Translate

Saturday, March 28, 2015

2014 October 8 - විටමින් කමු



අද පෝය දවසනේ. නිවාඩු!. පොඩි අඩියක් ගහලා පව් පුරෝගන්නවට වඩා වැඩට ගියොත් රටටවත් ආශ්චර්ය කරල දෙන්න පුලුවන්නේ කියලා හිතලා පාන්දරම වැඩට ගියා. මෙන්න බොලේ වෙනද කන කඩේ අයියත් නිවාඩුවක් දාලා කඩේ වහලා ඇතුලේ ඉදන්ම සෙට් වෙන්න සැලැස්ම අදිනවා. මල්ලි - අද වහලානේ !!! පෝයනේ. - කුඩේ ගෙනියන්නේ නැද්ද. වැස්සත් එක්ක.
කඩේ අයියාගේ කාරුණික ආයචනයට පිටුපාල මුණට හිනාවෙලා හිතෙන් බැන බැන ගියේ මුන් කඩ වහලා - අපිට කන්න නැහැ කියලා. බස් එකෙන් බහිනකොටම - ප්‍රසිද්ද කඩේ - ගන්න අපේ දේ. ගියා කඩේ ඇතුලට - අපේ ගස්වලින් කඩපු ඇපල් දොඩම් පෙයාර්ස් කැවෙන්ඩිෂ් කෙසෙල් නානා මාදිලියේ දේස දේසාන්තර වල කිරි වර්ග සිල්ලර වර්ග පිරිලා. කොත්මලේ කිරි පැකට් නැහැනේ. සුද්දාගේ නැවුම් කිරි ගත්තා - රුපියල් 180. මොනවද කන්නේ - අලි ගැට පේර ගෙඩියක් ලස්සනට දම් පාටට දැක්කා - ගෙඩිය රුපියල් 65 යි. ඒතරම්ම ඇපල් ගෙඩිය ඇමරිකාවෙන් ගෙන්නලත් අලිගැට පේර ගෙඩියට වැඩිය මිල අඩුයි. පෝය දවසේ නිර්මාංශ වෙන්නයි කල්පනාව. ඇවකාඩෝ අක්කා ගාව අලි ගැට පේර කාලක් දාලා වතුර කලවම් කරපු එක 200 යි. පෙට්ටිය ලඟ රට කජු ගත්තොත් රුපියල් 15 ඩිස්කවුන්ට්. දවල්ට කන්න රටකජු 90 g - රුපියල් 80. යෝගට් තුනත් රුපියල් 90 යි - මිතුරො දෙන්නත් අද වැඩනේ. චොකලට් බිස්කට් 10 යේ පැකැට් එකක් - රුපියල් 50. වැඩට ගියා වැඩ ඉවරවෙනකොට රෑ 7.30 යි. කම්පීතර කොටලා ඇස් එළියට පනින්න වගේ. ඇගවත් පොඩ්ඩක් හදාගන්න කියලා ජිම් එකට රිංගුවා. එළියට එනකොට 9.30 යි. ආයෙත් පරණ ප්‍රශ්නේ. දැන් මොනවද කන්නේ ...
කමුකෝ අපේ දේ. ගියා ලෝකෙන්ම ලාබෙටම දෙනවැයි කියන කෑම නගරයට. ඒකෙන් දොඩම් ගෙඩියක් ගත්තා. කෝලිකුට්ටු කිලෝව 170 යි. ආනමාලු ගෙඩිය 20යි. දොඩම් ගෙඩි දෙකක් - බිත්තර ගෙඩි දෙකක් තරම් රුපියල් 110. මෙහෙම ගියොත් වැඩේ හරියන්නේ නැහැනේ. ආහාරය ගන්නවා වගේම මිල ගැනත් පෝෂණය ගැනත් හිතන්න ඕනේ කියලා පාසැලේදි කියලා තියනවා. විසදුමක් හොයන්න කියලා කෑම නගරයේම මුල්ලක තියන ෆාමසියට රිංගුවා. දවසකට අවශ්‍ය විටමින් C ප්‍රමාණය - රුපියල් 8යි, මාසෙකටම අවශ්‍ය විටමින් B රුපියල් 230 යි. අනිකුත් අවශ්‍ය විටමින් වර්ග බලපුවාම මාසෙම රුපියල් 500 - 1000 කින් වගේ ගොඩදාගන්න පුලුවන්. ප්‍රෝටීන් තමයි ටිකක් ගනන්. Carbs නම් එහෙන් මෙහෙන් කිරිබත් කෑල්ලකින් හරි ගොඩදාගන්න පුලුවන්නේ.
සිතුවිලි කෝටියක දැන් හිත අතරමං වෙලා - කෑම කෑවත් විසනේ. ඇමරිකාවෙන් ගෙනාවයි කියන ඉතා පිරිසිදු නැවුම් ඇපල් අපි කන්නේ දවස් 100ක් විතර පරක්කු වෙලා මොනවද sexy විස වර්ගයක් ගහලා, ගස් ලබු කන්නෙ‍ ඒරොප්පෙන් ගෙන්නපු awesome විස අපි වෙනුවෙන් අපේ අය ගහලා, අඹගෙඩියට විසටික ගෙන්න ගන්නේ ද්‍රෝහී ඉන්දියාවෙන්නේ, පලා ටිකක් කෑවත් කෘමිනාෂක, එළවලු ටිකක් කෑවොත් විෂ අඩුයි කියන්න බැහැ, බත් එකේ ආසනික්. ඉතිං කොහොමටත් දැන් පිරිසිදු කෑම වේලක් කන්න පුලුවන් චාල්ස් කුමාරයාටයි එයාගේ හිතවත්තු වගේ පිරිසටයි විතරයිනේ. ලෝකේ වෙනස් වෙලා ඉවරයි. ආයේ මේක ආපහු හරවන්න හිතන එකත් තේරුමක් නැහැ වගේ. අපි පිරිසිදු කෘතිම කෑම වේලක් කෙලින්ම ෆාමසියෙන් ගත්තොත් ආයේ වැඩ දෙකකට වියදම් කරන්න ඕනේ නැහැ - සල්ලිත් ඉතිරියි !!! මෙන්න බොලේ ෆාමසියේ නෝනා කියනවා විටමින් බොනකොට බඩගිනි එනවලු. බඩගිනි නිවන විටමිනුත් ඒ ෆාමසියෙම තියෙනවාලු.
grin emoticon

No comments: