Translate

Friday, March 27, 2015

2013 June 1 - ගියේ කඩේකට තිබ්බේ විමසුම



මොකක්ද පෙර කරපු කරුමෙකට කඩේක දාලා තිබ්බ ITN විමසුම ඇහෙන්න ගත්තා. මේ වැඩසටහනේ ප්‍රසිද්ධියේ ලැජ්ලා බය නැතුව - යුතු අයුතු නැතුව - තැන නොතැන නැතුව - කල වයස නැතුව - සභාවක කථා කරන හැසිරෙන මූලික සභයත්වයන් ආචර ධර්ම අමතක කරල ප්‍රසිද්ධියේ අධම මූසල වචන වලින් විවිධ පුද්ගලික චරිත අලලා දෝස් මුර දෙනවා. මිනිස්සුන්ගේ පොදු දාඩිය මහන්සියෙන් හම්බ කරන මුදලින් යැපෙන වගකිවයුතු රාජ්‍ය ආයතන කිසුදු පසුවිපරමකින් තොරව මේ වගේ තුච්ඡ අධම අශික්ෂිත අවිචාරාත්මක දේවේෂසහගත මාධ්‍ය වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් මේ රටේ මොනවගේ මිනිස්සු කොටසක් හදන්න හිතන්නේ කියන එක හරිම කණගාටුවට කරුණක්. උදේටත් විකාෂනය වෙනව මේ වගේම මූසල ඝොරනාඩු කටහඩකින් කුණුහරප කිය කිය සදාචාරයකින් තොරව හැමෝටම බනින වැඩසටහනක්. මේ වගේ හැසිරෙන්නේ මානසික ආබාධ තියන - සමාජයට වෛර කරන, තමුන්ගේ EGO issues අදුනගන්න තරම්වත් නොමේරපු අණුවන මිසිස්සු කියල හිතෙන්නේ ඒ වැඩසටහන් වල ආවේගශීලී අවිනීත වාග්විලාශය නිසාමයි. ඇත්තටම කෙලිලොල් විනොදකාමී බාල FM වැඩසටහන් වලට වඩා පුද්ගල ද්වේශයෙන් ක්‍රොධයෙන් කරන මේ වගේ අසංවර වැඩසටහන් නිසා සමාජයට සුදුවන පරිහාණිය හරිම වැඩියි. මේ මිනිස්සු නිකමට හිතන්නේ නැහැ මේ තුච්ඡ දේවෂ සහගත අවස්ථාවාදී අෂික්ෂිත බාල වැඩසටහන් සදාචාරය මීලඟ පරම්පරාවත් - නැත්නම් තමුන්ගේම දරුවනුත් වැළඳගත්තොත් වයසට යනකොට තමුන්ටත් තමුන්ගේ රටටත් යන කල මොකක්ද කියලා ...

No comments: