Translate

Tuesday, March 31, 2015

2019 February 19 - ලංකාව බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න දෙන්න බෑ.


මම මේ පොස්ට් එක ලියන්නේ මගේ හිතමිතුරු කිසි කෙනෙක් ගැන අහිතකින් නම් නෙමෙයි. වැඩිහිටියන් ලෙසත් රටේ වගකිවයුතු පිරිසක් ලෙසත් හැගීම්බර වීමට වඩා අපි සැවොම එළඹෙන අනතුරු ගැන අවධියෙන් හරවත් සංවාදයක යෙදීම වැදගත් කොට සලකමි. සිංහල මුස්ලිම් කෝලහලයක් මා අසා දැන ඇති අතරමට මුලින්ම ලංකාවේ ඇතිවෙන්නේ සුද්දාගේ පාලනය හේතුවෙන්. එකට දන්න හේතුව වන්නේ - එකල රජ කල, සිංහල රජදරුවන් විසින් ඇති කිරීමට අවසර දුන් පල්ලියක් ඉදිරියෙන් දළදා පෙරහැර ගමන් කරන විට එතුවක් කල් සිංහලයා විසින් චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ශබ්ද පූජා නවත්වන ලෙසට නඩු තීන්දුවක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මුස්ලිම් පිරිසක් ලබාගැනීමයි. මේ ගැටුම ඉන් නොනැවතී දුර දිග ගොස් ඉතා දරුණු කේදවාචකයක් බවට පත්වුනා කියලයි ඉතිහාසය කියන්නේ.
මෑතකදී බොදු බල සේනාවේ ඇතැම් වැරදි අන්තනෝමතික තැන්වලදී අපි විරුද්ධ වීමු. ඔවුන්ගේ අන්තවාදී ජාතිවාදී අදහස් වලට විරුද්ධව බොහෝ මැදිහත් සිංහල පිරිස විරුද්ධත්වය නගන ලදී. මුස්ලිම් වරුන් සතු කඩ වලට ගල් ගැසීම ඔවුන්ගේ දේපල හානිකිරීම අඩුම තරමින් face book එකේ අන්‍යජාතිකයිනට වචනයෙන් ආක්‍රෝෂ පරිභව කරන උදවියටද විරුද්ධ වීමු. එදා ඒ වෙලේ විරුද්ධවූයේ යම් සේද එසේම අසාත් සාලී, හකීම් වැනි වුන් වචනත්, උච්චාරණයත් සංවර කර ගතයුතු යැයි සිතමු. කෙතරම් අභ්‍යන්තර මත ගැටුම් පැවතියද සිංහලයාට හෝ බුද්ධාගමට ගැරහීම තව කිසිම සිංහලයෙකු කිසි සේත්ම අනුමත නොකරයි. ප්‍රභාකරන් හිතුවානම් සිංහලයාට හැම දෙයම සති දෙකකින් මතක නැති වන බව - එය ඔහු විසින් කරුණු හරි හැට නොදැන කරන ලද ප්‍රකාශයක් පමණක් වන බව බොහෝ සිංහලයෝද නොදනිති. අද ප්‍රභාකරන් මියගොස් අවුරුදු ගණනක් ගතවන තැනත් බහුතරයක් සිංහලයෝ ඔහු විසින් එසේ කී බව තවමත් කෘතඥපූර්වකව මතක් කරති. ඈත අතීතයේ සිටම අරාබි ජාතිකයන් - මුස්ලිම් වෙළද ව්‍යාපාරිකයන් ඇත් දළ රත්තරන් කුලු බඩු වෙළඳාමට මෙහි පැමිණියෝය. කුරුස යුද්ධය පැවති අවධියක වුවද ඔවුහු මේ රටේ මූලික සංස්කෘතිය වෙනස් කිරීමට නොතැනුවෝය. මේ අන්තවාදී ජාතිවාදය අප විසින් තුරන් කල යුතු යුගයයි. ජාතිවාදය තුරන් කිරීම යනු සිංහලයා හෝ බොදු සිරිත් විරිත් ඇවතුම් පැවතුම් බොදු උරුමයන් තුරන් කිරීම නොවන බව ඔවුන්ද වටහා ගත යුතුය.
සත්‍යය පවසන්නේ නම් අපේ ගම් පියස අවටද බොහෝ මුස්ලිම් දේවස්ථාන ඉදි වෙයි. නිවෙස් 7 කට එක් දේවස්ථානය බැගින් ඉදි කරමින් ඔවුහු පල්ලියේ සිට හත් වරු වන්දනාවේ යෙදෙයි. ගම පුරා දවසට කිහිප වරක් ඇසෙන මේ නාදය සිංහලයා කුපිත කරවයි. මා කිසිසේත් අන්තනෝමතිකයෙක් නොවෙමි. නමුත් මෙසේ ගම වට කරන් මෑත අවුරුදු කිහිපයක සිට ඇසෙන මේ තීවුර යාතිකාව මට අනතුරු සංඥාවකි. කිසිවෙකු කිසිවෙකු විසින් හිංසාවට මෙන්ම තර්ජනයට ලක්වීමට සූදානම් නැත. ලංකාවේ නීතිය මේ වැනි තැන් අල්ලා සාදාරණ ලෙස මේ ගැටුම් අවම කිරීමට ක්‍රමවේද සැකසිය යුතුය. ආගම ඇදහීම අයිතියක් වෙන්නේ යම් සේද ඒ ඇදහීම් සීමාව ඉක්මවා ගොස් ස්වදේශික මුල් පදිංචි කරුවන්ගේ සංස්කෘතියට තර්ජනයක් වන තරමට නොයා යුතුය. එසේ වන තැන ගැටුම් ඇතිිවීම සිදුවෙයි. බොහෝ මුස්ලිම් රටවල විශේෂයෙන්ම බෞද්ධාගම අැදහීම තහනම්ය. ඒ එසේ වෙන කල ලංකාවේ සහෝදර ජනයා මුස්ලිම් ආගම ඇදහීම නතර කලයුතුය යන්න අපි කෙසේත් අනුමත නොකරමු. නමුත් ඔවුන් මෙහි මුල් සංකෘතියට මුල් තැන දීමත් ගරු කිරීමත් එහි පැවැත්මට තර්ජනය නොකිරීමටත් නිහතමානී විය යුතිය.
අපේ ගම් පියස අපේ සීයාගේ මුත්තලාගේ දැනට ඉතිරිව ඇති අම්බලම් පන්සල් අනූව වළගම්බා රජය සමයත් ඉක්මවා කල සිට පැවතිමුත් අපේ සීයාගේ පරපුර වනතුරු කිසිදු මුස්ලිම් පැවැත්මක් ගමතුල නොවීය. සීයලා තරුණ කල ගමට පැමිණි මුස්ලිම් සංක්‍රමණික වෙළදුන් වෙලදාම උදේසාම ගම අවට ලැගුම් ගත්හ. බෙහෙත් හේත් වී හාල් පොල් කෑම ආදියද ගම් වැසියන්ගෙන් ගත් ඔවුහු, කරවල, රෙදි පෙළදි, මනි බඩු ආදිය ගම් වැසියන්ට වෙලදාම් කළහ. බොහෝ මුස්ලිම් වෙළදුන් පන්සල සමග කිට්ටු සබදතාවයක් පවත්වාගත්හ. මෑතක් වනතුරුත් මේ කිසිවෙක් කිසිවිටකත් සිංහලයා හා ගැටුමට, පන්සල හා ගැටුමට නොපැණියහ. කජු පුවක් රබර් බොතල් යකඩබඩු යනාදී නොයෙක් වෙළදාම් ඔවුහු සිංහලයා සමග සහයෝගයෙන් කරගෙන ගියෝය. නමුත් දැන් තත්වය වෙනස් බව මා විසින් දැක ඇති දෙයකි. තරුණ මුස්ලිම් පිරිස සිංහලයන් වෙත, විශේෂයෙන්ම බෞද්ධ සිද්ධස්ථාන ඇදහීම් දෙස වැඩියෙන් ආක්‍රමණශීලී බවක් දක්වයි. ‍ෛඑතිහාසික සිද්ධස්ථාන වෙත ආක්‍රමණශීලි ලෙස අයිතිය කියාපායි. මෙය මෑත කාලීන පල්ලිවලින් කුලප්ලු කරන ලද්දක් බව අපිට දැනගැනීමට ලැබුණි. මේකට හේතුවක් වෙයි. බොහෝ මුස්ලිම් දරුවන් අතර මග අධ්‍යාපනය අත් හැර දමයි. නමුත් ඔවුහු පල්ලියට සමීපව කටයුතු කරයි. විවිධ හේතු නිසා ඔවුහු බොහෝ විට සාමාන්‍ය පෙළටත් පෙර ව්‍යාපාර කටයුතු වල යෙදෙයි. බොහෝ ගෙවල ගෘහස්ථ හිංසනය වෙයි. ළමයි කුඩා කල සිට සත්ව ඝාතනයේ යෙදෙනවා අසන්නට දකින්නට ලැබෙයි. බොහෝ පවුල් කුඩා ඉඩක් තුල දරුවන් බොහෝ දෙනෙක් ඇතිව - දුගී හෝ පීඩාවෙන් ජීවත් වෙති. බොහෝ දෙනා පල්ලිය විසින් කියාදෙන දේ නිවැරදි දේ් ලෙස දකියි, මෙහිදී පන්සල මෙන්ම පල්ලිය සතුවිය යුතු වගකීම් රැසක් වෙයි. එනම් ඔවුන් නිවැරදි දේ පමණක් තම අනුගාමිකයන් වෙත දේශනා කළ යුතුය යන්නයි.
මේ දේ මේ ලෙස සිදුවන්නට දී රජයක් බලා සිටිය යුතු නැත. මේ තත්වය හැදෙන ළමයා තුලින් වෙනස් කල යුතුය යන්න මගේ අදහසයි. මොන දේ කලත් මෝරපු වැඩිහිටියන් තුල පවතින විෂ ආකල්පයන් පිරිසිදු කිරීම පහසු නොවේය යන්න අත්දැකීමයි. ලංකාවේ සියලු පාසැල් වල අධ්‍යාපන ක්‍රමය තුලින්ම පංචශීල ප්‍රතිපාදාව ජාති ආගම් බේදයකින් තොරව ස්ථාපිත කල යුතුයි. පංචශීලය යනු කාටවත් එකඟ නොවිය හැකි දෙයක් නොවේ. එය අනික් අතට නීතිය යහපාලනයට ගරුකිරීම සදහා අනාගත දරුවා හැඩගැස්වීම හා පෙළඹවීමයි. එමගින් හැදෙන ළමයා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමය ඉහවහා කටයුතු කිරීම, බොරු කීම හා මත් පැන් පානය වැරදි දේ ලෙසත්, සමාජය තුලදි පිළිකුලටත් ලැජ්ජාවටත් සතුටක් නැතිවීමටත් හේතුවන බව උගනිති. මේ පංචශීලය බුදුන් විසින් දෙසන ලද්දක් නොව හින්දු ආගමික ඉගැන්වීම් තුලින් බුදු දහමින්ද අනුමත කළ දෙයක් බැවින් ජාතීවාදයෙන් ආගම් වාදයෙන් තොර යහපත් රටක් ගැන හිතන උදවිය මීට ජාතී ආගම් බේද අභිබවා එකඟ වනු ඇත.
ලංකාව අවිහිංසාව කරුණාව මෛත්‍රිය යන බෞද්ධ මූලධර්ම අනූව සැමට සම තැනදී බුද්ධාගමට මුල්තැනදී පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතීම විනා - ඒ රට අබෞද්ධ රටක් හෝ මුස්ලිම් ආගමානුකූල පාලනයක් ඇති රටක් බවට පරිවර්ථනය කිරීමට සිහින දැකීම ද්‍රෝහීකමක් ලෙස මම විශ්වාස කරමි.

2015 February 14 - සමාජජාලය ලාංකිකකරණය කිරීම නොහොත් ඉරිසියාව නිර්මාණකරනකරණය ලෙස හැදින්වීම



මේ face book එකේ අන්තර්ජාලයේ සමාජ අඩවිතුල විවිධ චරිත වලට මඩ ගැසීම, ප්‍රසිද්ධියේ හාස්‍යට ලක්කිරීම, ගැරහීම හෝ විවිධ අයුරින් අවමානයට ලක්කිරීම - ඒ මඩ/කාඩ් නිපදවන පපුද්ගලයාගේ සුවිශේෂී නිර්මාණශීලිත්වයක් හෝ කුසලාතාපූර්ණ හාස්යෝත්පාදන උත්සාහයක් ලෙස හෝ හුදු විනෝද රසාස්වාදයක් ලෙස අගය කොට තැකිය හැකි දෙයක් නෙමෙයි කියලයි මටනම් හිතෙන්නේ. පුද්ගල චරිත ලක්ෂණ බස හැසිරවීම ඇදුම පැළදුම ජාතිය අනන්‍යතාව අලලා උපහාසය නරඹනන්ට රසාස්වාදයක් වුනත් ඒක ඉලක්ක කරන කෙනාට පිරිසට එහෙම වෙන්නේ නැහැ.
මෙතනදි මේවා කරන අයගේ අරමුණ සියුම්ව විශ්ලේෂණය කරලා බලන්නත් වටිනා. ඔවුන්ට කුමන අයුරකින් හෝ අනික් අයගේ අවධානය, ප්‍රතිචාරය, ප්‍රසිද්ධිය අවශ්‍යයි. ඒ අවධානය ලබාගන්න සමාජය හා අනිකා කෙරෙහිත්, තමුන්ට ජීවිතයේ හිමි අහිමි වුන දේවල් කෙරෙහිත්, ලෝකයා ඉදිරියේ බොරුවට කෙලිලොල් විහිලු සහගත ස්වභාවයක් පෙන්වමින්, නමුත් සගවාගත් නොහික්මුණු නොනිමුනු සියුම් ද්වේසයක් දුකක් යටි හිතේ තියන් - ඒ දේවල් නිර්මාණය කරනවා කියලයි හිතට අවංකව කරුණු විමසලා බැලුවොත් පේන්නේ. එමෙහත් නැත්නම් ඒ අය තමුන් කරන දේ ගැන හෝ ඒ සඳහා පෙළබවුන අදහස ගැන හෝ නුවණින් විමසන්න තරමටම බුද්ධිය මෝරලා නැති වෙන්න ඇති. කොහොම හරි ඒ මඩම, ඒ ලෙසින් තමුන්ට හෝ තමුන්ගේ පවුලේ අයෙක් කෙරෙහිත් සිදුවුනොත් තමුනුත්, තමුන්ගේ පවුලේ සාමාජිකයනුත් කොච්චර අසරණ වෙනවද, හිත් තැවුලට පත් වෙනවාද, ලැජ්ජාවට හා අපහසුතාවයට ලක්වෙනවද කියලා මොහොතක්වත් නොහිතන්න මේ තරුණ ළමයි ආත්මාර්ථකාමී වුනේ අසංවේදී වුනේ අපේ රටේ යුග ගණාවක් පවතින අපි එළිපිට කතා නොකරන අපිතුලින් අපිට හොරෙන් එන අපේ සංසකෘතියේ අපේ ආකල්ප වල වැරදි නිසයි කියලයි මට හිතෙන්නේ. මේ ගොල්ලෝ මේවා සාධාරණීකරණය කරන්නත් අරන් - ඒක විහුලුවක්, පොඩි ආතල් එකක් විතරයි, මේක අලුත් සමාජය, අපිට වුනත් අපි ගණන් ගන්නේ නැහැ අරකයි මෙිකයි බොරු තර්ක දාලා.

පරපීඩිකත්ව මානසිකත්වය ලාංකික සමාජයේ පවතින කුරිරු සංවර නොවුනු අශීලාචාර ම්ලේච්ඡ යථාර්ථයක්. ලංකාවේ තරුණයින් - හිටපු පරම්පරාවන්, හැමදාම තරඟාකාරීත්වය ජයගන්න පාවිච්චි කලෙත් මේ ආයුධයමයි. දේශපාලනය වේවා, කලාව වේවා, ක්‍රීඩාව වේවා මේ දේ ලාංකිකයන් තුල ආකල්ප තුලින් හෝ නීතිය තුලින් යහපත් කිරීමට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අද මේ කුරිරු යථාර්ථය හාස්‍ය රසාස්වාදය ලෙස වැරදි විදියට අරුත් දැක්විලා ලාංකික තුරුණු සමාජය ඇසුරෙන් අන්තර්ජාලයේ මතුවෙන්නේ විනොදජනක මඩ විදියට නැත්නම් සරල සම්මත නිර්මාණශීලි අගය කළ හැකි ආශ්වාදනීය දෙයක් විදිහට. මේ දේම පාසැල තුල සමහර විට මතුවෙන්නේ bullying විදියට. වේදිකාවේත් රංගනය තුලත් එකිනෙකාට අපහාස කිරීමට ඔවුන්ගේ උච්චාරණ විලාශය, විලාසිතා, ශාරීරික අංග චර්‍යා, යොදාගන්නවා. මැතිවරණ වේදිකාවත් එසේමැයි. ලංකාවේ මෑතකාලීන සාහිත්‍යකරුවන්ට උගතුන්ට චිත්‍රපටි කරුවන්ට තරුණ පරපුරේ මේ දුර්වලත්වය වෙනස් කරන්න සමත් නර්මාණයක් සඳහා ආදර්ශයක් දෙන්න බැරි වෙච්ච එක අපේ ජාතියේ අභාග්‍යයක්.
දේශපාලනඥයෙකු වේවා කලා කරුවෙකු වේවා ප්‍රසිද්ධ චරිතයක් වේවා උන්කරන දේ උන් ගෙනියනවා විනා, උන්ට මේ අන්තර්ජාලයේ නොසරුප් වචනයෙන් ගරහන බණින මඩගහන කුණුහරපයෙන් පෙන්නන කිසි කෙනෙක්ට පුද්ගලිකව දෙයක් හානියක් කරල නැතුව ඇති. මේ මඩ ඊටත් වඩා ඔබ්බට ගොස් චූදිත චරිත ඉක්මවා ඔවුන් හා සම්බන්ධ පවුල් වල සාමාජිකයන්ටත් එල්ල කිරීම ඉතාම නීච ජඩ වැඩක්. එමගින් ඒ පවුල් සමාජිකයන් මානසිකව පීඩාවට පත්වීමත් සමාජය ඉදිරියේ ඉතා දරුණු අපහසුතාවයකට පත්වීමත්, එකිනෙකා අතර අමතර ගැටුම් පසුකාලිීන දරුණු කඩා වැටීම් ඇතිකරවන්න තරම් සංකීර්ණ වෙන්නත් පුලුවන්.
වරදට එරෙහිවීම හෝ ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි කියන මතය තුල තියෙන හැඟීම වෙන්නේ අහිංසකයන් දුබලයන් හිංසාවෙන් රැකගැනීමත්, උස්මිටි ඇති හැකි බේදයෙන් තොර හැමෝ්ටම යහපත් සාදාරණ සමාජයක් ස්ථාපනය කිරීමත් කියන දේ. ඊට හාත්පසින්ම වෙනස් අරමුණක පිහිටන මේ මඩ ගැසීමේ කලාව හා හාස්‍යකරණය, ඒ තුල සත්‍ය සගවා කරණ පළිගැනීමත්, කලදුටුකල වල ඉහගෙන තමුන්ගේ ඉරිසියා සහගත හැගීම් සමාජය ඉදිරියේ සාදරණීකරණය කිරීමත් කියන කිලිටි චේතනාවන්ගෙන් යුක්තයි. ඒවා වැරදි ආදර්ශයන් ලෙස පිළිකුලෙන් බැහර කළ යුතු දේවල්. විවේචනය කියන තැන සමාජ ප්‍රගමණයට යහපතට අනිවාර්යෙන් අවශ්‍ය නමුත් අද බොහෝ විට ලාංකිකයන් අතර අන්තර්ජාලයේ සිදුවෙන්නේ කැත විදිහට සත්‍ය අවස්ථාවාදීව උලුප්පා හෝ අවස්ථාවාදීව තනුක කර, එහෙමත් නැත්නම් සත්‍යය එහෙම් පිටින් විකෘත්ති කර තමුන්ගේ පහත් අරමුණු වෙනුවෙන් නිර්මාණය කරණ ලද දරුණු මඩ යොදා ප්‍රසිද්ධියේ අනෙකා ගැරහීමට ලක්කර තමුන්ගේ ජඩ හැගීම් කණ්ඩායමක් ලෙස සාධාරණීකරණය කරගන්න එක කියලයි මට හිතෙන්නේ. ලාංකිකයෝ විදියට අපේ තියෙන හොද වගේම මේ වගේ ඉතාම කැත පහත් වැඩ නවත්තන්නත් - ඒ දේ වැරදියි කියන පණිවිඩය තරුණ පරපුරට සමාජගත කරන්නත් කවුරුහරි ඉදිරිපත් වෙන්න ඕනේ. අපි වෙන කිසිම සමාජයක, සංස්කෘතියක මේ වගේ කැත විදියට පුද්ගලයින් චරිත අලලා නිර්මාණශීලි හෑල්ලු කිරීම් ගැරැහීම් අභූත චෝදනාවන් පාච්චල් කිරීම් මඩ ගැසීම් අසංවර ලිංගික අවමානයන් දකින්නේ නැහැ ලංකාවේ සමාජ වෙබ් අඩවි තුල ඇර.

මේ වීරයෝ අන්තර් ජාලයේ අනන්‍යතාවය හගවන් මේ දේවල් කලාට ඇත්ත අපරාධකරුවන් සමග මුහුණට මුහුණලා හෝ නීතිය ඉදිරියේ සටනකට තමුන්ගේ කාලය දනය වියදම් කරන් රට වෙනුවෙන් කියලා ඉදරිපත් වෙනවා, සංවිධානය වෙනවා, පෙලගැහෙනවා නම් දැකලානම් නැහැ.

2015 January 31 - කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන


මගේ කන්තෝරුවේ බෞද්ධයො බොහෝ වෙත්. ලංකාවේ කන්තොරුව හා සලකන කල ඕපාදූප කථාවන්ද හිතට හොරා කරන ව්‍යාජ ආකල්ප ධාර්මික කථාවන්ද ලිංගික කුහකත්වයෙන් දෙන පොර ටොක්ස්ද නැති තැන ස්ත්‍රී අඟ පසග පිලිබද කරන සමච්චල් සරාගී කතාවන්ද ප්‍රමෝෂන් පරමාර්ථයෙන් කෙරෙන රුවුම් ගෙරවුම් වීර කතාවන්ද අනෙකා නැති තැන විවේචන සමච්චලයට ලක්කිරීම්ද දන්න අදුනන පුද්ගලයින්ගේ පුද්ගලික වගතුක හාස්‍යට ලක්කිරීමද මෙහේ කෑම මේසය මතවත් අනෙක් හිත මිතුරු සාකච්ඡා තුලදීවත් බීර මේසය මතවත් සිදු නෙවෙයි. නමුත් ඒ දේ ඉන්දියානු හෝ ශ්‍රීලාංකික බෝජන සංග්‍රහයේදීනම් නොවරදවා නොමසුරුව සිදු වෙයි. මෙහි මා ඇසුරු කල බටහිර අයවලුන්ට ඔවුන්ගේ මනසට අනෙකා ගැන තොරතුරු වැදගැම්මකට නැති තරම්ම වෙයි. පුදුමයකට මෙන් බොහෝ දෙන මෙත් සිත් ඇත්තෝ වෙයි. නීතිගරුක වෙති. අවස්ථාවාදී නොවෙති. ලංකාවේ කන්තොරුවට වඩා මෙහි කන්තෝරු කාමරය තුල මේසය අභිමුව බුදු පිළිම වඩා හිදුවා තබාගෙන ගරු සරු කරන පිරිස බොහෝ වෙයි. ඔවුහු හදවතට අවංකව ධර්මයෙහි හැසිරෙන්න උත්සාහ කරති. ඒ අනූව ජීවිතය හැඩගැසීමට වෙර දරති. ඒතුලින් තමුන්ගේ ජීවිතයට සතුට ආලෝකය සැනසීම ලගාකරගැනීමට උත්සාහ දරති.

බුදු පිළිමයක් දකින කල - ලංකාවේ ඇතැම් සිංහල බෞද්ධයාත් ලොව බුදු දහම අදහන අනෙකුත් බෞද්ධයන්ගෙත් අතර හැසිරීමේ හා ආකල්ප වල වෙනසක් වෙයි. මට දැනෙන ලෙස බහුතර සිංහල බෞද්ධයා බුදුපිළිමයටත් බුද්ධාගමටත් ආත්මාර්ථකාමී අයිතියක් කියා පෑමට උත්සාහ කරයි. බොදු පිළිවෙත් රැකීම පසෙකලා ලොව බුදු හිමිට ලැබෙන ගෞරව ආදර සැලකුම් ගැන යටි සිතින් සිතා ඒ මතින් තමුන් බෞද්ධයෙකුයැයි කියමින් හෝ නොකියමින් ආඩම්බර වෙයි. ඔබාමා බෝ පැලයක් හිටවූ විට - බෝධිය සිටිවීමෙන් ලෝක සත්වයාට හෝ, සම්මත ආදර්ශයක් ලෙස හෝ, පොදු ජනයාට හෝ සිදුවන යහපත ගැන සිතමින් සතුටු වීමට වඩා, ඔන්න බලවත් චරිතයනුත් බෝ පැලයක් සිටුවා අපේ ගොඩට සෙට්වුනා යැයි කියන දුරුවල සිතුවිල්ලෙන් ආඩම්බරයක් ඇති කරගනිති. සිංහලයෙක් බෞද්ධයෙක් ලෙස ධර්මයට ශාසනයට අයිතිවාසිකම් කියා ලබන තාවකාලික ආඩම්බරයෙත් අබෞද්ධයෙක් බෞද්ධයෙක් වීමට උත්සාහ කිරීම තුල හා දහම පිළිබද ඇති වන ප්‍රබෝධයෙන් ලබන අවබෝධය මූලික ශාන්තියෙන් ලෝක සත්වයාට හිමිවන සතුට හා සැනසීමත් අහස පොළව මෙන් වෙනස් වෙයි.

රොකී කදු අතර සෙන් බෞද්ධ මධ්‍යස්ථාන හා හින්දු හාගමික පන්සල් කිහිපයක් වෙයි. මේවායේ සැබෑ භාවනායෝගීන් බොහොයි. ඔවුහු භාවනාවටත් හික්මීමටත් මුල් තැන දී ජීවිතයේ අවරභාගය හරවත් ලෙස අවසන් කිරීමට වෙහෙසෙති. මට දැනුනු සමහර අවස්ථාවල ආර්‍යඅෂ්ටාංගික මාර්ගය පටිඡ්ච සම්මුපාද ධර්ම වැනි නිවන කෙරෙහි යොමුවූ ධර්ම කරුණු හැර අනෙක් සංවර ආමිශ සිල්වත් බුදුදහම විසින් පින් යැයි සම්මත දේ කිරීමේදීත් ප්‍රායෝගික සමථ/සාමාධි භාවනාවේදීත් මේ පන්සල් ලංකාවේ 90% පන්සල් වලට වඩා ඉතාම ඉහල මට්ටමෙන් පවතී. විපස්සනා මධ්‍යස්ථාන නම් දැනට මා මෙහි දැක නැත. බොහෝ බටහිර බෞද්ධයෝ අපට වඩා සමථයේ හා විපස්සනාවේ වෙනස පිලිබද අධ්‍යනය කිරීමට උත්සාහ දරා ඇත - නමුත් නිවැරදිව දැන අසා ගැනීමට තරම් දැනුමක් ඇති සාස්තෘන් වහන්සේ අවාසනවාට මෙන් සපයාගැනීම දුලබය. ඇතැම් බෞද්ධ ආරාම වෙත බෞද්ධ භාවනාවේ හිනි පෙත්තට යාමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ කැපවීමේ අඩුවක් නිසා නොව ඒ ධර්ම ශිල්ප දැනුම ඇති උගත් සිල්වත් ශාස්තෘන් ගෙන්වා ගැනීමට සොයාගැනීමට ඇති දුලබ බව නිසාම බව මෙහි කරක් ගසන නිතරම වාගේ හිතෙයි. කෙසේ වෙතත් මා මගේ ගමේදී ලංකාවේදී කුඩාකල සිට ලැබූ තව දුරටත් ලැබීමට වාසනාවත් වූ ආරණ්‍ය වාසී ග්‍රාමවාසී විනයවත් ධර්මධර සංඝ ඇසුර මොවුනට අහිමිවීම අභාග්‍යයකි. ඔවුන්හට සැබෑ ධර්ම මාවත දෙසිය හැකි, භාෂා දැනුම ඇති ගුරු හිමි වහන්සේ නමක් ලැබෙන්නේ නම් - අපට වඩා බොහෝ මහත්පල ලබා ජාති ආගම් බේදයෙන් තොරව ලෝක සත්වයාගේ යහපතට - මට, අපට වඩා බොහෝ දේ කරණ බවනම් වැටහී හමාරයි. මෙහි සිටින ඇතමුන් සසර ගමන අවබෝධ කරගෙන ඇති ආකාරයත් ඉන් මිදීමට අදියරෙන් අදියර දරණ වෑයමත් - මතුපිට සිට බැලූ බැල්මට අපට නොපෙනෙන ගතියක් ඇත්තේ අපේ සිත අලෞකික දේට වඩා මේ රටවල ලෞකික දෙයට නිරන්තරයෙන් ගිජුවත් පක්ෂපාතීවත් බැලීමට ඇති කෑදර කම නිසාවෙන් යැයි මට හිතුනු අවස්ථාද ඇත.

ලංකාවේ ඇතැම් තරුණ දරුවන් විදේශ රටවලට පැමිණිවිට සිකුරාදා දින නාටිකාංගනාවන් ගණිකාවන් ඇසුරටත්, සමාජ ශාලා පාවිච්චියටත්, හරක් මස් පිසීමටත්, මත්පැන්පානයටත් මුලින්ම පෙළඹෙති. නැත්නම් ඔවුන්ගේ මිතුරන්ගෙන් කොන්වීම සාමාන්‍ය දෙයකි. ලංකාවේ මීට වසර 20 කට පෙර හා සැසදීමේදී විවාහ දෙදිරීම හා ලේඛනගත ලිංගාශ්‍රත රෝග ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් ඉහල යන දර්ෂක දෙකකි. පිටරටවල මෙන්ම නගරබදව මා ඇසුරු කරන බොහෝ සිංහල තරුණ තරුණියන්ට කුමරි බමසර කුමර බමසර රැකීම විහිලුවකි. දුර්වල කමකි. පිරිමිකමට නොපනත් කමකි. පතිකුල සම්බන්ධතා අභිබවා කිහිප දෙනෙක් ඇසුරු කිරීම යන බාල කර්තව්‍ය එකිනෙකා අවබෝධ කරගැනීම ආශාවන් අදුනාගැනීම හා ඊට ගරු කිරීම ලෙස කරුණු සකසා නිවැරදි සමාජ දැක්මක් ලෙස වැරදිව අර්ථ දක්වා සමාජ ගෞරවය දැකීමට කැමති මිතුරන් හිතවතුන් අප අතර බොහෝයි. ඔවුනට අනූව එක ගැහැණියෙකු පැතීම, එක මිනිහෙකු සමහ ජීවිත කාලයක් බැදීමෙන් ගත කිරීම ජීවිතය අහක දැමීමක්, නැත්නම් ආශාවන් මැරීමක්, සොබාදහමට එකඟ නොවන නොමිනිස් කමක් වෙයි. තරුණකල අත්හදා බැලීම - විදීම, Life එක enjoy කිරීම, success යන වචන අපේ සංස්කෘතියට අපි බටහිරින් ආදරයෙන් ගත් දේ මිසක් උන් දුන් දේ නම් නොවෙයි යන්න බටහිර මිතුරන් ඇසුරු කල බොහෝ දෙනාට වැටහෙන කාරණයකි. බොහෝ දෙන විවිධ හේතුමත විවාහයට පෙර පෙම්වතුන් පෙම් වතියන් කිහිප දෙනෙක් ඉතා සමීපව කායිකව ඇසුරු කරති. අද ආදර සම්බන්ධතා අප දෙමව්පියන්ගේ යුගයට වඩා ඉන්ද්‍රිය පිනවීමම මූලික කොට ගොඩනැගුන ඒවා බව අවංකව කරුණු විමසීමෙන් පෙනී යයි. එනම් සම්බන්ධතා තුල අධ්‍යාත්මයට හා ආදර සම්බන්ධතාවයක මූලික සමාජ හරය වන fidelity එකට අඩු ලංසුවක් තැබීම සිදුවේ. කෑදර කම කෑමෙන් අහවර නොවේ. එය සිතුවිලි පිරිසිදු කරගැනීමෙන් ආයාසයෙන් ගොඩනැගිය යුතු දෙයක් ලෙස නූතන සිංහල තරුණ කැල නොසිතයි. එසේ සිතීමට උගන්වන සාහිත්‍යක් චිත්‍රපටියක් පොතක් පතක් නවකතාවක් අද ලක්දිව විරල වෙයි.

කෑදර කම, හොද වචන වලින් කිව්වොත් විවිධ ලිංගික අත්දැකීම් ලැබීම ඉදිරි විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පිටිවහලක් යැයි ඇතමුන් තර්ක කරති. ජීවිතයේ යතාර්ථය ආධ්‍යාත්මය හගවා තරුණවිය රසවත් කිරීමට පොළඹවා ගැනීමට සමත් ධනයෙන් බලයෙන් යුතු පිරිසක් සිංහල ජාතිය හැඟීමේ හා ආශාවේ වහලුන් බවට දැනටත් පත් කර අවසන් බව අප පසක් කර ගත යුතු සත්‍යයකි. මෑතකදී කොළඹ නගරයතුල තරුණ තරුණියන් රැකියා කරණ ඇතැම් පුද්ගලික ව්‍යාපාර ආයතන වල වතුර නොබැහීමට කරුණ සෙවීමේදී අනාවරණය වූයේ හාස්‍ය ජනක කාරණයකි. එනම් උපත් පාලන කොපු කාණු හිරකරන මූලික හේතුවක් වී ඇති බවයි. අද රාජ්‍ය ආයතන තුල තත්වයද මීට නොදැවෙනි බව අපි අත්දැක ඇත්තෙමු. මෙය මීට වසර කිහිපයකට පැවති සිංහල සමාජයට සාපේක්ෂව දරුණු සමාජ කඩා වැටීමකි. යුද්ධයට වඩා බරපතල සමාජ ව්‍යසනයකි.

කොළඹ ලබන ඉහත අත්දැකීම් අතරින්ම පහු ගිය වසර කීපය තුල මම සෑම තෛපොංගල් සතියකම වාගේ නැත්නම් වසරකට කිහිප වරක් යාපනයේ සංචාරය කිරීමට භාග්‍යවන්ත වූයෙමි. යාපනය නගරය සවස 6 ට වසයි. එහි රෑ එළිවෙනකන් සුරාසැල් නැත. බොහෝ දෙනා සතියේ බොහෝ දවසක් එලවලු ආහාරයෙන් යැපෙයි. යාපනයේ කොල්ලෝ උගතුන් කවියන් රෑට නිතරම අයිස්ක්රීිම් කෑමට සෙට් වෙනවා දැක ඇත්තෙමි. මද්‍යසාරයට ස්ත්‍රී රතියට එහි උගත් බලවත් වැඩිහිටි සමාජය ඉඩ නොතියයි. එහි බිත්තර කඩා ආප්ප හදන කඩ කොත්තු කඩ මස් කඩ දැක්කේ නැති තරම්ම වෙයි.

එදා හෙලදිව ගැන රොබට් නොක්ස් ලියූ ආරට ඒ වචනයෙන්ම ඒ පරිවර්ථිත ආරෙන්ම එදා හෙලදිව පොත කියවා අවුරුදු පහළවක් ගත වෙනතැන මෙදා හෙළදිව ගැන මෙසේ කෙටිසටහනක් තැබීමට සිදුවීම සිංහලයෙක් ලෙස තැවීමට කරුණකි. සිංහලයා රැකීමටනම් බෞද්ධ පිළිම රැකීමට වඩා බෞද්ධ ආගමානුකූලව සිතුවිලි සකසාගෙන ධර්මානුකූලව ජීවත්විය යුතු බව අපේ නායකයන් දෙමව්පියන් දරුවන් තරුණ තරුණියන් අවබෝධකර ගත යුතු බව මගේ අත්දැකීමයි.

මේ ලිපිය ලියන මමද සම්පූර්ණයෙන් සාන්තුවරයෙක් නොවෙමි. මස් කෑම අඩු හෝ වැඩි ලෙස මමද කරමි. මස් නොකන අවස්තාද වෙයි. නමුත් මස් මරා නැති බවනම් ඇත්තකි. මධ්‍යසාරයද පානය කර ඇත්තෙමි - පානය කරමි. මිතුරන් සමගින් මධ්‍යසාරයෙන් සිහි විකල් වූ අවස්ථා නොතිබුනේද නොවෙයි. මධ්‍යසාරය සමග හිතත් ඇගත් දුර්වල වී කටත් බඩත් වැඩි වන බැවින්ම මා මද්‍යසාර භාවිතය පහු ගිය වසර 5 ඇතුලත ඉතාම අඩුලෙස කිරීමෙන් ලද වාසී හා සතුට බොහෝ වෙයි. ව්‍යාපාර සම්මන්ත්‍රණ රැකියා උත්සව සමාජශාලා මා ආකර්ෂණය නොකරන තරම් වෙයි. කල්‍යාණ මිත්‍රයින් බොහෝ විට තුරණු වියටත් ජීවිතයටත් ඉතාම අවශ්‍ය දෙයකි. ඔබ සැබෑම සතුටින් නෙවෙයිනම් හොද මිතුරන් ලංකරගැනීමෙන්ම ඔබ හොද මිතුරෙක් වීම තුලින්ම ඒ දුක තුනී වී යයි. එය වැරදි ඇසුර‍ෙන් වැරදි වින්දනයෙන් උමතු ආශ්වාදයෙන් ඔබ මුදවයි. මිතුරන් අතින් බලන කල කුඩා කල සිටම ඉතාම හොද බුද්ධිමත් උගත් පරිත්‍යාගශිලී මිතුරන් රොත්තක් සිටීම ම ලද හැමදේටම වඩා උසස් භාග්‍යයක් යැයි මට නිතරම හිතෙයි. ඔවුන් මා වෙනුවෙන් කල සමහර දේට ඒ තරමට මට ප්‍රති උපකාර කිරීමට නොහැකිවීමම මෙවන් සටහනක් මිතුරු මුහුණු පොතේ දැමීමට මා දිරිමත් කරවයි.
ජය වේවා. !!!

2015 January 8 - Post Mortem Report (Presidential Election)


Best ever politics and best democracy i ever observed. It is this election 2015 - Thriller Movie. Intelligent people lead the change. Disregard foolish incidents in some pockets, people in SL are brilliant at their behavior and contingent choice. If somebody still argue that other nationals who live with us over generations are looking for separatism, this is the best proof to kick those assess. Over 60% vote declaration in North and East is a clear proof - that the minorities are still with Sinhalese leaders. No further proofs are needed we all can still live peace and happy in a single country. Now It is the leaders responsibility in return to be equal to every one. Having said that - I like the way MR and Ranil deal the tough situations. Nice to hear Ranil is in Temple Trees and It is respectable MR has accepted the defeat. Nobody can undervalue, rather humiliate the efforts of MR to release the country from War and starting some developments which ever thought a dream. This is the time to forget every thing - drive the good change collectively towards the original intended. Fonseka too demonstrated good democratic leadership. Last time - we witnessed, MR was putting the net around him while he was in the hotel following election night. He faced every challenge with discipline courage and determination. If he ever called at least few his military comrades, country would definitely have returned back to a civil struggle. JVP and HelaUrumaya, have been such splendid capable. Proved seeding weeds on Crystal stones are either possible.
Man of the Match is EC. He shows how neutral a responsible government officer needs to be. This funny man after generations has produced an image of a respected role model for all government workers and is going to be a Hero celebrated forever. Real traitors and irresponsible jokers are revealed. No point of commenting them on important moments.

Monday, March 30, 2015

2015 January 7 - ජනාධිපතිවරණයට පෙරදින - කොතනද ඇත්තටම වෙනස් වෙන්න ඕනේ!



පහුගිය අවුරුදු කීපයතුල අපි යම් වෙනසක් කරන්න හිතුවා. කතාකලා. ඉතිං දැනටමත් අපි බලාපොරොත්තු වෙච්ච වෙනස කරලා ඉවරයි. හැබැයි කොටසයි. මේ වෙනස හරියටම කොරගන්නේ කොහොමද? මේ වෙනස sustainable යථාර්ථයක් කරගන්න බැරි ඇයි. ඇත්තටම මොකක්ද හරියටම මේ හැමෝම හොයන වෙනස - යහ පාලනය කියන එක විතරද? ඒක ගොඩනගන්නේ කොහොමද? ඒක පවත්ගන්නේ කොහොමද? - අපි මොකක්ද ඇත්තටම කොරන්න ඕනේ. රට රැකගන්න ජාතිය බේරගන්න අපේ වර්ගයාට යහපත් සාමකාමී සතුටුදායක රටක් හදන්න කියලා හැම වර්ගයාම හොද අරමුණකින් කටයුතු කරන කාලයක්. හැමෝගෙම අවසාන අරමුණ හොදයි. හැබැයි වර්ග ගොඩයි. සිතුවිලි ගොඩයි. මේ මූලික අරමුණේ සමානකම අමතක කරලා පුද්ගලික අදහස් විදියට දකින දේවල් එකිනෙකා අතරින් සංසන්දනය කරන්න - දිග පලල වැඩි එක මනින්න පටන් ගත්තු වෙලේ ඉඳන් හොද අරමුණ කුරුවල් වෙන තැනට තමයි වැඩ සෙට් වෙන්නේ.

ඉතිං කතාවේ topic එක ඒක නෙමෙයිනේ. ගොඩක් අය හැමදාම වගේ මේ පාරත් කිව්වා කවදාවක්වත් මේවා වෙනස් කරන්න වෙන්නේ නැහැ කියලා. කවදාවත් මේ වෙනසට මිනිස්සු එකතු වෙන්නේ නැහැ කියලා. මොකක්ද මේ හැමදාම මිනිස්සු පාලකයන්ගෙන් බලාපොරොත්තුවෙන වෙනස. ඉතිං එදා යුද්දේ දිනන්න පුලුවන් කියද්දිත් බොහොම සුලු දෙනයි විශ්වාස කළේ. ඒ සුලු පිරිසගේ විශ්වාසය යුද්ධයක් දිනවන්නේ කොහොමද?. මෙදා මේ ක්‍රමය :
       1) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පරදවා පවුලක් කේන්ද්‍රීයව රාජ්‍ය බලය සාන්ද්‍රණය වීම,
       2) නීතියේ ආදිපත්‍ය කඩවැටීම
       3) ඉතා පහත් ලෙස වැරදි ආකල්ප හා ආදර්ශයන් සාරධර්ම ලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ මාධ්‍ය ඔස්සේ සමාජ ගතකිරීම,
       4) රටේ දෙවන පෙල නායකත්වය එහෙන් පිටින්ම වලළා දැමීම හා
       5) වර්ගවාදය කූඨ දේශපාලන ආයුධයක් ලෙස යොදාගැනීම

කියන පස් වැදැරූම් කරුණු මූලික කරන් සමාජය කබලෙන් ලිපට ඇද දමමින් තිබුණු යන්ත්‍රය වෙනස් කරන්න පුලුවන් කියලා කියද්දිත් බොහොම සුලු දෙනයි මුලින් විශ්වාසයෙන් ඉදිරිපත්වුනේ. නමුත් මේ වෙනකොට ඒ මතය වටා විශාල බලවේගයක් ගොඩ නැගිලා කියන එක යථාර්ථයක්. දැනටමත් ශක්තිමත් බල කණු කීතු කීතු විසිරිලා නිසා - තුනෙන් දෙක ඉහිරිලා. වෙන කවර මැතිවරණයකටත් වඩා - ඉතාම නොසැලකිලිමත් ලෙස රාජ්‍ය මාධ්‍ය හා රාජ්ය බලය පාවිච්චි කරමින් ගෙනගිය ජුගුස්සාජනකම මැතිවරණ ප්‍රචාරණයක්. ගහපු ගහපු මඩ, පත්තුකරපු රතිඥ අතේ පත්තු වෙන්න අරගන්න එකම ජයග්‍රහණයක්. කොච්චර මාධ්‍ය වාරණ දැම්මත්, කොච්චර පත්තර හැංගුවත් බහුතරයක් මිනිස්සු වැරදි වැඩ ජිල්මාට් බොරුවලට විරුද්ධව, හෙලා දකින්න සාමකාමීව පෙළ ගැහෙන්න අරන්. පාඨලී මහත්තයත් සමාව අරන් මහත්මා ගති ආදර්ශයෙන් පෙන්නන්න පටන් අරන්. මර්වින් නිහඩව සාමකාමීව විපක්ෂයේ ඉදගන්න හිතලා. ඒ කියන්නේ මීට කලින් නොහිතපු කල් තියා බලාපොරත්තු නොවුනු විදියට රටතුල නොහිතූ විරූ වෙනසක් වෙන්න පටන් අරන්. කවුරු දිනනවද - කවුරු පරදිනවද කියන එක මේ කතන්දරයට වැදගත් වෙන්නේ අඩුවෙන්.

අපි අමතක කරන්න හොද නැහැ මේ face book එකේ ලියන ඒවා - කැන්ටිමේ කථාකරන ඒවා, වාද විවාද - සංවාද විසංවාද අන්තිමට යථාර්ථයක් වෙනවා. ඒ සිහින එලිපිට දැකිය හැකි යථාර්ථ බවට පත්වෙනවා. තර්ක විතර්ක වාද විසංවාද කරන සියයට අනූවකට වඩා පිරිසට තියන අව්‍යාජ යටි අරමුණ තමයි කොහොමද හැමෝටම හොද - හැමෝටම එකඟවිය හැකි සාමකාමී නිදහස් සෞභාග්‍යමත් දුක් කරදර අඩු රටක් හදන්නේ කියන එක. නායකත්වයක පෞරෂය ගොඩ නැගෙන්න ඕනේ හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ මිනිස්සුන්ගේ කිලිටි සිතුවිලි අයින් කරලා පිරිසිදු පොදු අරමුණු ඉස්සරහට හරන් යපත් පැවැත්ම කෙරෙහි සමාජය නැඹුරු කරවන්න අවශ්‍ය Motivation එක දෙන එක. අපිට කිසිම විටක හිතන්න බැහැ මේ බලවේගය රාජපක්ෂ මහත්තයට විරුද්ධව පුද්ගලිකව ගොඩනැගුන දෙයක් කියලා. මේ බලවේග - යහපත් රටක් කියන ප්‍රාර්ථනාව පෙරදැරිකරගෙන ආපු එන සහ සදාකාලික පවතින බලවේග වල උච්ඡ වෙච්ච එක් අවස්ථාවක්. නමුත් මේ බලවේගයට ඇත්තටම හොයන වෙනස පවත්වන්නත් ඒක හෙට නොවේ අද කරන්නත් පවතින බාධක මොනවද - නැත්නම් කරන්න බැරි ඇයි? - සමහර විට ගොඩ දෙනෙක් ඒ ගැන හිතුවද නැත්නම් එහෙම හිතලා වැඩ කරනවද කියලා හිතන්නත් බැරි නැහැ. මේ ආපු රැල්ල ආකල්ප පරිවර්ථන යථාර්ථයක් සමගින් මේ වේගයෙන්ම රට වල කටින් ගොඩට ඇදලා ගන්න සමත් බලවත් එන්ජිමක් කරන්න බැරි ඇයි කියලා මටත් හිතෙන්න අරන්. ඉතිහාසය බැලුවොත් - ලංකාවේ ආපු හැම රැල්ලක්ම ටික දුරක් ගහල මග නවතිනවා. කොහොමහරි මේ පාර ආපු රැල්ලවත් තිබ්බ පරණකුණු හෝදන් අලුත් සමාජ පරිවතර්තනයක මූලාරම්භයක් කරවගන්න මෙහෙයුවොත් ඒකත් කරන්න බැරි වෙන එකක් නැහැ කියලා හිතලා තමයි මේක ලියන්න හිතුනේ. මේ ලියන දේවල් කතා කරන දේවල් කුඩා හෝ යහපත් වෙනසකට හේතුවෙනවා කියන දේ අපි ඔක්කොම අත් දැකලා ඉවරයි.

මේ මොනදේ කරන්නත් කලින් පොඩ්ඩක් රැලිවල ඉතිහාසය දිහා හැරිලා බලන්නත් වටිනවා. මේ හා සමානම නමුත් මෙච්චර ක්ෂණික නොවූ බලවේගයක් මුලින්ම මතක ඇති කාලේ ගොඩනැන්නේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය වටේ. ඉතිං අපිට හොයලා බලන්න වටිනවා - ඇයි එදා ගොඩනැගුණ බලවේග සමාජ පරිවර්ථනයක් කරා රට දක්කන් යන්න කලින් අතර මඟ නැවතුනේ කියලා. මේ රැලිවල විශේෂත්වය තමා මොකක්දෝ විෂබීජයක් ශරීරගත වෙලා මේ බලවේග හැමදාම ඉහිරෙනවා. ආයේ ජනාධිපතිවරණයක් කිට්ටුවෙනකොට ගොඩනැගෙනවා. ඉතිං චන්ද්‍රිකාට නැත්නම් ඊටත් කලින් මේ බලවේග තියෙන්න ඇති. ඒ දවස්වල අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ බලවේගය දක්කන්නත් ඇති. පොඩ්ඩක් මේ ගැන මතක් කොරනකොට මතකයට එනවා ප්‍රේමදාස පාලනයෙන් පීඩිත ජනතාව එතුමාගේ මරණින් පස්සේ රතිඥා ගැහනවා - කරිබත් කෑනවා.කිරිබත් කන එක අපේ සංස්කෘතියනේ. මැච් එකක් දින්නත් රතිංඥා ගහනවා - කිරිබත් කනවා. අලුත් අවුරුද්දටත් එහෙමයි. රතිංඥා ගැහුවා, කිරිබත් කෑවා. ඉතිං ඊට පස්සේ චන්ද්‍රිකාව වීරවරියක් ලෙස හදුන්වා දෙමින් මේ බලවේගය දක්කන් ගියා යහපත් රටක් හදන්න. ඇත්තටම ඇය රටේ භීෂණය නැති කලා. රෑ මොටර්සයිකලේක අනුරාධපුරේ ඉදන් මාතරට යන්න පුලුවන් තැනට ඇයවත් අරන් මේ බලවේගය ගියා. අනුරාධපුරෙන් උඩට ආවරණය කරගත්තු මිලිටරි ලොරියක ආරක්ෂිතව වව්නියාවට යන්නත් පුලුවන්. එතනිනුතත් එහාටනම් කේස්. චන්ද්‍රිකා ඉස්සරහින් තියන් ඉහත බලවේගයම යාපනයත් ඇල්ලගන්න තැනට රට ගේනවා. එදත් රතිඥා ගැහුවා - කිරිබත් කෑවා.

මේ අතර තාවකාලික යුද ජයග්‍රහනයෙන් ඔද වැඩෙන චන්ද්‍රිකා මෙහෙයවන බලවේගය ජය සිකුරු ගමනට හෙමින් යන්න කියලා පොඩි පොඩි සොමි ගන්න හිතනවා. ඒ අතර ක්‍රමිකව අල්ලස දූෂණ අකාරයක්ෂකම කියන භීෂණය ඇයට නොදැනුවත්වම ඇය ගිලගන්නවා. මුලින් හිටි බලවේග වලට තවදුරටත් ඇය සමග රදන්න බැහැ. යා දෙක නොරත රත - සමග පෑස්සිමන් නැත - අලගියවන්න මුකවෙටිතුමා කිව්වා වගේ තවදුරටත් පෑහෙන්නේ නැහැ. මේ බලවේගය ඇය කෙරෙන් දුරස් වෙන්න ගන්නවා. හැබැයි එතනදි ඇයට බෝම්බය වදිනවා - කදුලු බලවේගය නැවතත් ඇය සෑහෙන තරමින් නැවත ජයග්‍රහණය කරවන්න ඉදිරියට එනවා. එතැනදිවත් නිවැරදි වෙන්න දැනුවත් වෙන්න - ඇය වටා ඉතිරිවෙන බලවේගය ඇයව සංවේදී කරවන්නේ නැහැ. ඇයවටා සිටි පිරිස යාන වාහන මාලිඟා මින්මැදුරු විනෝද ක්‍රීඩා වගේ දේවල් ගැන හිතන්න ගන්නවා - මාන්කුලම් වලට ආපු සේනාව වවුනියාවට හැරෙනවා, කිලිනොච්චි හිටපු සේනාව උපක්‍රමිකව මරුසවිල් වලට පහුබහිනවා, මුලතිව් කඳවුර නත්තල් පාටියක් හින්දා උපායශීලීව අමතක කරන්න වෙනවා. නැවතත් නැවත නැවතත් ඇයව ගොඩනගපු බලවේගයට ඇයවත් ඇය මතින් ගෙන ආ අභිලාෂයනුත් රැක ගන්න බැරිවෙනවා - නැත්නම් ඇය රැකගන්න කියලා මේ බලවේගය ඉදිරියේ ඉදිරිපත් වෙච්චවුන් තුන් ඉදුරන් මැනවින් පිනවන්න ගන්නවා.

ඇය පිටුපස බලවේගය දුර්වල වෙනකොට තවදුරටත් ඇය Change එකක් කරන්න සමත් නායිකාවක් නෙමෙයි. බලය රැකගැනීමේ අරගලයක යෙදෙන අසරණියක්. සමහරු යුද්ධ කළත් ගොඩ, සාම කතා කලත් ගොඩ - මොන දේ වුනත් අපි ගොඩ යමු කියන ආකල්ප මතවාදය යටිහිතින් දරන්නන්. ඒ අතර වේදිකාවේ මොකක් හරි බිල්ලෙකුත් ගොඩනගලා රට්ටු බය ගන්නන්න. මේ වගේ වෙලාවලට නායකත්වයටත් වටේ පින්තූරය හරිම අපැහැදිලියි. මොකක්ද නිවැරදි පිළිතුර? - මොකක්ද නිවැරදි පිළිවෙත?. කවුද නිවැරදි කණ්ඩායම?. විවිධ මති මතාන්තර වාද විවාද කණ්ඩායම් කල්ලි ඉදිරියේ නිසි බලවේගයෙන් නිවැරදිව නොමෙහෙයවන නායකත්වය කරන්නේ තමුන්ට වඩාම විශ්වාසදායී කාණ්ඩයේ - නැත්නම් තමුන් සමඟ නිතරම සිටින පිරිසේ මතය ගැනීම.

නමුත් මේ බලවේගවලත් විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි එවා එකතැනකින් එක පුද්ගලයෙකුට පක්ෂව නවතින්නෙත් නැහැ. ඇත්තටම මේ බලවේග කවදාවත් නවතින්නේ නැහැ. ඒවා නැවතත් නැවත නැවතත් සංවිධානය වෙවී වැරදි නිවැරදි කරමින් ඉදිරියට යන්න හිතනවා. මේ අතර ධූර කාලය සාර්ථකව හෝ අසාර්ථකව අවසන් කරන චන්ද්‍රිකා වෙනුවට ඊ ළඟට නායකත්වය කියන චරිතය රඟපාන්න නලුවෙක් හොයනවා. මේ පාර නලුවා වුනේ මහින්ද රාජපක්ෂ. මේ වෙනකොට පොදු සතුරා ඉස්සරට වඩා දාස් ගුණයක් ප්‍රභලයි. ගුවන්යානා - 152 කාල තුවක්කු, T-50 ටැංකි, අධිබල මුහුදු යාත්‍රා සමගින් ඔද වැඩුනු සතුරා යුද්ධය ගැන ලොකු තක්සේරුවකින්. සාම කතා පඩේකට ගනන් ගන්නේ නැහැ - ඌ ඕනැ විදියට තමුන්ගේ බලය වර්ධනය කලා. අපි බලන් ඉන්නකොට 152 කාලතුවක්කු මහපාරේ නැගෙනහිරට ගෙනිච්චා.

සතුරා වර්ධනය වෙනකොට නැවතත් බලවේගයේ අරගලය පොදු සතුරා වට කරන්. මේ අරගලය තුලත් තුන් ඉදුරන් සංවේදී පිරිස ඕනතරම්. අවසන් මොහොතේ මතුවෙනකන් මුන්ට ලෙඩේ තියෙනවා කියලා පේන්නේ නැහැ. ලෙඩේ තිබ්බ එවුනුත් ආපසු ඇවිත් ලෙඩේ නැතිවුන් වගේ හැක හිතන්න බැරි තරමට ක්‍රියා කලාපය. අන්තිම මොහොත වෙනකං රෝග ලක්ෂණ පෙන්නන්නේ නැහැ. ඉතිං අපි උන්ට බලය දෙනවා. එතනිනුත් මේ බලවේගය අධිෂ්ඨානශීලීව රට ඉදරියට දක්වනවා. හැබැයි එකක් තියෙනවා - බලවේගය ඇතුලදි මේ බහුතර පුද්ගලයන්ගේ අරමුණක් වෙන්නේ යහපත් රටක් හදන එක. ඒක එක අරමුණක් විතරයි. ඊට යටින් තව අරමුණු හැමෝටම තියෙනවා. කොහොම හරි යුද්ධය කියන රාමුවට ආපුවම ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතිවාදය කියන මෙවලමත් අරන් තමයි හැමෝටම ප්‍රා යෝගිකව ඒ වැඩේ කරගන්න වෙන්නේ. මේ අතර විවිධ හේතු අසීමිත කැපකිරීම් හා විවිධ දක්ෂතා සියල්ල කැටිවෙලා යුද්ධය කියන මාර්තුකාව නැවතිල්ලකට යනවා.

යුද්ධය දිනුවත් බලය තියාගන්නත් එපායැ. කවුද යුද්ධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරු? දැන් මේ බලවේගයට අලුත් අභියෝගයක්. ගැටලුවක් ඉවරවෙනකොට සමාජයට ගැටලුවක් අවශ්‍යයි සංවිධානය වෙන්න. Motivate වෙන්න. මෙතනදියි නිවැරදි දැක්මක් තියෙන පරිණත බුද්ධිමත් නායකයෝ රටකට අවශ්‍ය. දැං සමාජය යුද්ධයෙන් රිදුනු හිත් සනසන එක නවත්තලා කවුද යුද විරුවා කියන ගැටලුව විසඳන්න පටන් අරන්. මේ වෙනකොටත් එහෙන් මෙහෙන් රට යන අතරේ කුට්ටි බාගන්න පිරිසකගේ මඩි තරවෙලා. මුන් යුද්දේ පෙන්න පෙන්න තමුන්ගේ තුන් ඉදුරන් පිනවීම මූලිකත්වය කරගත්තු වෙනම ව්‍යාපාරයක්. රාජපක්ෂ ජනාධිපතිතුමාටත් - බලය රකින්න, උදව් කරන්න කියලා මේ බලවේගය අස්සේ ඉදරිපත් වෙලා තියෙන මේ දුස්සීල දුෂ්චරිතවත් විනයක් සංවිදියාවක් නැති නොහික්මුනු හයිනා හිවලුන්.

ඒ පාර අර බලවේගයට අලුත් අභියෝගයක් ඇවිත්. අලුත් ටොපික් එකක්. අලුත් Moral එකක්. දූෂිත පාලනයක්. ඊට විරුද්ධව හමුදා පෞරෂයක්. රටේ වාසනාවකට එතුමාත් සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදීයෙක්. එහෙම නෙවුනනම් මෙලහකටත් රට හමුදා කුමන්ත්රුණයක් තුල. ප්‍රජාතාන්ත්‍රවාදී නායකයෙකුට අවශ්‍ය වාග් සංවරය එතුමා තුලින් ගිලිහෙනකොට බලවේගයත් අතරමැද නවතිනවා. නැවත වරක් හමුදාපතිතුමා හිරේ විලංගුවේ ගිහින් විවේකව ඉදලා - ටිකක් හිතල බලලා හැදිලා එනකොට ජනාධිපති සමාව ජනාධිපතිවරයා විසින් ලැජ්ජානැතුව නොදී බැරි තැනට මේ බලවේගය විසින් පරිසරය හදලා ඉවරයි. ඒ කියන්නේ හමුදාපති තුමා හිරේ හිටියා කියලා බලවේගය නැවතින්නේ නැහැ. නමුත් ජෙනරාල්ට තවදුරටත් ප්‍රජා අයිතියත් නැහැ. දැන් ජෙනරාල්ව නායකත්වයට ගොඩනගපු බලවේගයටම නැවතත් අලුත් නලුවෙක් අවශ්‍යයි.

මේ අතර ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිනිය අහුවෙච්ච රෝගයේ වෛරස් හොදටම ශරීරගත කරන්. ඔහුගේ රෝගය හොදකරන්න බැහැ කියලා විශේෂඥ වෛද්‍යවරු තීරණය කරලා අවසන්. මේ අතර ඉහත කියපු තුන් දොර විශේෂයෙන් සංවේදී කරපු පිරිස ඔහුට තවත් සමීපවෙන්න අවස්ථාවක් හදන්. නායකයා නැවත දුවන්නේ බලය රැකගන්න. ආපු අරමුණ පැත්තක. ඉතිං බලවේගයයි නලුවයි කියන දෙක එකට ඉන්නකම් තමා හැම දෙයක්ම හරියට වෙන්නේ. මොකක්දෝ කරුමයකට ටික දවසක් යනකොට බලවේගය එක පැත්තක යනවා - නලුවා වෙන පැත්තක යනවා. මේවා මෙහෙම වෙන්නේ ඇයි. ඉහත බලවේගයටම නැවතත් අභියෝගයක්!!! ඉතිං මේපාර බලවේගය තීරණය කරලා ආයෙත් ඩයිවර් මාරු කරලා බස් එක හරි පාරේ ගෙනියන්න.

මට තේරෙන විදියට අදින් පස්සේ ඩයිවර් මාරුවෙනවා. කලින් ඩයිවර් බැරිවෙලා හරි ඉතිරිවුනත් බස් එක එළවන්න බැරි තරමට හොදටම හෙම්බත් වෙලා. ඩයිවර් මාරු කරගෙන බස් එක හරි පාරට දාගත්තු පලියටම බස් එක හරි තැනට යන්නේ නැහැ කියලා ඉතිහාසය ඔප්පු කරලා ඉවරයි. ඉතිං කවුරුත් හිතනවනං හිතුවනං දැං ඔක්කොම හරි කියලා - උනුත් නොදැනුවත්ව වැටෙන්නේ කොහෙටද මන්දා. මේ ගොඩනැගෙන මෛත්‍රී පාලනය ටිකක් කල් හරි පවත්වගන්න ඕනේ නම් මුලින්ම නවත්තන්න දේවල් ටිකක් තියෙනවා.

ප්‍රජාතාන්ත්‍රවාදය අගයකරන අභිමානවත් පෞඩ ජාතියක් විදියට මුලින්ම නවත්වන්න ඕනේ තමුන්ගේ ප්‍රතිවාදියාගේ බිඳවැටීම හමුවේ කිරිබත් කනවා කියන සිතුවිල්ල හා කැත පුරුද්ද. ප්‍රභාකරන් මලා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. ජෙනරාල් පැරදුනා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. චන්ද්‍රිකා මාරුවුනා - රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. ප්‍රේමදාස මලා. රතිඥා ගැහුවා. කිරිබත් කෑවා. දැකපු ඉතිහාසය එච්චරයි. මේ වගේ අපි විසින්ම ගොඩනගන - අපේ යැයි කියාලා වරක රැව් පිළිරැව් දෙමින් ප්‍රතිරාව නංවා, එම මිනිස්සුන්ගේ කඩාවැටීම - හේතුවක් කරන් කිරිබත් කන ම්ලේචඡ ජාතියක් බවට අපේ රට පත් කරගන්න හොද නැහැ. ඇත්තටම අපේ මිනිස්සු කිරිබත් කන සිතුවිල්ල හිතුවොත් - ගැඹුරින් හිතුවොත් කවදාවත් මේ මිනිස්සු කිරිබත් කෑවේ නැහැ - මෛත්‍රී සිතකින් රට ඉදිරියට හදන ක්‍රමවේදය මොකක්ද, ඉදිරියට යන මාවත මොකක්ද, ඒ සඳහා ඇති ප්‍රතිපත්තිය මොකක්ද, ඒකට දායක වෙන සිතුවිල්ල මොකක්ද කියන එක සිහි කරන්. අපි ජාතියක් විදියට කිරිබත් කෑවේ - අන්න අරූට කෙළවුනා, ඕකා කොහොමද ඒ කාලේ හිටියේ - දැන් අපි උට ඇරියා නේද කියන සිතුවිල්ලේ ඉදන්.


භාවිතේ පහසුවට මෙච්චර වෙලා විග්‍රහ කරපු මේ බලවේගයට නමක් දෙන්නම් ජාතික බලවේගය කියලා. ඉතිං මට හිතෙන විදියට මෙච්චර කල් සුපිරියි කියලා නායකයෝ හදපු මේ බලවේගයටත් හැමදාම වරදින්නේ ඔතන. ඒ කියන්න ඒ බලවේගයට හැමදාම බැරිවුනා අනිකාටත් ගරු කරන, අනිකා ගැනත් දශමයක් හෝ හිතිය හැකි, විරුද්ධ මත මෛත්‍රියෙන් දරන්න පුලුවන් මේ එදිනනෙදා අත්විදින ම්ලේච්ඡ ආත්මාර්ථකාමීත්වය ඉක්මවන නිවැරදි ආකල්ප සමාජය තුල පිහිටුවන්න. හැමදාම මේ බලවේගය හරි අරමුණේ සිටියට මෙහෙයවන්නේ වැරදි සිතුවිලි. උන්මන්තක ජාතිකවාදය - උන්මන්තක ආගම්වාදය, උන්මන්තක පක්ෂග්‍රාහීත්වය කියන තුන් වැදෑරුම් කරුණු කාරණා මේ බලවේගයට තාමත් අතුගාලා දාන්න බැරි වෙලා. මේකට හේතුව තමයි ජාතිය - ආගම හෝ පක්ෂය කියන ගැට්ට නැතුව - සැමට එකසේ සුරක්ෂිත සමාජයක් හදන්න අසමත් වීම හා එසේ සෑදිය හැකිය කියන විශ්වාසය, ඉහත බලවේගය තුල දැක්මක් ලෙස ස්ථාවරව නොතිබීම.

මේ රතිඥා ගැහිල්ලයි කරිබත් කෑමෙයි යෙදෙන ජාතික බලවේගයට හැමදාම එක හැතැප්ම කණුවක් පහුවෙන කොට මූලික ඉලක්කය - නැත්නම් ගමනාන්තය අමතක වෙනවා. ඒ කණුව ලඟ ඉදන් පොඩි ජොලියක් දාලා සොමියක් ගන්නකොට කට්ටිය බෙදෙනවා. ඇයි මේ බෙදිල්ල එන්නේ. පෘතක්ජන සමාජය විසින්ම ජයග්‍රහණයැයි සලකන අවස්ථාවල ඒ - පිරිස අතර ඉන්නවා කට බඩ ලිංගය කියන ඉංද්‍රිය තුනට මොලය වැඩිපුර සංවේදී උදවිය. මොවුන්ගේ ජෛව විද්‍යාත්මක මොළයේ සෛල මේ අංශ තුන සම්භන්ධයෙන් හරිම සූක්ෂම ක්‍රියාත්මක වෙනවා. ඔබ මම අපි හැමෝම විවිධ ඉන්ද්‍රිය පිනවීමෙන් ජීවන අරගලය ගෙනයන සත්ව කොට්ඨාසයක්ලුනේ. නමුත් මිනිසුන් විදියට ආකල්ප වැදගත් වෙන්නේ මෙතනදි. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියට දකින්න බුද්ධියත් - වැරදි දෙයට වැරදියි කියන්න තරම් අව්යාිජ අන්ධ නොවුන පෞරෂයත්, වැරැද්ද පෙන්වාදුන් පසු ස්වයං විවේචනයකින් ඒ දේ නිවැරදි කරගන්න තරම් අවශ්‍ය නිහතමානීකමත් කුඩාකල සිටන් ඉහත බලවේගය හදන පිරිස ප්‍රගුණ කරලා නැහැ. ඒ හා සම්භන්ධ දැනුම ආකල්ප - පොත පත සාහිත්‍යයට විනෝද කවි, කතා, නාට්‍ය, චිත්‍රපටි විසින් සමාජයට ගෙනත් දීලත් නැහැ. එහෙම හැසිරෙන පෞරෂ ආදර්ෂයෙන් දකින්නත් නැහැ. ඉතිං විනයකින් තොරව හැදෙන සමාජයක බලවේගත් විනයකින් තොරයි කියන යථාර්ථයනම් මේ බලවේගය දැන්වත් අදුනගත යුතුයි.

අවංකව හිතුවොත් ගොඩක් වැරදි ආකල්ප පරම්පරාවන් අපි හැමෝම සතුව තියෙනවා. ඒක පරම්පරාවෙන් ඇවිත් තියෙනවා. නැත්නම් ආදර්ශයන්ගෙන් අපි උකහාගෙන. ඒ සමාජ ජාන අපි වෙනස් කරන්න වැඩ සටහනක් පටන්ගත්තේ නැත්නම් - මේ බලවේගයට හැමදාම වෙන්නේ යහපත් හෙටක් ගැන හිතන්න විතරයි. යහපත් අදක ජීවත් වෙන්නනම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතිං 9 වෙනිදා උදාවෙන මෛත්‍රී යුගයේ අපි හිතන්න ඕනේ මුලින් කිරිබත් කන්නයි රතිඥා දාන්නයි - බොරුවට සුභ පතන්නයි නම් නෙමෙයි. අපිට සුභ වෙන්න රටට සුභ වෙන්න - හැමොටම සුභ වෙන්න හිතන්න පුලුවන් අනාගත පරම්පරාවක් හදාගන්නේ කොහොමද කියන එක. අපි කොච්චර කිව්වත් අපිවත් - අපිට පෙර පරම්පරාත් වෙනස් කරන්න අමාරුයි. නමුත් නූපන් පරපුරත් බාල පරපුරත් වෙනස් කරන්න පුලුවන්. මුලින්ම අපි බලමු පුලුවන් තරමටවත් උන්ට ආදර්ශයක් දෙන්න. අනිවාර්යෙන්ම නිවැරදි ආකල්පයන් පුහුණු කරවන, නිවැරදි හැසිරීම් පහුණු කරවන, විනයගරුක චරිතවත් මිනිසුන් හදන ගමින් ගමට දොරින් දොරට අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි මූලිකව හදාගන්න ඕනේ.

කරුණු කාරණා අනුව බැලුවම ගොඩක් අය නොදකින නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි පවතින බලු යථාර්ථයට ගැරහීම හෝ විවේචනයෙන් නැවතීමට වඩා ඇතිකල හැකි සාමකාමී සතුට දායක සුභ සිහිනය ප්‍රතිඵල දායක බව.

2015 January 6 - තත්වය ටිකක් දරුණුයි. මතවාදී ආත්මාර්ථය ජාතිවාදයේ සලුපිලියෙන් සරසමු !


මගේ face book එකේ එක මිතුරෙක් ඉන්නවා - අද උදේ බලද්දිත් මෙඋන්දෑ චන්ද උෂ්ණෙට රත්වෙලා අපේ රටේ සහෝදර පිරිසකට උපන් ජාතිය මුල් කරන් අගෞරව කරලා POST එකක් උගේ Wall එකේ දාලා. හැබැයි මගේ Wall එකෙත් ඒක update වෙනවා. මම මේ මිත්‍රයාට ආයචනයක් කලා - එහෙම කරන්න සුදුසු නැහැ - මොනම හේතුවක් මතවත් එහෙම ප්‍රසිද්ධියේ ගරහන්න ගැලපෙන්නෙත් නෑ කියලා. ඉතිං විජාතික බලවේගයන්ට අහු වෙච්ච මෛත්‍රී සහගත හෙටක් බලාපොරොත්තු වෙන රාජ්‍ය පාක්ෂික ඩිස්නිලන්තයේ ලැම්බෝගිනි පුරවැසියෙක් විදියට - අපරාධ අනුමත නොකෙරුවට ජාතිවාදයටනම් අබමල් රේනුවක සහයෝගයක් දෙන්න බෑනේ. උන්දැව තවදුරටත් මිතුරෙක් විදියට තියාගත්තට මගේ සමාජ ජාල පිටුවටනම් එකතු කරගන්න එපැයි කියලා මටත් හිතුනා. මම face book එකෙන් ගෞරව ප්‍රණාමකව එතුමාව අයින් කරලා දානව - විපක්ෂ මත දරන්න බැරි හින්දා නෙමෙයි, ජාතිවාදය පිලිකුල් කරන හින්දා. මේ වැරදි විෂබීජ මගේ සමාජ ජාලය තුලින් තවත් ලදරු අවධියේ පොඩි එකෙක්ගේ ඔලුවොට ගියොත් ඌත් කුරුවල් වෙලා යනවා.
ඇත්ත කිව්වම මොකද මෙහේ සුදු හම තියෙන නෝනා කෙනෙක් මගේ face book එක බලලා අහනවා ඔයා එහේ Celebrity කෙනෙක්ද කියලා. මම උන්දැට කිව්වා - මම Celebrity කෙනෙක් නම් නෙමෙයි. අපේ ලංකාවේ අපි ජාතික ප්‍රතිපත්තියක් විදියට හැම දේම දැන් කරන්නනේ face book එකේ නේහ් ! කියලා. ඉතිං අපි දේශප්‍රේමී ප්රිතිපත්තියක් විදියට ඩොලර්වලටයි ප්‍රශංසාවටයි සත්‍රීන්ටයි වහල්වෙලා වැඩ කරන්න එපායැ. නැත්නම් උන් හිතයි අපි ලංකාවේ නෙමෙයි කියලා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු තනහම් කරලනේ. මේ පාරවත් මෛත්‍රීසහගත රාජ්‍ය පක්ෂ සමාජයක් හැදෙනනවනම් තමයි අපෙත් කැමැත්ත ...

2015 ජනවාරි 3 - වෙනසකට සියල්ල සූදානම් ! ඔන්න ඉතිං අවසන් ඉඟියත් ජනාධිපතිතුමාට දුන්නා.



ජනාධිපතිතුමාට මට කියන්න බැරිවුනා, ජනාධිපතිතුමා පරද්දන්න නාමයෝජනා දෙන්න කලින් ඉදන් කොල්ලෝ තුන් දෙනෙක් බැහැලා වැඩ කරනවා. ඕන්නං ඉතිං ඉඟියක් දෙන්නම්. බඩු ඉන්නේ ගේ ඇතුල්‍මෙ තමයි.උන් ටිකක් පැත්තකට වෙලා හිටියනන් මෙච්චර අප්‍රසාදයක් එයි කියලා හිතන්න බැහැ. දෙයියන්ගේ නාමෙන් මේ දවස් දෙකතුනේ කිසිම ලාංකික ජීවිතයක් හානී නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.