Translate

Friday, March 27, 2015

2013 October 2 - තුන්පත් රටාවයි කම්පීතර නැතේ කැලුම්



ඉතිං මීට අවුරුදු 100 විතර උඩදී වීර හෙල සිංහලයා - තනිපංගලමේ රෑ තිස්සේ පැල් රකිනකොට පාලුව තනිකම යන්නත් එක්ක කුරහන් තලපයක් එහෙම කාලා තේටිකක් බීලා නින්ද යන්න ලංවෙන කොට පැල් කවි කිව්වලු රූ එලිවෙනකන්.
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය බඳලා කෙතට ගිලුම්
බොලඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්
හැබැයි ඒ ඉස්සරනේ. දැන් අපි එහෙම දුක් විදින්නේ නෑනේ. යාන වාහන කාර් බාර් හැම් බේකන්. මොන බත්ද? නූතන වීර සිංහලයා, ගෙදරින් දුරස් වෙලා ලඟ කඩෙන් කොත්තුවක් කාලා දැන් දරුණු සයිබර් අවකාශේ පැල් බැදන්. ඔහු තනිපංගලමේ රාත්‍රිය පුරාවට කොම්පීතරේ වලාකුලේ (cloud එකේ) මුර රැකවලේ ඉන්නකොට පාලුව කාන්සිය මැකෙන්න සොර සතුරු කරදර අර ඇටෑක් මේ ඇටෑක් එන්න එපා කියලා බයෙන් බයෙන් ෆේස් බුක් එකේ කවි කොටනවා. එදයි අදයි කියලා බලපුවාම කිසිම දේක වෙනසක් වෙලා නෑ. Move වෙන Paradigm එක විතරක් පොඩ්ඩක් ශිෆ්ට් වෙලා.
මම 2113 මුද්‍රණය වීමට නියමිත 8 වසර සිංහල පොත ගැන ටිකක් හිතලා බැලුවා ...
කොම්පැනි ජාලේ ගිනි බිත්තියේ රැකුම් බැලුම්
කැලණි ගඟේ පාර කඩලා ට්‍රැෆික් උතුම්
බොළඳ ලියන් උස අඩි ඇඳ නටන නැටුම්
තුන්පත් රටාවයි කොම්පීතර නැතේ කැලුම්
සුචිය
ගිනි බිත්තිය - Fire Wall එක
කොම්පැනි ජාලය - Corporate network
ට්‍රැෆික් - මාර්ග තදබදය
තුන්පත් රටාවට කොම්පීතර - තුන්දෙනා බැගින් රැදවිය හැකි computer cubicles
කැලුම් - Corporate System Administrator

No comments: