ නොවුනත් තමුන් උපන් රටේ මිනිසුන් කෙරෙහි යම් ගෞරවයක් අඩුම තරමින් කතා බහකදිවත් දැක්කුවා. නමුත් අද අපේ ගමේ අපේ අයියලා වෙච්ච යුද බිමේ ඇත්තට වෙඩි කාපු රණවිරුවාගේ කරපිටින් බඩගෝස්තරය හොයාගෙන එළියට ආපු දේශපාලනඥයා එලිපිටම මිනිස්සු අවඥාවටත් අපාහාසයටත් අගෞරවයටත්
 ලක්කරන අතරම නීතිය රිසි සේ තම අතට අරන් පාර දිගට මිනිස්සු යට කරන් කාර් එලවනවා, කන්න අදින්න හරියට නැති දුප්පත් අසරණ නුවණ නොමේරූ කොල්ලොන්ට පොලිසිය දම්මලා එළවා එළවා ගහනවා, පාරේ යන ගැනූ උස්සන් දූෂණය කරනවා, හැදෙන පාරවල් ගැන කියවනවා. මිනිස්සු පොල් කුඩු ගානට දාලා - ජ්‍යෙෂ්ඨයෝ අසූචි ගානට බැහැර කරලා තම මතයත් තම බලයත් රදවගන්න ක්‍රියාකරනවා. මේ බලය මුන්ට තනියම රදවගන්න බැහැ. මේකට උදව් කරන්නෙත් මේ තැලෙන මිනිස්සු පිරිසම තමයි. මේ රටේ දේශපාලකයාගේ වැරැද්දකට වඩා මේ රටේ ඉන්න අපි හැමෝගෙම ආකල්ප වල යුද්ධ 1000 කින් වත් සුද්ධ කරගන්න බැරි දෝශයක් තියෙනවා. ඉතිං තව ඉස්සරහටත් නිකන් බොරුවට දේශපාලනඥයට දොස් කියලා වැඩක් නැහැ. "Every Nation has the government it deserves". ( Joseph de Maistre). එක්කෝ හැදිච්ච රටකට යන්න ඕනේ. නැත්නම් පාඩුවේ ඉන්න ඕනේ.

No comments: