Translate

Thursday, March 26, 2015

2013 January 18 - පන්නල ජාතික පාසැලට ගුරුවරු තෝරන අපේ දේශපාලන නායකතුමන්ලා!

අද ලංකාවේ පාසැල් වලට එක වසරට ලමයි ගත්තා. බොහෝ ඉස්කෝලවලට විදුහල්පතිතුමායි, දෙමව්පියනුයි, ආචාර්‍ය මණ්ඩලයයි අරෙන්නේ තවත් අමුත්තෙක් ඇවිත්. එයා තමයි විදුහල්පතිතුමාගෙ ප්‍රියතම දේශපාලනංඥයා. එතුමා බොහොම මහන්සිවෙලා හදපු පාසැල් වල, එතුමාගේ මුදල් වලින් ඉගෙනගන්න එකවසර ළමයි ටිකට කතාවක් පවත්වලා පන්තියට ඇතුලත් වීම කරල යන්න. අපේ ගමේ අල්ලපු ජාතික පාසැලේ පහ වසර පන්තිවලට, 11 වසර පන්ති වලට අවශ්‍ය ගුරුතුමිය - A පන්තියට කවුද B පන්තියට කවුද C පන්තියට කවුද කියල තෝරල දෙන්නෙත් විදුහල්පතිතුමා නෙමෙයි ආසනේ ඉන්න දෙශපාලකතුමා. එතුමා නැත්නම් මේ රට මේ ජාතියට අත්වන ඉරණම මොනවගේ දෙයක්ද කියල මටනම් හිතා ගන්නත් බැහැ. අවසනාවකට වගේ සිංගප්පූරුව එංගලන්තේ ඕස්ත්‍රේලියාව වගේ දුප්පත් රට වල ඉන්න අපේ නෑදෑ දරුවන්නට පාරෙදි දකින්නවත් කොහෙවත් ඒ රටේ පාර හදපු, පාසැල හදල දීපු, පොලොව යට දුවන රේල්ලුව හදල දීපු, ජැක් එකක් වදින්නෙ නැතුව බස් එකේ යන්න බස් දාපු මහත්තේලගෙ පිංතූරයක් පාරෙ පොස්ටරයකවත් නැහැ. කොච්චර ගුණමකු මිනිස්සුද මේ බටහිර රටවල් වල ඉන්නෙ අප්පා 

No comments: