Translate

Friday, March 27, 2015

2013 June 6 - කිරිබත්ගොඩ කෑම කඩේ



දිනය 6/6/2013.
වේලාව පස්වරු 8.00
ස්ථානය කිරිබත්ගොඩ මගේ සිංහල හාලේ බත් මාලු ජොයින්ට් එක.
ඊයේ දවසේ හිතුනා වීර ක්‍රියාවක් කරල බලන්න. කොහොමද පුලුවන්ද කියල එක දවසෙන් බඩ අඩු කරන්න. ටාර්ගට් එක Six Pack – lover belly push up leg raising abs on hang – 150 ක් බාර් එකේ එල්ලිලා ගහන්න. පැය භාගයක් විතර දඟලලා ගහගත්තා. යාලුවො කියනව තව ගහපන්ලු. මොටිවේෂන් ගොඩයි. තව hanging leg raises bend oh him on the Bar 20. අවුලක් නෑ - නැගිට්ටා උදේ. නැගිට ගන්න බෑ. කොසොල් රජතුමාගේ මගුල් ඇතා වගේ දෛරය තියෙන්න එපායේ - ඕන මගුලක්. දාගත්ත ඩෙනිම. උදේම වැඩ. කචල් ගොඩයි - කොම්පූටර් කැඩිලා - Software ඔහේ රන් වෙනවලු. මොනව කොරන්නද Bug – PR එනකොටම සැට්. මෙන්න උණ. කාට කියන්නද - දිනපතා එක එක බිත්තරේ දාන සිරා කිකිළිගේබඩ පලලා ඔක්කොම එක පාර ගන්න ගියාම ඔහොමයි. වැඩටික උපරිමේට ගොඩදාල බලන කොට ඇඟ හීතල වෙනවා - උණ ගැනෙන්න. එක පාරට මතක් වුනා බොඩිම අයිති ගෙදරත් වෛරස් උණ. මෙන්න ආවා රෑ ජාමේ වෙලා කිරිබ්ත්ගොඩ හන්දියට. ත්‍රීවීල් අංකල් කියනවා - මෙතන ඉස්සරනම් කලාමැදිරියොයි හොල්මනුයි විතරයුලු. එයාගේ තාත්තගේ කාලෙ මිනිහෙක් දකින්නත් නෑලු පාර ලඟ 6 වෙනකොට.
කොහොම හරි බඩගෑවේ තියෙන මොනව හරි බඩට දාගෙන පැරසිටමොල් අමතක කරල වෙනිවල් පැකට් එකක් ගහන්න. මේ ඔක්කොම තියෙනවා (කොත්තමල්ලි, ඉගුරු, පත්පාඩගම්,කටුවැල්බටු, එළබටු, විෂ්ණුක්‍රාන්තිය, වෙනිවැල්ගැට, ගම්මිරිස්) ජාති අටයි - හැබැයි තිප්පිලි නෑ. අක්කේ තිප්පිලි නැද්ද ?
හෙනගහන්නා වගේ අහපි මොකටද මල්ලි තිප්පිලි. බොන්නකෝ සමහන් එකක් - නැත්නම් බොන්නකෝ පැරසිටමොල් එකක්. මෙන්න මේ නෝනා මගේ අත්තම්ම (මම්ම) දීපු වට්ටොරුවට කෙළලා ඇරියා. අක්කේ තිප්පිලි කෝප වෙච්ච සෙම වේලනවානේ. අක්කටත් හිනා ... මොනව කොරන්නද ඒ අස්සේ සුදු ලූණු ඉල්ලන්න වයසක ඉස්කෝලේ නෝනා කෙනෙක් ඇවිත් - මාලු ටිකකුත්ද කොහෙද ඔතාගෙන. අම්මට සිරි සුදුලූණු 50g - රුපියල් පණහයි. 50ට සුදු ළුෑණු කුඩා ගෙඩියක් - ගානට පර්ස් එක ඇකිලෙන්නෙ නැතුව දාන තරමට. මේ නෝනත් රුපියල් 100 ට සුදු ළුණු ටිකක් අරොන් හරිම නොසතුටින් සුදුලූණු පොඩි කරකර පාරේ පහලවෙලා තියෙන ආශ්චර්යය නරබමින්ම යන්න ගියා.
බොලේ ගොඩ වූනේ කෑම කඩ පිලට. මෙන්න ගමේ ජවසම්පන්න තරුණයෝ සුන්දර සූර වීර ධීර තරුණ කතා බහක්. ඉන්නේ නතාලියා කියලා නෝනා කෙනෙක්. තවත් Justifiable තුන්කොන් ආදර අන්දරයක්. 3-some එකක්. අද රූපවාහිනිය නෙමෙයි හෑම සියලු ජනමාධ්‍යකම පෙන්නන්නේ තුන්කොන් ආදර කතා. කවුරුත් කියන්න අකමැති වුනාට ගම්පෙරළිය තමයි මේ පෙම් පෙරළිය කලේ කියලත් හිතෙනවා. ගම්පෙරළිය විතරක් නෙමෙයි - ඉතිං ගොලු හදවතත් තුන්කොන්මනේ. හැම තරුණියකටම ආදරේ හිතෙන දෙන්නෙක් නැත්නම් කිහිප දෙනෙක්ඉන්නවා. සටන අන්තිමට මොනවකලත් දිනන්නේ හැම කතාවෙම පාහර වැඩේ කරපු පල් හොරා. මූ තමයි වීරයා - අන්තිමට Scenes එකේ. සත්ය ප්‍රේමවන්තය පැරදිලා නැත්නම් - ගේම අතඇරලා. නිකමට හිතන්න කාටද ජීවිතේ පරදින්න ඕනේ. මොකක්ද අපේ මාධ්‍ය තරුණ පරපුරට දායාද කරන ආකල්පය - මෙච්චර ගතානුගතිත - මගුල් දවසේ රෙද්ද උස්සල රතු රෝස මල් හොයන වීරයෝ ඉන්න සංකෘතියක් තියෙන දේශ ප්‍රේමය ඔද වැටිච්ච රටේ. තවටිකකින් තුන්කොන් ආදර කතා සම්මාන උළෙල - විකාශය දෙරණ. ප්‍රසිද්ධ යෞවනේයේ උන්මාදනිය පෙම් යුවල වෙන් වෙලා අමුතු මූණක් තියෙන අහිංසක අපේම කුඩාදරුවෙක්ට මේ සංකෘතිය තුලම indirectly hurt වෙන්න දෙන ගමන්ම සම්මාන දෙනවා. මල කෙලියයි. ඇත්ත කියන්න - කැමතිද තමුන්ගේ අම්මා තාත්තා අනික් කෙනෙක් එක්ක දැවටෙන එක ප්‍රසිද්ධියේ බල බල ඉන්න විශේෂයෙන්ම අපේ සංස්කෘතියේ හැදිච්ච දරුවෙක්. අනේ මන්ද - එකට ඉන්න බැරිනම් මරාගන්නේ නැතුව වෙන් වෙන එක වෙනම දෙයක්. නමුත් ඒ නොහැකියාව හා අධෛරය සමාජයේ නිති ඔදවඩන ක්‍රියාවක් තරමට සිදුවෙච්ච ආකල්ල වෙනස හදන පුහු රූපවාහිනී වැඩසටහන් බලන්න මගේ දෑස මෙච්චර පින්වන්තද කියල හිතනකකොට ලැජ්ජත් හිතෙනවා. මේ රටේ ගරුකටයුත් පවුල් අඩියෙන් අඩිය ගෙයින් ගෙට තවමත් ඉන්නවා. එහෙව් වාසනාවන්ත දෙමව්පියො / පෙම්වත්තු සගවන ගමන් තමුන්ගේ විකෘත්ති කාම ආසාවන් සාදාරණීය කරණය කරන්නත් අගය කරන්නත් කට්ටිය මේ රූපවාහිනී නාලිකා වල ඕන තරම්. මෙච්චර බෞද්ධ සභයත්වය - චන්ද කින්නර ජාතකය, නළ දමයන්ති අමතක කරලා, රාම සීතා අමතක කරළා, සාලිය අසෝක මාලා අමතක කරලා - මොකක්ද මේ තුන්කොන් ආදර කතා කියන හරුපය. මොකක්ද සමාජයට දෙන්න යන පණිවිඩය. ඒක තමයි - ගැහැණු ළමයි කොච්චර චපල වුනත් පිරිමි කිහිප දෙනෙක්ටම ආදරය කරන්න තරම් දක්ෂ වෙන එකතමයි - ජීවිතේ ප්‍රායෝගික යථාර්ථය කියන එක. ඉතිං ලොස් පිරිමියට හිතහදාගන්නත් - ඕන තරම් කරුණු කාරනා සාහිත්‍යායේ ජනප්‍රවාදයේ එමටයි. මහා උගත්තු ගෑණු සංහතියටම ගරහනවා - රාහුල හාමුදුරුවොත් සෙට් කරගෙනම. අවසර කල රහස් තැන ගැහුණු කවුරුද වරදේ නොබැදෙන. අර අත පැය නැති කොටා ගැන ජාතකෙත් දකිනවානේ වෙසක් තොරණේ - ඒත් එක්කම නත්තල් කාලේ ගල් ගහලා මරා දාන වෙසඟන. ඇත්තටම මේ වේසකමේ යන්නේ ගැහැණු විතරමද? - පිරිමිත් නැද්ද. මට තේරේන්නේ නැහැ.
ඉතිං මේ ප්‍රේමජවනිකා වලට ජවය දෙන්න අපේ නායක ඇත්තොත් අති දක්ෂ හොලිවුඩ් පැරදූ නලු නිලි පෙලත් ඒකායන අරමුණින් පෙල ගැහිලා ඉන්නේ - අලුත් පරම්පරාවට මරු සිරා ආදර්ශයක් දෙන ගමන්මයි. කොම්පැණියට ගියත් - කඩ පොලට ගියත් ගොඩක් හිතවත් මිතුරොන්ට තියෙන එකම විසදුම තමයි - තියෙන එක කඩලා තමුන් ගොඩදාගන්න එක. ඉතිං මනමේ කුමාරයාගේ කතාවත් තියෙන මේ සමාජේ නිවැරදිව මිනිහෙක්ට ජීවන ගමන ගෙනයන්න බැරුවට තියෙන පෙළබවීම් නම් හරිම වැඩියි. ඇත්තටම පතාගෙන ඇවිල්ලා නැත්නම් - මේවා නවත්තන්නත් බැහැ සමාජයක කවදාවත්ම. හැබැයි වටින්නේ අවබෝධය. මේ ආත්මේ බැරි වුනා කියලා ලබන ආත්මේ බැරි වෙන්නේ නැහැනේ - නැත්නම් ඊලග ආත්මේ හරි. ඉතිං කාටවත් දොස් කිව්වා නෙමෙයි විනාඩි 5 ක් අරන් මගේ facebook Diary එක update කලා විතරයි - අපේ සන්සාරයේ නොදකින යථාර්ථය ගැන.
ප්‍රේමතෝ ජායති සෝකෝ කියල දැන් කවුරුවත්වත් ඔය අමාරුවෙන් ගොඩ දාගත්තු කේස්ටික එකපාරට නෙමෙයිි කොහොමටවත් අත අරින්න එපා. ඉවසීමෙන් සැනසීම කියල මට හැමදාම කියල දුන්නේ මගේ අත්තා නොවුනත් අත්ත වෙච්ච වත්තේ වැඩකරපු චාලිං ආතා.දික්කසාද වලින් මේ ජවනිකා කෙළවර වුනොත් දරුවොත් අමාරුවේ - තවත් සසරගමන දිග්ගැස්සෙනවා විතරයි. ඉන්න බෑ උණ. උණ විකාරේ කියල හිතයිද මන්ද. නිදාගන්න යන්න වෙලාව. මම අපේ අම්මටයි තාත්තටයි වදින්න එක ප්‍රභල හේතුවක් තමයි වෙන කිසිම ගෙදරක නැති ගානකට ඇලි ඇලි ගැටි ගැටි - වෙන් නොවී දරුවො වෙනුවෙනුවෙනුයි එළිපිට නොකිව්වත් එකිනෙකා වෙනුවෙනුයි වෙන් නොවී ජීවත් වෙච්ච එක. බේතත් දැන් රෙඩි.
Good Night !!!!

No comments: