Translate

Thursday, March 26, 2015

2012 October 08 - ජනාධිපතිතුමා ආපූ හින්දා මැච් එක පැරදුනාලු!

ලංකාවේ ඉන්න අපි අපේ ආකල්ප ගැන මීට වඩා හිතන්න ඕනැ කියල මට වෙලාවකට හිතෙනවා. මිනිහ මලොත් ගෑනිගේ කාලකන්නිකමලු, වැඩක් කෙලවුනොත් අලුත උපන් දරුවගෙ කාලකන්නි කමලු, නැත්නම් ගෙදර හදපු බාස් ගේ වැරද්දලු, බස් එක හිටියොත් මූනට මගදි හම්බ වෙච්ච එකාගේ අවාසනාවලු !!! අපිට හයියක් තියෙන්න ඕනෑ වැරදි නොගැලපෙන නුසුදුසු වැඩ විවේචනය කරන්න. ඒකට භය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මැච් එකක් බලන්න ආපු පලියට ඒක පැරදුන පලියට ඒක බලන්න එන අපේ රටේ නායකයට ප්‍රසිද්ධියේ මේ විදියට කැත වවන වලින් ගරහන්න තරම් අපි නිවට වෙන ජාතියක් නෙමෙයි නේද ? ජනාදිපතිවරයා වුනත් වැරදි නොගැලපෙන දේ කරනකොට අපි විරුද්ධ වෙන්න අවශ්යයි අද බොහෝ දෙනෙක් කරනව වගේ. කොහොම වුනත් පුද්ගලයන්ට අහේතුකව නින්දිත දරුණු ලෙස නැති තැන ගරහන කොට අපි කොන්ද පන නැති එවුන් කියලා සමහර එවුන් කියන්න පුලුවන් ...

No comments: