Translate

Tuesday, March 31, 2015

2015 March 14 - අපරිපූර්ණ මිනිසුන් පරිපූර්ණ නායකයන් සදත්නම් !

කාලෙකට කලින් අපි හිතුවේ රනිල් කිසිම දැනුමක් නැති මහා මෝඩයෙක් පරිණත බවක් නැති මිනිහෙක් කියලා. ඒ තත්වයට මඩ ගහලා මිනිස්සු ඒ මනුස්සයා පත්කලා නැත්නම් නරක කාලය විසින් ඔහුගේ නොදැනුවත් පැත්ත දැනුවත් පැත්තට වඩා එළියට විවර කලා. අපිට තියෙන ආවේගශීලීත්වයට ප්‍රචණ්ඩත්වයට හුරු චරිත නායකයෝ කියලා හිතන මානසිකත්වය නිසා මේ මනුස්සයාට කාලයක් පුදුුම අප්‍රසන්නත්වයක් තිබ්බා - මොකද ගැම්මක් එන්න ටොක් එකක් දීගන්න බෑ නේ. ඒ කාලේ ඒත් එක්කම මිනිස්සු, මාධ්‍ය නිග්‍රහ කලා කටහඩ, හැසිරීම, දරුඵල නැති බව වගේ මාතෘකාවට සබ්බන්ධ අසම්බන්ධ හැම දේවල් අල්ලලා. අද අගමැතිතුමා විදියට පාර්ලිමේන්තුවේ කතාකරන දේවල් දැක්කාම හිතෙනවා මේ මනුස්සයා විතරයි නේද මේ පාර්ලිමේන්තුවේ පොතක් පතක් අමතර දෙයක් හොයපු කියවපු මනුස්සයෙක්ට ඉන්නේ කියලා. ඉස්සර නොදැකපු මෝරපු හා තැන්පත් ගතියක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙත් පේනවා. දැන් දැන් හිටපු ජනාධිපතිතුමාගෙත් තැන්පත් කමක් පේනවා. අපි අපිට ගරහන එක නවත්තගත්තොත් හොදයි කියලා හිතනවා දේශපාලන මතවාද මොනවා වුනත්.
ලාභ පොලිටික්ස් ගේන විමල් වීරවංස,ඇස් බී දිසානායක, මර්වින් සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, රාජිත සේනාරත්න, වැනි චරිත - දේශපාලන ප්‍රතිපත්ති සංවාදයට විවේචනයට ලක්කිරීම ඉක්මවා, පුද්ගලයාට මඩ ගසා ප්‍රතිවාදියා මායාකාරීව බොරුවෙන් හෝ ඇත්තෙන් අවඥාවට අවමානයට ගැරහීමට ලක්කර මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගත් චරිත විදියටයි න්‍යායානූකූලව වර්ගකරන්න වෙන්නේ. ඒ වගේ මිනිස්සුන්ට ඡන්දය දෙන්නත්, ඔවුන් නායකයෝ විදියට තොරන්නත් කොටසක් ලංකාවේ ඉන්නවා.

ලංකාවේ දේශපාලනයත් ඉන්දියාවේ ක්‍රිකට් වගේ. ගොඩක් අය ඒක ගැන කථාකරද්දිත් හරිම හැගීම් බරයි. ආවේගශීලියි. ආවේගශීලි හැගීම්බර තැන කොහොමද බුද්ධිය රදන්නේ ? එතන කොහොමද නිවැරදි තීරණ එන්නේ. ඒක හින්දාම අපේ වගේ රටවල් තාමත් ගැහි ගැහි සැනසීමක් හොයනවා.

2015 March 23 - කොහොමද මේ වෙනස කරන්නෙ ...


වෙනසක් කරන්න ඕනේ නම් අපි අනිවාර්යේයන් කැපකිරීම් කරන්න ඕනේ. ඒ කැප කිරීම් තියෙන්නේ සමහර වෙලාවට අපේ comfort zones වල. තරබාරු මිනිහා බඩ අඩුකරන්න ව්‍යායාම කරනවනම් දනිස් ගෙවෙනවා, අතපය ගෙවෙනවා විවිද ආබාධ මතු වෙනවා. ඒක උපතින්ම කඩවසම් සිරුරක් තිබ්බ කෙනෙක්ට වගේ පහසු නැහැ. තුවාල පෑරීම් අතපසුවීම් failures නැතුව කවදාකවත් යහපත් දෙයක් කරන්න බැහැ.පාර්ලිමේන්තුවේ ඉන්නේ බහුතරයක් හොරු වෙනවා කියන්නේ බලය තියෙන්නේ හොරු අතේ. හරිම ආසයි face book සංවාද වලට. මේ යන විදිය හොදයි. මිනිස්සුන්ට දැන්වත් තේරෙන්න ඕනේ හොරු තේරුවේ අපි කියලා. උන් නැතුව අපිට ජීවත් වෙන්න බැරි තරමට අපි උන් මත රැදිලා. එහෙම නැතුව හැගීම්බරව පාට පක්ෂ බල බල අරූ හොදයි මුට වඩා මූ හොදය උට වඩා කියලා හිතුවොත් අපි හැම දාම අපි විසින් රැලි හද හද ඒ පැත්තට මේ පැත්තට අපි විසින්ම දෝලනය කරවන රැළි මත පාවෙන ඔරුවක හබල ගිලිහිනු අසරණ තොටියෝ වෙනවා. මේ හැම විරෝධතාවයක්ම මුලින්ම කුණු වෙරළට දාවි කියලා හිතනවා මේ පාර ඡන්දෙදිවත්.
වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු වුන ඒ වෙනස මහින්දගෙන් හෝ මෛත්රීිගෙන් කරගන්න හිතපු කාටවත් කැළඹෙන්න දෙයක් නැහැ. වාද කරන්නේ යහපත් රටක් හදන්නයි - යහපත් නායකයෙක් මතු කරගන්නයි. මහින්ද මහත්තයටත් වැරදි හදාගන්න කාලය ඕනේ. එයා අතින් නොදැන පිරිමැහිය නොහැකි වැරදි වුනා. නමුත් අපි අලුත් නායකයෝ හදන්න ඕනේ. ක්‍රිකට් ටීම් එක වගේ කට්ටිය රිටයර් වෙලා හොම්බෙන් යනකොට සමු අරන් මේ රට එක පුද්ගලයෙකුට හෝ පක්ෂයකට දෙන්න හොද නැහැ. අලුත් නායකයෝ අලුත් ක්‍රීඩකයෝ දක්ෂයින් හදන්න ඕනේ. නායකයොත් Replace කරන්න පුලුවන් වෙන්න ඕනේ. එතකොටයි මැච් දිනන්න පුලුවන්.
අපි මේ හදන්න හිතන්නේ කල්පවතින ශිෂ්ඨාචාරයක්. ඒක එක පරම්පරාවකින් ඉවර වෙන රටක් නෙමෙයි. එහෙම කල් පවතින ශිෂ්ඨාචාරයක් හදන්න පුලුවන් පුද්ගලයෙක්ගෙන් නෙමෙයි. Process එකකින්. මේ ක්‍රමවේදය හදන උපක්‍රමය, නැත්නම් මේ Strategy එක සංස්කෘතිය - නැත්නම් Culture එක මගින් කල්පවත්වන්නයි සුරකින්නයි ඕනේ. එතනදියි පුද්ගල අවබෝධය පුද්ගල ආකල්ප හා පුද්ගල අධ්‍යාපනය වැදගත් වෙන්නේ. කිසිම පාලකයෙක් කොච්චර හොද වුනත් එක දිගට ඉන්න ඕනේ නැහැ. එවිට ඔහු අන්තනෝමතික ආඥාදායකයෙක් වෙන එක නවත්වන්න බැහැ. පුද්ගලයා මත depend වන ශිෂ්ඨාචාර ඒ පුද්ගලායෙගෙන් පස්සේ විනාස වෙනවා. අනුරාධපුර යුගයෙන් පස්සේ අපිට කල් පැවතුනු සුරක්ෂිත ශිෂ්ඨාචාරයක් නැහැ. කලින් කලට නායකයෝ මතු වෙනවා - නායකයා ගිහාම වැඩේ කෙලවෙනවා. පහුගිය පරම්පරා නායකයෝ replacements හදන්නේ නැහැ. මහින්ද යනකොට next level නායකත්වය හැදුවේ නැහැ. Next level leadership එකක් රටක තියෙන්න ඕනේ. මෙච්චර කල් තාත්තගෙන් පුතාට නායකකම බූදල් කරනවා. හොරාගෙන් හොරාට නායක කම බූදල් කරනවා. තක්කඩියගෙන් තක්කඩියට. හැබැයි හොද මිනිහගෙන් හොද මිනිහට නායකකම කුහක කමින් දුරස් කරනවා.
වල් ඌරෝ කැකුණ තලපුවාහ හබන් කුකුළන්ට ගජ මගුල් කියනවානේ. කල දුටු කල ජේවීපී එක දැන්වත් වල ඉහගනියි කියලා හිතනවා. ඒක හොදයි. ජෙප්පෝ ටිකක් ඉන්නම ඕනේ ඇතුලේ. ශ්‍රී ලංකා කාරයද යූ ඇන්පී කාරයද කියන එකේ Fundamental Characteristic වෙනසක් නැහැ. ලුණු නැති කිරි බතුයි ලුණු නැති බෙරි බතුයි වගේ. කිරිබත් ලුණුමිරිස් එක්ක කාපූ එකා බෙරි බත් සම්බෝල එක්ක කණවා. ඒ කියන්නේ උයන්නේ අරගන්නේ හැමදාම පොලුයි හාලුයි මිරිසුයි ලුණුයි විතරයි. යහපාලනය හොදට විවේචනය වෙන්න ඕන. මිනිස්සු අවධානයෙන් ඉන්න තරමට නායකයින්ට තක්කඩිකම් කරලා පැවැත්මක් නෑ. ජෙප්පොන්ට තාමත් රටක් කරන්න තරම් පෞරෂය මෝරලා නෑ - නමුත් ඔවුන් මෝරාවී කියලයි හැමදාම හිතන්නේ. විවේචනය කරනවා වගේ නෑ වැඩක් කරන්න ගියාම. තාම ලංකාවේ මිනිස්සු බහුතරයක් ඔට්ටු වෙන්නේ - හා ඔය අරන් කලේ කියලා අනිකාට හිනාවෙන මානසිකත්වයෙන්. ඒක අපේ තාත්තලාගේ ක්‍රමය. අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඒකෙන් වෙනස් වෙලා - මම කලොත් මේ ගැටලුව කොහොමද කරන්නේ කියන තැන ඉදන් හිතලා ප්‍රායෝගිකව හිතන වාද කරන පිරිසක් මුහුණු පොත තුලින් මතු වෙනවා. මේ පිරිස අලුත් ශිෂ්ඨාචාරයට බීජ වපුරයි.
කරන හැම සංවාදයක්ම විසංවාදයක්ම තුලින් වඩාත් නිවැරදි පිළීතුර මතු කරගනීවි. දැං ඔය කලේ - අපි කලින් කිව්වා නේද, ඕකනේ අපි කිව්වේ බෑ කියලා - වගේ ආකල්ප ඇති මිනිස්සු කවාදාවක්වත් ශිෂ්ඨාචාරයක් හෝ සමාජයක් සාරවත් කරන්න දායක වෙලා නෑ. ඵලදායී වාද විවාද - නැත්නම් වෙනස් වෙනස් විකල්ප මත වාද හා විසදුම් ඇති පුද්ගලයෝ තමයි මේක වෙනස් කරන්නේ. අත අරින්න එපා. අපි පටන් ගත්තා විතරයි ...

2015 March 17 - නායකත්වය සිංහල ක්‍රමයට මෙසේයැයි එදා අලගියවන්න මුකවැටිතුමා පැදියෙන් profile කර ඇත ...


අස්සයෝ තප්පුලද්දි එළදෙන්නු බලං ඉන්නවා - බටහිර රටකදි ඇත්තටම දැකපු දෙයක් තමයි පිංතූරෙ තියෙන්නේ.

ඉතිං ජාතිය පාවලදීලා පිට රටක වැඩට ගියා කියමුකෝ. මව්බිමට ආදරය කරන අපේ නායකයින්ට මේ බිම තරම් ද්‍රෝහී බිමක් මේ ලෝකයේ කොහෙවත් නැහැ. බටහිරකරණයේ මහ ගෙදර කියලා දේශප්‍රේමීන් හදුන්වන මේ කුමන්ත්‍රණ කාරීන්ගේ තඩි විශාල දේශයට ලාංකික විරුවන් තමුන්ගේ නූගත් දුසිල්වත් දුවා දරුවන් බහුතරයක් යවන්න හදන්නේ උන්ගේ නරක ජීවන රටාවට දඩුවමක් දෙන්න - නැත්තනම් මග්ගොන දක්කනවා වගේ වැඩක් තමයි වෙන්නේ කියලා ඒ කාලේ අපි හිතුවේ. කෝකටත් මේ විරුවෝ රෑට රෑට ඒජන්සි කාරයෝ තානාපති කාර්‍යාල වටේ කැරකෙනකොට අපි හිතුවේ උන් එහෙම කරන්නේ විදේශවලින් එන විෂබිජ එන්න කලින් උපන්ගෙයිම මරලා දාන්න වෙන්න ඇති කියලා.

මව්බිම දැන් අමතක කරලා දාන්න කාලේ හරිනේ! ඉතිං ඒ අතර දැං ඉන්න රටේ දිනපතා පත්තර කාරියත් විපරම් කරලා බැලුවා. එක පැත්තකට එක පත්තරයක්. තවත් පැත්තකට තවත් පත්තරයක්. මුලින්ම හිතුවේ ලංකාදීප දිවයින වගේ පත්තර එකම පත්තරේ රට පුරාම ජනප්‍රිය ඇති කියලා. හපොයි දෙයියනේ - එක එක ජාතීන්ට එක එක බාසාවෙන් පත්තර. අනිවාර්‍යෙයන්ම මුන්ගේ බාසාවට ජාතියටනම් තර්ජන නම් ඇති. මේ ද්‍රෝහී කුමන්ත්‍රණකාරී දරුණු අපරාධකාරයින් ගහන සුවිසාල රටේ අපි ඉන්න පැත්ත පළාතේ තාම පොඩි ස්ත්‍රී දූෂණයක් ළමා අතවරයක් ගැන ආරංචියක්වත් නැති එක ගැන පුදුම වෙවී හිටියේ. නිකමට හිතෙන්න ගත්තා මෙහේ ඉන්න නායකයන්ගේ කිසි පෞරෂයක් නෑනේ කියලා. පොඩි එකෙක්ට උම්මා එකක්වත් දෙන්නේ නෑ - කැකුලක්වත් තලා ගන්න තරං පණ නැති උන්ද කොහෙද? ඊටත් වඩා ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරුවෝ අගලින් අගලට ඉන්නවායැයි ලාංකික දේශප්‍රේමීන් කියන රටක, ඒ රටේ ඉන්න හොදට නීරෝගීව ලස්සනට උසට මහතට ක්‍රියාශීලීව නිතරම මදහසින් ගතින් සිතින් ක්‍රියාවෙන් පිරිසිදුව පාංශුදේහදාරීව වැඩුන පන හීනවුන් ලංකාව මොකක්දැයි කියාවත් නොදන්නවා දැකල මුල්ම කාලේ වික්ෂිප්තයටත් භීතියටත් මහත් ලැජ්ජාවටත් පත් වෙන්න වුනා.

නිකමට වගේ මටත් ද්‍රේහී සිතුවිලි එන්න අරන්. නිතරම හිතෙන්න ගත්තා ලංකාවේ අපේ තිබ්බ වැදගත් දේ අපෙන් උදුරගන්නේ රට බේරගත්තු දේශප්‍රේමියෝ නේද කියලා.

දහම් පාසැල් යන කාලේ අපි කවි ඉගෙන ගත්තා. හැබැයි ඒ කවි ලියලා තිබුනේ කවුරු ගැනද? ඒවා ලිව්වේ කාටද? ඒවා පාවිච්චි කලේ කව්ද කියන එක සමාජයතුලින් හොයාගන්න බැරි වුනා.  ඒ කවි ඒ මොහෙතෙම වැඩක් නැති පල් හෑලි විදියට නැත්නම් සමාජයට නොගැලපෙන ප්‍රායෝගික බාවිතයට නුසුදුසු පුහු අදහස් කියලා හිතුනේ අපේ සමාජය අපේ ඇහින් දකිනකොටනේ!. අද නායකත්වය කියලා අපේ මව්බිමේ දරුපැටව් දකින්නේ TV එකේ යටි ගිරියෙන් කෑ ගහන එක, අනිත් එකාට හොදටම අල්ලන් තඩිබාන එක, තියෙන හැම තරඟයකදීම අනිත් එවුන් පරදවා ජය ගන්න එක, නැත්නම් හැම මොහොතෙම ප්‍රතිවිරුද්ධ එකෙක් හදාගෙන උට ඇර ඇර ජයග්‍රහණය ගැන උදම් අනමින් පොර වෙන එක.

ලංකාවේ සිංහල Leardership එක ඉස්සර Model කරපු වැදගත්ම කවි දෙකක් තමයි පල්ලෙහා සිංහලෙන් ලිව්වේ සුද්දොන්ට බලන්න කියලා - මොකද හැමෝම සිංහල කමයි මොනරවිල කැප්පෙටිපොළයි පොලේ දාලා තෙලේ බැදලා හැම හන්දියක් හන්දියක් ගානෙම ප්ලේන් එකට නගින තැනට යනකන් විකුණනනවා. Leadership ගැන බටහිර ක්‍රමයට උගන්නකොට Great Man, Contingency, Behavioral, Situational, Participative, Management අනං මනං කියලා - අනික් මිනිහාව emotionally රවටා තමන්ගේ වැඩය හා මතය ඉටු කරගැනීමේ ක්‍රමයක් උගන්නනවා. සිංහල Leadership qualities හරියට ප්‍රැක්ටිස් කරපු මෑත කාලින චරිතයක්නම් හොයාගන්න අමාරුයි. අර්ජුනයි සංගක්කාරයි දෙන්නා තමයි මට දැනිච්ච විදියට පල්ලෙහා සුභාෂිතය Model එකට මෑතකාලීනව ගොඩක් Fit වෙන්නේ Leaders ලා විදියට. Mr Crab කඩේ නොකලනම් 100% කියලා හිතුනා.
අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතල සුවඳැති සොද සදුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
ගජකුම් බිදින එකසර කෙසරිඳු බලැති
කෙතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිගුම් ගුණෙන් යුතු උතුමෝ අබිමනැතී
................................................
(මතක නෑ)

දිවිහිම් කොටත් නොතරම්කම් නොම කරති කියලා දසයා මතක් කරලා දුන්නා

2015 March 9 - උදයා නිදහස් කරගැනීම උදෙසා ජනපතිතුමා හා අගමැතිතුමා වෙත යැවුනු ලිපිය

හිතවත් ගරු Maithripala Sirisena ජනාධිපතිතුමනි, Ranil Wickremesingheඅගමැති තුමනි,
ඔබ දැනටමත් දන්නවා ඇති මඩකලපුවේ සින්නතම්බි උදය ශ්‍රී නැමැති තරුණිය අප ලෝක උරුමයක් වන සීගිරිය කැටපත් පවුරේ - කිසියම් සටහනක් - මාධ්‍ය වාර්ථාකරන ලෙස ("Love U Uthaya") හෝ ඊට සමාන යමක් කුරුටුගෑමට ගොස්, බලධාරීන්ට අසුවී වරද පිළිගත්තාය. සමහරුන් පවසන ලෙස මාධ්‍ය ආදර පණිවිඩයක් ලිව්වායැයි වැරදියට තොරතුරු ප්‍රචාරය කර ඇත. සමහර තොරතුරු අනූව ඇය (T Uthaya) ලෙස ඇයගේත් ඇයගේ හිතවතියකගේත් නම ලියා ඇත. මෙහිදි ලිව්වේ කුමක්ද යන්න කිසිම වැදගැම්මකට නැති දෙයක් බව ඔබ මම අපි සැවොම දනිමු. කෙසේමුත් ඇය කුණුහරුප ලියා නැත. සීගිරි කැටපත් පවුරේ මෑතකාලීනව ගිය තරුණ පිරිස් නොයේක් සැබි අසැබි දේ ලියමින් පව්ර කැත කර ඇති අයුරු අපට ඕනෑ තරම් දැකිය හැක. නමුත් එය වරද දුටුවිට ක්‍රියාත්මක වීම වැලකීමට හේතුවක් නොවේ යන්න නීතිගරුක අප සැම එකඟ වෙන කරුණකි.
මේ සිද්ධිය පිටුපස මීට වඩා මානුෂීය යථාර්තයන්ද පැවතිය හැක. නූගත්කම භාෂා දැනුම නැතිකම හා දිළිදුභාවය ඒ අතර විය හැක. ඇතැම් වාර්ථා අනූව ඇය දඩය ගැන අසා එය රුපියල් ලක්ෂයකුත් වසරක සිරදඩුවමක් බව බලධාරීන්ගෙන් දැන බියට පත්ව - සීිගිරි ගලෙන් පැන සියදිවි නසා ගැනීමටද උත්සාහ කර ඇත. ඇයගේ පියා මියගොස් යැයි පවසන අතර මව කඩයප්පම් කරන දිළිදු කාන්තාවක් බවටත් වාර්ථා ඇත. කෙසේ හෝ අවසානයේ ඇයට අධිකරණයෙන් අවුරුදු දෙකක සිර දඩුවමක් දී ඇත.
ඒ එසේ කල කාරුණිකව කරුණු විමසා බැලීමේදී කරුණු ගණනාවක් ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ දරුවන් කුඩා කල - යුද්ධයට මැදිව, දරිද්‍රතාවයට මැදිව, සමාජ දැනුවත්කමකින් තොරව උගත් දැනුවත් සමාජයක දැක්මකින් ආකල්පයකින් තොරව හැදී වැඩී ඇත. එමෙන්ම ක්‍රමවත් කනිෂ්ඨ පාසැල් අධ්‍යාපනයක් ලැබීමටද බොහෝ විට කටයුතු සැලසී නැතුව ඇත. එසේම ඒ සදහා අවශ්‍ය මානසික හා භෞතික පරිසරය මීට වසර කිහිපයටකට පෙර මනම්පිටිි පාලමෙන් එපිට බොහෝ පෙදෙස්වල නොවූ බව පුලතිසිපුරවරයෙන් පහලවූ ජන නායකයෙක් වන ජනාධිපතිතුමාහටත් අත්දැකීමෙන් පොහොසත් අගමැතිතුමාටත් අමුතුවෙන් පැහැදිළි කලයුතු නැත. පසුගිය සමයේ ධෛර සම්පන්නව අපරිමිත කැපකිරීමෙන් දිවි පරදුවට තබා සටන් කල සෑම දෙනාහටම පින්සිදු වන්නට වල්වැදී ම්ලේච්ඡත්වය විසින් ගිලගනිමි්න් සිටි ඒ දරුවන්ට ඔවුන් සැගවී සිටි කැලෑ වලින් එළියට පැමිණ අලුත් ලෝකයක් දෙස බැලීමට අවස්ථාව විවර වී ඇත. අද ඔවුහු නිදහසේ රට වටා ඇවිදිති. පෙර නොදුටු අලුත් ලෝකයක් දකිති. එහි හැසිරිය යුතු විදිය සීමා මායිම් පිළිබද - ඔවුහු බොහෝ විට නොදැනුවත් වෙති.
මාධ්‍ය ඔස්සේ අපට මේ තරුණ දරුවාගේ පවුලේ මෙන්ම මවගේ විස්තර අසන්නට දකින්නට යෙදුනේය. සමහර විට දැනටමත් ඔබතුමා මේ සම්භන්ධව දැනුවත් වී ඇත. මේ වයසේ ගැහුණු ළමයෙක් ඔවැනි වරදකට දෙවසරක් හිරගතකිරීම නීතිය අතින් සාධාරණ වුවද මානුෂික අතින් ඇගේ පවුලේ පසුබිම ඇගේ අධ්‍යාපන මට්ටම හා සමාජ මට්ටම බලන කල ඉතාම අවසනාවන්ත සිදුවීමකි. නොදැනුවත් කමින්ම මේ දේ කලා යන්න සිතීමට ඇති සාධක බොහෝ වෙයි. මේ සිද්ධිය කියවීමේදි තවත් ප්‍රත්‍යක්ෂ වන කරුණක් නම් - ඇය වහා වරද පිළිගෙන ඇති බවයි. ධනය බලය දැනුම හා අඩුම තරමින් ගුරුහරු දීමට සමත් විශ්වාසවන්ත අසල්වැසි කාරුණික හිතවත් කිසිවෙකුත් හෝ ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේ නම් කෙසේ හෝ නිදහස වෙනුවෙන් යම් සටනක් කරන්නටත් ඇය හා ඇගේ හිතවතුන් පිරිස පෙළඹෙනු ඇත.ඔබ අප දන්නා පරිදි මෙවැනි දේට විරුද්ධ වෙන්නට නැත්නම් මෙවැනි අය වෙනුවෙන් ඉදිරිපත් වන පිරිස බොහෝ අල්ප වෙයි. ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් කෙරෙහි සමාජ අවාධානය හා කාරුණිකත්වයද අල්ප වෙයි. දුෂ්චරිතවත් නිලියකට හෝ දූෂිත දේශපාලනඥයෙකුට ඇති මාධ්‍ය අවධිය මොවුන් වෙනුවෙන් නැති තරම් වෙයි. වාර්ථා වන ආකාරයට ඇය ඉතා දුප්පත් පැල්පත් වාසී මවකගේ දියණියකි.ඇය වෙනුවෙන් කතා කරන්නට ඇයගේ දුප්පත් කමද, ඇයගේ ආකර්ෂණීයත්වයේ දුබල කමද, ඇයගේ කර්මයද, ඇය වටා සිටින දිළිදු කුරිරු පුරුෂාධිපත්වයට යටවුනු නූගත් සමාජයේ් කුහකත්වයද බොහෝ විට ඉදිරිපත් නොවනු ඇත.
පහුගිය කාලය තුල විවිධ මිනී මැරුම් නඩු වලට සම්භන්ධ යැයි අධිකරණයෙන් වැරදකරුවන් කල - ඔබ අප සැම දන්නා ප්‍රසිද්ධ දූෂිත පුද්ගල චරිත සදහා විිවිධ හේතු යටතේ ජනාධිපති සමාව දීමට තීරණය කරන ලදී. නමුත් මට දැනෙනා ලෙසට මගේ නැගණියගේ වයසට ආසන්න වයසක ගතකරන මෙම දිළිදු තරුණියට කරුණු හොයා බලා ජනාධිපති සමාවක් දෙන්නට කටයුතු කිරීම ඔබ කෙරෙහිත් යහපාලනය කෙරෙහිත් විශ්වාසය තැබූ සාමය සමාදනය සමානාත්මතාව හා සමාව අගය කරන කාරුණික කවුරුත් ඉහලින්ම අගය කරන දෙයක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
ජනාධිපති තුමනි, අගමැතිතුමනි, ඔබටත් රටටත් ජය පතමින් නවතිමි.

2015 March 6 - ඖෂධ පනතක් ඕනේ ඇයි



ගොඩක් අය දන්නේ නැහැ ඖෂධ පනතක වැදගත්කම. මේ වගේ පනතක් නොතිබ්බොත් ලෝකේ වැඩිම මාර්ජින් එකක් සහිත වඩාම ලාභදායී ව්‍යාපාරය කියලා විරුදාවලිය ලද Pharmaceutical වෙළදාම ලංකාවේ පාරිබෝගික ජනතාව උපරිම විදියට හූරාගෙන කනවා. සේනක බිබිලේ මහත්තයාගේ වගේ අය ලෝක ප්‍රසිද්ධවුනේ ඇලපති වෛද්‍ය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගී ඇති මේ වෙළද ජාලයට මනුස්සකම කියන දේ සාන්ද්‍රණය කරන්න ගිහින්. ඒ සටන නිසා එතුමාගේ ජීවිතයත් මේ වෙලදුන් විසින් උදුරගත්තයි කියලයි තවමත් ගොඩක් දෙනා කියන්නේ.

ගොඩක් බෙහෙත්වල තියෙන දුලබ බවත්, ඒ පිළිපද තාක්ෂණයේ රහසිගතබාවය හා විශේෂයෙන්ම බෙහෙත්වල ඇති කුණුහරුප සහගත හිතාමතාම පැටලිලි කරන ලද වෙළද නාමකරණය නිසාත් - බෙහෙත් වෙලෙන්දන්ට නැත්නම් ඖෂධ සමාගම් වලට හිතුමතේ මිලක් නියම කරන්නත් මිනිසුන් වෛද්‍යවරුන් නොමග යවන්නත් හැකියාව තියෙනවා. වෙන වචන වලින් කිව්වොත් එකම බෙහෙත විවිධ වෙළද නාම වලින් වෙනස් වෙනස් රසායනික සාන්ද්‍රණයන්ගෙන් Brand කරලා - මේ Brand name එකත් - මූලික ඖෂධ රසායනික නාමයත් අතර බෙහෙත නියම වෛද්‍යවරයාත් නොමග යවමින් - පාරිබෝගිකයාගේ සාක්කුවට රිදෙන්න දෙන්න ගොඩක් ඖෂධ සමාගම් දන්නවා. ලෝකේ පුරා බැලුවොත් එකම බෙහෙත විවිධ රසායනික නම් වලිනුත් වෙළද නම් වලිනුත් විවිධ මිල ගණන් යටතේ විකිණෙනවා. ඒ වගේම එක ලෙඩක සහනයට පාවිච්චි කරන්න පුලුවන් විවිධ බෙහෙත්වර්ග තියෙනවා. එකම බෙහෙත ලෙඩ කීපයකට සහනය දෙන අවස්ථාත් තියනවා. සහනය කියන්නේ එකක්. සුවය කියන්නේ තව එකක්. ගොඩක් බෙහෙත් කරන්නේ ශරීරයෙන්ම රෝගය සුවකරගන්න - ඒ සුව වීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න ශරීරය තුල අවශ්‍ය පරිසරය හදල දෙන එක.

හැමෝටම තේරෙන සරලම උදාහරණයක් තමයි - පැනඩෝල්. මේක පැරසිටමෝල් කියන generic නමින් හදුන්වන රසායනිකය - නැත්නම් N-acetyl-p-aminophenol කියන විද්‍යාත්මක නමින් හදුන්වන රසායනික සංයෝගය මනුෂ්‍යට දරන්න පුලුවන් මාත්‍රාවට හදපු බෙහෙතට ලංකාව එංගලන්තය ඕස්තේලියාව වගේ රටවල ප්‍රචලිත කරපු වෙළද නාමය. පැනඩෝල් වලට අමතරව ලොව පුරා Branded නම් 100 කට වැඩිය ඇති මේ එකම පැරසිටමෝල් කියන රසායනය විකුණන්න. මේ Paracetamol - මිනිස්සුන්ට සහනය දුන්නට බළලුන්ට, සරපයින්ට මාරාන්තිකයි. ඒ කියන්නේ බෙහෙතක තියන ගුණය හා හැකියාව සත්වයා, පුද්ගලයා මත වෙනස් වෙනවා.

ලංකාවේ හැමෝම සුද්දගේ GlaxoSmithKline පැනඩෝල් වැඩිමිලක් දීලා ආසාවෙන් බිව්වට රජයෙන් හදන SPC පැරසිටමෝල් බෝන්නේ නැහැ. ඇයි - බ්‍රෑන්ඩ් නෑනේ.එතනම පේනවා මේ සමාගම් මේ පෙති වල නිශ්පාදන පිරිවැයට වඩා ඉතාම වැඩි ලාභ ප්‍රතිශතයක් පෙත්තකින් අයකලත් කරුණු නොදත් පාරිබෝකියා ඒ සඳහා කැමැත්තෙන් පෙළඹෙන බව. මේ බේතටම අැමෙරිකාව, කැනඩාව වගේ රටවල ඇසිටෝමිනෝපින් acetaminophen කියලා කියනවා. ජොන්සන් හා ජොන්සන් කියන සමාගම මේ බේතම N-ace(tyl)-p-aminophe(nol) - ඒ රසායනයම සුලුවට වෙනස් මාත්‍රාවකින් Tylnol කියලා විකුණනවා. අනික් අතට හිසරදයට වේදනානාශක ලෙස Tylnol, Ibuprofen, Asprin යන තුනම ගන්න පුලුවන්. මේ තුන සමහර වෙලාවට එක එක රෝගියාට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියට. ලංකාවේ Paracetamol (Tylnol) බාවිතය වැඩියි - සමහර රටවල Ibuprofen, භාවිතය වැඩියි, සමහරු Asprin වලට කැමතියි. කොයි බේතත් ඔලුවේ කැක්කුම අමතක කරනවා. එක සමාගමක් ඇස්ප්‍රින් නරකයි කියනකොට අනික paracetamol නරකයි කියනවා. මේ දෙකට අලුත් තාලේ විකල්පයක් කියලා Ibuprofen දෙනවා. වෛද්‍යවරු බෙහෙත් නියම කරන්නේ සම්මත - වෙලද වාර්ථා කියවලා මිසක්, ඒ ගොල්ලෝ මේවා කොහොම හදනවද කියන එක ඇත්තටම දන්නේ නැහැ. මේවා එක එක විදියට ජනතාවට මේ රටවලත් ප්‍රචාරය කරනවා - තමුන්ට හිතු මතේ මිල ගණන් දානවා. මොකද බහුතර දේශපාලකයන්ට පොදු ජනතාවට මේ ගැන හැගීමක් දැනීමක් නැහැ. ඔවුන් විද්‍යාඥයෝ නොවෙයි. සාමාන්‍යෙයෙන් බොහෝ රටවල නීතිය තමයි generic නමින් වෛද්‍ය වරයා විසින් ඖෂධ නියම කිරීම. Generic නමින් ලියපු මේ තුණ්ඩුව අරන් Pharmacy එකට ගියාම ගන්න බේත් ඕනෙ තරම්. Pharmacy වෙළෙන්දා තමුන්ට වැඩි ලාභ දෙන එක වැඩිපුර විකුණනවා.

වෛද්‍යවරු හම්බ වෙන්න ගොඩක් Medical Rep ලා එනවා. ඒගොල්ලෝ වෛද්‍යවරුන්ට හිතන්න බැරි තරම් වටිනා තෑගිත් දීලා බලාපොරොත්තු වෙනවා ඒ ගොල්ලන්ගේ වෙළද නාමය ලෙඩාගේ බේත් සීට්ටුවේ ලියවා ගන්න. මම දන්නේ නැහැ ලංකාවේ කලින් නීතියක් තිබ්බද කියලා ඖෂධවල Generic නම විතරක් prescribe කල යුතුයි කියලා. මම දැකලා තියෙනවා බේත් සීට්ටු වල Band Names ලියලා දෙනවා Pharmacy එකෙන් ගන්න කියලා. සමහර ලාභ අඩු බෙහෙත් විකුණලා පොඩි Pharmacy කාරයන්ට වැඩකුත් නැහැ. ඉතිං දොස්තර මහත්තුරුන්ට තියෙන එක ඇරෙන්න වෙන ලියන්න එකකුත් නැහැ. එංගලන්තේ නීතිය නම් Brand හෝ වේවා Generic හෝ වේවා සමාන Quality එකින් ඖෂධ තිබිය යුතු බව. ඇමෙරිකාවේ generic නමක් නැතිනම් පමණක් Brand නම ලිවීම ක්‍රමයයි.

කෙසේ නමුත් මේ Pharmacy මාෆියාවෙන් නොදැනුවත් අසරණ ඔබ අප වැනි රෝගින් බේරගන්න සේනක බිබිලේ මහාචාර්‍යතුමා හදුන්වලා දුන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නැමැති ක්‍රමවේදය මුලු ලෝකයක් ආකර්ශනය කරගත්තා. එතුමාගේ මූලෝපායික උපක්‍රමයන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකයේ දියුණු නොදියුණු රටවලුත් ප්‍රායෝගික භාවිතයට යෙදෙව්වා කියලයි කියන්නේ. කෙසේ වුනත් අහල තියෙන විදියට 1960 ගණන්වල ඉදන් මහාචාර්‍ය බිබිලේ මහත්තයාගේ සිහිනයක් වෙච්ච මේ ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියට අදාල සංකල්ප 1971 බිබිලේ වික්‍රමසිංහ වාර්ථාවෙනුත් 1980 COSMETICS, DEVICES AND DRUGS act එක, 1984 අන්තරායාකාර ඖෂධ පනත වගේ පනත් වලිනුත් හරියට සම්පූර්ණ කරගන්න බැරිවුනා. හැම රජයකින්ම කැබිනට් එක තුලදි මේ යෝජනා අදුෂ්‍යමාන බලවේග ඇවිත් හංගලා ගියාලු. අන්තිමට අද මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා. පල්ලෙහා Link එකේ අමුණලා තියෙන්නේ 2006 ජූලි 27 වෙනිදා කියන දවසක කැබිනට්ටුව හමුවට ආවයි කියන වාර්ථාව. අද 2015 පෙබරවාරි 6 වෙනිදා. ජාතිය වෙනුවෙන් කියලා අපි හදපු නායකයෝ - 1977 බිබිලේ මහත්මයා නැති වෙච්ච දවසේ ඉදන් අවුරුදු 38 ක් අරන් ඔහු එදා යහපත් යැයි කියපු යෝජනා ලංකාවේ පාර්ලිමෙන්තුවේ සම්මත කරන්න. ඉතිං සොභිත හාමුදුරුවෝ ප්‍රමුඛ සිරිසේන මහත්තයටත් යහපාලනයත් ඇතුලු පිරිසට මේ සම්බන්ධයෙන් අගය කිරීම් හිමිවන අතර අපිට හිතන්නත් යමක් තියෙනවා. ඒ තමයි පහුගිය කාලේ පුරාවට අපි වෙනුවෙන් අපි කියලා දාගන්න ගොඩක් නායකයෝ කරන්නේ මොකක්ද කියන එක.

ජාතියක් විදයට දක්ෂයෝ - උදා : කුමාර සංගක්කාර වගේ අය පාර්ලිමෙන්තු එනවා කිව්වාත් අපි කියනවා අපෝ් දේශපාලනයට නම් එන්න එපයි කියලා. මොකද අපි බයයි අපි ආදරය කරන අපිට වඩා දක්ෂ සමත්කම් ඇති කෙනෙක් අපිට වෙනස් මතයක් දරලා අපිට යහපත් රටක් හදනවට. ඉතිං අපි කැමති හොරු තක්කඩි ගොං ටෝක් කාරයෝ කුඩු කාරයෝ අපේ නායකයෝ කරන් අපි කැමති දේ කරනවට. අලුත් පාර්ලිමේන්තුවක් හදන දවසට හෙලුවෙන් කාමයෙන් නටන නලු නිලුයෝ කුඩු කාරයෝ ගංජාකාරයෝ රත්තරන් කඩන්නෝ අරක්කු පෙරන්නෝ විබහග අසමතුන් විවිධ වංචාකාර අසමතුන්ට බලය නොදෙන එක බුද්ධිමත් ඡන්දදායකයාගේ වගකීමක්.

2015 March 3 - මූණ වැහෙන හෙල්මට්



සිරාවට - මූණ වැහෙන්නේ නැති හෙල්මට් මෙලෝ වැඩකට නැහැ. කාර් ගන්න සල්ලි තියෙනවනම් කොල්ලෝ බයික් ගන්නේ නැහැ. මේ හෙල්මට් එක හින්ද මම බේරිලා තියෙනවා - හොම්බ කැඩෙන්නේ නැතුව - කැබිතිගොල්ලෑව CTB බස් කාරයෙක් මාව පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා බතලේගොඩදි. මායි බයිසිකලෙයි අඩි ගාණක් විසි වෙලා ගියා. හොම්බ ගිහින් බයිසිකලේ ඉස්සරහම ඇණුනා. මූන බේරුණා. තව පාරක් බයිසිකලේ හැප්පිලා මාස දෙකක් ඉස්පිරිතාලේ - දැඩි සත්කාරේ. ඔලුවයි මූණයි එදා බේරුණා. බයිසිකල් වල හැප්පෙන නිසාම මැරෙන්න බයට කාර් එකක් ගත්තේ - ඒකට ස
ෑහෙන කාලයක් මහන්සි වෙන්න වුනා ලංකාවේ සාපේක්ෂව වැඩි පඩි ලබන software ඉංජිනේරුවෙක් වෙලත්. මුන්ට නිකමට හිතන්න බෑ හැම කොල්ලටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑ කියලා. බිස්නස් කාරයෝ වෙන්න බෑ. රටේ හරි හමන් පොදු ප්‍රවාහනයක් ඇත්තෙත් නෑ. පාරට ගියොත් බස් එකක් නෑ. කෝචිචියක වැඩ ඇරිලා යන්න පුලුවන්ද? දුප්පත් අලුතින් ගොඩනැගෙන කොල්ලෙක්ට ගොඩ යන්න ක්‍රමයක් මගේ රටේ අවාසනාවන්ත එවුන් දෙන්නේම නෑ. තක්කඩින්ට වසලයන්ට දේශපාලුවන්ට කප්පන්කාරයන්ට තමයි හැමදේම. මූන වැහෙන හෙල්මට් ආරක්ෂාකාරීයි. ලංකාවේ මෝඩ පක්කු මචං ඉන්නේ. මේ රටේ එවුන්ට හරි දේ මොකක්ද කියලා හිතන්න බැරි තරමට මොඩයි. පිස්සු හැදෙනවා ජීවත් වෙන්න ගියාම. හරිම ගොං කාලකණ්නි වැඩක් මේක.

2015 February 19 - බලමු දැන් යහපාලනේ දින 100



මහින්ද මහත්තයාගේ වැලේ තියෙන යට ඇදුම් ගානයි, කක්කුස්සියේ තියෙන TV ගානයි, තාප්පේ ගහගත්තු මල් පෝච්චි බලන්නයි, ITN එකේ ආදර දිනේට පුවත් මැදිරියේ රෝස මල් මාරු කරන්නයි නෙමෙයි අපි ඔක්කොම අමාරුවෙන් මේ යහපාලනය හදාගත්තේ. පරණ අඩුපාඩු අලුත් අය කරන්න ඕනේ නැහැ. ඇත්ත - ගොඩක් හොද දේවල් වෙනවා. ඒ වගේම කල් ගත වෙන්න වෙන්න නිවැරදි විය යුතු තැනුත් එළියට පේනව. නීතිය අතින් විය යුතු දේවල් නීතිය බලා ගනීවි. නමුත් අපි අමාරුවෙන් හදාගත්තු යහපාලනේ Anura Kumara Dissanayake Ranil Wickremesinghe Progress Review of Maithripala Sirisena’s 100 Day Work Programme Maithripala Sirisena Harin FernandoSarath Fonseka -Next Sri Lankan President Patali Champika RanawakaArjuna Ranatunga Hirunika Premachandra Sujeewa Senasingheවගේ පිළිගත් නායකයන්ගෙන් අපි දැන ගන්න ඕනේ ඔබතුමාලා දැන් මොකද කරන්නේ කියලා. ආසයි දැනගන්න
1) Audit Bill
2) Information Act
3) National Drug Policy
4) Constitutional Council
5) New Election Laws
6) Amendments to change the system of elections
ආදියේ Progress එක මොකක්ද කියලා.

වඩා වැදගත් - එකඟවූ ලෙස යෝජිත Process/System changes ප්‍රායෝගික කරන් ඒ තුලින් අපි බලාපොරොත්තු වෙච්ච, කතා වෙච්ච, වාද විවාද කරපු අලුත් රට හදාගන්න එක. ලංකාවේ නීතිය 100% දේශපාලන අතගැසීම් හිතමිතුරු කම් වලින් ස්වාධීන කලොත් ඉබේම අපරාධ කාරයන්ට දඩුවම් හම්බ වෙන එක නවත්වන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම පත්කරපු දේශපාලකයගේ වගකීමක් නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය, උසාවිය ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන සතු වගකීමක් වෙන්නයි ඕනේ. ඒක එහෙම නොවෙනවනම් - එසේ නොවීම පිළිබද පාර්ලිමෙන්තු මැදිහත්වීමයි ඇත්තටම වෙන්න ඕනේ.අපි එතෙන්ට යන්නයි අරගල කලේ. ඉතිං කොහොම හරි අද දේශපාලන නායකයන්ගේ ප්‍රධාන වගකීම වියයුත්තේ අපි දින 100ට හදාගත්තු ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න එක. මේක හැමෝගෙම සාමූහික වගකීමක් මිසක් එකිනෙකාට ඇගිලි දික් කරමින් කාටවත් මග අරින් බැරි දෙයක්.

2019 February 19 - ලංකාව බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න දෙන්න බෑ.


මම මේ පොස්ට් එක ලියන්නේ මගේ හිතමිතුරු කිසි කෙනෙක් ගැන අහිතකින් නම් නෙමෙයි. වැඩිහිටියන් ලෙසත් රටේ වගකිවයුතු පිරිසක් ලෙසත් හැගීම්බර වීමට වඩා අපි සැවොම එළඹෙන අනතුරු ගැන අවධියෙන් හරවත් සංවාදයක යෙදීම වැදගත් කොට සලකමි. සිංහල මුස්ලිම් කෝලහලයක් මා අසා දැන ඇති අතරමට මුලින්ම ලංකාවේ ඇතිවෙන්නේ සුද්දාගේ පාලනය හේතුවෙන්. එකට දන්න හේතුව වන්නේ - එකල රජ කල, සිංහල රජදරුවන් විසින් ඇති කිරීමට අවසර දුන් පල්ලියක් ඉදිරියෙන් දළදා පෙරහැර ගමන් කරන විට එතුවක් කල් සිංහලයා විසින් චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ශබ්ද පූජා නවත්වන ලෙසට නඩු තීන්දුවක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මුස්ලිම් පිරිසක් ලබාගැනීමයි. මේ ගැටුම ඉන් නොනැවතී දුර දිග ගොස් ඉතා දරුණු කේදවාචකයක් බවට පත්වුනා කියලයි ඉතිහාසය කියන්නේ.
මෑතකදී බොදු බල සේනාවේ ඇතැම් වැරදි අන්තනෝමතික තැන්වලදී අපි විරුද්ධ වීමු. ඔවුන්ගේ අන්තවාදී ජාතිවාදී අදහස් වලට විරුද්ධව බොහෝ මැදිහත් සිංහල පිරිස විරුද්ධත්වය නගන ලදී. මුස්ලිම් වරුන් සතු කඩ වලට ගල් ගැසීම ඔවුන්ගේ දේපල හානිකිරීම අඩුම තරමින් face book එකේ අන්‍යජාතිකයිනට වචනයෙන් ආක්‍රෝෂ පරිභව කරන උදවියටද විරුද්ධ වීමු. එදා ඒ වෙලේ විරුද්ධවූයේ යම් සේද එසේම අසාත් සාලී, හකීම් වැනි වුන් වචනත්, උච්චාරණයත් සංවර කර ගතයුතු යැයි සිතමු. කෙතරම් අභ්‍යන්තර මත ගැටුම් පැවතියද සිංහලයාට හෝ බුද්ධාගමට ගැරහීම තව කිසිම සිංහලයෙකු කිසි සේත්ම අනුමත නොකරයි. ප්‍රභාකරන් හිතුවානම් සිංහලයාට හැම දෙයම සති දෙකකින් මතක නැති වන බව - එය ඔහු විසින් කරුණු හරි හැට නොදැන කරන ලද ප්‍රකාශයක් පමණක් වන බව බොහෝ සිංහලයෝද නොදනිති. අද ප්‍රභාකරන් මියගොස් අවුරුදු ගණනක් ගතවන තැනත් බහුතරයක් සිංහලයෝ ඔහු විසින් එසේ කී බව තවමත් කෘතඥපූර්වකව මතක් කරති. ඈත අතීතයේ සිටම අරාබි ජාතිකයන් - මුස්ලිම් වෙළද ව්‍යාපාරිකයන් ඇත් දළ රත්තරන් කුලු බඩු වෙළඳාමට මෙහි පැමිණියෝය. කුරුස යුද්ධය පැවති අවධියක වුවද ඔවුහු මේ රටේ මූලික සංස්කෘතිය වෙනස් කිරීමට නොතැනුවෝය. මේ අන්තවාදී ජාතිවාදය අප විසින් තුරන් කල යුතු යුගයයි. ජාතිවාදය තුරන් කිරීම යනු සිංහලයා හෝ බොදු සිරිත් විරිත් ඇවතුම් පැවතුම් බොදු උරුමයන් තුරන් කිරීම නොවන බව ඔවුන්ද වටහා ගත යුතුය.
සත්‍යය පවසන්නේ නම් අපේ ගම් පියස අවටද බොහෝ මුස්ලිම් දේවස්ථාන ඉදි වෙයි. නිවෙස් 7 කට එක් දේවස්ථානය බැගින් ඉදි කරමින් ඔවුහු පල්ලියේ සිට හත් වරු වන්දනාවේ යෙදෙයි. ගම පුරා දවසට කිහිප වරක් ඇසෙන මේ නාදය සිංහලයා කුපිත කරවයි. මා කිසිසේත් අන්තනෝමතිකයෙක් නොවෙමි. නමුත් මෙසේ ගම වට කරන් මෑත අවුරුදු කිහිපයක සිට ඇසෙන මේ තීවුර යාතිකාව මට අනතුරු සංඥාවකි. කිසිවෙකු කිසිවෙකු විසින් හිංසාවට මෙන්ම තර්ජනයට ලක්වීමට සූදානම් නැත. ලංකාවේ නීතිය මේ වැනි තැන් අල්ලා සාදාරණ ලෙස මේ ගැටුම් අවම කිරීමට ක්‍රමවේද සැකසිය යුතුය. ආගම ඇදහීම අයිතියක් වෙන්නේ යම් සේද ඒ ඇදහීම් සීමාව ඉක්මවා ගොස් ස්වදේශික මුල් පදිංචි කරුවන්ගේ සංස්කෘතියට තර්ජනයක් වන තරමට නොයා යුතුය. එසේ වන තැන ගැටුම් ඇතිිවීම සිදුවෙයි. බොහෝ මුස්ලිම් රටවල විශේෂයෙන්ම බෞද්ධාගම අැදහීම තහනම්ය. ඒ එසේ වෙන කල ලංකාවේ සහෝදර ජනයා මුස්ලිම් ආගම ඇදහීම නතර කලයුතුය යන්න අපි කෙසේත් අනුමත නොකරමු. නමුත් ඔවුන් මෙහි මුල් සංකෘතියට මුල් තැන දීමත් ගරු කිරීමත් එහි පැවැත්මට තර්ජනය නොකිරීමටත් නිහතමානී විය යුතිය.
අපේ ගම් පියස අපේ සීයාගේ මුත්තලාගේ දැනට ඉතිරිව ඇති අම්බලම් පන්සල් අනූව වළගම්බා රජය සමයත් ඉක්මවා කල සිට පැවතිමුත් අපේ සීයාගේ පරපුර වනතුරු කිසිදු මුස්ලිම් පැවැත්මක් ගමතුල නොවීය. සීයලා තරුණ කල ගමට පැමිණි මුස්ලිම් සංක්‍රමණික වෙළදුන් වෙලදාම උදේසාම ගම අවට ලැගුම් ගත්හ. බෙහෙත් හේත් වී හාල් පොල් කෑම ආදියද ගම් වැසියන්ගෙන් ගත් ඔවුහු, කරවල, රෙදි පෙළදි, මනි බඩු ආදිය ගම් වැසියන්ට වෙලදාම් කළහ. බොහෝ මුස්ලිම් වෙළදුන් පන්සල සමග කිට්ටු සබදතාවයක් පවත්වාගත්හ. මෑතක් වනතුරුත් මේ කිසිවෙක් කිසිවිටකත් සිංහලයා හා ගැටුමට, පන්සල හා ගැටුමට නොපැණියහ. කජු පුවක් රබර් බොතල් යකඩබඩු යනාදී නොයෙක් වෙළදාම් ඔවුහු සිංහලයා සමග සහයෝගයෙන් කරගෙන ගියෝය. නමුත් දැන් තත්වය වෙනස් බව මා විසින් දැක ඇති දෙයකි. තරුණ මුස්ලිම් පිරිස සිංහලයන් වෙත, විශේෂයෙන්ම බෞද්ධ සිද්ධස්ථාන ඇදහීම් දෙස වැඩියෙන් ආක්‍රමණශීලී බවක් දක්වයි. ‍ෛඑතිහාසික සිද්ධස්ථාන වෙත ආක්‍රමණශීලි ලෙස අයිතිය කියාපායි. මෙය මෑත කාලීන පල්ලිවලින් කුලප්ලු කරන ලද්දක් බව අපිට දැනගැනීමට ලැබුණි. මේකට හේතුවක් වෙයි. බොහෝ මුස්ලිම් දරුවන් අතර මග අධ්‍යාපනය අත් හැර දමයි. නමුත් ඔවුහු පල්ලියට සමීපව කටයුතු කරයි. විවිධ හේතු නිසා ඔවුහු බොහෝ විට සාමාන්‍ය පෙළටත් පෙර ව්‍යාපාර කටයුතු වල යෙදෙයි. බොහෝ ගෙවල ගෘහස්ථ හිංසනය වෙයි. ළමයි කුඩා කල සිට සත්ව ඝාතනයේ යෙදෙනවා අසන්නට දකින්නට ලැබෙයි. බොහෝ පවුල් කුඩා ඉඩක් තුල දරුවන් බොහෝ දෙනෙක් ඇතිව - දුගී හෝ පීඩාවෙන් ජීවත් වෙති. බොහෝ දෙනා පල්ලිය විසින් කියාදෙන දේ නිවැරදි දේ් ලෙස දකියි, මෙහිදී පන්සල මෙන්ම පල්ලිය සතුවිය යුතු වගකීම් රැසක් වෙයි. එනම් ඔවුන් නිවැරදි දේ පමණක් තම අනුගාමිකයන් වෙත දේශනා කළ යුතුය යන්නයි.
මේ දේ මේ ලෙස සිදුවන්නට දී රජයක් බලා සිටිය යුතු නැත. මේ තත්වය හැදෙන ළමයා තුලින් වෙනස් කල යුතුය යන්න මගේ අදහසයි. මොන දේ කලත් මෝරපු වැඩිහිටියන් තුල පවතින විෂ ආකල්පයන් පිරිසිදු කිරීම පහසු නොවේය යන්න අත්දැකීමයි. ලංකාවේ සියලු පාසැල් වල අධ්‍යාපන ක්‍රමය තුලින්ම පංචශීල ප්‍රතිපාදාව ජාති ආගම් බේදයකින් තොරව ස්ථාපිත කල යුතුයි. පංචශීලය යනු කාටවත් එකඟ නොවිය හැකි දෙයක් නොවේ. එය අනික් අතට නීතිය යහපාලනයට ගරුකිරීම සදහා අනාගත දරුවා හැඩගැස්වීම හා පෙළඹවීමයි. එමගින් හැදෙන ළමයා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමය ඉහවහා කටයුතු කිරීම, බොරු කීම හා මත් පැන් පානය වැරදි දේ ලෙසත්, සමාජය තුලදි පිළිකුලටත් ලැජ්ජාවටත් සතුටක් නැතිවීමටත් හේතුවන බව උගනිති. මේ පංචශීලය බුදුන් විසින් දෙසන ලද්දක් නොව හින්දු ආගමික ඉගැන්වීම් තුලින් බුදු දහමින්ද අනුමත කළ දෙයක් බැවින් ජාතීවාදයෙන් ආගම් වාදයෙන් තොර යහපත් රටක් ගැන හිතන උදවිය මීට ජාතී ආගම් බේද අභිබවා එකඟ වනු ඇත.
ලංකාව අවිහිංසාව කරුණාව මෛත්‍රිය යන බෞද්ධ මූලධර්ම අනූව සැමට සම තැනදී බුද්ධාගමට මුල්තැනදී පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතීම විනා - ඒ රට අබෞද්ධ රටක් හෝ මුස්ලිම් ආගමානුකූල පාලනයක් ඇති රටක් බවට පරිවර්ථනය කිරීමට සිහින දැකීම ද්‍රෝහීකමක් ලෙස මම විශ්වාස කරමි.

2015 February 14 - සමාජජාලය ලාංකිකකරණය කිරීම නොහොත් ඉරිසියාව නිර්මාණකරනකරණය ලෙස හැදින්වීම



මේ face book එකේ අන්තර්ජාලයේ සමාජ අඩවිතුල විවිධ චරිත වලට මඩ ගැසීම, ප්‍රසිද්ධියේ හාස්‍යට ලක්කිරීම, ගැරහීම හෝ විවිධ අයුරින් අවමානයට ලක්කිරීම - ඒ මඩ/කාඩ් නිපදවන පපුද්ගලයාගේ සුවිශේෂී නිර්මාණශීලිත්වයක් හෝ කුසලාතාපූර්ණ හාස්යෝත්පාදන උත්සාහයක් ලෙස හෝ හුදු විනෝද රසාස්වාදයක් ලෙස අගය කොට තැකිය හැකි දෙයක් නෙමෙයි කියලයි මටනම් හිතෙන්නේ. පුද්ගල චරිත ලක්ෂණ බස හැසිරවීම ඇදුම පැළදුම ජාතිය අනන්‍යතාව අලලා උපහාසය නරඹනන්ට රසාස්වාදයක් වුනත් ඒක ඉලක්ක කරන කෙනාට පිරිසට එහෙම වෙන්නේ නැහැ.
මෙතනදි මේවා කරන අයගේ අරමුණ සියුම්ව විශ්ලේෂණය කරලා බලන්නත් වටිනා. ඔවුන්ට කුමන අයුරකින් හෝ අනික් අයගේ අවධානය, ප්‍රතිචාරය, ප්‍රසිද්ධිය අවශ්‍යයි. ඒ අවධානය ලබාගන්න සමාජය හා අනිකා කෙරෙහිත්, තමුන්ට ජීවිතයේ හිමි අහිමි වුන දේවල් කෙරෙහිත්, ලෝකයා ඉදිරියේ බොරුවට කෙලිලොල් විහිලු සහගත ස්වභාවයක් පෙන්වමින්, නමුත් සගවාගත් නොහික්මුණු නොනිමුනු සියුම් ද්වේසයක් දුකක් යටි හිතේ තියන් - ඒ දේවල් නිර්මාණය කරනවා කියලයි හිතට අවංකව කරුණු විමසලා බැලුවොත් පේන්නේ. එමෙහත් නැත්නම් ඒ අය තමුන් කරන දේ ගැන හෝ ඒ සඳහා පෙළබවුන අදහස ගැන හෝ නුවණින් විමසන්න තරමටම බුද්ධිය මෝරලා නැති වෙන්න ඇති. කොහොම හරි ඒ මඩම, ඒ ලෙසින් තමුන්ට හෝ තමුන්ගේ පවුලේ අයෙක් කෙරෙහිත් සිදුවුනොත් තමුනුත්, තමුන්ගේ පවුලේ සාමාජිකයනුත් කොච්චර අසරණ වෙනවද, හිත් තැවුලට පත් වෙනවාද, ලැජ්ජාවට හා අපහසුතාවයට ලක්වෙනවද කියලා මොහොතක්වත් නොහිතන්න මේ තරුණ ළමයි ආත්මාර්ථකාමී වුනේ අසංවේදී වුනේ අපේ රටේ යුග ගණාවක් පවතින අපි එළිපිට කතා නොකරන අපිතුලින් අපිට හොරෙන් එන අපේ සංසකෘතියේ අපේ ආකල්ප වල වැරදි නිසයි කියලයි මට හිතෙන්නේ. මේ ගොල්ලෝ මේවා සාධාරණීකරණය කරන්නත් අරන් - ඒක විහුලුවක්, පොඩි ආතල් එකක් විතරයි, මේක අලුත් සමාජය, අපිට වුනත් අපි ගණන් ගන්නේ නැහැ අරකයි මෙිකයි බොරු තර්ක දාලා.

පරපීඩිකත්ව මානසිකත්වය ලාංකික සමාජයේ පවතින කුරිරු සංවර නොවුනු අශීලාචාර ම්ලේච්ඡ යථාර්ථයක්. ලංකාවේ තරුණයින් - හිටපු පරම්පරාවන්, හැමදාම තරඟාකාරීත්වය ජයගන්න පාවිච්චි කලෙත් මේ ආයුධයමයි. දේශපාලනය වේවා, කලාව වේවා, ක්‍රීඩාව වේවා මේ දේ ලාංකිකයන් තුල ආකල්ප තුලින් හෝ නීතිය තුලින් යහපත් කිරීමට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අද මේ කුරිරු යථාර්ථය හාස්‍ය රසාස්වාදය ලෙස වැරදි විදියට අරුත් දැක්විලා ලාංකික තුරුණු සමාජය ඇසුරෙන් අන්තර්ජාලයේ මතුවෙන්නේ විනොදජනක මඩ විදියට නැත්නම් සරල සම්මත නිර්මාණශීලි අගය කළ හැකි ආශ්වාදනීය දෙයක් විදිහට. මේ දේම පාසැල තුල සමහර විට මතුවෙන්නේ bullying විදියට. වේදිකාවේත් රංගනය තුලත් එකිනෙකාට අපහාස කිරීමට ඔවුන්ගේ උච්චාරණ විලාශය, විලාසිතා, ශාරීරික අංග චර්‍යා, යොදාගන්නවා. මැතිවරණ වේදිකාවත් එසේමැයි. ලංකාවේ මෑතකාලීන සාහිත්‍යකරුවන්ට උගතුන්ට චිත්‍රපටි කරුවන්ට තරුණ පරපුරේ මේ දුර්වලත්වය වෙනස් කරන්න සමත් නර්මාණයක් සඳහා ආදර්ශයක් දෙන්න බැරි වෙච්ච එක අපේ ජාතියේ අභාග්‍යයක්.
දේශපාලනඥයෙකු වේවා කලා කරුවෙකු වේවා ප්‍රසිද්ධ චරිතයක් වේවා උන්කරන දේ උන් ගෙනියනවා විනා, උන්ට මේ අන්තර්ජාලයේ නොසරුප් වචනයෙන් ගරහන බණින මඩගහන කුණුහරපයෙන් පෙන්නන කිසි කෙනෙක්ට පුද්ගලිකව දෙයක් හානියක් කරල නැතුව ඇති. මේ මඩ ඊටත් වඩා ඔබ්බට ගොස් චූදිත චරිත ඉක්මවා ඔවුන් හා සම්බන්ධ පවුල් වල සාමාජිකයන්ටත් එල්ල කිරීම ඉතාම නීච ජඩ වැඩක්. එමගින් ඒ පවුල් සමාජිකයන් මානසිකව පීඩාවට පත්වීමත් සමාජය ඉදිරියේ ඉතා දරුණු අපහසුතාවයකට පත්වීමත්, එකිනෙකා අතර අමතර ගැටුම් පසුකාලිීන දරුණු කඩා වැටීම් ඇතිකරවන්න තරම් සංකීර්ණ වෙන්නත් පුලුවන්.
වරදට එරෙහිවීම හෝ ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි කියන මතය තුල තියෙන හැඟීම වෙන්නේ අහිංසකයන් දුබලයන් හිංසාවෙන් රැකගැනීමත්, උස්මිටි ඇති හැකි බේදයෙන් තොර හැමෝ්ටම යහපත් සාදාරණ සමාජයක් ස්ථාපනය කිරීමත් කියන දේ. ඊට හාත්පසින්ම වෙනස් අරමුණක පිහිටන මේ මඩ ගැසීමේ කලාව හා හාස්‍යකරණය, ඒ තුල සත්‍ය සගවා කරණ පළිගැනීමත්, කලදුටුකල වල ඉහගෙන තමුන්ගේ ඉරිසියා සහගත හැගීම් සමාජය ඉදිරියේ සාදරණීකරණය කිරීමත් කියන කිලිටි චේතනාවන්ගෙන් යුක්තයි. ඒවා වැරදි ආදර්ශයන් ලෙස පිළිකුලෙන් බැහර කළ යුතු දේවල්. විවේචනය කියන තැන සමාජ ප්‍රගමණයට යහපතට අනිවාර්යෙන් අවශ්‍ය නමුත් අද බොහෝ විට ලාංකිකයන් අතර අන්තර්ජාලයේ සිදුවෙන්නේ කැත විදිහට සත්‍ය අවස්ථාවාදීව උලුප්පා හෝ අවස්ථාවාදීව තනුක කර, එහෙමත් නැත්නම් සත්‍යය එහෙම් පිටින් විකෘත්ති කර තමුන්ගේ පහත් අරමුණු වෙනුවෙන් නිර්මාණය කරණ ලද දරුණු මඩ යොදා ප්‍රසිද්ධියේ අනෙකා ගැරහීමට ලක්කර තමුන්ගේ ජඩ හැගීම් කණ්ඩායමක් ලෙස සාධාරණීකරණය කරගන්න එක කියලයි මට හිතෙන්නේ. ලාංකිකයෝ විදියට අපේ තියෙන හොද වගේම මේ වගේ ඉතාම කැත පහත් වැඩ නවත්තන්නත් - ඒ දේ වැරදියි කියන පණිවිඩය තරුණ පරපුරට සමාජගත කරන්නත් කවුරුහරි ඉදිරිපත් වෙන්න ඕනේ. අපි වෙන කිසිම සමාජයක, සංස්කෘතියක මේ වගේ කැත විදියට පුද්ගලයින් චරිත අලලා නිර්මාණශීලි හෑල්ලු කිරීම් ගැරැහීම් අභූත චෝදනාවන් පාච්චල් කිරීම් මඩ ගැසීම් අසංවර ලිංගික අවමානයන් දකින්නේ නැහැ ලංකාවේ සමාජ වෙබ් අඩවි තුල ඇර.

මේ වීරයෝ අන්තර් ජාලයේ අනන්‍යතාවය හගවන් මේ දේවල් කලාට ඇත්ත අපරාධකරුවන් සමග මුහුණට මුහුණලා හෝ නීතිය ඉදිරියේ සටනකට තමුන්ගේ කාලය දනය වියදම් කරන් රට වෙනුවෙන් කියලා ඉදරිපත් වෙනවා, සංවිධානය වෙනවා, පෙලගැහෙනවා නම් දැකලානම් නැහැ.

2015 January 31 - කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන


මගේ කන්තෝරුවේ බෞද්ධයො බොහෝ වෙත්. ලංකාවේ කන්තොරුව හා සලකන කල ඕපාදූප කථාවන්ද හිතට හොරා කරන ව්‍යාජ ආකල්ප ධාර්මික කථාවන්ද ලිංගික කුහකත්වයෙන් දෙන පොර ටොක්ස්ද නැති තැන ස්ත්‍රී අඟ පසග පිලිබද කරන සමච්චල් සරාගී කතාවන්ද ප්‍රමෝෂන් පරමාර්ථයෙන් කෙරෙන රුවුම් ගෙරවුම් වීර කතාවන්ද අනෙකා නැති තැන විවේචන සමච්චලයට ලක්කිරීම්ද දන්න අදුනන පුද්ගලයින්ගේ පුද්ගලික වගතුක හාස්‍යට ලක්කිරීමද මෙහේ කෑම මේසය මතවත් අනෙක් හිත මිතුරු සාකච්ඡා තුලදීවත් බීර මේසය මතවත් සිදු නෙවෙයි. නමුත් ඒ දේ ඉන්දියානු හෝ ශ්‍රීලාංකික බෝජන සංග්‍රහයේදීනම් නොවරදවා නොමසුරුව සිදු වෙයි. මෙහි මා ඇසුරු කල බටහිර අයවලුන්ට ඔවුන්ගේ මනසට අනෙකා ගැන තොරතුරු වැදගැම්මකට නැති තරම්ම වෙයි. පුදුමයකට මෙන් බොහෝ දෙන මෙත් සිත් ඇත්තෝ වෙයි. නීතිගරුක වෙති. අවස්ථාවාදී නොවෙති. ලංකාවේ කන්තොරුවට වඩා මෙහි කන්තෝරු කාමරය තුල මේසය අභිමුව බුදු පිළිම වඩා හිදුවා තබාගෙන ගරු සරු කරන පිරිස බොහෝ වෙයි. ඔවුහු හදවතට අවංකව ධර්මයෙහි හැසිරෙන්න උත්සාහ කරති. ඒ අනූව ජීවිතය හැඩගැසීමට වෙර දරති. ඒතුලින් තමුන්ගේ ජීවිතයට සතුට ආලෝකය සැනසීම ලගාකරගැනීමට උත්සාහ දරති.

බුදු පිළිමයක් දකින කල - ලංකාවේ ඇතැම් සිංහල බෞද්ධයාත් ලොව බුදු දහම අදහන අනෙකුත් බෞද්ධයන්ගෙත් අතර හැසිරීමේ හා ආකල්ප වල වෙනසක් වෙයි. මට දැනෙන ලෙස බහුතර සිංහල බෞද්ධයා බුදුපිළිමයටත් බුද්ධාගමටත් ආත්මාර්ථකාමී අයිතියක් කියා පෑමට උත්සාහ කරයි. බොදු පිළිවෙත් රැකීම පසෙකලා ලොව බුදු හිමිට ලැබෙන ගෞරව ආදර සැලකුම් ගැන යටි සිතින් සිතා ඒ මතින් තමුන් බෞද්ධයෙකුයැයි කියමින් හෝ නොකියමින් ආඩම්බර වෙයි. ඔබාමා බෝ පැලයක් හිටවූ විට - බෝධිය සිටිවීමෙන් ලෝක සත්වයාට හෝ, සම්මත ආදර්ශයක් ලෙස හෝ, පොදු ජනයාට හෝ සිදුවන යහපත ගැන සිතමින් සතුටු වීමට වඩා, ඔන්න බලවත් චරිතයනුත් බෝ පැලයක් සිටුවා අපේ ගොඩට සෙට්වුනා යැයි කියන දුරුවල සිතුවිල්ලෙන් ආඩම්බරයක් ඇති කරගනිති. සිංහලයෙක් බෞද්ධයෙක් ලෙස ධර්මයට ශාසනයට අයිතිවාසිකම් කියා ලබන තාවකාලික ආඩම්බරයෙත් අබෞද්ධයෙක් බෞද්ධයෙක් වීමට උත්සාහ කිරීම තුල හා දහම පිළිබද ඇති වන ප්‍රබෝධයෙන් ලබන අවබෝධය මූලික ශාන්තියෙන් ලෝක සත්වයාට හිමිවන සතුට හා සැනසීමත් අහස පොළව මෙන් වෙනස් වෙයි.

රොකී කදු අතර සෙන් බෞද්ධ මධ්‍යස්ථාන හා හින්දු හාගමික පන්සල් කිහිපයක් වෙයි. මේවායේ සැබෑ භාවනායෝගීන් බොහොයි. ඔවුහු භාවනාවටත් හික්මීමටත් මුල් තැන දී ජීවිතයේ අවරභාගය හරවත් ලෙස අවසන් කිරීමට වෙහෙසෙති. මට දැනුනු සමහර අවස්ථාවල ආර්‍යඅෂ්ටාංගික මාර්ගය පටිඡ්ච සම්මුපාද ධර්ම වැනි නිවන කෙරෙහි යොමුවූ ධර්ම කරුණු හැර අනෙක් සංවර ආමිශ සිල්වත් බුදුදහම විසින් පින් යැයි සම්මත දේ කිරීමේදීත් ප්‍රායෝගික සමථ/සාමාධි භාවනාවේදීත් මේ පන්සල් ලංකාවේ 90% පන්සල් වලට වඩා ඉතාම ඉහල මට්ටමෙන් පවතී. විපස්සනා මධ්‍යස්ථාන නම් දැනට මා මෙහි දැක නැත. බොහෝ බටහිර බෞද්ධයෝ අපට වඩා සමථයේ හා විපස්සනාවේ වෙනස පිලිබද අධ්‍යනය කිරීමට උත්සාහ දරා ඇත - නමුත් නිවැරදිව දැන අසා ගැනීමට තරම් දැනුමක් ඇති සාස්තෘන් වහන්සේ අවාසනවාට මෙන් සපයාගැනීම දුලබය. ඇතැම් බෞද්ධ ආරාම වෙත බෞද්ධ භාවනාවේ හිනි පෙත්තට යාමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ කැපවීමේ අඩුවක් නිසා නොව ඒ ධර්ම ශිල්ප දැනුම ඇති උගත් සිල්වත් ශාස්තෘන් ගෙන්වා ගැනීමට සොයාගැනීමට ඇති දුලබ බව නිසාම බව මෙහි කරක් ගසන නිතරම වාගේ හිතෙයි. කෙසේ වෙතත් මා මගේ ගමේදී ලංකාවේදී කුඩාකල සිට ලැබූ තව දුරටත් ලැබීමට වාසනාවත් වූ ආරණ්‍ය වාසී ග්‍රාමවාසී විනයවත් ධර්මධර සංඝ ඇසුර මොවුනට අහිමිවීම අභාග්‍යයකි. ඔවුන්හට සැබෑ ධර්ම මාවත දෙසිය හැකි, භාෂා දැනුම ඇති ගුරු හිමි වහන්සේ නමක් ලැබෙන්නේ නම් - අපට වඩා බොහෝ මහත්පල ලබා ජාති ආගම් බේදයෙන් තොරව ලෝක සත්වයාගේ යහපතට - මට, අපට වඩා බොහෝ දේ කරණ බවනම් වැටහී හමාරයි. මෙහි සිටින ඇතමුන් සසර ගමන අවබෝධ කරගෙන ඇති ආකාරයත් ඉන් මිදීමට අදියරෙන් අදියර දරණ වෑයමත් - මතුපිට සිට බැලූ බැල්මට අපට නොපෙනෙන ගතියක් ඇත්තේ අපේ සිත අලෞකික දේට වඩා මේ රටවල ලෞකික දෙයට නිරන්තරයෙන් ගිජුවත් පක්ෂපාතීවත් බැලීමට ඇති කෑදර කම නිසාවෙන් යැයි මට හිතුනු අවස්ථාද ඇත.

ලංකාවේ ඇතැම් තරුණ දරුවන් විදේශ රටවලට පැමිණිවිට සිකුරාදා දින නාටිකාංගනාවන් ගණිකාවන් ඇසුරටත්, සමාජ ශාලා පාවිච්චියටත්, හරක් මස් පිසීමටත්, මත්පැන්පානයටත් මුලින්ම පෙළඹෙති. නැත්නම් ඔවුන්ගේ මිතුරන්ගෙන් කොන්වීම සාමාන්‍ය දෙයකි. ලංකාවේ මීට වසර 20 කට පෙර හා සැසදීමේදී විවාහ දෙදිරීම හා ලේඛනගත ලිංගාශ්‍රත රෝග ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් ඉහල යන දර්ෂක දෙකකි. පිටරටවල මෙන්ම නගරබදව මා ඇසුරු කරන බොහෝ සිංහල තරුණ තරුණියන්ට කුමරි බමසර කුමර බමසර රැකීම විහිලුවකි. දුර්වල කමකි. පිරිමිකමට නොපනත් කමකි. පතිකුල සම්බන්ධතා අභිබවා කිහිප දෙනෙක් ඇසුරු කිරීම යන බාල කර්තව්‍ය එකිනෙකා අවබෝධ කරගැනීම ආශාවන් අදුනාගැනීම හා ඊට ගරු කිරීම ලෙස කරුණු සකසා නිවැරදි සමාජ දැක්මක් ලෙස වැරදිව අර්ථ දක්වා සමාජ ගෞරවය දැකීමට කැමති මිතුරන් හිතවතුන් අප අතර බොහෝයි. ඔවුනට අනූව එක ගැහැණියෙකු පැතීම, එක මිනිහෙකු සමහ ජීවිත කාලයක් බැදීමෙන් ගත කිරීම ජීවිතය අහක දැමීමක්, නැත්නම් ආශාවන් මැරීමක්, සොබාදහමට එකඟ නොවන නොමිනිස් කමක් වෙයි. තරුණකල අත්හදා බැලීම - විදීම, Life එක enjoy කිරීම, success යන වචන අපේ සංස්කෘතියට අපි බටහිරින් ආදරයෙන් ගත් දේ මිසක් උන් දුන් දේ නම් නොවෙයි යන්න බටහිර මිතුරන් ඇසුරු කල බොහෝ දෙනාට වැටහෙන කාරණයකි. බොහෝ දෙන විවිධ හේතුමත විවාහයට පෙර පෙම්වතුන් පෙම් වතියන් කිහිප දෙනෙක් ඉතා සමීපව කායිකව ඇසුරු කරති. අද ආදර සම්බන්ධතා අප දෙමව්පියන්ගේ යුගයට වඩා ඉන්ද්‍රිය පිනවීමම මූලික කොට ගොඩනැගුන ඒවා බව අවංකව කරුණු විමසීමෙන් පෙනී යයි. එනම් සම්බන්ධතා තුල අධ්‍යාත්මයට හා ආදර සම්බන්ධතාවයක මූලික සමාජ හරය වන fidelity එකට අඩු ලංසුවක් තැබීම සිදුවේ. කෑදර කම කෑමෙන් අහවර නොවේ. එය සිතුවිලි පිරිසිදු කරගැනීමෙන් ආයාසයෙන් ගොඩනැගිය යුතු දෙයක් ලෙස නූතන සිංහල තරුණ කැල නොසිතයි. එසේ සිතීමට උගන්වන සාහිත්‍යක් චිත්‍රපටියක් පොතක් පතක් නවකතාවක් අද ලක්දිව විරල වෙයි.

කෑදර කම, හොද වචන වලින් කිව්වොත් විවිධ ලිංගික අත්දැකීම් ලැබීම ඉදිරි විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පිටිවහලක් යැයි ඇතමුන් තර්ක කරති. ජීවිතයේ යතාර්ථය ආධ්‍යාත්මය හගවා තරුණවිය රසවත් කිරීමට පොළඹවා ගැනීමට සමත් ධනයෙන් බලයෙන් යුතු පිරිසක් සිංහල ජාතිය හැඟීමේ හා ආශාවේ වහලුන් බවට දැනටත් පත් කර අවසන් බව අප පසක් කර ගත යුතු සත්‍යයකි. මෑතකදී කොළඹ නගරයතුල තරුණ තරුණියන් රැකියා කරණ ඇතැම් පුද්ගලික ව්‍යාපාර ආයතන වල වතුර නොබැහීමට කරුණ සෙවීමේදී අනාවරණය වූයේ හාස්‍ය ජනක කාරණයකි. එනම් උපත් පාලන කොපු කාණු හිරකරන මූලික හේතුවක් වී ඇති බවයි. අද රාජ්‍ය ආයතන තුල තත්වයද මීට නොදැවෙනි බව අපි අත්දැක ඇත්තෙමු. මෙය මීට වසර කිහිපයකට පැවති සිංහල සමාජයට සාපේක්ෂව දරුණු සමාජ කඩා වැටීමකි. යුද්ධයට වඩා බරපතල සමාජ ව්‍යසනයකි.

කොළඹ ලබන ඉහත අත්දැකීම් අතරින්ම පහු ගිය වසර කීපය තුල මම සෑම තෛපොංගල් සතියකම වාගේ නැත්නම් වසරකට කිහිප වරක් යාපනයේ සංචාරය කිරීමට භාග්‍යවන්ත වූයෙමි. යාපනය නගරය සවස 6 ට වසයි. එහි රෑ එළිවෙනකන් සුරාසැල් නැත. බොහෝ දෙනා සතියේ බොහෝ දවසක් එලවලු ආහාරයෙන් යැපෙයි. යාපනයේ කොල්ලෝ උගතුන් කවියන් රෑට නිතරම අයිස්ක්රීිම් කෑමට සෙට් වෙනවා දැක ඇත්තෙමි. මද්‍යසාරයට ස්ත්‍රී රතියට එහි උගත් බලවත් වැඩිහිටි සමාජය ඉඩ නොතියයි. එහි බිත්තර කඩා ආප්ප හදන කඩ කොත්තු කඩ මස් කඩ දැක්කේ නැති තරම්ම වෙයි.

එදා හෙලදිව ගැන රොබට් නොක්ස් ලියූ ආරට ඒ වචනයෙන්ම ඒ පරිවර්ථිත ආරෙන්ම එදා හෙලදිව පොත කියවා අවුරුදු පහළවක් ගත වෙනතැන මෙදා හෙළදිව ගැන මෙසේ කෙටිසටහනක් තැබීමට සිදුවීම සිංහලයෙක් ලෙස තැවීමට කරුණකි. සිංහලයා රැකීමටනම් බෞද්ධ පිළිම රැකීමට වඩා බෞද්ධ ආගමානුකූලව සිතුවිලි සකසාගෙන ධර්මානුකූලව ජීවත්විය යුතු බව අපේ නායකයන් දෙමව්පියන් දරුවන් තරුණ තරුණියන් අවබෝධකර ගත යුතු බව මගේ අත්දැකීමයි.

මේ ලිපිය ලියන මමද සම්පූර්ණයෙන් සාන්තුවරයෙක් නොවෙමි. මස් කෑම අඩු හෝ වැඩි ලෙස මමද කරමි. මස් නොකන අවස්තාද වෙයි. නමුත් මස් මරා නැති බවනම් ඇත්තකි. මධ්‍යසාරයද පානය කර ඇත්තෙමි - පානය කරමි. මිතුරන් සමගින් මධ්‍යසාරයෙන් සිහි විකල් වූ අවස්ථා නොතිබුනේද නොවෙයි. මධ්‍යසාරය සමග හිතත් ඇගත් දුර්වල වී කටත් බඩත් වැඩි වන බැවින්ම මා මද්‍යසාර භාවිතය පහු ගිය වසර 5 ඇතුලත ඉතාම අඩුලෙස කිරීමෙන් ලද වාසී හා සතුට බොහෝ වෙයි. ව්‍යාපාර සම්මන්ත්‍රණ රැකියා උත්සව සමාජශාලා මා ආකර්ෂණය නොකරන තරම් වෙයි. කල්‍යාණ මිත්‍රයින් බොහෝ විට තුරණු වියටත් ජීවිතයටත් ඉතාම අවශ්‍ය දෙයකි. ඔබ සැබෑම සතුටින් නෙවෙයිනම් හොද මිතුරන් ලංකරගැනීමෙන්ම ඔබ හොද මිතුරෙක් වීම තුලින්ම ඒ දුක තුනී වී යයි. එය වැරදි ඇසුර‍ෙන් වැරදි වින්දනයෙන් උමතු ආශ්වාදයෙන් ඔබ මුදවයි. මිතුරන් අතින් බලන කල කුඩා කල සිටම ඉතාම හොද බුද්ධිමත් උගත් පරිත්‍යාගශිලී මිතුරන් රොත්තක් සිටීම ම ලද හැමදේටම වඩා උසස් භාග්‍යයක් යැයි මට නිතරම හිතෙයි. ඔවුන් මා වෙනුවෙන් කල සමහර දේට ඒ තරමට මට ප්‍රති උපකාර කිරීමට නොහැකිවීමම මෙවන් සටහනක් මිතුරු මුහුණු පොතේ දැමීමට මා දිරිමත් කරවයි.
ජය වේවා. !!!

2015 January 8 - Post Mortem Report (Presidential Election)


Best ever politics and best democracy i ever observed. It is this election 2015 - Thriller Movie. Intelligent people lead the change. Disregard foolish incidents in some pockets, people in SL are brilliant at their behavior and contingent choice. If somebody still argue that other nationals who live with us over generations are looking for separatism, this is the best proof to kick those assess. Over 60% vote declaration in North and East is a clear proof - that the minorities are still with Sinhalese leaders. No further proofs are needed we all can still live peace and happy in a single country. Now It is the leaders responsibility in return to be equal to every one. Having said that - I like the way MR and Ranil deal the tough situations. Nice to hear Ranil is in Temple Trees and It is respectable MR has accepted the defeat. Nobody can undervalue, rather humiliate the efforts of MR to release the country from War and starting some developments which ever thought a dream. This is the time to forget every thing - drive the good change collectively towards the original intended. Fonseka too demonstrated good democratic leadership. Last time - we witnessed, MR was putting the net around him while he was in the hotel following election night. He faced every challenge with discipline courage and determination. If he ever called at least few his military comrades, country would definitely have returned back to a civil struggle. JVP and HelaUrumaya, have been such splendid capable. Proved seeding weeds on Crystal stones are either possible.
Man of the Match is EC. He shows how neutral a responsible government officer needs to be. This funny man after generations has produced an image of a respected role model for all government workers and is going to be a Hero celebrated forever. Real traitors and irresponsible jokers are revealed. No point of commenting them on important moments.

Monday, March 30, 2015

2015 January 7 - ජනාධිපතිවරණයට පෙරදින - කොතනද ඇත්තටම වෙනස් වෙන්න ඕනේ!



පහුගිය අවුරුදු කීපයතුල අපි යම් වෙනසක් කරන්න හිතුවා. කතාකලා. ඉතිං දැනටමත් අපි බලාපොරොත්තු වෙච්ච වෙනස කරලා ඉවරයි. හැබැයි කොටසයි. මේ වෙනස හරියටම කොරගන්නේ කොහොමද? මේ වෙනස sustainable යථාර්ථයක් කරගන්න බැරි ඇයි. ඇත්තටම මොකක්ද හරියටම මේ හැමෝම හොයන වෙනස - යහ පාලනය කියන එක විතරද? ඒක ගොඩනගන්නේ කොහොමද? ඒක පවත්ගන්නේ කොහොමද? - අපි මොකක්ද ඇත්තටම කොරන්න ඕනේ. රට රැකගන්න ජාතිය බේරගන්න අපේ වර්ගයාට යහපත් සාමකාමී සතුටුදායක රටක් හදන්න කියලා හැම වර්ගයාම හොද අරමුණකින් කටයුතු කරන කාලයක්. හැමෝගෙම අවසාන අරමුණ හොදයි. හැබැයි වර්ග ගොඩයි. සිතුවිලි ගොඩයි. මේ මූලික අරමුණේ සමානකම අමතක කරලා පුද්ගලික අදහස් විදියට දකින දේවල් එකිනෙකා අතරින් සංසන්දනය කරන්න - දිග පලල වැඩි එක මනින්න පටන් ගත්තු වෙලේ ඉඳන් හොද අරමුණ කුරුවල් වෙන තැනට තමයි වැඩ සෙට් වෙන්නේ.

ඉතිං කතාවේ topic එක ඒක නෙමෙයිනේ. ගොඩක් අය හැමදාම වගේ මේ පාරත් කිව්වා කවදාවක්වත් මේවා වෙනස් කරන්න වෙන්නේ නැහැ කියලා. කවදාවත් මේ වෙනසට මිනිස්සු එකතු වෙන්නේ නැහැ කියලා. මොකක්ද මේ හැමදාම මිනිස්සු පාලකයන්ගෙන් බලාපොරොත්තුවෙන වෙනස. ඉතිං එදා යුද්දේ දිනන්න පුලුවන් කියද්දිත් බොහොම සුලු දෙනයි විශ්වාස කළේ. ඒ සුලු පිරිසගේ විශ්වාසය යුද්ධයක් දිනවන්නේ කොහොමද?. මෙදා මේ ක්‍රමය :
       1) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පරදවා පවුලක් කේන්ද්‍රීයව රාජ්‍ය බලය සාන්ද්‍රණය වීම,
       2) නීතියේ ආදිපත්‍ය කඩවැටීම
       3) ඉතා පහත් ලෙස වැරදි ආකල්ප හා ආදර්ශයන් සාරධර්ම ලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ මාධ්‍ය ඔස්සේ සමාජ ගතකිරීම,
       4) රටේ දෙවන පෙල නායකත්වය එහෙන් පිටින්ම වලළා දැමීම හා
       5) වර්ගවාදය කූඨ දේශපාලන ආයුධයක් ලෙස යොදාගැනීම

කියන පස් වැදැරූම් කරුණු මූලික කරන් සමාජය කබලෙන් ලිපට ඇද දමමින් තිබුණු යන්ත්‍රය වෙනස් කරන්න පුලුවන් කියලා කියද්දිත් බොහොම සුලු දෙනයි මුලින් විශ්වාසයෙන් ඉදිරිපත්වුනේ. නමුත් මේ වෙනකොට ඒ මතය වටා විශාල බලවේගයක් ගොඩ නැගිලා කියන එක යථාර්ථයක්. දැනටමත් ශක්තිමත් බල කණු කීතු කීතු විසිරිලා නිසා - තුනෙන් දෙක ඉහිරිලා. වෙන කවර මැතිවරණයකටත් වඩා - ඉතාම නොසැලකිලිමත් ලෙස රාජ්‍ය මාධ්‍ය හා රාජ්ය බලය පාවිච්චි කරමින් ගෙනගිය ජුගුස්සාජනකම මැතිවරණ ප්‍රචාරණයක්. ගහපු ගහපු මඩ, පත්තුකරපු රතිඥ අතේ පත්තු වෙන්න අරගන්න එකම ජයග්‍රහණයක්. කොච්චර මාධ්‍ය වාරණ දැම්මත්, කොච්චර පත්තර හැංගුවත් බහුතරයක් මිනිස්සු වැරදි වැඩ ජිල්මාට් බොරුවලට විරුද්ධව, හෙලා දකින්න සාමකාමීව පෙළ ගැහෙන්න අරන්. පාඨලී මහත්තයත් සමාව අරන් මහත්මා ගති ආදර්ශයෙන් පෙන්නන්න පටන් අරන්. මර්වින් නිහඩව සාමකාමීව විපක්ෂයේ ඉදගන්න හිතලා. ඒ කියන්නේ මීට කලින් නොහිතපු කල් තියා බලාපොරත්තු නොවුනු විදියට රටතුල නොහිතූ විරූ වෙනසක් වෙන්න පටන් අරන්. කවුරු දිනනවද - කවුරු පරදිනවද කියන එක මේ කතන්දරයට වැදගත් වෙන්නේ අඩුවෙන්.

අපි අමතක කරන්න හොද නැහැ මේ face book එකේ ලියන ඒවා - කැන්ටිමේ කථාකරන ඒවා, වාද විවාද - සංවාද විසංවාද අන්තිමට යථාර්ථයක් වෙනවා. ඒ සිහින එලිපිට දැකිය හැකි යථාර්ථ බවට පත්වෙනවා. තර්ක විතර්ක වාද විසංවාද කරන සියයට අනූවකට වඩා පිරිසට තියන අව්‍යාජ යටි අරමුණ තමයි කොහොමද හැමෝටම හොද - හැමෝටම එකඟවිය හැකි සාමකාමී නිදහස් සෞභාග්‍යමත් දුක් කරදර අඩු රටක් හදන්නේ කියන එක. නායකත්වයක පෞරෂය ගොඩ නැගෙන්න ඕනේ හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ මිනිස්සුන්ගේ කිලිටි සිතුවිලි අයින් කරලා පිරිසිදු පොදු අරමුණු ඉස්සරහට හරන් යපත් පැවැත්ම කෙරෙහි සමාජය නැඹුරු කරවන්න අවශ්‍ය Motivation එක දෙන එක. අපිට කිසිම විටක හිතන්න බැහැ මේ බලවේගය රාජපක්ෂ මහත්තයට විරුද්ධව පුද්ගලිකව ගොඩනැගුන දෙයක් කියලා. මේ බලවේග - යහපත් රටක් කියන ප්‍රාර්ථනාව පෙරදැරිකරගෙන ආපු එන සහ සදාකාලික පවතින බලවේග වල උච්ඡ වෙච්ච එක් අවස්ථාවක්. නමුත් මේ බලවේගයට ඇත්තටම හොයන වෙනස පවත්වන්නත් ඒක හෙට නොවේ අද කරන්නත් පවතින බාධක මොනවද - නැත්නම් කරන්න බැරි ඇයි? - සමහර විට ගොඩ දෙනෙක් ඒ ගැන හිතුවද නැත්නම් එහෙම හිතලා වැඩ කරනවද කියලා හිතන්නත් බැරි නැහැ. මේ ආපු රැල්ල ආකල්ප පරිවර්ථන යථාර්ථයක් සමගින් මේ වේගයෙන්ම රට වල කටින් ගොඩට ඇදලා ගන්න සමත් බලවත් එන්ජිමක් කරන්න බැරි ඇයි කියලා මටත් හිතෙන්න අරන්. ඉතිහාසය බැලුවොත් - ලංකාවේ ආපු හැම රැල්ලක්ම ටික දුරක් ගහල මග නවතිනවා. කොහොමහරි මේ පාර ආපු රැල්ලවත් තිබ්බ පරණකුණු හෝදන් අලුත් සමාජ පරිවතර්තනයක මූලාරම්භයක් කරවගන්න මෙහෙයුවොත් ඒකත් කරන්න බැරි වෙන එකක් නැහැ කියලා හිතලා තමයි මේක ලියන්න හිතුනේ. මේ ලියන දේවල් කතා කරන දේවල් කුඩා හෝ යහපත් වෙනසකට හේතුවෙනවා කියන දේ අපි ඔක්කොම අත් දැකලා ඉවරයි.

මේ මොනදේ කරන්නත් කලින් පොඩ්ඩක් රැලිවල ඉතිහාසය දිහා හැරිලා බලන්නත් වටිනවා. මේ හා සමානම නමුත් මෙච්චර ක්ෂණික නොවූ බලවේගයක් මුලින්ම මතක ඇති කාලේ ගොඩනැන්නේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය වටේ. ඉතිං අපිට හොයලා බලන්න වටිනවා - ඇයි එදා ගොඩනැගුණ බලවේග සමාජ පරිවර්ථනයක් කරා රට දක්කන් යන්න කලින් අතර මඟ නැවතුනේ කියලා. මේ රැලිවල විශේෂත්වය තමා මොකක්දෝ විෂබීජයක් ශරීරගත වෙලා මේ බලවේග හැමදාම ඉහිරෙනවා. ආයේ ජනාධිපතිවරණයක් කිට්ටුවෙනකොට ගොඩනැගෙනවා. ඉතිං චන්ද්‍රිකාට නැත්නම් ඊටත් කලින් මේ බලවේග තියෙන්න ඇති. ඒ දවස්වල අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ බලවේගය දක්කන්නත් ඇති. පොඩ්ඩක් මේ ගැන මතක් කොරනකොට මතකයට එනවා ප්‍රේමදාස පාලනයෙන් පීඩිත ජනතාව එතුමාගේ මරණින් පස්සේ රතිඥා ගැහනවා - කරිබත් කෑනවා.කිරිබත් කන එක අපේ සංස්කෘතියනේ. මැච් එකක් දින්නත් රතිංඥා ගහනවා - කිරිබත් කනවා. අලුත් අවුරුද්දටත් එහෙමයි. රතිංඥා ගැහුවා, කිරිබත් කෑවා. ඉතිං ඊට පස්සේ චන්ද්‍රිකාව වීරවරියක් ලෙස හදුන්වා දෙමින් මේ බලවේගය දක්කන් ගියා යහපත් රටක් හදන්න. ඇත්තටම ඇය රටේ භීෂණය නැති කලා. රෑ මොටර්සයිකලේක අනුරාධපුරේ ඉදන් මාතරට යන්න පුලුවන් තැනට ඇයවත් අරන් මේ බලවේගය ගියා. අනුරාධපුරෙන් උඩට ආවරණය කරගත්තු මිලිටරි ලොරියක ආරක්ෂිතව වව්නියාවට යන්නත් පුලුවන්. එතනිනුතත් එහාටනම් කේස්. චන්ද්‍රිකා ඉස්සරහින් තියන් ඉහත බලවේගයම යාපනයත් ඇල්ලගන්න තැනට රට ගේනවා. එදත් රතිඥා ගැහුවා - කිරිබත් කෑවා.

මේ අතර තාවකාලික යුද ජයග්‍රහනයෙන් ඔද වැඩෙන චන්ද්‍රිකා මෙහෙයවන බලවේගය ජය සිකුරු ගමනට හෙමින් යන්න කියලා පොඩි පොඩි සොමි ගන්න හිතනවා. ඒ අතර ක්‍රමිකව අල්ලස දූෂණ අකාරයක්ෂකම කියන භීෂණය ඇයට නොදැනුවත්වම ඇය ගිලගන්නවා. මුලින් හිටි බලවේග වලට තවදුරටත් ඇය සමග රදන්න බැහැ. යා දෙක නොරත රත - සමග පෑස්සිමන් නැත - අලගියවන්න මුකවෙටිතුමා කිව්වා වගේ තවදුරටත් පෑහෙන්නේ නැහැ. මේ බලවේගය ඇය කෙරෙන් දුරස් වෙන්න ගන්නවා. හැබැයි එතනදි ඇයට බෝම්බය වදිනවා - කදුලු බලවේගය නැවතත් ඇය සෑහෙන තරමින් නැවත ජයග්‍රහණය කරවන්න ඉදිරියට එනවා. එතැනදිවත් නිවැරදි වෙන්න දැනුවත් වෙන්න - ඇය වටා ඉතිරිවෙන බලවේගය ඇයව සංවේදී කරවන්නේ නැහැ. ඇයවටා සිටි පිරිස යාන වාහන මාලිඟා මින්මැදුරු විනෝද ක්‍රීඩා වගේ දේවල් ගැන හිතන්න ගන්නවා - මාන්කුලම් වලට ආපු සේනාව වවුනියාවට හැරෙනවා, කිලිනොච්චි හිටපු සේනාව උපක්‍රමිකව මරුසවිල් වලට පහුබහිනවා, මුලතිව් කඳවුර නත්තල් පාටියක් හින්දා උපායශීලීව අමතක කරන්න වෙනවා. නැවතත් නැවත නැවතත් ඇයව ගොඩනගපු බලවේගයට ඇයවත් ඇය මතින් ගෙන ආ අභිලාෂයනුත් රැක ගන්න බැරිවෙනවා - නැත්නම් ඇය රැකගන්න කියලා මේ බලවේගය ඉදිරියේ ඉදිරිපත් වෙච්චවුන් තුන් ඉදුරන් මැනවින් පිනවන්න ගන්නවා.

ඇය පිටුපස බලවේගය දුර්වල වෙනකොට තවදුරටත් ඇය Change එකක් කරන්න සමත් නායිකාවක් නෙමෙයි. බලය රැකගැනීමේ අරගලයක යෙදෙන අසරණියක්. සමහරු යුද්ධ කළත් ගොඩ, සාම කතා කලත් ගොඩ - මොන දේ වුනත් අපි ගොඩ යමු කියන ආකල්ප මතවාදය යටිහිතින් දරන්නන්. ඒ අතර වේදිකාවේ මොකක් හරි බිල්ලෙකුත් ගොඩනගලා රට්ටු බය ගන්නන්න. මේ වගේ වෙලාවලට නායකත්වයටත් වටේ පින්තූරය හරිම අපැහැදිලියි. මොකක්ද නිවැරදි පිළිතුර? - මොකක්ද නිවැරදි පිළිවෙත?. කවුද නිවැරදි කණ්ඩායම?. විවිධ මති මතාන්තර වාද විවාද කණ්ඩායම් කල්ලි ඉදිරියේ නිසි බලවේගයෙන් නිවැරදිව නොමෙහෙයවන නායකත්වය කරන්නේ තමුන්ට වඩාම විශ්වාසදායී කාණ්ඩයේ - නැත්නම් තමුන් සමඟ නිතරම සිටින පිරිසේ මතය ගැනීම.

නමුත් මේ බලවේගවලත් විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි එවා එකතැනකින් එක පුද්ගලයෙකුට පක්ෂව නවතින්නෙත් නැහැ. ඇත්තටම මේ බලවේග කවදාවත් නවතින්නේ නැහැ. ඒවා නැවතත් නැවත නැවතත් සංවිධානය වෙවී වැරදි නිවැරදි කරමින් ඉදිරියට යන්න හිතනවා. මේ අතර ධූර කාලය සාර්ථකව හෝ අසාර්ථකව අවසන් කරන චන්ද්‍රිකා වෙනුවට ඊ ළඟට නායකත්වය කියන චරිතය රඟපාන්න නලුවෙක් හොයනවා. මේ පාර නලුවා වුනේ මහින්ද රාජපක්ෂ. මේ වෙනකොට පොදු සතුරා ඉස්සරට වඩා දාස් ගුණයක් ප්‍රභලයි. ගුවන්යානා - 152 කාල තුවක්කු, T-50 ටැංකි, අධිබල මුහුදු යාත්‍රා සමගින් ඔද වැඩුනු සතුරා යුද්ධය ගැන ලොකු තක්සේරුවකින්. සාම කතා පඩේකට ගනන් ගන්නේ නැහැ - ඌ ඕනැ විදියට තමුන්ගේ බලය වර්ධනය කලා. අපි බලන් ඉන්නකොට 152 කාලතුවක්කු මහපාරේ නැගෙනහිරට ගෙනිච්චා.

සතුරා වර්ධනය වෙනකොට නැවතත් බලවේගයේ අරගලය පොදු සතුරා වට කරන්. මේ අරගලය තුලත් තුන් ඉදුරන් සංවේදී පිරිස ඕනතරම්. අවසන් මොහොතේ මතුවෙනකන් මුන්ට ලෙඩේ තියෙනවා කියලා පේන්නේ නැහැ. ලෙඩේ තිබ්බ එවුනුත් ආපසු ඇවිත් ලෙඩේ නැතිවුන් වගේ හැක හිතන්න බැරි තරමට ක්‍රියා කලාපය. අන්තිම මොහොත වෙනකං රෝග ලක්ෂණ පෙන්නන්නේ නැහැ. ඉතිං අපි උන්ට බලය දෙනවා. එතනිනුත් මේ බලවේගය අධිෂ්ඨානශීලීව රට ඉදරියට දක්වනවා. හැබැයි එකක් තියෙනවා - බලවේගය ඇතුලදි මේ බහුතර පුද්ගලයන්ගේ අරමුණක් වෙන්නේ යහපත් රටක් හදන එක. ඒක එක අරමුණක් විතරයි. ඊට යටින් තව අරමුණු හැමෝටම තියෙනවා. කොහොම හරි යුද්ධය කියන රාමුවට ආපුවම ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතිවාදය කියන මෙවලමත් අරන් තමයි හැමෝටම ප්‍රා යෝගිකව ඒ වැඩේ කරගන්න වෙන්නේ. මේ අතර විවිධ හේතු අසීමිත කැපකිරීම් හා විවිධ දක්ෂතා සියල්ල කැටිවෙලා යුද්ධය කියන මාර්තුකාව නැවතිල්ලකට යනවා.

යුද්ධය දිනුවත් බලය තියාගන්නත් එපායැ. කවුද යුද්ධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරු? දැන් මේ බලවේගයට අලුත් අභියෝගයක්. ගැටලුවක් ඉවරවෙනකොට සමාජයට ගැටලුවක් අවශ්‍යයි සංවිධානය වෙන්න. Motivate වෙන්න. මෙතනදියි නිවැරදි දැක්මක් තියෙන පරිණත බුද්ධිමත් නායකයෝ රටකට අවශ්‍ය. දැං සමාජය යුද්ධයෙන් රිදුනු හිත් සනසන එක නවත්තලා කවුද යුද විරුවා කියන ගැටලුව විසඳන්න පටන් අරන්. මේ වෙනකොටත් එහෙන් මෙහෙන් රට යන අතරේ කුට්ටි බාගන්න පිරිසකගේ මඩි තරවෙලා. මුන් යුද්දේ පෙන්න පෙන්න තමුන්ගේ තුන් ඉදුරන් පිනවීම මූලිකත්වය කරගත්තු වෙනම ව්‍යාපාරයක්. රාජපක්ෂ ජනාධිපතිතුමාටත් - බලය රකින්න, උදව් කරන්න කියලා මේ බලවේගය අස්සේ ඉදරිපත් වෙලා තියෙන මේ දුස්සීල දුෂ්චරිතවත් විනයක් සංවිදියාවක් නැති නොහික්මුනු හයිනා හිවලුන්.

ඒ පාර අර බලවේගයට අලුත් අභියෝගයක් ඇවිත්. අලුත් ටොපික් එකක්. අලුත් Moral එකක්. දූෂිත පාලනයක්. ඊට විරුද්ධව හමුදා පෞරෂයක්. රටේ වාසනාවකට එතුමාත් සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදීයෙක්. එහෙම නෙවුනනම් මෙලහකටත් රට හමුදා කුමන්ත්රුණයක් තුල. ප්‍රජාතාන්ත්‍රවාදී නායකයෙකුට අවශ්‍ය වාග් සංවරය එතුමා තුලින් ගිලිහෙනකොට බලවේගයත් අතරමැද නවතිනවා. නැවත වරක් හමුදාපතිතුමා හිරේ විලංගුවේ ගිහින් විවේකව ඉදලා - ටිකක් හිතල බලලා හැදිලා එනකොට ජනාධිපති සමාව ජනාධිපතිවරයා විසින් ලැජ්ජානැතුව නොදී බැරි තැනට මේ බලවේගය විසින් පරිසරය හදලා ඉවරයි. ඒ කියන්නේ හමුදාපති තුමා හිරේ හිටියා කියලා බලවේගය නැවතින්නේ නැහැ. නමුත් ජෙනරාල්ට තවදුරටත් ප්‍රජා අයිතියත් නැහැ. දැන් ජෙනරාල්ව නායකත්වයට ගොඩනගපු බලවේගයටම නැවතත් අලුත් නලුවෙක් අවශ්‍යයි.

මේ අතර ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිනිය අහුවෙච්ච රෝගයේ වෛරස් හොදටම ශරීරගත කරන්. ඔහුගේ රෝගය හොදකරන්න බැහැ කියලා විශේෂඥ වෛද්‍යවරු තීරණය කරලා අවසන්. මේ අතර ඉහත කියපු තුන් දොර විශේෂයෙන් සංවේදී කරපු පිරිස ඔහුට තවත් සමීපවෙන්න අවස්ථාවක් හදන්. නායකයා නැවත දුවන්නේ බලය රැකගන්න. ආපු අරමුණ පැත්තක. ඉතිං බලවේගයයි නලුවයි කියන දෙක එකට ඉන්නකම් තමා හැම දෙයක්ම හරියට වෙන්නේ. මොකක්දෝ කරුමයකට ටික දවසක් යනකොට බලවේගය එක පැත්තක යනවා - නලුවා වෙන පැත්තක යනවා. මේවා මෙහෙම වෙන්නේ ඇයි. ඉහත බලවේගයටම නැවතත් අභියෝගයක්!!! ඉතිං මේපාර බලවේගය තීරණය කරලා ආයෙත් ඩයිවර් මාරු කරලා බස් එක හරි පාරේ ගෙනියන්න.

මට තේරෙන විදියට අදින් පස්සේ ඩයිවර් මාරුවෙනවා. කලින් ඩයිවර් බැරිවෙලා හරි ඉතිරිවුනත් බස් එක එළවන්න බැරි තරමට හොදටම හෙම්බත් වෙලා. ඩයිවර් මාරු කරගෙන බස් එක හරි පාරට දාගත්තු පලියටම බස් එක හරි තැනට යන්නේ නැහැ කියලා ඉතිහාසය ඔප්පු කරලා ඉවරයි. ඉතිං කවුරුත් හිතනවනං හිතුවනං දැං ඔක්කොම හරි කියලා - උනුත් නොදැනුවත්ව වැටෙන්නේ කොහෙටද මන්දා. මේ ගොඩනැගෙන මෛත්‍රී පාලනය ටිකක් කල් හරි පවත්වගන්න ඕනේ නම් මුලින්ම නවත්තන්න දේවල් ටිකක් තියෙනවා.

ප්‍රජාතාන්ත්‍රවාදය අගයකරන අභිමානවත් පෞඩ ජාතියක් විදියට මුලින්ම නවත්වන්න ඕනේ තමුන්ගේ ප්‍රතිවාදියාගේ බිඳවැටීම හමුවේ කිරිබත් කනවා කියන සිතුවිල්ල හා කැත පුරුද්ද. ප්‍රභාකරන් මලා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. ජෙනරාල් පැරදුනා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. චන්ද්‍රිකා මාරුවුනා - රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. ප්‍රේමදාස මලා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. දැකපු ඉතිහාසය එච්චරයි. මේ වගේ අපි විසින්ම ගොඩනගන - අපේ යැයි කියාලා වරක රැව් පිළිරැව් දෙමින් ප්‍රතිරාව නංවා, එම මිනිස්සුන්ගේ කඩාවැටීම - හේතුවක් කරන් කිරිබත් කන ම්ලේචඡ ජාතියක් බවට අපේ රට පත් කරගන්න හොද නැහැ. ඇත්තටම අපේ මිනිස්සු කිරිබත් කන සිතුවිල්ල හිතුවොත් - ගැඹුරින් හිතුවොත් කවදාවත් මේ මිනිස්සු කිරිබත් කෑවේ නැහැ - මෛත්‍රී සිතකින් රට ඉදිරියට හදන ක්‍රමවේදය මොකක්ද, ඉදිරියට යන මාවත මොකක්ද, ඒ සඳහා ඇති ප්‍රතිපත්තිය මොකක්ද, ඒකට දායක වෙන සිතුවිල්ල මොකක්ද කියන එක සිහි කරන්. අපි ජාතියක් විදියට කිරිබත් කෑවේ - අන්න අරූට කෙළවුනා, ඕකා කොහොමද ඒ කාලේ හිටියේ - දැන් අපි උට ඇරියා නේද කියන සිතුවිල්ලේ ඉදන්.


භාවිතේ පහසුවට මෙච්චර වෙලා විග්‍රහ කරපු මේ බලවේගයට නමක් දෙන්නම් ජාතික බලවේගය කියලා. ඉතිං මට හිතෙන විදියට මෙච්චර කල් සුපිරියි කියලා නායකයෝ හදපු මේ බලවේගයටත් හැමදාම වරදින්නේ ඔතන. ඒ කියන්න ඒ බලවේගයට හැමදාම බැරිවුනා අනිකාටත් ගරු කරන, අනිකා ගැනත් දශමයක් හෝ හිතිය හැකි, විරුද්ධ මත මෛත්‍රියෙන් දරන්න පුලුවන් මේ එදිනනෙදා අත්විදින ම්ලේච්ඡ ආත්මාර්ථකාමීත්වය ඉක්මවන නිවැරදි ආකල්ප සමාජය තුල පිහිටුවන්න. හැමදාම මේ බලවේගය හරි අරමුණේ සිටියට මෙහෙයවන්නේ වැරදි සිතුවිලි. උන්මන්තක ජාතිකවාදය - උන්මන්තක ආගම්වාදය, උන්මන්තක පක්ෂග්‍රාහීත්වය කියන තුන් වැදෑරුම් කරුණු කාරණා මේ බලවේගයට තාමත් අතුගාලා දාන්න බැරි වෙලා. මේකට හේතුව තමයි ජාතිය - ආගම හෝ පක්ෂය කියන ගැට්ට නැතුව - සැමට එකසේ සුරක්ෂිත සමාජයක් හදන්න අසමත් වීම හා එසේ සෑදිය හැකිය කියන විශ්වාසය, ඉහත බලවේගය තුල දැක්මක් ලෙස ස්ථාවරව නොතිබීම.

මේ රතිඥා ගැහිල්ලයි කරිබත් කෑමෙයි යෙදෙන ජාතික බලවේගයට හැමදාම එක හැතැප්ම කණුවක් පහුවෙන කොට මූලික ඉලක්කය - නැත්නම් ගමනාන්තය අමතක වෙනවා. ඒ කණුව ලඟ ඉදන් පොඩි ජොලියක් දාලා සොමියක් ගන්නකොට කට්ටිය බෙදෙනවා. ඇයි මේ බෙදිල්ල එන්නේ. පෘතක්ජන සමාජය විසින්ම ජයග්‍රහණයැයි සලකන අවස්ථාවල ඒ - පිරිස අතර ඉන්නවා කට බඩ ලිංගය කියන ඉංද්‍රිය තුනට මොලය වැඩිපුර සංවේදී උදවිය. මොවුන්ගේ ජෛව විද්‍යාත්මක මොළයේ සෛල මේ අංශ තුන සම්භන්ධයෙන් හරිම සූක්ෂම ක්‍රියාත්මක වෙනවා. ඔබ මම අපි හැමෝම විවිධ ඉන්ද්‍රිය පිනවීමෙන් ජීවන අරගලය ගෙනයන සත්ව කොට්ඨාසයක්ලුනේ. නමුත් මිනිසුන් විදියට ආකල්ප වැදගත් වෙන්නේ මෙතනදි. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියට දකින්න බුද්ධියත් - වැරදි දෙයට වැරදියි කියන්න තරම් අව්යාිජ අන්ධ නොවුන පෞරෂයත්, වැරැද්ද පෙන්වාදුන් පසු ස්වයං විවේචනයකින් ඒ දේ නිවැරදි කරගන්න තරම් අවශ්‍ය නිහතමානීකමත් කුඩාකල සිටන් ඉහත බලවේගය හදන පිරිස ප්‍රගුණ කරලා නැහැ. ඒ හා සම්භන්ධ දැනුම ආකල්ප - පොත පත සාහිත්‍යයට විනෝද කවි, කතා, නාට්‍ය, චිත්‍රපටි විසින් සමාජයට ගෙනත් දීලත් නැහැ. එහෙම හැසිරෙන පෞරෂ ආදර්ෂයෙන් දකින්නත් නැහැ. ඉතිං විනයකින් තොරව හැදෙන සමාජයක බලවේගත් විනයකින් තොරයි කියන යථාර්ථයනම් මේ බලවේගය දැන්වත් අදුනගත යුතුයි.

අවංකව හිතුවොත් ගොඩක් වැරදි ආකල්ප පරම්පරාවන් අපි හැමෝම සතුව තියෙනවා. ඒක පරම්පරාවෙන් ඇවිත් තියෙනවා. නැත්නම් ආදර්ශයන්ගෙන් අපි උකහාගෙන. ඒ සමාජ ජාන අපි වෙනස් කරන්න වැඩ සටහනක් පටන්ගත්තේ නැත්නම් - මේ බලවේගයට හැමදාම වෙන්නේ යහපත් හෙටක් ගැන හිතන්න විතරයි. යහපත් අදක ජීවත් වෙන්නනම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතිං 9 වෙනිදා උදාවෙන මෛත්‍රී යුගයේ අපි හිතන්න ඕනේ මුලින් කිරිබත් කන්නයි රතිඥා දාන්නයි - බොරුවට සුභ පතන්නයි නම් නෙමෙයි. අපිට සුභ වෙන්න රටට සුභ වෙන්න - හැමොටම සුභ වෙන්න හිතන්න පුලුවන් අනාගත පරම්පරාවක් හදාගන්නේ කොහොමද කියන එක. අපි කොච්චර කිව්වත් අපිවත් - අපිට පෙර පරම්පරාත් වෙනස් කරන්න අමාරුයි. නමුත් නූපන් පරපුරත් බාල පරපුරත් වෙනස් කරන්න පුලුවන්. මුලින්ම අපි බලමු පුලුවන් තරමටවත් උන්ට ආදර්ශයක් දෙන්න. අනිවාර්යෙන්ම නිවැරදි ආකල්පයන් පුහුණු කරවන, නිවැරදි හැසිරීම් පහුණු කරවන, විනයගරුක චරිතවත් මිනිසුන් හදන ගමින් ගමට දොරින් දොරට අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි මූලිකව හදාගන්න ඕනේ.

කරුණු කාරණා අනුව බැලුවම ගොඩක් අය නොදකින නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි පවතින බලු යථාර්ථයට ගැරහීම හෝ විවේචනයෙන් නැවතීමට වඩා ඇතිකල හැකි සාමකාමී සතුට දායක සුභ සිහිනය ප්‍රතිඵල දායක බව.

2015 January 6 - තත්වය ටිකක් දරුණුයි. මතවාදී ආත්මාර්ථය ජාතිවාදයේ සලුපිලියෙන් සරසමු !


මගේ face book එකේ එක මිතුරෙක් ඉන්නවා - අද උදේ බලද්දිත් මෙඋන්දෑ චන්ද උෂ්ණෙට රත්වෙලා අපේ රටේ සහෝදර පිරිසකට උපන් ජාතිය මුල් කරන් අගෞරව කරලා POST එකක් උගේ Wall එකේ දාලා. හැබැයි මගේ Wall එකෙත් ඒක update වෙනවා. මම මේ මිත්‍රයාට ආයචනයක් කලා - එහෙම කරන්න සුදුසු නැහැ - මොනම හේතුවක් මතවත් එහෙම ප්‍රසිද්ධියේ ගරහන්න ගැලපෙන්නෙත් නෑ කියලා. ඉතිං විජාතික බලවේගයන්ට අහු වෙච්ච මෛත්‍රී සහගත හෙටක් බලාපොරොත්තු වෙන රාජ්‍ය පාක්ෂික ඩිස්නිලන්තයේ ලැම්බෝගිනි පුරවැසියෙක් විදියට - අපරාධ අනුමත නොකෙරුවට ජාතිවාදයටනම් අබමල් රේනුවක සහයෝගයක් දෙන්න බෑනේ. උන්දැව තවදුරටත් මිතුරෙක් විදියට තියාගත්තට මගේ සමාජ ජාල පිටුවටනම් එකතු කරගන්න එපැයි කියලා මටත් හිතුනා. මම face book එකෙන් ගෞරව ප්‍රණාමකව එතුමාව අයින් කරලා දානව - විපක්ෂ මත දරන්න බැරි හින්දා නෙමෙයි, ජාතිවාදය පිලිකුල් කරන හින්දා. මේ වැරදි විෂබීජ මගේ සමාජ ජාලය තුලින් තවත් ලදරු අවධියේ පොඩි එකෙක්ගේ ඔලුවොට ගියොත් ඌත් කුරුවල් වෙලා යනවා.
ඇත්ත කිව්වම මොකද මෙහේ සුදු හම තියෙන නෝනා කෙනෙක් මගේ face book එක බලලා අහනවා ඔයා එහේ Celebrity කෙනෙක්ද කියලා. මම උන්දැට කිව්වා - මම Celebrity කෙනෙක් නම් නෙමෙයි. අපේ ලංකාවේ අපි ජාතික ප්‍රතිපත්තියක් විදියට හැම දේම දැන් කරන්නනේ face book එකේ නේහ් ! කියලා. ඉතිං අපි දේශප්‍රේමී ප්රිතිපත්තියක් විදියට ඩොලර්වලටයි ප්‍රශංසාවටයි සත්‍රීන්ටයි වහල්වෙලා වැඩ කරන්න එපායැ. නැත්නම් උන් හිතයි අපි ලංකාවේ නෙමෙයි කියලා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු තනහම් කරලනේ. මේ පාරවත් මෛත්‍රීසහගත රාජ්‍ය පක්ෂ සමාජයක් හැදෙනනවනම් තමයි අපෙත් කැමැත්ත ...

2015 ජනවාරි 3 - වෙනසකට සියල්ල සූදානම් ! ඔන්න ඉතිං අවසන් ඉඟියත් ජනාධිපතිතුමාට දුන්නා.



ජනාධිපතිතුමාට මට කියන්න බැරිවුනා, ජනාධිපතිතුමා පරද්දන්න නාමයෝජනා දෙන්න කලින් ඉදන් කොල්ලෝ තුන් දෙනෙක් බැහැලා වැඩ කරනවා. ඕන්නං ඉතිං ඉඟියක් දෙන්නම්. බඩු ඉන්නේ ගේ ඇතුල්‍මෙ තමයි.උන් ටිකක් පැත්තකට වෙලා හිටියනන් මෙච්චර අප්‍රසාදයක් එයි කියලා හිතන්න බැහැ. දෙයියන්ගේ නාමෙන් මේ දවස් දෙකතුනේ කිසිම ලාංකික ජීවිතයක් හානී නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Saturday, March 28, 2015

2014 December 20 - We decided to Change. We decided this is the last chance.



Guys, truth is we find some educated young inquisitive crowd around social network. There We have almost won d feeling the present rulers needed to be changed and reasons why they are disgraced. Challenge is those majority people out Colombo got no information or feeling on what actually is happening but word of mouth. News papers are biased, or either closely monitored and controlled. National TV s are doing a great job so that only brainy people feel further disappointed a
gainst flattery, and family orientation. But the feeling of corruption n misuse, fall of law, are major things you can't convince enough without physical observable evidence. Lying, betraying, blown false information are the disguised political culture prevailing for generations - Anywhere in the world, Politics is little about making a better world more about attaining and sustaining power. However, since we could not perhaps established a civilization respect n responsible for each other our people still struggle to understand the reliabity truthfulness of publicly available information ahead their obvious right for true information. We are living generation's behind many developed nations in terms of various aspects of civilization as a society. Information denial and manipulation is a crime which actually hinders drastically the progress of any nation in multiple terms. In our countries, Cunning politicians who hold power know how to put these in advantage and play these well in hand in the competitive game - so this game will need another few generations to make it fair up to a better level. Right comes to you, becoz you pay your leaders for a fancy life. Majority believe their rulers' right to have the luxary of consuming government assets in every way they like. Rational thinking ever discouraged, facts n information never matters, perception s and traditions does the decision making. There's a helpless set of good people looking for genuine facts to reduce their perceptual loyalty attained through war victory. Always there are people never change. They never matters.

2014 December 16 - අන්තිම මොහොතේ හිතුවා ඔබතුමාට නිදහසේ හිතන්න විවේකයක් දෙන්න ඕනේ කියලා.



චන්දේ ලඟයි. ජනාධිපතිතුමා තුන්වෙනි පාරත් චන්දේ ඉල්ලනවා. ජනධිපතිතුමා දෙවෙනි පාර ඉල්ලද්දිනම් කිව්වා චන්දේ දෙන්න විදියක් නැහැ - නමුත් ඔබතුමා දිනුවට අපේ අසතුටක් නැහැ කියලා. එහෙම කියලා ජෙනරාල්තුමාට චන්දේ දුන්නා. නමුත් මේ පාරනම් කියන්නේ කොහොමටවත් ඔබ තුමා දිනනවට කැමති නැහැ කියලා තමා. එදා යුද්ධය ඉවර කරපු ගමන් අපි ඔබතුමාගේ මීට කලින් නොදැකපු පුදුමාකාර කෑදරකමක් දැක්කා. ඒ කෑදර කම අපිට පෙන්නුවේ ඔබතුමාගේ සහ පවුලේ පුද්ගලික පාරාදීසයක් වෙච්ච, නමුත් අපේ බදු වලින් දුවන රාජ්‍ය මාධ්‍ය තමයි. ඇත්ත - මීට පෙරත් හැම නායකයෙක්ම රජ්‍ය සම්පත් තම පක්ෂය දිනවන්න කෑදර විදියට පාවිච්චි කරා. නමුත් ඒක ඊලඟ පාරවත් වෙනස් වෙයි කියලා හිතලා අපි හැමදාම චන්දේ දෙනවා. ඊලග එකාත් කලේ නැත්නම් ඊට පස්සේ එකෙක් හරි. මේ ලෝකේ ම්ලේච්ඡ දඩයම් යුගයෙන් වැඩසම් ප්‍රවේනිදාස ක්‍රමයෙන් ගැලවිලා ප්‍රජාතන්ත්‍රවාදයට නැත්නම් අද තියෙන තැනට ගෙනාවේ මම උක්ත කියපු විදියට හිතපු සිතුවිලි මිසක් කවදාවක් කිසිදෙයක් කරන්න බෑ කියලා කියපු කුසීත මිනිස්සු නෙමෙයි. සුභදායී වෙනස්වීම් යථාර්ථයක්. ඒ දේ කරන්න පුලුවන් කියල හිතන මිනිස්සු තමයි ලෝකේ යහපත් කරන්නේ. යුද්දේ දිනල ඉවර කරන්න පුලවන් කියලා එදා පටන් ගන්නකොට ඇත්තටම ඒ මතය විශ්වාස කරල හිටියේ අතලොස්සයි. ඒ පිරිස ඒ අරමුණින් දශක ගනනාවක් කටයුතු කරලා - ක්‍රමිකව යුද්ධය දිනන්න පුලුවන් බලවේගයක් සිතුවිලි පරිසරය තුලින් හැදුවා. එහෙමයි ඔබතුමා ආඩම්බර වන ඔබතුමාගේ අවස්ථාවාදී හිතවතුන් විකුණන් කන යුද්දය ඇත්තටම ජයග්‍රහනය කරා දක්කගෙන ගියේ.
ඉතිං අද, එදා ඒ බලවේගය විශ්වාසක කරන පිරිසට අලුත් සටනක නියත වෙන්න වෙලා. වංචාව දුෂණය අනීතිය අවනීතිය පවුල් පාලනය තනිමතය හා පරිපාලන වියුහයේ පවතින අඥාදායකත්වය, අශිලාචාර දේශපාලන සංවාද, වනචර පුහු කතා හා විහුලු ජනමාධ්‍ය සාකච්ඡා, ජනතාව බල්ලට දාල තමුන්ගේ හදවතට ව්‍යාජව කතාකරන තක්කඩි දේශපාලකයන් පරදවන්න අද අවශ්‍යතාවයක් ඇවිත්. ඒ අවශ්‍යතාවය එදා යුද්දෙන් මිදෙන්න තිබ්බ අවශ්‍යතාවය තරම්ම නැත්නම් ඊටත් වඩා බලවත් වෙයි වැඩි කල් යන්න කලින්. ඒක එහෙම වෙන දවසට සමාජය තව පියවරක් සාදනීය විදියට ඉදිරියට යයි. තවමත් ඔබතුමා රටට හිටපු සහ හිටින දක්ෂ පලපුරුදු වටින අත්දැකීම් බහුල නායකයෙක්. ඒ ගැන කවුරුවක්වත් තර්ක කරන්නේ නැහැ. අපිට මතකයි යුද්ධය තව හමුදාපති කෙනෙක්ට දෙන්නේ නැහැ කියලා කෙලින්ම කිව්වේ ජෙනරාල්තුමා. ඒ අතර අපි දන්නවා යුද්ධය ගැන ඔබතුමා සුවිශේෂ දායකත්වයක් දෙනකොට සංග්‍රාමිකත්වයෙන් ජෙනරාල්තුමා නායකත්වය දෙමින් හමුදාමය ජග්‍රහනක් කරා රට එක්කන් ගියා කියලා. හැබැයි ඔබතුමා සටනින් පස්සේ හැමතැනම සේනාධිනායක කියලා පොස්ටර් ගැහුවට - රණකාමී හමුදාවක් මෙහෙයවීමේ ගෞරවයෙන් ජෙනරාල් ඉවත් කරන්න බැහැ. මට මතකයි යුද්දේ ඉවර වෙලා මාස තුනකින් කිලිනොච්චි යනකොට ජෙනරාල්ගේ නම සමරු පලක වලින් අයින් කරන්න හදන හැටි ඇත්තටම දැක්කා. ඒ වෙලාවේ ආපු පිලිකුල එතන හිටපු මහත්තුරුන්ට කියනකන් සැනසීමක් තිබ්බේ නැහැ. ඒ වෙලාවෙම දැනගත්තා ඒ ගොල්ලෝ ඒ දේ කරන්නේ ස්ව කැමැත්තෙන්නම් නෙමෙයි කියලා. නමුත් දැන් යුද්දේ නැහැ.
යුද්දේ ඉවරවුන අවුරුද්දට පස්සේ අවුරුද්දේම, රණවිරු පදක්කම ඔබතුමාගේ් පුතාට දීලා අවුරුදු ගනනාවක් ඇත්තට යුද වැදුනු සෙබලු පස්සට දාල, අපේ ගම්වල කොල්ලොන්ගේ වෙරවීරිය හංගලා දේශපාලඥයා නිර්ලජ්ජිතව ඒකට අයිතිය දානකොට - අපිට තේරුණා ගොනා හැරෙන්නේ කොහෙටද කියලා. එදා දියත විදානයට (voyage devision) හිමි ජනාධිපති වර්ණ ගත්තේ ඔබතුමාගේ පුතා ඔබේ අතින්මයි. 2010 නිදහස් දවසේ අපි කදුලු පුරෝගෙන බලං හිටියා මේ රටේ සුදුස්සට සුදුසු තැන නුසුදුස්සට දෙන්න තරම් ඔබට දුබල මිනිසෙක් වෙන්න ඔබතුමාටත් ඔන තරම් ධෛරයක් කොහෙන්දෝ උනන බව. මේ රටේම හමුදාවේ දරුවෝ පියෙක්ට වගේ ඔබතුමාට සලකන කාලෙක සැබෑ කුරිරි යුද්ධයෙන් සඟවා තබාගත් තමුන්ගේ දරුවාට විශේෂයක් කරන්න තරම් උතුම් දරුසෙනහසක් තියෙන එක පියෙක්ට අරුමයක් නොවුනත් - හමුදාමය ජයග්‍රහනයක අයිතියකට උත්සාහකරන පාලකයෙක් විදියට පුතාටත් ජයග්‍රහනයේ උපහාරයෙන් කොටසක් දෙන්න ගත්ත උත්සාහය චපල කමක් කියලයි අපි එදා දැක්කේ. මට මතකයි 2010 අවුරුද්දේ, ජෙනරාල්තුමා හිර කරලා යුද සැමරුම සමරන්න හදපු හදපු හැමදාම වැස්සෙන් උත්සවය හොදන් ගියා. අවසානේ උත්සවේ මාස ගණනක් කල් ගියා. අන්තිමට පැරඩ් එකේ ගිය සෙබලුන්ට ගාලු මුවදුර උත්සව පෙර පුහුණු වලදි අකුණුත් වැදුනා. එදා ඔබතුමාට හිතන්න තිබ්බා මොනව උනත් ජෙනරාල්තුමා හිරගෙයි ලග්ගන්න නොතිබ්බා කියලා.
තව වැඩිකාලයක් ගිියේ නැහැ - රණවිරුවෝ ලව්වා වැලිකොට්ට බැදල දෙසම්බර් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ පීඩනය අමතක කරලා කොළඹ ට්‍රැෆික් අමතක කරන්, ප්‍රදාන පාරවල් වහන් බේබිලා කාර් රේස් පදින්න ගත්තා. අපේ දලදා මාලිඟාව ඉස්සරහින් රේස්කාර් පැදලා - ජංගි ඇදගත්තු උමතු රුසියානු නලගනන් රේස් පිටියට ගෙන්නලා උතුම් නගරය විකාර කාම රූපවලින් විකෘත්ති කරනවන්න ගත්තා. මහා නායක හාමුදුරුවෝ එපා කිව්වා. අපි වගේ පොඩි මිනිස්සු එපා කිව්වා. ඔබතුමාට ඒ උත්සව ඉවර වෙනකන්ම ඒවා ඇහුනේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බැරුව ගියා. ඇත්තටම ජනාධිපති තුමනි අපි අත්දැකල තියන විදියට අපි උගත් සාත්තර ඇත්තනම්, ඒවා අනෙක් රටවලට වැඩ කලා නම් ආර්ථිකය දියුණු කරන්න කාමය වැලඳගන්න අවශ්‍යම නැහැ.
ඒ අතර ඔබතුමාගේ දරුවන්ගේ රගපෑම් බොරු දස්කම් වලින් රූපවාහිනිය පිරවෙන්න ගත්තා. රගර් පිට්ටනිය පුරාවට ඔබතුමාගේ තරුණ දරුවන් පමණට වඩා උලුප්පු දැන්වීම්. කල්යල් නොබලා හරි වැරදි නොබලා ලාබ පාඩු හරි හැටි ගනන් නොබලා හින්දි නලු නිලියෝ ගෙනත් IFaa උත්සව. හිතලා බලන්න මේවාට කරපු වියදම් අපිට මොනවද ගෙනාවේ කියලා. ඒවාගෙන් ඇත්තටම වැඩක් වුනාද කියලා. බලාපොරොත්තු අරමුණු ඇත්තටම ඉටුවුනාද කියලා. හිතල බලන්න හම්බන්තොටට Common wealth 2018 games ගන්න කරපු වියදන්. ඒවාගේ අරමුණු සපුරගන්න බැරි වුනේ ඇයි - ඒවාගේ වෙච්ච අඩුපාඩු නිවැරදි කරගන්න ගනිපු ක්‍රියා මාර්ග මොනවද කියලා. ජනාධිපතිතුමනි මේ කාබාසිනියා වෙන්නේ අපේ රටේ දුප්පත් ළමයට ඉස්කෝලේ යන්න කෑම වේල ගන්න තියෙන සල්ලි. ඉස්පිරිතාලෙට ඇදක් ගන්න කක්කුස්සියක් හදන්න තියෙන සල්ලි. මගේ තාත්තා heart attack හැදිලා රෑ එළිවෙනකන් මාහරගම රෝහලේ ඇද තව ලෙඩෙක් එක්ක බෙදා ගත්තේ කරන්න දෙයක් නැතිකමට. මගේ බාප්පත් අසාද්‍ය වෙලා ඒ රෝහලේත් කුරුණෑගල මහ රෝහලෙත් ඇද දෙකට බෙදාගෙන තමයි බේත් කෑවේ. ඉස්පිරිතාලවලට දැන් ගියත් ඇදන් යටත් මිිනිස්සු. ඒ මේ සංවර්ධිත රටේ 2013 අවුරුද්දේ. අපි හොදටම දන්නවා සංවර්ධනය සංවර්ධනය කිව්වාට ලංකාවේ කිසිම ඉස්පිරිතාලෙක ඇති වෙන්න ඇදන්වත් නැහැ කියලා.කවුරු කොහොම කිව්වත් මොන කෙරුමත් ලංකාවේ අන්තිමටම යන්නේ රජයේ රෝහලට. මේ ජෝගිදාපූ සල්ලි වලින් ඔය තරුණ ළමයින්ට ඉස්පිරිතාල වලට ඇදන් ටිකක් අරන් දෙන්න තිබුනා ලංකාවටම ඇති වෙන්න. ඉතිං හිතන්න - හැමතැනම පුලුවන් එකාට තමයි වැඩි අවස්ථාව. ඒක යථාර්ථයක්. නමුත් මිනිස්සු විදියට අපිට මේ රටේ ජීවත්වෙන වාසනාවන්ත නොවිච්ච මිනිස්සුන්ට මූලික අවශ්‍යතාටික සකස් කරලා දෙන්න බැරිවෙන්න කිසිම හේතුවක් දැන්නම් පේන්න නැහැ.
තාරණ්‍යයට උත්සව එපා කියලා අපි කියන්නේ නැහැ. තරුණ ළමයින්ට විතරක් මේවාට ජෝගි දානව කියල දොස් කියන්න බැහැ. මහවුන් වගකියන්නත් ඕනේ වෙන නාස්ති වලට. මේ උත්සව වලට සංගීත කණ්ඩායම් වලට තෝරාගත් තරුණ පිරිසකගේ තුරුණ මන දොල පිනවන්න ගොඩක් දේවල් අපතේ ගියා. අපි ක්‍රීඩාවට විරුද්ධ නැහැ. නමුත් කෙරෙන ක්‍රමයට එකඟ වෙන්න බැහැ. ඔබතුමා නොදන්නවා වුනාට Australia රජය මේවගේ විකාර නොකර මුදල් නාස්ති නොකර ඉතාම සංවිධානාත්මකව ලක්ෂගානක් තමුන්ගේ රටේ තරුණ තරුණයන් ඇත්තටම සහබාගී කරගනිමින් කරපු Gold Coast මෙහෙයුම අපේ රටේ වරප්‍රසාද ලත් ධනවත් දරුවෝ 100 විතර ගුවන් යානා පිරිවරන් කරපු සෙල්ලමට වඩා ඉහලින්ම අගය වෙන්නේ බටහිර කුමන්ත්‍රණ විතරක් හින්දනම් නෙමෙයි.
මේ අතරම රාජ්‍ය මාධ්‍ය ටිකෙන් ටික දිනෙන් දින පවුලේ මාධ්‍ය වුනේ ඔබතුමාටත් නොදැනුවත්ව. මේවා මුලින් මුලින් කලේ අවස්ථාවාදී බඩගෝස්තරවාදී වන්දි බට්ටයෝ වෙන්න ඇති. හැබැයි අන්තිමට බැර වෙන්නේ ඔබතුමාගේ ගිණුමේ නමට. ඉතිං රූපවාහිනියේ බේබිගේ රගර් මැච් එක බලලා එළියට එන කොට ITN එකේ තව බේබි කෙනෙක් හදට යනවා.එදා යවනවා කියපු චන්ද්‍රිකාව, හදනවා කියපු අභ්‍යවකාශ මධ්යේස්ථාන, ඒ හා සම්බන්ධ ආයෝජන, ගනුදෙනු වලට මොනව වුනාද - ඒ මුදල් වලට දරණ වගකීම මොකක්ද කියල අපි දන්නේ නැහැ. අපි ලංකාවේ නම ගහපු සුදු රොකට්ටුවක් පත්තර වල දැක්කට ඒක අහසට නගිනකන් හූල්ල හූල්ල බලන් හිටියට, මේ රොකට්ටුව නගින රොකට්ටුවක්නම් නෙමෙයි කියලා තේරුම් ගන්නකොට අපිටම හොදටම ලැජ්ජා හිතිලා. ඉතිං අපි හර්ද සාක්ෂිය හංගන් නිහඩව ඉන්නවා ලෝක ලැජ්ජාවට. එයාර් ලංකා, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ගැන අපි මොහොතකට අමතක කරමු. නමුත් පක්ෂ විපක්ෂ හැමෝම එකඟ වෙන, අපිට කාලෙක හිටපු හොදම විදුලි බල ඇමති අයින් කරන්න තරනුත්, ඉන්පසු ශිල්පය ගැන කිසිදු දැනුමක් නැති චරිතයක් ඒ වෙනුවට දාන්න තරමටම ඔබතුමාගේ තීන්දු තීරණ දුර්වල වෙන්නේ ඇයි කියලා මටනම් තවම හිතාගන්න බැහැ.
හැබැයි සුදු ඉරක් කැපුනත් අපෙන් දඩය කෙස්ගහට ගහන්න නීතිය රකින ආයතන හදාගන්න අපේ රටට පුලුවන් වෙලා. මම දැකලා තියෙනවා අැමති පුතාලා, මැති ඇමතිය නීතිය පහු කරලා පෝස් කාර් වල ඉරි කපන් යනවා - නීතිය අහක බලන් ඉන්නවා. ඒවට අමතරව ඔබතුමාගේ දරුවට හොදම දේ ලාබෙට දෙන රාජ්‍ය විභග ෙදපාර්තුෙම්න්තුවත් නීති විද්‍යාලයත් අලුත් ක්‍රම හොයාගන්නවා. ඒ දරුවෝ අනික් තරුණ සමවයසේ දරුවොන් හා සමානව සිතන්න ඔබතුමාට ටිකකට අමතක වෙනවා. පත්තර කෑ ගහනකොට, වෙබ් අඩවි කෑ ගහනකොට අපිට හිතුනේ මේ දරුවා අායාසයකින් තොරව නීති විබහග නිකක් කජු වගේ ගොඩදාලා කියලා. මේවා වෙන විදිය බලනකොට අපිට තේරුනා තාරුණ්‍යට හෙට අපිට හදනවා කියලා තේරුමක් බේරුමක් නැති බුද්ධිය මුහුකුරා නොගිය මේ නූගත් කිරිකජු කොල්ලෝ රටේ බලයටයි සැප සම්පත් වලටයි කෑදර විදියට ඇහැ ගහගෙන කියලා. එංගලන්තේ ප්ලේන් එකේ එක බේබි කෙනෙක් පෙම්වතියත් එක්ක ඔලිම්පික් බලලා ඇවිත් කියලා වෙබ් අඩවි කියනකොට රාජ්‍ය මාධ්‍ය කියවනවා අජටාකාශගාමිය වෙන්න ඉන්න සුදුසුම උගත්ම දක්ෂයා එයා කියලා. හමුදාවේ වසරේ දක්සතම ක්‍රීඩකයට හිමි වර්ණත් එක පුතෙක්ට දෙනකොට ඒ පුතාම ලංකාවේ රගර් කණ්ඩායමේ නායකයා වෙනවා කියලා මාධ්‍ය වාර්ථා කරනවා. ඇත්ත - ඒ දරුවට සංවිධාන ශක්තියත්, සම්පතුත්, රාජ්ය අනුග්‍රහය තිබුනා තමයි. යම් මට්ටමකට ක්‍රීඩා කිරීමේ සමත්කමකුත් තිබ්බා තමයි. පළාත් ක්‍රීඩකයෙක් ජාතික මට්ටමට එන්න පහු කරන්න ඕන කඩයින් තියෙනවා. පාසැල් ක්‍රීඩකයින් පළාත් ක්‍රීඩකයින් වෙන්න කඩයින් තියෙනවා. නමුත් මේ කඩයිම් ඔක්කොටම පිටින් පුත්තු තුන්දෙනාම ජාතික සංචිතයට එනකොට නූගත් මිනිහටත් සැක හිතෙනවා. ජාතික සංචිතයටත් නායකත්වයත් තමුන්ගේ දරුවාට earn කරගන්න දෙන්න තිබුනා මහන්සියෙන්. එහෙම තමයි ශේෂ්ඨ පියෙක් වෙන්න තිබුනේ කියලයි අපිට ඒ වෙලාවල හිතුනේ. කොහොම හරි මේවටත් අමතරව කතරගම දේවාල පනත ආදියත් වෙනස් වෙනකොට, එක දරුවෙක් ටික කාලයක් යනකොට ක්‍රීඩා නාලිකාවක් හිමි ව්යවවසායකයෙක් බවට පත්වෙන්නේ හරිම ඉක්මනින්. නෑදෑ දරුවෝ ගමට නගරයට විතරක් නෙමෙයි පළාතටම බඩු මල්ලක් බෙදන්න පුලුවන් තරම් ධනවතුන් වෙන්න ගතවෙලා තියෙන්නේ වසර කීපයක් විතරයි. මේවා මාධ්‍ය මගින් වෙබ් අඩවි වලින් මුලින් මුලින් කියවනකොට අපිට හිතුනා පුම්බපු මඩ වෙන්නත් ඇති කියලා. දැන්නම් එහෙම හිතෙන්නේ නැහැ.
මේ ඉරිසියාවට ලියනවා නෙමෙයි. මේ රට අපෙත් රට. අපිත් වැඩ කරන්නේ රටට. රජවරු නොවුනත් අපේ හිතවතුනුත් දන්නාදුනන ඥාතින් දිවිදීපු රට. ඉතිං රට මෙහෙම යනකොට විබහග වලට මොකද වෙන්නේ. හැමදාම උසස් පෙල සාමාන්ය පෙල ප්‍රශ්ණ පත්තර පිට වෙලා. හැමදාම කැම්පස් කොල්ලොන්ට ගුටි. විශ්ව විද්‍යාල ආචාර මණ්ඩල වලට පඩි ඉල්ලලා පාරට බහින්න වෙලා. ඒ මදිවට පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතියකින් තොරව හදලා - ඒවාට දක්ෂ ගුරුවරු මුදලට දම්මලා, ජාතික විශ්වවිද්යාල බල්ලට දාලා. අද බොරුවට කැම්පස් එකේ හොස්ටල් හදනවා කියලා චන්දේ ලං වෙලා TV පුරා ඇඩ් දානවා. මේ පාර ශිෂ්‍යත්වයට මගෙත් ගොලයෙක් හිටියා. පොඩි එකීට ලකුණු 157. ශිස්‍යත්වය අසමත්. පාස් ලකුණු 162 යි. හරිම දුකයි. දවස පුරාම අඩනවා. ඉතිං මම සැනසුවා - අඩන්න එපා චූටි දුවේ, ජය පැරදුම අපි ඉගෙන ගමු. ලකුණු පහ අපිට දවසක ගන්න පුලුවන්. පාස් වෙච්ච අයට සුභ පතන්න. ඔයාට තව කල් තියෙනවා. ඉස්සරහට එන විබහග හරියට කරමු කියලා. මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශ කරනවා. පහුවදාම ශිෂ්‍යරත්ව ලකුණු පහලට දානවා. කඩයිම් ලකුණු 157යි. පොඩි කෙල්ලට හරි සතුටුයි. එකී මට කොල් කරනවා - මම ශිෂයත්වය පාස් කියලා. දෙමව්පියන්ටත් සතුටුයි. නමුත් පාසැලකට යන්න පරිසාදන ලකුණු ප්‍රමාණවත් නැහැ. පහවසර ශිෂ්‍යත්ව දරුවත් කුඩා වයසෙම දරුණු මුලාවකට ලංකරලා අභියෝග කෙටි ක්‍රමවලින් දිනන්න පුලුවන් කියලා.

ඉතිං ප්‍රතිපත්තියකින් තොරව, දිගු කාලින දැක්මකින් තොරව තමුන්ගේ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වෙනුවෙන් මුලු රටකම අනාගතය බාල පරම්පරාව හිරිකිතක් නැතුව පාවල දෙන්න තරම් ඔබතුමාට ධෛරයක් අැතිකරවලා කියලා මට හිතෙන්න ගත්තා.
ජනාධිපති තුමා දන්නේ නැහැ. අපි කැම්පස් වල හිටියේ එතකොට. ඔබතුමා යුද්දය දිනවන්නත්, රට එදා තිබුණ තැනින් ගොඩගන්නත් හිටපු හොදම නායකයා කියලා අපි හිතුවේ 2005 2006 අවුරුදු වල. බොහොම අමාරුවෙන් දගලලා දගලලා තමයි ඔබතුමාට චන්දේ ගොඩදාල දුන්නේ. මතක අති අපි නූලෙන් තමයි එදා චන්දේ දිනාගත්තේ. ඊට පස්සේ ඔබතුමා එතන නැවතුනේ නැහැ. කලින් තිබුණු වැරදි නිවැරදි කරන් ඒ අභියෝගකාරී අවස්ථාවට මූණ දෙන්න කටයුතු කලා. ඔබතුමා දන්නවා, අර ඉස්සෙල්ලා කියපු බලවේගය ඒක වටා පිරිස ආකර්ෂණය කරගන්න වුනා - අපි දන්න සමහර ආචාර්යවරු, සමහරු කියන ජාතික බලවේගය - සෝබිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ, පාටලී මහත්තයා, පංචායුද මහත්තයා, ජනතා විමුක්ති පෙරමුණ, යූඇන්පියෙන් ඇවිත් සහය දීපූ උදවිය, එකි මෙකී නොකී බොහෝ දෙනා යුද්ධය දිනන්න - රටට සැමට සාමය ගේන්න ගොඩක් දේවල් කලා ඒ දවස්වල. ඔබතුමාටත් ඒ බලවේගය විසින්ම දේශපාලන නායකත්වය කියන තැන නිර්මාණය කරලා දුන්නා. ඒවගේ ප්‍රතිපල තමයි අවසන් ජයග්‍රහනය. කොහොමහරි අද වෙනකොට අපි දන්න ඒ සමහර නම් අප්‍රසිද්ද ඇදුරො රටේ නැහැ. බය ගන්නලා පන්නලා. නොනිස් මහත්තේලා වගේ දක්ෂ වැදගත් මිනිස්සුන්ට බයියො ලව්වා තඩි බාවනවා. එදා මාදුරුවාවේ හාමුදුරුවෝ මීට අවුරුදු කීපයකට කලින් ගෙදරට වැඩම කරලා - ඔබතුමාට ධර්ම දේශනාවක් කලා කොසොල් රජ්ජුරුවන්ගේ හීන ගැන. රාජ්‍ය පාලකයෙක් ලෙස ලංකරගත යුතු කල්යාණ මිත්‍රොයෝ ගැන. සිල්වතුන් ගුණවතුන් දක්ෂයන්ට තැන දීම ගැන. නමුත් අද ඒ අවවාද ඔබතුමාට ලංකරගන්න බැරි තරමට ඔබ තුමා වටේ සිටින ලාභයට කෑදර අවස්ථාවාදීන් පිරිස බාධාවක් වෙලා.
අද මේ රටේ පාරවල් ගැන මිනිස්සු ලොකුවට පුදුම වෙලා. ලංකාවේ මගේ අම්මා තාත්තා ඇතුලු බහුතරයක් මේ කොදෙව්වෙන් පිට දැකලා නැහැ. අපේ අල්ලපු රටවල් මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, වගේ ලෝකෙත් එක්ක සම්බන්ධ ගොඩක් රටවල් වල අලුත් ධනපති පංතියක් හැදිලා - හයිවේ කීපයක් හැදිලා.ලෝක ආර්ථික වර්ධනයත් එක්ක මේක මහා අරුමයක් නෙමෙයි. කෑගහන්න දෙයක් නැහැ - නොදියුණු අප්‍රිකාවෙත් ගොඩක් රටවල හයිවේ තියෙනවා. මේවා චීන්නු හදලා දෙන්නෙ ඒ රටවල සම්පත් තමුන්ගේ ආර්ථික වර්ධනයට යොදාගන්න අරමුණින්. තමුන්ගේ රට දියුණු කරගන්නනවට චීනට බනින එක ඉරිසියාකාරයෝ කරන කාලකන්ණි වැඩක්. අපි එහෙම කරන්නේ නැහැ. ඉතිං නේපාලේ බූටානේ වගේ රටවල හයිවේ හදන්න බැහැ. හයිවේ කිලෝමීටර් 250 300 ක් හැදුවට ඇත්තටම රට සංවර්ධනය වෙලා නැහැ. ඉස්සර ගෙදර ඉදන් බස් එකේ කොළඹ එන්න පැය තුනක් විතර යනවා. දැන් කාර් එකේ ගියත් ඒ වෙලාව යනවා. ඒ ගිහිං ගෙදර එන්නෙත් ඉන්ෂුවරන්ස් ක්ලේම් එකක් අරන්. මොකද්ද මිනිස්සුන්ට දෙන සහනය. අක්‍රමවත් ලෙස කරන මාර්ග ගොඩනැගීම කවදාව හරි සැනසීමක් ඊලඟ පරම්පාරවටවත් එයි කියලා නූගත් මිනිහා බාර අරන් නිහඩව ඉන්නවා. මේ ගොඩක් සංවර්ධන වැඩ මීට වඩා අඩු වියදමටත්, ක්‍රමවත්වත්, කාර්යක්ෂමවත්, දූෂනයෙන් තොරවත්, හරවත්ව කරන්න තිබුණා උගතුන් ක්ෂේත්‍ර යේ දක්ෂයින් ලංකරගත්තා නම්. සුදුස්සට සුදුසු තැන දුන්නනම්. අපේ රටට අවශ්‍ය තරම් දැනුම තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් උන්ගෙන් වැඩක් ගන්න ඔබතුමාත් පාලකයොත් අසමත් වෙලා. ඒකට හේතුව තමයි නූගත් පුහු දුශ්චරිතවත් මිනිස්සුන්ට දේශපාලනය බලය හිමිවීම. මේක ඔබතුමාගේ වරදක් විතරක් නෙමෙයි. මේ අපේ සමාජ සංස්ථාවේ බහුතරයක ආත්මාර්ථකාමී අවස්ථාවාදී මානසිකත්වය නිසා අපි හිමි කරගත්තු දෙයක්. අද ඔබතුමාට දේශපාලනය කරන්න වෙලා තියෙන්නේ හරසුන් පුහු තුච්ච දුශ්චරිතවත් වල් මිනිස්සු එක්ක. උන් එක්ක වැඩ කරද්දි ඔබතුමාගේ ක්‍රමය තමයි වැඩ කරන්න වෙන ක්‍රමය වෙන්නේ.
කවුරුහරි මේවා ලංකාවේ කරන්න බැහැ කියනවනම්, උනුත් අර යුද්දෙට කරන්න බැහැ කියපු බහුතරයේ ගොඩට දාලා නොසලකා හරින එක තමයි යහපත් රටක් ප්‍රාර්ථනා කරන මිනිස්සු කරන්නේ. මේ වගේ දරුණු යුද්දයක් ඉවරකරගත්තු ජාතියකට මේවා මහ ලොකු වැඩ වෙන්න බැහැ.
ලංකාවේ නීතියට ඔබතුමා අතින් වෙච්ච දේවල් අපි ලියන්න ඕනේ නැහැ. ඒක හැමෝම දන්නවා. අද රටේ නීතියක් රාමුවක් ක්‍රියා පිලිවෙලක් නැහැ. ඔබතුමා හරි හිතවතෙක් හරි හිතන එක එක තමයි ඒ වෙලාවට නීතිය වෙන්නෙ. එහෙම වුනාම රටක් අරාජික වෙනවා. ලංකාවේ ස්ත්‍රී දූෂකයෝ මිනී මරුවෝ ගොඩක් ඔබතුමාගේ ඔඩොක්කුවේ - නැත්නම් ඔබතුමාගේ පාක්ෂිකයෝ, එක්කො ප්‍රාන්ත නැත්නම් ප්‍රාදේශීය පාලකයෝ. හොරකම් ගැන අපි අහන්නේ පත්තර වලින්. ආයතන වල පාඩුව කොච්චරද කියන්න බැහැ. අපිට දන්නේ ලෝකේ බොරතෙල් අඩුවුනා කියලා ලංකාවේ එහෙම නැහැ කියලා විතරයි. ඇත්තටම කිව්වොත් ලෝකේ සංවර්ධිත රටවලට සාපේක්ෂව ලංකාවේ 90% කට කෑම වේලවත් හරියට නැහැ. අපි මේ අරගලෙන් මිදෙන්න ඕනේ. සංවර්ධනය කියන එක මනින්න ඕනේ මිනිස්සුන්ට තියෙන සතුට පෝෂණය නිදහස විවේකය නිරෝගී බව මානසික සැහැල්ලුව වගේ සාධකත් එක්ක. එහෙම දෙයක් අහලකටවත් ලංකාව ඇවිල්ලා නැහැ ජනාධිපති තුමනි. ඒ පැත්තට යන ගතියක්වත් නැහැ දැන් කාලෙක ඉදන්.
පාලකයෙක් වුවත් - මිනිහෙක්නේ. ඔබතුමාටත් දැන් මහන්සි ඇති. ටිකක් විවේක ගන්න. කල දේ හොද නරක ගැන දැනෙන්න මේ පරිසරයෙන් ටික කලකට ඈත් වෙලා ඉන්න. මහන්සි නිවුනාම - විවේක ගත්තාම, ඔබතුමාටම තේරෙයි මොකක්ද කෙරෙන්න ඕනේ මොකක්ද වෙන්නේ, මොනවද මග ඇරුනේ කියලා. ඒක ජීවිතේ හැමෝටම පොදු ස්වභාවයක්. එකම අරමුණක දැඩිව එල්බගෙන හිටපුවාම ඉබේ ගොඩක් දේවල් නොපෙනී යනවා. ඔබතුමා මොන දේ කලත් ගැරහීමට ලක්විය යුතු නායකයෙක් කියලා අපි කවුරුවක්වත් අඩුම ගානේ ඔබතුමාගේ ප්‍රතිවාදියෙක්වත් හදවතින් හිතන්නේ නැහැ. හැබැයි ඔබතුමාට දැන් හොදටම විඩාවයි. තවදුරටත් බුද්ධිමත් තීරණ ගන්න තරම් බැරි තරමට විඩාවයි. ඒක හින්දා ටික කාලයක් කරලියෙන් ඈත් වෙලා ඉන්න. අවශ්‍ය වෙලාවට නැවත අවතීර්ණ වෙන්න. කවුරු කලත් කාට නමගියත් අපේ රටටයි අපේ මෝඩ හැති කරේටයි තමයි තව පරම්පරාවක්වත් යන්න කලින් සැනසීමක් අරන් දෙන්න ඕනේ. ඔබත් මමත් රණ්ඩු කරන කෑ ගහන බහුතරයකගෙත් දැනුවත් හෝ නොදැනුවත් අරමුණ තමයි ඒක. ඒකම තමයි යුග ගනනක් පහු කරලා, මිනිස්සු දාස් ගානක් මැරිලා දිවි දීලා අමාරුවෙන් අපි ගත්තු ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමා වැරදි මග යනවනනම්, ඒ ගමන ගැන ඔබතුමා නොදැනුවත් කියලා අනික් අය හිතනවනම් - අනික් අයට කරන්න තියෙන්නේ විරුද්ධ වෙන එක. මේ විරෝධතාව හරවත්වත් ධනවත්වත් දරාගන්න තරම් ශක්තිය ධෛරය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
අපිට කවදාවත් චන්දය දෙන්න සියයට සීයක් හරියන නායකයෝ පහල වෙන්නේ නැහැ. අපිට පුලුවන් ඉස්සෙල්ලම ඉන්න එකා අයින් කරන්න. ඊට පස්සේ අපිට ප්‍රාර්ථනාවක් විතරයි කරන්න පුලුවන් - ගන්න එකා හරියට කරන්න කියලා. එහෙම හිතලා තමයි ඔබතුමාටත් අපි චන්දේ දුන්නේ අවුරුදු 8 කට කලින්.
ඔබට - තෙරුවන් සරණයි.
ඉතිං මිත්‍රවරුනි, ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂට නම් මගෙන් ඡන්දේ ඉල්ලන්න එපා - දෙන්න විදියක්නම් ඇත්තේම නැහැ. මේක දේශපාලන ලිපියක් තමයි - අකමැති වුනත් අපේ යුතුකම face book එකට හරි ලියන එක කියලා තමයි o/l වලට වඩා ඉහල විබාගයක් සමත් වෙච්ච මිනිහෙක් විදියට හිතුවේ. රටට කියලා අපේ මට්ටමට කරන්න පුලුවන් එච්චරයි - නමුත් ඊට වඩාත් දෙයක් අපි විසින් කල යුතු බව ඇත්තයි. එහෙම මෙහෙම කොහොම හිතුවත් මට හිතෙන්නේ අපේ වගකීම ජනාධිපතිතුමාට නැවත හිතන්න තරම් කෙටි විවේකයක් දිය යුතුයි කියලයි. ඒක තමයි එතුමාටත් රටටත් කරන්න තියෙන ලොකුම හිතවත්කම.ටිකක් හිතල විවේක අරන් ආයෙත් ඔබතුමා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කරලියේ ඉන්න. ලංකාවට ඔබතුමා අවශ්‍යයයි. නමුත් ඔබතුමාට විවේකය අවශ්‍යයි.
කොහොමවුනත් එක්කෙනෙක්ට අවස්ථා දෙකකට වඩා රට කරන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයටත්, රටේ ඒ සදහා සුදුසු අනික් අයටත් කරන අසාදාරණයක්. රටට අවශ්‍ය නායකයා කියන පෞරෂ කාලිනව හැදිය යුත්තක්. සමාජයක් ශිෂ්ඨාචාරයක් තමන්ට අවශ්‍ය නායකත්වය ගොඩනැගීම තමයි ප්‍රජාත්‍රාන්ත වාදයේ තියෙන වැදගත්ම දේ. අපි නිතරම අපේ නායකත්වය ගොඩනගන්නත් - next level leadership පූල් එක හදන්නත් ඒ හැමෝම ආරක්ෂා කරන්නත් දැනුමින් කුසලතාවයෙන් ඔවුන් සන්නද්ධව තබා ගැනීමත් රටක් විදියටත් සමාජයක් විදියටත් කල යුතු දෙයක්. එහෙම නැතුව තනි පුද්ගලයෙක් හෝ පවුලක් දිගටම පාලකයා ලෙස දැකීම ගොත්‍රික යුගයේ වෙච්ච දෙයක්. ඒ යුගවල තිබ්බේ කැලෑ නීතිය. ඒ කියන්නේ ගොත්‍රයේ ශක්තිමත් එකා වැඩිපුර මස් කෑල්ල ගැනීමත්, අනික් වුන් බාහු බලයෙන් මෙල්ල කිරීමත්, ගොත්‍රය සතු ස්ත්‍රී ජීවින් සමග ප්‍රජනන කටයුත්තට මුලිකයා වී ශක්තිමතා වර්ගයා බෝකිරීමත් තමයි නායකත්වයේ වගකීම වුනේ. මනුෂ්‍යා අතර මේ ක්‍රමය ක්‍රමයෙන් විකසනය වෙලා පවුලක් වටේ බලය රදවාගැනීම - නැත්නම් රජ පරම්පරා පවත්වාගැනීම ඊලඟ ක්‍රමය වුනා. එතනදි මුල් වුනෙත් අර කියපු නායකයගේ පැවැත්ම හා වයසට යනකොට බලය රදවාගැනීම කියන ආත්මාර්ථකාමී පදනමම තමයි.අද මිනිසා මේ මානව ශිෂ්ට සම්පන් බවේ ඉහත අවස්ථා පහු කරලා ඊටත් වඩා පුලුල් නිදහසකටත් සාමයකටත් අධ්‍යාත්මයකටත් හිමිකම් කියනවා. ඒ වැරැද්ද නිවැරදි කරගන්නත් මේ චන්දය අවස්ථාවක් වෙනවනම් ඒකේ ගෞරවයත් අපි ජනාධිපතිතුමාට දෙන්න කුහක වෙන්න හොද නැහැ.