Translate

Saturday, March 28, 2015

2014 September 9 - අපි ඉන්දස්ත්‍රියලයිස් වෙමු



අපි industry එකට ආපු කාලේ ඉදන් නිරීක්ෂණය කරන දෙයක් තියෙනවා. ඒ තමයි සුන්දර මායා වලට කොච්චර තරුණ සිත් රැවටෙනවද කියන එක. ඒක එදාට වැඩිය අද වැඩියි. දුක් මහන්සියෙන් උපයන සල්ලි වලින් කැන්ටිමට ඇවිල්ලා Coke එකක් එක්ක Ginger Beer එකක් එක්ක කෑම එක දිග අරින පොස් වෙන්න හදන උදවිය ඕනේ තරම්. පීසා කියලා ලංකාවේ තක්කලි දාපු පාංපිටි රොටී රස්නේ පිට - කොකාකෝලා එක්ක කන්න කැමති පිරිස ඕනේ තරම්. Fruit Juice කියලා දොඩම් ගෙඩියකට සීනි රාත්තලක් දාලා වීදුරු 10 කට දෙන එක රුපියල් දෙසියක් තුන්සීයක් දීලා අරගෙන ඒක කොලේකින් වහල බටයක් ගහලා බීබි කන්තෝරුව පුරා දුවනවා හරිම ආඩම්බරයෙන්. මේ ප්‍රචාරක අනුකරණ කල්ලතොනි වෙළදාමේ ඉතාම ඉක්මන් ගොදුරු බවට පත්වෙන්නේ - සුන්දර සමනල වියේ සමාජ යථාර්ථය අඩුවෙන්ම දකින අත්හදන ගැණු ළමයි. ලස්සන ගෑණු ළමයි මේවා කරනකොට නොදැනුවත්වම ඒ ගොල්ලන්ගේ හිත ගන්න කොල්ලොත් ඒවා උත්සාහ කරනවා.
ගොඩක් අය නොදැක්කට මේ පිරිහෙන්නේ අපේ අවබෝධය. කාලයක් යනකොට පොඩිවුන් වතුර බොන එකක් නැහැ - ලංකාවෙත්, වතුර අපිරිසිදුයි කියලා. Fiji රටේ පොඩිවුන් වතුර බොන්න හොද දෙයක් කියලා හිතන්නේ නැහැලු. කොච්චර දුප්පත් වුනත් උන් බොන්නේ කොකා කොා්ලා විතරලු.
මේ අවබෝධය තරුණ පරපුරෙන් තුරන් වෙන එකේ භයානකම දේ තමයි - නිරෝගී වෙතැයි හිතුවට නිරෝගී භාවය පිරිහෙන එක. ලස්සන වෙන්න - ඇදුමක් ලස්සන කරන්න, ඒකට පිටිපස්සේ ගොඩක් මහන්සිවෙන්න ඕනේ කියන එක මේ තරුණ පරපුර අමතක කරලා. ඒක පිටිපස්සේ ඉවසීම අකණ්ඩ බලාපොරොත්තුව දරාගැනීම persistence වගේ ගොඩක් දේවල් තියෙනවා. සැලොන් එකෙන් ලොකු ගානක් දීලා කොන්ඩේ හදලා ලොකු ගානක් දීලා Branded ඇදුම් ඇන්දට චරිතයකට නියම පෞරෂයක් දෙන්න බැහැ. ගොඩක් වෘත්තිය ක්‍රීඩකයෝ, වෘත්තිය දක්ෂයින් ඒ වගේ කඩවසම් පෞරෂයන් ලඟා කරගන්නේ අසීමිත වෙහෙස මහන්සියෙන් ඒකායන අරමුණින් එකම දෙය නොකඩවා ගොඩක් කල් කිරීමෙන් කියන පණිවිඩය Short eats කාලා shortest paths වලින් Early Success හොයන තරුණ දරුවන්ට අමතක වෙනවා. මේ ප්‍රදර්ශනයට අවනත වෙන විදියට තමුන්ගේ ජීවිතේ සිතුම් පැතුම් සකසගත්තාම අපි නොදැනුවත්වම අපේ අධ්‍යාත්මය පිරිහෙනවා. ඊට පස්සේ ජීවිතේ යථාර්ථවාදී දෙසට හරවගන්න සෑහෙන කලක් ගතවෙනවා. එතකොට තරුණ කාලේ ඉවරයි.
සමාජය විනිවිද දකින කූට කොටසකුත් ඉන්නවා. ඒ ගොල්ලෝ දකිනවා මේ තරුණ ළමයිගේ දක්ෂතා හා ශක්තිය. මේ සමහර කට්ටියකට මුදල් බලය, ධන බලය, නිල බලය, ව්‍යවසාය, ව්‍යාපාරික බලය, සමාජ පිළිගැනීම, අනික් එකෙක්ට රස්සාවක් දීමේ හැකියාව කියන හැම දේම තියෙනවා. මේ කොටසෙන් සමහර උදවිය Life එක Enjoy කරනවා, positive thinking, attitude, Corporate Culture වගේ බොරු වචන අවස්ථාවාදී විදියට කිය කියා තාරුණ්‍යයේ දෛරය ශක්තිය උද්දීපනය කරන talks දිදී තමන්ගේ ධනය හා කාමය වර්ධනය කරගන්න නොමේරු තරුණ ජවය කූට විදියට යොදවනවා. මේ වගේ සමහර තැන්වල නිසි විපරමිකින් තොරව සමහර වෙලාවට අපිට දකින්න ලැබෙන වචනයක් තමයි - කොළඹින් පිට නැත්නම් local universities වල අයට attitude නැහැ, international exposure එක නැහැ, Mentoring ඕනේ, business එකට Adapt වෙන්නේ නැහැ කියන වචන පෙල. සමහර තැන්වල ඇත්ත ඒක නෙමෙයි - මහන්සිවෙලා වැඩ කරලා තවත් මහන්සිවෙවී වැඩ කරන දක්ෂ මිනිස්සු, නැත්නම් යථාර්ථය දකින මිනිස්සු තම්බන්න අමාරුයි. උන් රුපියලට දෙකට ගොන් වැඩ කරන්නේ නැහැ පසු විපරමිකින් තොරව. ජීවත් වෙන්න රස්සාවට ආවට උන්ව කඩේ යවන්න අමාරුයි. හැබැයි ලෝකේ හැමෝගෙම අඩුපාඩු තියෙනවා. හොද නරක සමත්කම් අසමත්කම් තියෙනවා.
කොහොම හරි මේ ඔක්කොම වයසට යන්නේ එකට. මේ ගොල්ලෝ මහලු වෙලා තමුන්ගේ දරුවන්ට යහමග කියල දෙයක් කියල දෙන්න උත්සාහ ගනිවී. එතකොට ඒවගේ characteristic වටිනාකම අඩුයි. මොකද කක්කුට්ටෝ තමුන්ගේ ළමයින්ට කෙලින් යන්න කියන කොට ඒක හාස්‍යජනක වෙන හින්දා.

1 comment:

Anonymous said...

Newest & Best New No Deposit Casino Bonuses - CasinoWow
Newest & Best New No Deposit Casinos 인카지노 No Deposit Bonuses for US 바카라사이트 Players 2021 · 1. Mohegan Sun · 2. DraftKings Casino · 3. BetMGM Casino. worrione