Translate

Saturday, March 28, 2015

2014 September 25 - වරද පුද්ගලික විශ්විද්‍යාල වලද ? 



පුද්ගලික විශ්විවිද්‍යාල වල නෙවෙයි ගැටලුව තියෙන්නේ. ඒවට ළමයි තෝරන විදියේ. ගමේ සිරිපාලටයි නගරේ සිරාටයි උසස් පෙළ විභහගෙන් A සමාර්ථ දෙකයි B සමාර්ථයයි ආවා කියමු. මේ දෙන්නටම විශ්ව විද්‍යාලයට යන්න බැහැ කියලා හිතමු. සිරාගේ තාත්තට සල්ලි තියෙනවා සිරා පුද්ගලික විශ්ව විද්‍යාලයට යවන්න. නමුත් සිරිපාලගේ තාත්තට ඒක කරන්න බැහැ. ඒ අතරේ C සමාර්ථ දෙකක් ගත්තු මුදලාලිගේ දියණියයි S සමාර්ථ දෙකක් ගත්තු දේශපාලක පුතයි ලංකාවේ විභහගේ බැරි හින්දා London A/L හරි international school HNDE බොරු බරු පාස් කලා කියන බලවත් අහවලාගේ පුතායි - පුද්ගලික යැයි කියන සාදාරණ ඇතුලත් වීමේ ක්‍රමයක් නැති විශ්ව විද්‍යාල වලට රිංගලා දොස්තර මහත්තයෙක් වෙලා ඉංජිනේරු මහත්තයෙක් වෙලා එනවා. කාටද අන්තිමට ඇනිලා තියෙන්නේ - දුප්පත් සිරිපාලට තමයි. ඌට මුදලාලිගේ හරි අහවලාගේ යටතේ හරි ආයේ පාරක් කුලී වැඩක් හොයා ගන්න වෙලා.
වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ සිරිපාලට සල්ලි නැති හින්දා සල්ලිතියෙන සිරා ඉගෙනගන්න හදන එක වලක්වන්න කියන එක නෙමෙයි. හැමෝටම සමාන අවස්ථා ඇති වෙන සාදාරණ ක්‍රමයක් හදනන්න කියන එක. පුද්ගලික හෝ පුද්ගලික නොවන විශ්වවිද්‍යාල ප්‍රවේශට තෝරන ක්‍රමයට මුදල් පදනම් කරගැනීම වරදක්. ශිෂයා සතු හැකියාව කැපවීම සහ අධ්‍යාපන පදනම මත පමණක්ම තේරීම් කරන්න ඕනේ. විශේෂ කුසලතා දක්වන පිරිසට විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ අනික් අයට වඩා - මොකද ඒ ගොල්ලන්ගේ දිරිමත් වීම මත තමයි රටට වැඩිපුරම අස්වැන්න ගන්න පුලුවන්. ඒ වගේම අනිත් අයටත් තොරාගන්න අවස්ථා තිබිය යුතුයි. ඒ කියන්නේ කුසලතා මත අවම කඩයින් ලකුණු ලබන පිරිසට හොද විශ්ව විද්‍යාල වලට ගෙවීමකින් තොරව ඇතුල්වෙන්නත් ඒ තරම් දක්ෂ නොවෙච්ච ළමයෙක්ට ගෙවලා ඉගෙනගන්න ක්‍රමමෙව්දයකුත් වැරදි නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ මෙලෙස ගෙවල ඉගෙනගන්න කැමති හා ඒ සඳහා පරිසාදන ළකුණු ලබාගත් සියලු ලමයින්ට දුප්පත් පොසත් බේදයෙන් තොරව එක හා සමානව අවස්ථාව ලබාදිය යුතුයි. විවිධ විෂය වලට හැම ළමයම සරසවියට ඇතුල් කරන්න බැහැ සල්ලි ගෙව්වත්. ඒ විෂය ගැඹුරින් හදාරන්න පුලුවන් පදනම සුසුවා විසින් තහවුරු කිරීමෙන්ම පමණක් ඇතුල්විමට වරම් ලබා දිය යුතුයිි. නමුත් අද ලංකාවේ හැම තැනකම තෝරාගැනීම් සිදුවෙන්නේ ඥාතීත්වය මත, අල්ලස් මත, දැන ඇදුනුම්කම් මත නැත්නම් මුදල් මත කියන එක අපි හැමෝම දන්න ඇත්තක්.
ලංකාවේ විතරක් ක්‍රමය නෙමෙයි - ලෝකේ මොන විශ්වවිද්‍යාලයට ගියත්, ඇතුලට ගිය එකා බොරු කරලා හරි අවුරුදු 100 ක් ඉදලා හරි උපාදිය ගොඩදාගන්නවා. තාත්තා බලවත්නම් හොද රස්සාවත් අතේ. ඉතිං ඇතුලට ගන්න එකට තමයි සාදාරණ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉංජිනේරුවෝ පාලනය කරන්න උන්ට වඩා දක්ෂ ඉංජිනේරුවෝ ඕනේ නැහැ. දොස්තරා පාලනය කරන්න ඌට වඩා දක්ෂ දොස්තරලා ඕනේ නැහැ. රස්සාවක් කරන්න තැන දුන්නමා O/L පාස් එකෙක්ටත් ගොඩක් කරන්න පුලුවන් වැඩ තියෙනවා. මෙතන වැඩ කරන විදිය වෙනස් වෙන්නේ බුද්ධිය තියෙන විදියට. රටක් විදියට අපි බුද්ධිය තියෙන එවුන් පස්සට දාලා - නැති වුන් ඉස්සරට ගන්න එකනේ දැනටත් ජාතික ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තවත් ස්ථාවර කරන්න තමයි අපේ ජාතික සැලැස්ම. ලාභො නිසීදන්ති - ශීලා ප්ලවන්ති - “ලබු කබල් ගිලෙයි - ගල් පාවෙයි”. මේ වගේ හීනයක් කොසොල් රජතුමා දැකලා තියෙනවා අවුරුදු 2500 කට විතර කලින්.
ඉතිං ඉංදියාවේ අන්තිම දුගියටත් අවුරුදු 21 වෙද්දි උපාධි ඉස්කෝලෙකින් පාස්නම් - එතනින් එහාට ඇමෙරිකාවට ගිහින් ඉගෙන ගන්න ප්‍රශ්වාත් උපාධිය කරන්න ණයක් දෙනවා බැංකුවලින්. ඒකට උගේ අම්මගේ තාත්තගේ වත්කම එතෙන්දි බලන්නේ නැහැ. ඒකා උපාධිය අර ගත්තට පස්සේ ණය ගෙවන්න ඕනේ. ලංකාවේ එහෙම නැහැනේ. නැති එකාට ඇටත් නැහැ.
රජයේ විශ්වවිද්‍යාල නවීකරණය කරලා ධෛරමත් කරලා ඒවගේ ආචාර්‍යවරු රටට වැඩක් ගන්න පුලුවන් විදියට ආකල්ප වෙනස් කරලා - ඒවා දියුණු කරන්න නම් - විශ්ව විද්‍යාලවලින් බිහි වෙන දක්ෂ මිනිස්සු වැඩි පඩි දීලා ආයතන තුල රදවගන්නත් ඕනේ. ගතානුගතික ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්‍ය මණ්ඩල සාමාජිකයන් ප්‍රසිද්ධියේ නොකිව්වට තමුන්ගේ කුහකත්වය මත එකෙක් ඉස්සරහට එනවා දකින්නත් - පද්ධතියේ සංවර්ධනීය වෙනසක් වෙනවටත් සතුටු නැහැ - නැත්නම් වෙනස් වෙන්න බයයි. පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවීම තුල සමහර විට industry එකට වෙන දායකත්වය ගොඩක් වැඩි වෙන්නත් පුලුවන්. නමුත් අධ්‍යාපනයට ඇගිලි ගැහිල්ල හරිම පරිස්සමින් කරන්න ඕනේ. ආකල්ප පිරිහෙච්ච දක්ෂයන්ගෙනුත් ලෝකෙට වැඩක් නැහැ. ජාතික විශ්වවිද්‍යාල වලට අව්‍යාජව සම්පත් දීලා දියුණුකරලා ගත්තොත් පුද්ගලික විශ්ව විද්‍යාලත් අතර ඇතිවන තරඟය නිසාම ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ යෝග්‍යතාව දියුණු වෙයි. එතකොට අපිට අධ්‍යාපනය පිටරට එවුන්ටත් විකුණන් කන්න පුලුවන් වෙයි. ඉතිං ලාභ බලාපොරොත්තුවෙන් දුවන එක තාත්විකයි. ඇත්තටම කිව්වොත් දැනුත් අපේ සමහර ගුරුවරු MSc MBA tutorial හදන්නේ ඒවා බලන්නේ හරි උනන්දුවෙන්. ඒවාට Consulting වලට වෙලාව වරදින්නේ අඩුවෙන්. මොකද එහෙම තැන් වලින් හම්බවෙන කාසි ටිකෙන් තමා ගුරුතුමා ගෙදර දුවාගන්නේ. මාසේ පඩිය මදි එතුමට ඇදුමක් ඇදලා කාර් එකට තෙල් ගහලා වේල් තුන කන්න. අපි හැමෝම ආසයි අනික් එවුන්ට වැඩිය මොනව හරි එකතු කරගන්න පුලුවන්නම්. තරඟකාරීත්වය තුල industry එකට අදාලව සාර්ථක Research and Development කෙරෙන්න නැඹුරුව වැඩි වේවි. දැනට ලංකාවේ ඇත්තටම හරිහමන් Research වෙන්නේ නැහැ වගේ නේ. කොහොම බැලුවත් ගැටලුව තියෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල නෙමෙයි. මොනව හරි හදන ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට පංති බේදයෙන් තොරව හැකියාව හා කැපවීම පමණක් පදනම් කරගෙන සාදාරණව පාසැල කෙලවර කරණ තරුණ ළමයි ඇතුලට ගන්නේ කොහොමද කියන එක මත.

ලංකාවේ ඇතැම් අපේ නායකයෝ කැමති සැබෑ ගැටලුව හඟවලා - තමුන්ට ගෝචර, තමුන්ට යටහත් පහත්, සදා කීකරු තමුන්ගේ පිරිසට පමණක් මස් රස විදින්න පුලුවන් අනිත් එවුන්ට කටු කන්න පුලුවන් ක්‍රමයක් හදන්න. ඉතිං ඒක වෙනස් කරගන්න සාදාරණ කථාවක් කොහෙවත් වෙන්නේ නැහැ - මොකද සාධාරණත්වය කියන එකට නායකත්වය දෙන්න පෞරෂ අපි අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් අවුරුදු 50 ක් තිස්සේ ගොඩ නගාගන්න අසමත් වෙලා තියෙන හින්දා...

No comments: