Translate

Thursday, March 26, 2015

2013 April 19 - මගේ මිතුරෙක් මට රස්සාවක් නෑ කියලා මෙන්න අවමන් කරනවා ! මගේ අධ්‍යාපනයත් වැඩක් නෑලූ ! ඌ කෙටික්‍රමෙන් ඔක්කොම කලාලු ...

උඬගු සිත් ගත්
වෙත්ද ජගතෙක් මා තරම්
සිතත් මිතුරන් බොහොමත්
ලත් කලට කඩවසම් ලදකුත්
සමග වාහනයකුත් 
වැටුප්
තනතුරු උපාධිත්
දැක බක් අස් රියක්
එක් ගෙබි නාම්බෙක්
පුම්බා ආසාවිලු
දැන් අසු නොඉක්මිද මන්
නැත තව පිම්බියන්
පවසා මිතුරු ගෙම්බන්
දිරිමත් කලා මූ
පිම්බෙන්නට අසු තරම්
දොඹ ඇටයක් තරමි ගෙබි රද
අඹ ඇටයක් තරම් පිම්බී
පිපීරුලු සුලු හඩින්
පඩයක් අරින සද්දෙන්
නිහඩව සංයමෙන්
යුතුකමෙන් ධෛරයෙන්
අවමන් ඉවසමින්
නවමන් පාරමින්
අභීතව අරමුණින්
නව වසර ජයගන්න ඔබ හට
හදින් පැතුන් කලා

No comments: