Translate

Saturday, March 28, 2015

2014 August 08 - සිලි ලංකා විභාග දෙපාර්තුමේන්තු අන්තර්ජාල බාගත කිරීම



මේ 20 වන සියවසයි. ඉන් දශකයක් අහවරවී 2014 වර්ෂය අවසානයද ලඟා වී හමාරය. ලොව පුරා බොහෝ දියුණු නොදියුණු රටවල තොරතුරු තාක්ෂණය හැම කටයුත්තකම සංවිදානාත්මක බව රැකගැනීමටත් කළමණාකරණය පහසුවටත්, කාලය ඉතිරි කරගැනීමටත්, පහසුවෙන් ග්‍රාහකයා කරා එසැනින් ලඟා වීමටත් යොදාගන්නා බව නොරහසකි. ඒ එසේ නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විභාග දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ හෝ අද්‍යාපන දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ තවමත් past papers බාගැනිම සඳහා ඇටවුමක් නැත. විභාග දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය Apache Tom Cat නම් ඉතාම ලාභ වෘත්තීය නොවුනු සර්වලට් බහාලුමකින් ධාරක කර ඇත. ඔබ අප සියලු දෙනා දන්නා පරිදි පිටවූ මේ ප්‍රශ්ණපත්තර වල පරිගනක කොපි PDF කර බාගැනීමට Link එකක් දාගැනීම පහවසර දරුවෙකුට පවා කල හැකි සරල කර්තව්‍යයකි.
ඈත දුර බැහැර වෙසෙන දරුවන්ට ඉන්ටනෙට් ඇතත් පාස්ට් පේපර්ස් නැති බැවින් දුර්ලභ පාස්ට් පේපර්ස් ගැනීම සදහා මුදල් ගෙවා අගනුවරටම පැමිණෙන ලාංකික ගැමි දරුවා මග දිග රස්තියාදුවී බස් දුම් මාර්ග අසහනය හා දාඩිය පීඩාව අතර අගනුවර ආශ්චර්යය විද වේලාව පහුවී ඇති බැවින්ද රජයේ ආයතන ප.ව 2.00 ට එළඹි තේවිරාමයෙන් පසු කාර්‍ය බහුල වන නිසාද ප්‍රශ්ණ පත්තරය හොයගත නොහැකිව හිස් අතින් ආපසු යති. අධ්‍යාපන එදාට වඩා අද වරප්‍රසාද ලත් පිරිසකට සීමාවෙයි. ගමේ එකා ගාථා කවි පාඩම් කරන අතර බලවත් ඇති හැකි උදවිය පරිගණක භාවිතයෙන් ජාත්‍යන්තර පාසැල් ගතකර තම දරුවාට උගන්වා මැනවින් පංච කාම ශිල්පයන්ගෙන් හා වින්දනයන්ගෙන් එකසේ සන්තර්පනය කර එහෙත් විභාගය අසමත් කල පිටරට උපාධි පාඨමාලා කඩයකින් හෝ සුලුකලක් පර දේශයක සුද්දාට බැල මෙහෙ කර මිලට ගත් කුමක් හෝ සූත්තර උපාධියක් අඩු වයසින් අතැතිව හොර ජඩ පාරෙන් උසස් රැකියාවක්ද ලබාගෙන දුප්පත් එකාව දිගටම තලයි. ඌට ගැලවිල්ලට පහසු ක්‍රමයක් නැත. ඉංගිරිසි දැනුම සහ බොරු ඉංගිරිසි රංගනය ඌ නොදනී.
ගමේ එකා තමා ගමේ වූ නියායට වූ අසමත්කම් යැයි සිතින් සිතා, යටිහිතින් තරඟකාරිත්වය හමුවේ පැවති ඉරිසියාව මදකට අමතක කර - මගේ පුතාටවත් මට වූ දෙය නෙවෙත්වයි පතා, හිතින් කඹුරමින් - නොකා නොබී දුෂ්කර ක්‍රියාකොට මහත් වූ වෙහෙසෙන් දාරක ස්නේහය නිසාම - පවුලක් ලෙස උසස් පෙල යැයි කලක ජනී ජනයා අතර පූජිත වූ මහා පහන් ටැඹ එක පිම්මෙන් කරණමුකුත් බල්ටියක් හා බඩපිනුමකිණුත් අලංකාර කර පැන මගේ කෙරුම් පන්වම්හයි අරුමුණු කොට අවුරුදු 19 ක් පුරා ජව කර නිදිමරමින්, නිදහස් අද්‍යාපනය යැයි හදුන්වන තැන බලහත්කාරෙන් ගුරු පඩුරු මහත් සතුටින් පුදදෙමින්, මනාකොට පුහුණුකොට, ධර්ම කරුණු කාරණා ආදියත්, මහත්වූ ජාතික ආලයත්, දිවිපිදූ රණවිරුවනුත් නිතර සිහිකර, ධර්ම දැනුම ඉතිහාසය සිංහල චිත්‍ර සංගීත නැටුම් ආදිය මනාකොට උගත්තේ වුවද තාක්ෂනික ශිල්පත් සංකර භාෂාවත් ප්‍රගුණකර නැත්තේ නිසා උගේ දරුවාද පියා ගිය මග යන්නේ, උක්ත විභාග දෙපාර්තුමේන්තුව හමුවේම කර්මානුරූපව ඇන ගනිති.
යම් සුලු කුසලයක් නිසා වාසනාවත් වූ සෙසු ගැමි දරු පිරිසක් සරසවි වරම් ලැබුවද ආශ්චර්ය වෙනුවෙන් කැපවුනු ආයෝජකයන් මෙවන් දරුවන්ට වෘත්තිය පුහුණුව නැතැයිද විදේස බාස ව්‍යවහරය දුබලයයිද කොමලෙයෙන් හා ලාලිත්‍යෙයන් හීනයයිද යන මතයේ පිහිටුවා නැවතත් උක්ත පංතියට අයත් විබාගය අසමත් එහෙමත් නැත්නම් ඒ විබාගයට වඩා හොද පිටරට විබාගයක් කලා යැයි බිනින්නා වු ගොබ්බයෙක් යටතේ ආකල්ප නායකත්ව හා තාක්සනික පුහුණුවීමට යොදයි. මේ ගොබ්බයා තමා ගොබ්බවූවකු වූ බැවින් ඒ බව තහවුරු කිරීමේ අදිටනින්ම, අන් අයගේ ගෞරවය හා අවධානය තමා වෙතම රදවා ගැනීමේ බාල අරමුණින් කල දුටු කල වල ඉහමින් පම්පෝරි ඇද බායි. තමා ලංකාවේ උගත්තේ නැතිමුත් සුද්දාගේ කක්කුස්සි කැතකින් තොරව පිරිසිදු කලා යැයිද, තමා කඩකෑලි වල වැඩ කර ජීවිකාව සොයාගත් අයුරුද, සුද්දා සමානාත්මතාව එක ලෙස දෙන බවද, ඌ නීතිය හරියට අකුරට පිලිපදින බවද, වෙලාවට වැඩකිරීම සුද්දාගේ මෙන්ම තමා ගතිය බවද, ඒ රටට ගියානම් හැම දෙන එක බවද, ඒ රටේ එතරම් පිළිගැනීමක් ඇති මා මේ රටට ආවේ සේවය ලෙස සලකා මිස මුදල් අමතක කර දමා බවද උජාරුවෙන් පවසමින්, නේක වදන් වපුරා වසුරුවමින් මේ ග්‍රාමිය පිරිසට නායකත්වය හා පුහුණුව සපයයි.
තාත්තා කල දේ නොකලහොත් නොට්ටිගේ පුතායැයි බහුතර සමාජය ගරහනු ඇතැයි බියෙන් දෙවන පරම්පරාවදද පියා ගියමග පමණක් යාමට අදිටන් කර සැබෑ ලෙස නූගත් වූ නමුත් පිටරටක පමණක් හැඩිදැඩි වුනු ආරක් හැසිරීමෙන් පෙන්වන මහා සබ්දෙන් තෙරුමක් නැති නොතේරෙන බස් බිනිනා ආටෝප වාහනවල සැරි සරන කාමසුකල්යානයෙන් නොමසුරුව සිත කය වචනය උදම්මන පුද්ගලයා ගොබ්බයකු බව නොදැන, අනෙක් එවුන්ද ආවඩනු දුටු කල්හි මේ පරිනත බවින් හීන මිනිසුන් මහත් සේ වීරත්වයෙන් ඉටු දෙවි දේවිතාවියන් වශයෙන් සලකා තමුන්ගේ පුතාටද තමුන්ගේ පියා කලා මෙන් මහන්සිවී ගුණ ධර්ම සමග යහමග කියා දීමට අදිටන් කරගති. ඒ එසේ කල කාලයාගේ ඇවෑමෙන් මේ අයුරින් පරපුරෙන් පරපුරට පරම්පරා තුතක් ඉකුත්වූ කල ගොබ්බයින්ගෙන් ගොබ්බයින් අතට පත්වන සටනකින් කියා සුද්දාගෙන් පිනට ඉල්ලාගත් බලය හා නිදහස තවත් ගොබ්බයින් රැලක් පමණක් හදන බැවින් වැඩි කලක් ගත වන්නට මත්තෙන් ලක්දිව ගොබ්බයින්ගේ දිවයිනක් බවට පත්වෙයි. ඔවුන් නිදහසේ සිතිමට නොදනන්නා අතර එසේ සිතීම වරදක් ලෙස සලකති. තමුන්ට අවංකවීම ලැජ්ජාවක් ලෙස දකිති. පුහු ආටෝපය ජීවන දැක්ම කර ගනිති. එදාට උන් අපේ මුත්තා චීනෙන් හයිවේ හැදු බවත්, යුදෙව් යුද නැව් අහස් යාථ්‍රා පැදවූ බවත්, ඉන්දියාවේ බස් පැදවූයේ තමන් විසින් බවත්, කොරියාවෙන් ආනයන කල කාර්වල ලාංකික නමක් ගසා තමන්ගේ මෙන් විකුණූ බවත්, කියමින් උදම් අනමින් නිකරුණේ තර්ක වාද වල පැටලෙමින් මිනීමරාගනිමින් ස්ත්‍රී දූසන කරමින් මට මතක නැතැයි කියමින් කොකා කොලා බොමින් විට කමින් කල් ගෙවනු ඇත.
ඒ එසේ කල පහලවන ඇතැම් දුරදක්නා නුවණින් යුත් නැණවත් දරුවෝ අල්පයක් නැවතත් මේ ඉතිහාසය බොරුයැයි කියා විස්ලේසනය කරත්. එකල්හි මේ දරුවෝ එම යුගයේ පහලවූ ඇත්තම වීරයන් හා දක්ෂයන් කොන් කරවූ බවත්, ඒ වෙනුවට ශිල්පයෙහි ශාස්ත්‍රෙයහි දක්ෂ නොවූ අවස්ථාවාදීන් දක්ෂයන් ලෙස හිතවත්කම් මත විස්වාසකම් මත අවස්ථාවාදී දේශපාලන පක්ෂග්‍රිහීත්වය මත පමණක් ප්‍රචලිතකරවූ බවත්, සුදුස්සන්ට සුදුසු තැන දීමට අතපසු වුන බවත්, නුවනැත්තන් හා සිල්වත් ගුණවත් පිරිස නිහඩව හිටි බවත්, නූගත් පවුල් ඉහුරුවාගත් පුහු නලඟනන් හා නලුවන් විද්යුත් මාධ්‍ය උන්ගේ කරගනිමින් කූට උපායෙන් රට වැසියා තුල අධර්මය ධර්මය ලෙස වැපුරූ බවත් සොයාගනිති. තමුන්ගේ සොයාගැනීම ප්‍රත්‍යක්ෂකරගන්නා මොවුන් නැවතත් සත්‍ය රටපුරා දෙසීමටත් රට නැවත ආපහු ගැනීමටත් සාකච්ඡාවෙන් යහපත් චේතනාවෙන් පෙළඹෙත්. පෙරමුණ ගනිත්. එකල්හි රටේ බහුතරය ගොබ්බයන් වී හමාරය. මේ ප්‍රකාශන්ගෙන් කැළඹෙන ගොබ්බ කැල රටේ මහා විනාසයක් කිරිමට කූට පිරිසක් අර අදිතියිද - උන් ඉතිහාසය ලෙස අමුතු මිත්‍යාවක් පතුරවතියිද කියා පවසමින් සැබෑ සත්‍යය නැවත මතුකිරීමට වෙහෙසවුනවුන් කටු කවුලුන් බැද උල හිදුවා තවත් නොයක් දස වද දී ගල් ගසා මර දමත්.
මෙසේ කල අසල දඹදිව විසූ පෙර සතුරන් අහෝ අප අසල් වැසි රාජ්‍යයෙන් ගෞතම බුද්ධ ශාසන සමයේ සපතල ධර්ම දේසනා වදාලක් මෙන් කොසොල් රජු දුටු සිහිනයන්වත් සැබෑවක්ම වීදෝ හෝයි සිතමින් සෝ සුසුම්ලමින් දුක් වෙත්.

No comments: